(නිමල කොඩිතුවක්කු)
ඇමෙරිකා එක්සත් ජනපදය මෙරට අපනයන භාණ්ඩවලට පනවා ඇති 44%ක ප්‍රතිචාරාත්මක බද්ද ක්‍රියාත්මක වුවහොත් අලුත් අවුරුදු සමයෙන් පසු ඇගලුම් කම්හල් සේවකයන්ගේ රැකියා අවධානමක් පවතින බව - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කර්මාන්තශාලා කඩා වැටී රැකී රක්ෂා අහිමි වී ආර්ථික වර්ධන වේගය පහළ ගොස් සමස්ත ජනතාවටම මින් බරපතල හානියක් සිදුවන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
2033 ගෙවීමට තිබූ ණය 2028 ගෙවීමට ඇති බැවින් ඒ සදහා පවත්වාගෙන යා යුතු ආර්ථික වර්ධන වේගයට මෙම බදු පැනවීම මරු පහරක් බවත් නාත්තන්ඩිය ආසනයේ පැවැති ජන හමුවක් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම බරපතල අවධානමත් සමග ආර්ථික සුනාමියක් අප රටට එල්ල වීමට ඉඩකඩ ඇති බැවින් රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවලක් කඩිනමින් සිදු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා කීවේය.
ඇමෙරිකානු භාණ්ඩවලට 88% බද්ධක් පැනවීම හේතුවෙන් මෙම නව බදු පනවා ඇති බවත් මේ නිසා අප රටේ අපනයනවල මිල තරගකාරීත්වය නැති වන බවද ඔහු සඳහන් කළේය.
මෙරට ඇගලුම් අපනයනවලින් 40%ක් ඇමෙරිකාවට යවන බැවින් මෙය බරපතල තත්ත්වයක් බවත් විපක්ෂනායකවරයා පැවසීය.
තායිලන්තයේ පැවති 31 වැනි තරුණ විද්‍යාඥයන්ගේ ජාත්‍යන්තරය සම්මේලනයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ සිව් දෙනෙක් ලෝකඩ පදක්කම් දිනා අද කටුනායක ගුවන
විගමණික ශ්‍රමිකයින්ට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් සිංහල හා දමිල අලුත් අවුරුද්ද වෙනුවෙන් රුපියල් 10,000 ක මුදලක් ලබාදෙන බව පවසා බොරු ප්
මේ වන විට ආණ්ඩුව ශක්තිමත් ජාත්‍යන්තර සබඳතා හදා ගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අක්කරපත්තුවේ ජන රැළියකදී පැවසීය.
අයවැයෙන් වෙන් කළ මුදල් විනිවිදභාවයෙන් ගමේ සංවර්ධනයට යොදවන්න පිරිසිදු ප්‍රාදේශිය පාලනයක් නිර්මාණය කරගන්නා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රුපියල් කෝටි 1,700ක වටිනාකමකින් යුත් හෙරොයින් හා අයිස් සමග ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට පත් ධීවරයන් අටදෙනා ලබන 25 දින දක්වා රිමාන්ඩ් ගත කිරීමට කොළඹ ප්‍රධාන
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී ඇත්තේ සිංහල හින්දු අලුත් අවුරුදු කාලය තුළ බැවින් වික්‍රමසිංහ මහ
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
අලුත් අවුරුද්දෙන් පසු ඇගලුම් සේවකයන්ගේ රැකියා අවධානමක
කව්ද බෝයි Monday, 07 April 2025 03:20 PM
අවුලක් නෑ. උසනම් සිකියුරිටි, මිටිනම් කම්කරු, පිළිවෙලට රැකියා ටික බෙදලා දෙමු.
Dewa Monday, 07 April 2025 03:24 PM
මෙයාගේ කටේ තියෙන්නේ හරි නොයන කතාවම තමයි. මෙයාගේ දේශපාලන අනාගතයත් මේ වගේම තමයි කියලා හිතාගන්න.
සෙනෙවිරත්න Monday, 07 April 2025 06:28 PM
කියවනවා, කියවනවා, ඕවා වෙන්නේ නැහැ. ඇමරිකාවේ පවා ඔය බදු ගැන ලොකු විරෝධයක් තියෙනවා. මෙයා කතා කරන්නේ හරියට අපේ රටට විතරක් ගහපු බද්දක් වගෙයි...
සෙනෙවිරත්න Monday, 07 April 2025 06:29 PM
මෙයාට අස්වැසුම හදලා දෙමු, යන යන තැන නැති බැරිකම හැර පියාගේ ඇති හැකිකම කියන්නේම නැහැ...
chandima Monday, 07 April 2025 09:02 PM
ට්‍රම්ප් එක්කලා මොන රාජ්‍ය තාන්ත්‍රිකද සහෝ? අපිට බදු අඩු කරන්න විදිහක්වත් නැහැනේ, රනිල් දුර දිග බලලා රාජ්‍ය තාන්ත්‍රික මොළය පාවිච්චි කරලා ගහපු ගිවිසුම නිසා . දැන් කාලා වරෙන්කෝ? මිනිහා හික්මීයා වගේ මේ දවස්වල හැංගිලා ඉන්නේ. වෙනදා නම් පඬි කතාවක් දෙකක් කියනවා.