IMG-LOGO

2024 නොවැම්බර් මස 05 වන අඟහරුවාදා


අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි

(මනෝප්‍රිය ගුණසේකර)

පුත්‍රයාට විදුබල මණ්ඩලයේ රැකියාවක් දීමට මවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතාට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000/-ක දඩයක් නියම කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් අභියාචනාධිකරණය අද (05) තහවුරු කළේය.

අදාළ චෝදනාවන්ට තමන් වරදකරු කරමින් කොළඹ මහාධිකරණය නියම කළ නියෝගය සහ දඬුවම් ඉවත දමන්නැයි ඉල්ලා හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා ගොනු කළ අභියාචන පෙත්සම නිෂ්ප්‍රභ කල අභියාචනාධිකරණය කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා නියම කළ නියෝගය සහ දඬුවම් තහවුරු කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකෝන් සහ පී කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2007 නෙවැම්බර් මස පළමුවැනිදාත් දෙසැම්බර් 26 වැනිදාත් අතර කාලයේ අම්පාරයේදී විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදෙන බව බවසා ජී. පුංචිනෝනා නැමැත්තියගෙන් රපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුළු චෝදනා යටතේ අල්ලස් කොමිසම විසින් විත්තිකරුට එරෙහිව කොළඹ මහාධිකරණයේ නඩු පවරා තිබිණි.

එම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනාවන්ට ඔහු වරදකරු බවට තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා ඔහුට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවම් සහ රුපියල් 10,000/-ක දඩයක් නියම කළේය.

එම මහාධිකරණ තීන්දුවට එරෙහිව හිටපු නියෝජ්‍ය අමාත්‍ය ශාන්ත ප්‍රේමරත්න මහතා ඉදිරිපත් කළ අභියාචනය විභාග කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණ විනිසුරු සම්පත් අබේකොන් මහතාගේ එකඟත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු පී. කුමාරන් රත්නම් මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත් කරන ලදී.

වෘත්තියෙන් නීතිඥයකුද වන පෙත්සම්කාර හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා 2007 වසරේදී පුත්‍රයාට විදුලි බල මණ්ඩලයේ රැකියාවක් ලබාදීමේ පොරොන්දුව මත කාන්තාවගෙන් රුපියල් 50,000/-ක අල්ලසක් ඉල්ලා භාර ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර අභියාචකයට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවරා තිබු චෝදනාවන්ට ඔහු වරදකරු කළ මහාධිකකරණ විනිසුරුවරයා ඔහුට නියම කළ දඬුවමට එරෙහිව මෙම අභියාචනය ගොනු කර තිබිණී.

පැමිණිල්ලේ සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වි නොමැති බවත් විත්තියේ සාක්කි නිසි ආකාරයට ඇගයීමට ලක්කර නොමැති බවත් තමන් වරදකරු කරමින් මහාධිකරණය දුන් තීන්දුව දෝෂ සහිත බව සඳහන් කරමින් අදාල තීන්දුව බලරහිත කරන්නැයි ඉල්ලමින් පෙත්සම්කරු මෙම අභියාචනය ගොනු කර තිබුණත් පැමිලේ සාක්ෂි සාධාරණ සැකයෙන් තොරව ඔප්පු වි නොමැති බවට විත්තිකාර අභියාචක ඉදිරිපත් කළ තර්කය පිළිගත නොහැකි බව පෙත්සම නිශශ්ප්‍රභ කරමින් අභියාචනාධිකණය නිකුක් කළ තීන්දුවේ සඳහන් වේ.

ඉදිරිපත් වු සාක්ෂිවල පරස්පරතා මහාධිකරණ විනිසුරුවරයා විසින් අදාළ ඉතා පැහැදිලිව විශ්ලේෂණය කර ඇති බව අභියාචනාධිකරණයේ මතය බව තීන්දුවේ  සඳහන් කළ විනිසුරු මඩුල්ල මෙම තත්වය අනුව මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශයට පත් කළ තීන්දුව වෙනස් කිරීමට අවශ්‍යතාවයක් නොමැති බවද තීන්දුවේ සඳහන් කළේය.

ඒ අනුව අභියාචනය නිෂ්ප්‍රභ කළ අභියාචනාධිකරණය මහාධිකරණ තීන්දුව අනුමත කළේය.

වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය.



අදහස් (0)

අල්ලස් ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යගේ දඬුවම තහවුරු කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හාලිඇල වැලිමඩ පාරේ නාය යාමක්
2024 නොවැම්බර් මස 05 22 0

හාලිඇල වැලිමඩ මාර්ගයේ 100 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අද (05 ) පස්වරුවේ සිට නාය යෑමක් සක්‍රීය වෙමින් පවතින බව මාර්ග සංවර්ධන අධිකාරියට අයත් බදුල්ල විධායක ඉංජ


ඉදිරි වසර පහේ ඉලක්කය ජනපති කියයි
2024 නොවැම්බර් මස 05 163 0

ඉදිරි වසර පහ තුළ ග්‍රාමීය ජනතාවගේ දුගීභාවය තුරන් කිරීම, ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය සහ සමාජයීය තත්ත්වය ඉහල නැංවීම රජයේ ප්‍රධාන අරමුණක් වන බව ජනාධිපති අන


’’මහ ඡන්දයේ ප්‍රචාරයත් සාමකාමී’’
2024 නොවැම්බර් මස 05 206 0

මහ මැතිවරණයේ පූර්ව ප්‍රචාරක කටයුතු සමස්තයක් ලෙස ඉතාම සාමකාමී බව මැතිවරණ නිරීක්ෂකයෝ පෙන්වා දෙති


ඡන්ද පත්‍රිකා සියයට 70ක් බෙදා අවසන්
2024 නොවැම්බර් මස 05 63 0

මෙවර මහ මැතිවරණය සඳහා භාවිතා කරන නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සියයට 70 ක් මේ වනවිට බෙදා අවසන් කර ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවස


හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව ගැන වැඩ බලන පොලිස්පතිගෙන් වාර්තාවක්
2024 නොවැම්බර් මස 05 705 0

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තක්සේරු වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා තීරණය කර ඇත.


මස්සිනා දොස්තර බිරිය මරයි
2024 නොවැම්බර් මස 05 1492 0

විශේෂඥ වෛද්‍යවරයකුට අයත් ත්‍රිකුණාමලය ප්‍රධාන කළේ පෞද්ගලික රෝහලක සිවුවැනි මහලේ දී එම වෛද්‍යවරයාගේ බිරිඳට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබියදී අද (05)


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 416 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1321 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 697 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site