අල්ලස් හෝ දූෂණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන සෘජු මහජන පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ලේකම් කාර්යාලය වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. විවිධ ආයතන සම්බන්ධයෙන් විමර්ශනය කරන මෙම ලේකම් කාර්යාලයට අගමැති කාර්යාලයේ වාහන පරීක්ෂණ කටයුතු යොදා ගැනීමෙන් මේ තත්ත්වය උද්ගත වී ඇතැයි වාර්තා වේ.
අරලිය ගහ මන්දිරය ආසන්නයේ පිහිටි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යලය 2015 වසරේ පැවැති ජනාධිපතිවරණය අවසන් වීමෙන් පසු ස්ථාපිත කරන ලද්දකි. මෙම ලේකම් කාර්යාලයේ නිලධාරීන් සෑම සතියකම හමු වී දූෂණ විරෝධී කමිටු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වූ අතර ආණ්ඩුවේ ඉහළ පෙළේ නිලධාරීන් එහි සාමාජිකයෝ වූහ. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කැබිනට් මණ්ඩලයේ උපදෙස් මතත මෙම ලේකම් කාර්යාලය ස්ථාපිත කරන ලදි. මුල් කාලයේදී ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයන් ද මෙම කමිටුවේ සාමාජිකයත්වය දැරෑ අතර පසුව ඔවුහු ඉන් ඉවත් වූහ. ඉන් අනතුරුව ආණ්ඩුවේ නියෝජිතයෝ පමණක් එහි සාමාජිකත්වය දැරූහ.
කෙසේ වෙතත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය, ජාතික ප්‍රසම්පාදන කොමිසම සහ අල්ලස් හා දූෂණ විමර්ශන කොමිසම යන රාජ්‍ය ආයතන සම්පූර්ණ වශයෙන් ක්‍රියාත්මක වීම මෙම ලේකම් කාර්යාලය වසා දැමීමට නිල හේතු වී ඇතැයි වාර්තා වේ.
කෙසේ නමුත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලයේ විමර්ශන සහ අනෙකුත් කටයුතු සඳහා අග්‍රමාත්‍ය කාර්යාලයේ වාහන භාවිත කර ඇතැයි වාර්තා වේ. විමර්ශනයක් සම්බන්ධ කටයුත්තකට ඉකුත් දිනක කමිටුවේ නිලධාරීන් පිරිසක් මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයකුගේ නිවසකට ගොස් ඇති අතර ඒ සඳහා යොදාගෙන ඇත්තේ ද අග්‍රාමාත්‍ය කාර්යාලයේ රථයකි.
මේ සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අනතුරු අඟවා ඇති අතර මෙවැනි සිදුවීම් හේතුවෙන් පසුගිය ආණ්ඩුවට චෝදනා එල්ල වූ සුදු වෑන් වැනි චෝදනාවක් මේ ආණ්ඩුවට ද එල්ල වනු ඇතැයි ඔවුන් පෙන්වා දී ඇත. ජනමාධ්‍යවේදීන් ඇතුළු ආණ්ඩුවට විරුද්ධව අදහස් දක්වන පිරිස් පැහැර ගැනීම සඳහා සුදු වෑන් එවූ බවට පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට චෝදනා එල්ල විය.
විමර්ශන කටයුතුවලදී නවාතැන් පහසුකම්, ආහා වියදම් ඇතුළු වියදම් පියවා ගැනීමට ක්ෂේත්‍ර දීමනාවක් දෙන්නැයි දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය ඉල්ලීමක් කර ඇතැයි ද වාර්තා වේ. මේ වසර ආරම්භයේදී මෙම ලේකම් කාර්යාලයේ කාර්යභාරය මාස හයකින් දීර්ඝ කල අතර අතර එය ජූනි මස 30 වැනිදායින් අවසන් වේ.
- 055
(සන්ඩේ ටයිම්ස් ඇසුරිනි)
ජාතික ජන බලවේගයේ පළාත් පාලන ආයතන වලට මහා ආණ්ඩුවෙන් ඇස් පියාගෙන මුදල් වෙන් කරන බවට ජනාධිපතිවරයා කර ඇති ප්‍රකාශය සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සම්බන්
පවුල් ආරවුලක් දුරදිග යාමෙන් හිගුරක්‌ගොඩ කිරිමැටිය ප්‍රදේශයේ පුද්ගලයෙකු සිය බිරිදට පොරොවකින් පහරදී ඝාතනය කර ඇතැයි හිගුරක්ගොඩ පොලිසිය කියයි.
