IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


‘අලස්ට එරෙහිව නඩු දමන්න පුළුවන්‘

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අත්අඩංගුවට ගැනීම වළකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ අතුරු නියෝගය මඟින්  අලස් මහතාට එරෙහිව මහාධිකරණය හමුවේ නඩු පැවරීමේ බාධාවක් නීතීපතිවරයාට පනවා නැතැයි  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (18) ඒකමතිකව තීන්දු කළේය.

රජයේ රුපියල් මිලියන දෙසීයක් සාවද්‍ය සාපරාධි පරිහරණය , ඒ සඳහා අනුබල දීම , කුමන්ත්‍රණය කිරීම ඇතුළු අධි චෝදනා හතක් යටතේ නීතිපතිවරයා විසින් මේ වන විට කොළඹ මහාධිකරණය යටතේ පවරා ඇති නඩුව දිගටම පවත්වාගෙන යැ හැකි බවද ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.

එසේම පවත්වනු ලබන විමර්ශන වලට අනුව මහාධිකරණය හමුවෙහි ටිරාන් අලස් මහතාට එරෙහිව අධිචෝදනා ගොනු කිරීමේ හැකියාව නීතිපතිවරයාට ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කළේය. ටිරාන් අලස් මහතාට එරෙහිව පවරා ඇති නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සඳහා මෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙහි පිටපතක් කඩිනමින් මහාධිකරණය වෙත යොමු කරන ලෙසද නියෝග කැරිණි.

ඊවා වනසුන්දර ,අනිල් ගුණරත්න සහ ප්‍රසන්න ජයවර්ධන යන  ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳැවිණි.

ටිරාන් අලස් මහතා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අතුරු තහනම් නියෝගය පැහැදිලි කිරීමක් සිදු කරන ලෙස ඉල්ලා මහාධිකරණය විසින් යොමු කරන ලද මෝසමක් පිළිබඳ කරුණු සලකා බැලීමේන් පසු ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම නියෝගයන් නිකුත් කරන ලදී.

 



අදහස් (0)

‘අලස්ට එරෙහිව නඩු දමන්න පුළුවන්‘

ශ්‍රී ලාල් Tuesday, 18 October 2016 12:53 PM

ඉතාමත් බලවත් අදිසි හස්තයක් මොහුට ආරක්ෂාව දෙනවා. මොහු අද ලංකාවේ බලගතුම පුද්ගලයන්ගෙන් කෙනෙක් තමයි ! (අ)

:       0       0

රොකි Tuesday, 18 October 2016 01:06 PM

හෙල්පින් හම්බන්තොට මුදල්වලින් එමිල්කාන්තන් මගින් එල්.ටී.ටී.ඊ. එකට කියන පගා ගහන්න මේ වීර පුරුෂයා මැදිහත් වුණා කියල චෝදනාවක් තිබුණා වගේ මතකයි. ඒකට නඩු නැද්ද තවම. පවු. රට ජාතිය බේරා ගන්න ඉදිරිපත් වුණ වීරයන්ට අරියාදු කොරන්න නාකයි! (අ)

:       0       0

එන්සිනා Tuesday, 18 October 2016 04:18 PM

ගෙවල් ටිකක් හදලා පෙන්වනතුරුද නඩු නොපවරා ඉන්නේ (නි)

:       0       0

අංගොඩ ලාල් Tuesday, 18 October 2016 05:32 PM

හොරු ආරක්ෂා කරන අදිසි හස්තය තියෙන්නේ කොහෙද කියලා ඊයේ පෙරේදා දවස්වල රටටම තේරුනා නේද, ශ්‍රී ලාල්. (නි)

:       0       0

යොහාන් Wednesday, 19 October 2016 12:06 AM

අනේ මන්දා ශ්‍රීලාල් කියන්නේ කවුරු ගැනද කියලා (නි)

:       0       0

සත්‍යයා Wednesday, 19 October 2016 12:52 AM

හොඳක් කරපු දේශපාලකයෙක් ගැන අහන්න වාසනාවක් මේ රටේ මිනිසුන්ට නැහැ. මාධ්‍යය තොරතුරු වලින් 90% වෙන්වෙන්නේ දේශපාලුවන්ගේ හොරකම්, පළාත් සභාවල ඇනකොන්ඩලාගේ මැරකම්, කුඩු රජුන්ගේ බලුකම්, වාහන මඟමරුවන්ගේ හපන්කම් ගැන. (නි)

:       0       0

සුමුදු Wednesday, 19 October 2016 01:48 AM

සත්‍යා, ඕකට වගකියන්න ඕනෑ ඔයාලමයි. ඒවා අහ අහා ඔය හොරු, මිනීමරුවෝ, කුඩුකාරයෝ, ස්ත්‍රී දුෂකයෝ, ළමා අපචාරකාරයෝ ඔක්කොම පාර්ලිමේන්තුවට හරි කොහාටහරි යවන්නේ ඔයාලමයි. දැන් ඉතින් අඬලා වැඩක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 52 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1614 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 470 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 84 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 428 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2310 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1228 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site