(මනෝප්‍රිය ගුණසේකර)
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය මහේස්ත්‍රාත් උසාවියේ ඇති නඩුව ශ්‍රේෂ්ඨාධිකරණය භාරයට ගැනීමටද තීරණය කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම මෝෂමක් මාර්ගයෙන් කැඳවා කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය එලෙස නියෝග කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්තුරුන්ගෙන් සැදුම්ලත් විනිසුන් මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.
ස්වභාවික සත්ව අධ්‍යන කේන්ද්‍රය ඇතුළු පිරිසක් ගෙනු කර තිබු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අමාත්‍ය මණ්ඩලය ඇතුළු පිරිසන් නම් කර ඇත.
ලියාපදිංචි නොකළ අලි ඇතුන් මුල් අයිතිකරුවන්ට බාරදීමට අවසර දෙමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය අත්හිටවන්න නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා මුල් පෙත්සම ගොනු කොට තිබු අතර එම පෙත්සම සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කර ඇත.
මීට පෙර අවස්ථාවේදී මෙම සිද්ධිය සම්බන්ධ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නියෝගයට පටහැනිව කොළඹ මහේස්ත්‍රාත්වරයා කටයුතු කර ඇතැයි පෙන්වා දෙමින් මෙම මෝෂම ගොනු කොට තිබු අතර එම මෝෂමට අනුව පෙත්සම කැඳවණු ලැබිණී.
පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා කරුණු දක්වමින් ලියාපදිංචි නොකළ හීලෑ ඇතුන් සන්තකයේ තබාගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර ඇතැයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නියෝගයට පටහැනිව කොළඹ අධිකරණය කටයුතු කර ඇතැයිද කීය.
එහෙයින් කොළඹ අධිකරණයේ විභාග වන නඩුවට අදාළ විභාගය නවතාලන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයේ ඇති නඩු ගොනුව ශ්‍රේෂ්ඨාධිකරණයට කැඳවන්නැයිද ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේක සිරිවර්ධන මහත්මිය කරුණු දක්වමින් පෙත්සම්කාර පාර්ශවයේ ඉල්ලීමට තමා විරුද්ධ නොවන්නේ යැයි කීවාය.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ නඩුව විභාගයට ගැනීම වළකාලමින් අතුරු නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය නඩු ගොනුව අධිකරණය බාරයට ගැනීමටද නියෝගය කෙරිණි.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විවේකා සිරිවර්ධන මහත්මිය පෙනී සිටියාය.
හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ
අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ
මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප
අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි