IMG-LOGO

2024 නොවැම්බර් මස 04 වන සඳුදා


අල්ලස් මුදල ගිල්ල පොලිස් ලොක්කා රිමාන්ඩ්

(සුජිත් හේවාජූලිගේ සහ ටෝනි කරුණානායක)

රුපියල් දහ දහසක අල්ලස් ගන්නා ලැදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වැලිවේරිය පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලබන අට දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා අද (30) නියම කළේය.

සැකකරු එදිනට කොළඹ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද බන්ධනාගාර නිලධාරිනට නියම කළේය.

සැකකාර පොලිස් පරීක්ෂකවරයා වැලිවේරිය පොලිසිය ආසන්නයේ දී රුපියල් 10000ක අල්ලසක් ගනිද්දී  අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගන්නවාත් සමග සැකකරු එම මුදල ගිලදැමූ බව අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේය.

එම මුදල් ආපසු ගැනීම සඳහා දැනට ගම්පහ රෝහලට ඇතුළත් කර සිටින බව ද අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය. මහේස්ත්‍රාත්වරයා ගම්පහ රෝහලට ගොස් සැකකරු නිරීක්ෂණය කර රිමාන්ඩ් බාරයට පත් කළේය.



අදහස් (4)

අල්ලස් මුදල ගිල්ල පොලිස් ලොක්කා රිමාන්ඩ්

විපරමා Tuesday, 30 March 2021 06:49 PM

පොලිස් කොස්තාපල් පටන්, ඉහළම ලොක්කා පවා අල්ලස් ගන්න එක අලුත් දෙයක් නොවෙයි.

:       1       14

Nihal Tuesday, 30 March 2021 08:00 PM

නිදොස්කොට නිදහස් ...

:       2       10

Ane pawu Wednesday, 31 March 2021 06:50 AM

මෙයා අනුන්ගේ ජොබ් එකක්නේ කරන්න හදලා තියෙන්නේ... මොකටද අනුන්ගේ සල්ලි ගිලින්න ගියේ? රටේම සල්ලි ගිලින්න වෙන කට්ටියක් ඉන්නවානේ...

:       0       0

සේනක Wednesday, 31 March 2021 07:08 AM

පොඩි ගණන් ගන්න එපා රාළහාමි. ගන්නවා නම් මිලියන් හරි බිලියන් හරි ගන්න. එතකොට තමයි උසාවියත් රෙස්පෙක්ට් කරලා "නිදොස්කොට නිදහස්" කරන්නෙ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලොහාන්ගේ රිය ගැන තවත් තොරතුරු එළියට
2024 නොවැම්බර් මස 04 443 0

නීති විරෝධී අයුරින් ආනයනය කර කොටස් එකලස් කර තනන ලද රුපියල් කෝටි ගණනාවක් වටිනා සුඛෝ භෝගී මෝටර් රථය වෙඩි තබාගෙන සීය දිවි නසාගත් පෞද්ගලික ලේකම්වරයාට අයත්


වලානෙන් හිටපු මන්ත්‍රී සේමසිංහගේ නිවෙස පරීක්ෂා කරයි
2024 නොවැම්බර් මස 04 594 0

එල් ටි ටි ඊ සංවිධානය සතු නිල ඇඳුම් කොටස් සහ ව්‍යාජ වි එයිට් වර්ගයේ වාහනයක් සඟවා ඇත්දැයි සොයා පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක බලකායේ නිලධාරීන් සමගි ජන බ


පෞද්ගලික අංශ සේවකයාටත් ජනපතිගෙන් පොරොන්දුවක්
2024 නොවැම්බර් මස 04 222 0

ජාතික ජන බලවේගයේ පළමුවැනි අයවැයෙන්ම පඩි වැඩිකරනවා. පෞද්ගලික අංශයත් සමඟ සාකච්ඡා කරලා ඒ අයගෙත් පඩි වැඩිකරන්න කටයුතුකරනවා යැයි වැල්ලවාය නගරයේදී පාර්ලි


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ
2024 නොවැම්බර් මස 04 571 0

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු දෙනකු රජයේ බංගලා තවමත් බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන


ජාජබ ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා පමණයි
2024 නොවැම්බර් මස 04 622 0

ජාතික ජන බලවේග රජයේ ඉදිරියේදී පත් කරන නව ඇමති මණ්ඩලය ජනතා සේවය සඳහා මිස ඥාති සංග්‍රහය සඳහා නොවේ යයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය මතුගමදී අද


’’විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නෑ’’
2024 නොවැම්බර් මස 04 645 0

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත් රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත් විදුලිබල මණ්ඩලය නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 388 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 685 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site