IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ

(රෝෂන් තුෂාර)

රථ වාහන වරදක්  කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරදකරු කරනු ලැබූ කිරිබත්ගොඩ පොලිසියේ හිටපු පොලිස් සැරයෙන් වරයෙකුට බරපතල වැඩ සහිතව වසර දෙකක සිර දඬුවමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (04) නියම කළේය.

ජගත් අනුර කුමාර නැමැති පොලිස් සැරයන්වරයාට මෙම දඬුවම නියම කළ අතර රුපියල් දස දහසක දඩයක් හා එම දඩය නොගෙවන්නේ නම් ලිහිල් වැඩ සහිත  මාසයක සිර දඬුවමක්ද නියම කළේය.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර පොලිස් සැරයන්වරයා අධිකරණයේ පෙනී සිටි අතර අදාල චෝදනාවන් දෙකට වරදකරු කරන බව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

එසේ නියෝග කිරීමෙන් පසුව සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සැකකරුට  පෙර වැරදි නොමැති වීම හා සැකකරුගේ බිරිඳ දැඩි අසනීප තත්ත්වයෙන් පසුවීම යන කරුණු පදනම් කරගෙන ලිහිල් දඬුවමක් නියම කරන ලෙසට ඉල්ලා සිටියේය.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම වෙනුවෙන් එම කොමිසමේ අතිරේක නීති අධ්‍යක්ෂ උදාරි කුමාරිහාමි මහත්මිය පෙනී සිටිමින් මෙසේ පැවසුවාය.

සැකකරු පොලිස් නිලධාරියකු හා රජයේ නිලධාරියකු ලෙස කටයුතු කරමින් සිටියදී අල්ලස් අයිදිම හා ලබා ගැනීම යන වරද සිදුකරමින් අල්ලස් පණතේ 19 (ඇ) වගන්තිය උල්ලංඝනය කර ඇති බව සඳහන් කළාය.

අල්ලස දූෂණය සමාජය තුළ පිළිලයක් සේ උඩුගොස් ඇති මොහොතක එය පිටුදැකීමට සිටින නිලධාරීන් මෙලෙස ඊට අනුබලදීම යන කරුණ මත සමාජයට පණිවිඩයක් ලබා දිය හැකි පරිදි දඬුවම් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.

2010 වසරේදී මෙම අල්ලස ලබාගෙන දීර්ඝ නඩු විභාගයකින් පසුව වැරදි කරු වීම හේතුවෙන් අවුරුදු හතකට නොඅඩු රුපියල් පන්දහසකට නොවැඩි දඩයක් අල්ලස් පනත ප්‍රකාරව,එක් එක් චෝදනාවට නියම කළ හැකි බව නීතිඥවරිය පෙන්වා දුන්නාය.

උපරිම දඬුවම් සැකකරුට නියම කරන ලෙස ද ඉල්ලා සිටියාය.

එහිදී සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා කරුණු දක්වමින් අල්ලස් දූෂණ විමර්ශන කොමිසම බිලියන, ට්‍රිලියන ගණන් හොරකම් කරන මහා හොරුන්ට නඩු  නොපවරා සාමාන්‍ය සුළු වරදක් කරන පුද්ගලයින් පමණක් අධිකරණවලට ඉදිරිපත් කරන බව සඳහන් කළේය.

ලොක්කන්ට නීතිය ක්‍රියාත්මක නොකර පොඩි මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේ අල්ලස් කොමිසමේ  අකාර්යක්ෂම  වැඩපිළිවෙළ රජයන් පෙරළීමට පවා හේතුවූ බව  ජනාධිපති නීතිඥවරයා පැවසීය.

ඊට පිළිතුරු දුන් නීතිඥ කුමාරිහාමී මහත්මිය දාහක් ගත්තත් මිලියනයක් ගත්තත් වරද වරදම බව සඳහන් කළ අතර අල්ලස් කොමිසම මගින් ට්‍රිලියන ගණන් වංචා කළ පුද්ගලයින්ට එරෙහිව මහාධිකරණය හමුවේ පැවරූ නඩුවක විත්තිකරුවකුට අලින් ද සිල්වා මහතා පෙනී සිටින බව පෙන්වා දුන්නාය .

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා දීර්ඝ නඩු විභාගයකින් පසුව සැකකරු වැරදිකරු වී ඇති හෙයින් වසර දෙකක බරපතල වැඩ සහිත සිර දඩුව ම හා දඩය නියම කළේය.



අදහස් (1)

අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ

පුරවැසියා Friday, 04 October 2024 04:55 PM

කොහොමද අපේ අල්ලස් සනා දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාවය. ලැජ්ජයි මේ අයට අපේ බදු මුදල්වලින් පඩි ගෙවනවාටත්...! 

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’ලයිසන් තුවක්කු සියල්ල බාර දෙන්න’’
2024 ඔක්තෝබර් මස 04 22 0

ජීවිත ආරක්ෂාව සඳහා සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති සියලුම වර්ගයේ ගිනි අවි සහ පතුරම් නැවත බාර ගැනීමට රජය තීරණය කර ඇත.


පුංචි ඡන්දෙට එජාපය අලියා පිටින් එයි
2024 ඔක්තෝබර් මස 04 739 2

ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා අලියා ලකුණින් තරග කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබේ.


ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 604 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 334 1

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 2531 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 936 4

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38893 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25515 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1021 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 364 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site