IMG-LOGO

2024 දෙසැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්

(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ සහ වසන්ත චන්ද්‍රපාල)

වැලි තොටුපොළකට බලපත්‍රයක් ලබාදීම සඳහා රුපියල් ලක්ෂයක අල්ලසක් ගත් බව කියන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් දෙදෙනකු ලබන 31 වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි අම්පාර මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු නයෝමි වික්‍රමරත්න මහත්මිය නියෝග කළාය.

මෙලෙස අත්අඩංගුවට පත්වූයේ බීට්ටු වන නිලධාරියෙකු සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.

අම්පාර වන සංරක්ෂණ කලාපයට අයත් සමන්ගල රක්ෂිතය තුල වැලි ගොඩ දැමීම සහ ගවගාලක් පවත්ගෙනයාම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් රුපියල් 100,000 ක අල්ලසක් ඉල්ලා, එම මුදල් ලබා ගත් බව  අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරින් පෙරේදා (18)  සවස අත්අඩංගුවට ගත් බව අධිකරණයේ දි කියැවිණි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමක දී, පැමිණිලිකරුට අයත් ව්‍යාපාරික ස්ථානයක් අසල දී, සමන්ගල රක්ෂිතයේ ගවගාලක් පවත්වාගෙන යාම සහ වැලි ගොඩ දැමීම සදහා බලපත්‍රයක් ලබාදීම වෙනුවෙන් සැකකරුවන් දෙදෙනා අල්ලස් ලෙස මුදල් ලබා ගනිමින් සිටීය දී අත්අඩංගුවටගත් බවත් , පළමු සැකකරුවන බීට්ටු වන නිලධාරියා සන්තකයේ තිබී එම මුදල්වලින් රුපියල් 40,000 ක් ද, වන ක්ෂේත්‍ර සහකාරවරයා සන්තකයේ රුපියල් 60,000 ක මුදලක්, සොයා ගත්බවත්, සැකකරුවන් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු අධිකරණයට කරුණු වාර්තා කළහ.

 



අදහස් (0)

අල්ලස් ගත් වන නිලධාරින් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ජනාධිපති අරමුදලෙන් සල්ලි ගත් අය තවත් ඉන්නවා’’
2024 දෙසැම්බර් මස 19 183 0

ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා ගෙන ඇති තවත් පිරිසකගේ ලේඛනයක් ඉදිරියේදී නිකුත් කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (19)පැවසීය


සුන්දර සුන්දරාපොල වෙළට අසූචි හරවලා
2024 දෙසැම්බර් මස 19 13 0

දිනකට ගලි බවුසර් හයකින් කුරුණෑගල සුන්දරාපොල කසල මධ්‍යස්ථානයට ගෙනෙන ’’ අසූචි ’’ ප්‍රතිචක්‍රීකරණය නොකර වසර තිහක පමණ කාලයක් තිස්සේ පරිසරයට මුදා හැරීම න


කුරුල්ලන් නිසා ආත්තිකුලම ගොවීහු පීඩාවට
2024 දෙසැම්බර් මස 19 280 0

කුඩා පක්ෂීන් රංචු ලෙස දහස් ගනනක් තම කුඹුරු වල කිරි වැදුන ගොයම වැනසිමත් සමග එය ආරක්ෂා කර ගැනිමට පවුල් පිටින් පැමිණ දවසේ වැඩි කාලයක් ගත කිරීමට සිදුව ඇති බ


ජනපති අරමුදලේ භාවිතය ගැන රනිල්ගෙන් නිවේදනයක්
2024 දෙසැම්බර් මස 19 2721 7

තම පාලන කාලයේ ජනාධිපති අරමුදලෙන් මුදල් ලබා දුන් ආකාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.


කොලොන්නාවේ ගංවතුරට ලබන වසරේ ස්ථිර විසඳුමක්
2024 දෙසැම්බර් මස 19 425 0

මින් පෙර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ දේශපාලන බලපෑම් වත්මන් රජය යටතේ සිදුනොවන බැවින් ගංවතුර පාලනය කිරීම සඳහා වූ ව්‍යාපෘති ක්‍රියාත්මක කිර


වීදුරු තොගයකට යටවී රිය සහයක මරුට
2024 දෙසැම්බර් මස 19 545 0

වීදුරු පැටවූ ලොරියක් තුළ වීදුරු තොගයකට යටවූ ලොරි රථ සහයක අද (19) බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත් වී ඇති බව හල්දුම


වැඩි දෙනා කියවූ පුවත්

විපක්ෂයේ මුල් පුටු පෙරළේ
2024 නොවැම්බර් මස 30 21408 8




ඉන්ධන නැවක් ආපසු ගිහින්
2024 දෙසැම්බර් මස 11 13864 10

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 70 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 333 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 288 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

Our Group Site