මහරගම අපේක්ෂා රෝහල සඳහා වන පරිත්‍යාග ගිණුමේ රුපියල් කෝටි හතළිහකට වැඩි මුදලක් තිබූ නමුත් පසුගිය වසර දෙකේදී මෙම අරමුදල් කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භ
පසුගිය ජනවාරි 1 වැනිදා සිට අප්‍රේල් 15 වැනිදා දක්වා කාලයේදී මෙරටට සංචාරකයන් 816,191 ක් පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිරි දළදා දැක්මේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීම සඳහා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දළදා සමිඳුන් වැඩ සිටින සුගන්ධ මණ්ඩප
“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට සහභාගී වන ලෙස ජනතාව නොමඟ යවන ව්‍යාජ ආරාධනා පත්‍රයක් ප්‍රචාරය වෙමින් පවතින බව ජනාධිපති කාර්යාලය පවසයි.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අල්ලස්, දූෂණ මහජන පැමිණිලි විමර්ශන ලේකම් කාර්යාලය වසා දමයි
susantha Sunday, 07 May 2017 08:38 AM
මෙයාලා කලේ පැති මාරු කරලා එකරැයින් යහපාලන සුදනන් වුණ උදවියගේ, යහපාලන ඇමැතිවරුන්ගේ හොරකම් වහල එ්කාබද්දේ ඉතුරු වුණ අයගේ හොරකම් කරපුවා විතරක් හොයන එකනේ. දැන් බලනකොට වාහනත් අවභාවිත කරලා වගේ.... ලෑස්ති වෙලා ඉන්න වෙයි දවස් ගණන් බොරුවට හරි එක එක කොමිසන් වලට ආණ්ඩු මාරු වුන කාලෙක !!!
sam Sunday, 07 May 2017 09:06 AM
පසුගිය රජය කාලේ සිදු වුණ දුෂණ, අල්ලස්, පැමිණිලි ලැබිලා ඉවරවෙලා වර්තමාන රජයේ වැරදි ගැන පැමිණිලි එන්න පටන් අරන්ද කොහෙද ?
ධම්ම Sunday, 07 May 2017 10:24 AM
වර්තමාන රජයේ වැරදි නැත.
පිටිගල මිලානෝ Sunday, 07 May 2017 11:17 AM
හරි ෂෝක්, පොලිස් රාලහාමිලාවත් අනිවාර්ය නිවාඩු යවන්න.
victor Sunday, 07 May 2017 11:50 AM
රට රවටන ඔක්කොම ඉවත් කරන්න ඕනේ...
hima Sunday, 07 May 2017 01:01 PM
මෙතන ආයතන අතර පරිපාලන ගැටළුවක් තියෙන්නේ. යම් ඒකකයක් ස්ථාපිත කරාම ඒකට අදාළ ගොඩනැගිලි, වාහන, සේවකයින්, පහසුකම් සේවා යොදවන්න ඕන. ඒකට අදාල යම් ප්‍රඥප්තියක්, තීරණයක් තියෙන්න ඕන. එහෙම නැති වුණාම සහ එකම වැඩේ වෙන තැනකින් වෙනවා නම් අදාළ තැන ආදේශනය කරන්න වෙනවා.
Danushka Sunday, 07 May 2017 01:20 PM
ඔක්කොම 225 ම හොරකම් කරපු අය ... හිටපු ආණ්ඩුවේත් එහෙමයි, ලොකු පුටු වලත්, පොඩි පුටුවෙත්, මුලුරටේමත් ඉන්නෙ හොරකම් කරපු අයනේ...
Deepal Nirosh Monday, 08 May 2017 04:42 AM
පසුගිය රජයෙ අල්ලස් හෝ දූෂණ චෝදනා පැමිණිලි ලැබිලා දැන් ඉවර ඇති. දැන් දැන් වත්මන් රජයෙත් චෝදනා පැමිණිලි ලැබෙන්න පට් අරගෙන වගේ. තව ටික දිනකින් ඔය කොයි කොමිසමටත් අනිවාර්ය නිවාඩු ලැබේවි.