(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජනප්‍රිය රංගන ශිල්පිනියකට ත්‍රී රෝද රථයක් තුළදී ලිංගික අතවර කළ බව කියන ත්‍රී රෝද රථ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි.
සැකකරු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට අනුයුක්තව සේවය කරන්නෙක් බව පොලිසිය කියයි.
එම සිද්ධියෙන් රංගන ශිල්පිනියගේ දන හිස්වලට තුවාල සිදුවී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
රංගන ශිල්පිනිය කුලී ගමන් පහසුකම් සපයන ප්‍රසිද්ධ සමාගමකින් අන්තර්ජාලය ඔස්සේ ත්‍රිරෝද රථයක් කටුබැද්දේ සිට ඇනවුම්කර තිබූ බව පොලිසිය සඳහන් කරයි .
එහිදී පැමිණ තිබූ තීරෝද රථයට ගොඩ වූ ඇය නුගේගොඩ දක්වා යන ලෙස තීරෝද රථ රියදුරට පවසා තිබූ අතර ඔහු කටුබැද්දේ සිට පිළියන්දල හරහා ජාලියගොඩට දෙසට යමින් සිටියදී පවතින අධික වර්ෂාව හේතුවෙන් යාමට නොහැකි බව පවසා ත්‍රී රෝද රථය නවතා ඇතැයි පොලිසිය කියයි .
අනතුරුව රියදුරු ලෙස කටයුතු කළ සැකකාර පොලිස් පරීක්ෂකවරයා එකවරම තීරෝද රථයේ රංගන ශිල්පිනිය අසුන්ගෙන සිටි පිටුපසු අසුනට පැමිණ ඇයගේ පපු ප්‍රදේශය ඇල්ලීමට උත්සාහ කිරීමත් සමගම ඇය ඔහු සමග පොරබදා තීරෝද රථයෙන් බිමට පැන ඇතැයි පොලිසිය කියයි.
ඒ වන විට රංගන ශිල්පිනියගේ හැඳුනුම්පත බැංකු කාඩ් පත මුදල් ඇතුළු තවත් වටිනා ලිපි ලේඛන ඇතුළත් අත් බෑගයද අසුනේ තිබී ඇති අතර සැකකරු ඒවත් රැගෙන පලා ගොස් තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකාර පොලිස් පරීක්ෂකවරයාගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේදී තමන් ඒවා රැගෙන නොගිය බව ප්‍රකාශ කළ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ත්‍රී රෝද රථයෙන් බිමට පැනිමෙන් රංගන ශිල්පිනියගේ දණ හිස්වලට තුවාල සිදුවී ඇත.
සැකකරු රංගන ශිල්පිනිය සමග ගමන ආරම්භ කිරිම සටහන්ව ඇති කටුබැද්ද ප්‍රදේශයේ බවට හා ඔහු එම කුලී ගමන අවසන් කර ඇත්තේ කළුබෝවිල පැපිලියාන ප්‍රදේශයෙන් බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකාර පොලිස් පරීක්ෂකවරයා රංගන ශිල්පිනියට අතවර කිරීමට යොදාගත් තීරෝද රථයද සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු සහ මත් ජාවාරම්කරුවෙකු වන ලලිත් කන්නංගර නමැත්තාගේ උපදෙස්මත මෙරට අපරාධ මෙහෙයවන’’ කඩුගොඩ ඉන්දික’
පානදුර විදුහලක සියවන සංවත්සරය නිමිත්තෙන් පැවැත්වූ පාගමනක් සහ සංගීත වැඩසටහනක් අතරතුර රෝගීවූ සිසුවියන් පස් දෙනෙකු රෝහල් ගතකර ඇති බව පානදුර මූලික රෝහ
බෙලිඅත්ත වලස්මුල්ල මාර්ගයේ බෙලිඅත්ත නගරය ආසන්නයේදී කාර් රථයක් සහ ටිපර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් පස්දෙනෙකු තුවා
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින (06) සිට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතී.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල්ලස් හෝ දූෂණ විමර්ශන අයි.පී. ටෙලි නිලියට හදි කරන්න හදලා
Lalla Tuesday, 09 January 2024 07:33 AM
ඉස්සර පොලිසිය හමුදාව වගේ තැන්වල රැකියාවලට ගත්තේ පවුල් පසුබිම සොයල. ඒත් දැන් මන්ත්‍රීලගේ පස්ස ලෙවකන එවුන්ට පත්වීම් දෙනව. ඒවයේ විපාකය තමා මේ.....
Bamunuarachchi Wednesday, 10 January 2024 03:57 AM
ටෙලි නිලියක් කියලා දැනගත්තාම කව්රුත් හිතන්නේ එක විදිහට. අයි පී කියලා රහත් වෙලායැ නේද?