IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


අලස්ගේ පෙත්සම 27 විභාගයට

තමා අත් අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 27 වැනිදා අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතා ඇතුළු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කෙරෙයි.

ඒ අනුව පෙත්සම අගවිනිසුරු කේ. ශ්‍රී පවන්, ඊවා වනසුන්දර සහ රෝහිණී මාරසිංහ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවීමට නියමිතය.

නීතිමය පදනමක් නොමැතිව තමාව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින හෙයින් එය වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සමින් ඉල්ලා ඇත. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති, පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ, පොලිස් ස්ථානාධිපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක හා නීතිපති නම් කර ඇත.

 



අදහස් (0)

අලස්ගේ පෙත්සම 27 විභාගයට

රෝමන් Tuesday, 26 May 2015 09:21 AM

මම ගිය සුමානේ අල්ලපු ගෙදරින් කුකුලෙක් ඉස්සුවා. අනේ මන්දා..මට හරි බයයි...මටත් හිතයි මේ වර්ගයේ පෙත්සමක් දාන්න මාව අල්ලන්න එපාකියලා. (බ)

:       0       0

දයා Monday, 25 May 2015 11:12 PM

දින 100 ට කරන වැඩ සම්බාරය, අනේ අනිච්චන් (නදී)

:       0       0

සමන් Monday, 25 May 2015 11:57 AM

ඇයි මේතරම් බය? (නි)

:       0       0

මොහාන් Monday, 25 May 2015 01:10 PM

කෙහෙල් කැන වැට පැනලා (බ)

:       0       0

අනුර Tuesday, 26 May 2015 05:00 AM

දයා, දින 100 ට කල වැඩ සම්භාරය ඔබට පෙනුනේ නැද්ද? බදු මිල අඩු කල, ඉන්ධන මිල අසාමාන්‍ය ලෙස අඩු කල, වැටුප් 10000 කින් වැඩි කලා. ගැබිණි මව්වරුන්ට පෝෂණ රුපියල් 20000 ගෙවීමට පටන් ගැනීම,සමුර්ධි දීමනාව දෙගුණ කිරීම , 19 වන සංශෝධනය තුලින් ස්වාධීන කොමිශන් සභා පිහිටුවීම. තම ඕනද දයා? (ස)

:       0       0

පද්මිණි Tuesday, 26 May 2015 05:16 AM

ඔන්න හොරුන්ට අපුරු අවස්ථාව. දැන්ම ඔහොම නියෝගයක් අරන් තියගත්තම ඕනෑම හොරකමක් බය නැතිව කරන්ට පුළුවන් වෙයි. මේක පනතක් හැටියට ගෙනත් සම්මත කරන්නකෝ.(ම)

:       0       0

විජිත් Monday, 25 May 2015 04:15 PM

මේක හරි වැඩක් වුණානේ..ගිය මාසේ කිවුවේ ' කෝ ඔය කියන හොරු ඇල්ලුවාද...?' කියලා.දැන් කෑගහනවා ' හොරු අල්ලනවා ...මකුණෝ කනවා ' කියලා.තමන්ගේ හෘද ශාක්ෂිය දන්නවා ඇති තමන් වැරදිකරුවෙක් කියලා.ඒකතමයි ඔච්චර බය.හොඳයි අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා.මොනවා වුණත් මේ තීන්දුව රටේ අනාගතයේ දිශානතිය තීරණය කරන එකක්ම වේවි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමරිකා ජනපති අනුරට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 27 91 0

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් පළ කර තිබේ.


ටී පනස් හයක් සමඟ අබාධිත සෙබළා අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 27 367 0

බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකුවූ බාප්පා විසින් ලබා දුන් බව කියන ටී පනස් හය ගිනි අවියක් විශ්‍රාමික ආබාධිත යුද හමුදා සෙබලෙකු සතුව තිබී අත් අඩ


ජනපති සන්නද්ධ හමුදා කැඳවයි
2024 සැප්තැම්බර් මස 27 2421 0

දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් සන්නද්ධ හමුදා කැඳවීමේ නියෝගයක් නිකුත්


වැස්ස වැඩිවෙයි
2024 සැප්තැම්බර් මස 27 255 0

ශ්‍රී ලංකාව ආසන්න පහල වායුගෝලයේ කැළඹිලි ස්වභාවයක් වර්ධනය වීම හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද දින සිට (27) ඉදිරි දින කිහිපයේදී බලාපොරොත


දේශපාලකයන් පාසල් උත්සව වලට එපා
2024 සැප්තැම්බර් මස 27 1035 0

දේශපාලනඥයන් පාසල් උත්සව සඳහා ගෙන්වීම වහාම නතර කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට උපදෙස් දුන්නාය.


ජනපතිට ලෝක බැංකුවේ සහාය
2024 සැප්තැම්බර් මස 27 1059 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකු සමූහය සිය උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37585 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24773 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 214 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 702 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 256 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site