IMG-LOGO

2025 මාර්තු මස 07 වන සිකුරාදා


අල් ජසීරා සාකච්ඡාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

බහුතරයක් බෞද්ධ ජනතාව සිටින ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආගමික නායක මල්වතු මහා නා හිමි බවට තමා කළ ප්‍රකාශය අල් ජසීරා සම්මුඛ සාකච්ඡාව ප්‍රචාරය කිරීමේදී සම්පූර්ණයෙන්ම කපා දමා ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉහත සාකච්ඡාවේදී ප්‍රශ්න විමසීම සඳහා තමාට නොදන්නවා එල්.ටී.ටී.ඊ සංවිධානයේ දෙදෙනකුම යොදවා සිටියේ යැයිද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් වැඩිදුරටත් කීය.

අල් ජසීරා සම්පූර්ණ සම්මුඛ සාකච්ඡාවේදී තමා පෙනී සිටියේ රට වෙනුවෙන් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

අද (6) සවස ප්‍රචාරය කරන ලද අල් ජසීරා මාධ්‍ය හමුව පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය.

අල් ජසීරා මධ්‍ය නාලිකාව මා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව අද දින විකාශය කරනු ලැබුවා.ලංකාවේ සම්මුඛ සාකච්ඡා වල සජීවීව පටිගත කොට හොඳ මෙන්ම නරක සියල්ලම විකාශය කරනු ලබනවා.නමුත් මා සමග අල්ජසීරා මාධ්‍ය ආයතනය පැය දෙකක පමණ සම්මුඛ සාකච්ඡාවක් කොට විකාශය කොට ඇත්තේ පැයක පමණ කොටසක්.

එහි ඇතැම් හොඳ අදහස් දැක්වීම් පළ කර නැහැ.ඒ සියල්ල විකාශය කළා නම් මීට වඩා පරිපූර්ණ අදහසක් ලබාගන්නට හැකියාව ලැබෙනවා.

අම්බිකා සත්‍යනාදන් මැතිනිය අදාල සම්මුඛ සාකච්ඡාවට එන බව කිව්වත් ඇය ආවේ නැහැ.අන්තිමට ආවේ වෙනත් රාස රත්නම් නම් කාන්තාවක්.ඒ බව මට කලින් කියා තිබුණේ නැහැ.ඇයගේ ස්වාමි පුරුෂයා ඇන්ටන් බාලසිංහම්ට උපදෙස් දුන් පුද්ගලයෙක්.ඒ කාරණාව වැරදි නම් මදුරා රාසරත්නම් මැතිනියට එය නිවැරදි කරන්න පුළුවන්.

එල්ටීටීඊ සංවිධානයේ හිටපු දෙන්නෙක් අදාළ සම්මුඛ සාකච්ඡාවට යොමු කර තිබුණා. පැන්සිස් හැරිසන් එහි හිටියා.

යුද්ධයේදී හතලිස් දාහක් මැරුණා යැයි කියන කතාව බොරුවක් බවට මා පැවසුවා. එවැනි තවත් කරුණු ගණනාවක් තිබුණා.මා ඒවා මෙතන කියන්න යන්නේ නැහැ.

ලංකාවේ බහුතරයක් සිටින්නේ බෞද්ධයන් බවත් අප දන්නා ප්‍රධාන ආගමික නායකයා මල්වතු මහනාහිමියන් බවත් මා ප්‍රකාශ කළා.

අනෙක් සියලු පූජකතුමන්ලා එනම් කාදිනල් තුමා හෝ බිෂොප් තුමන්ලා ඉන් පසුව බව මා ප්‍රකාශ කළා. නමුත් එය විකාශය කර නැහැ.

කිසිදු අවස්ථාවක බලයේ නොසිටි බව කියමින් මා ප්‍රශ්න මඟ හැරියේ නැහැ. මගෙන් වැඩිපුරම ඇසුවේ රාජපක්ෂලා ගැනයි යනුවෙන්ද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 



අදහස් (0)

අල් ජසීරා සාකච්ඡාව ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

දළදා දැක්ම රාත්‍රි කාලයටත්?
2025 මාර්තු මස 06 153 0

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දළදා දැක්ම මහජනතාවගේ පහසුව තකා රාත්‍රී කාලයේදීද පවත්වන ලෙස රජයේ ඉහළ නිලධාරීන්ගෙන් යෝජනා වී ඇතත් ඒ සඳහා තේවාව භාර හිමිවරු


සැමියා ඇද්ද විදුලි රැහැනට බිරියයි - පුතයි බිලි
2025 මාර්තු මස 06 338 0

නිවසේ නවතා ඇති ලොරි රථයේ බැටරිය සොරුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා නිවෙස් හිමියා විසින් අදින ලද අනවසර විදුලි රැහැනක පැටලීමෙන් ඔහුගේ බිරිද හා පුත්‍රයා මි



ත්‍රිරෝදයක් ගිනි ගනී
2025 මාර්තු මස 06 53 0

හොරණ රෝහල ඉදිරිපිට නවතා තිබූ ත්‍රී රෝද රථයක් හිටි හැටියේ ගිනිගැනීමටට ලක්විය.


වගා හානි වන්දි ඉක්මනින් දෙන්න නියෝග
2025 මාර්තු මස 06 30 0

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධා


රනිල්ගේ අල් ජසීරා සාකච්ඡාව උණුසුම් වෙයි
2025 මාර්තු මස 06 639 0

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග අල් ජසීරා ජාත්‍යන්තර රූපවාහිනී නාලිකාව කළ සම්මුඛ සාකච්ඡාව අතරතුර උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.


මේවාටත් කැමතිවනු ඇති

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 147 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක 2025 පෙබරවාරි මස 19 484 0
රෙදි සේදුම් යන්ත්‍ර අතර පෙරළියක් ඇති කරමින් Samsung Sri Lanka, වෙතින් Bespoke Ai Laundry ලෙස කිලෝ ග්රෑම් 12ක ධාරිතාව සහිත ඉදිරිපසින් විවෘත කළ හැකි නවතම රෙදි සෝදන යන්ත්‍ර පෙළක

නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 550 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

Our Group Site