IMG-LOGO

2024 දෙසැම්බර් මස 17 වන අඟහරුවාදා


අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා  සැමගේ සහාය ඉල්ලන බව  කතානායක ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුව අමතමින් පැවසීය.

නව කතානායකවරයා මෙසේද කීය.

මා කතානායක ධුරයට පත්කර ගැනීම සම්බන්ධයෙන් මෙන්ම සුභපැතුම් එක්කළ සැමට මගේ ස්තුතිය  පළ කර සිටිනවා.

ජනතා අභිලාෂ හා අපේක්‍ෂාවන් මුදුන්පත් කිරීම සඳහා වැදගත් මෙන්ම භාර භාරදූර කාර්යභාරයක් ඉටු කිරීමේ වගකීම අන් කවරදාටත් වඩා පාර්ලිමේන්තුවට පැවරී ඇති බව කිව යුතුයි.

එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධි විධාන ස්ථාවර නියෝග වල විවිධාන මෙන්ම පූර්වගාමී කතානායකවරුන්ගේ තීන්දු හා සම්ප්‍රදායන් පරිචයන් වලට අනුගත වෙමින් පොදු ජන යහපත සඳහා ව්‍යවස්ථාදායකයේ භාරදූර වගකීම් සමුදාය ඉටු කිරීම සඳහා කථානායකවරයා ලෙස ස්වාධීනව මෙන්ම අපක්ෂපාතී ලෙස අභියෝගාත්මක භූමිකාවක් ඉටුකිරීමට මා වෙත පැවරී තිබෙනවා.

එම කාර්යයන් ඉටු කිරීම සඳහා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන්ගේ සහයෝගය ඉතා වැදගත් වන බව කිව යුතුයි.අන්‍යෝන්‍යය අවබෝධයෙන් තොරව මහජන අභිලාෂ මුදුන්පත් කිරීම සඳහා ඔබේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

මා මේ උත්තරීතර නිලය දරන තුරු මහජන නියෝජිතයන්  ලෙස ඔබ සියලු දෙනාගේ අයිතීන් ආරක්ෂා කිරීම සඳහා මගේ උපරිම ශක්ති ප්‍රමාණයෙන් කැපවෙමි.

මේ පාර්ලිමේන්තුව කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා ඔබ සැමගේ සහාය ඉල්ලමි.



අදහස් (0)

අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මුනුබුරා බේරාගන්න ගිය සීයාට විදුලි සැර වැදිලා
2024 දෙසැම්බර් මස 17 302 0

විදුලි රැහැනක පැටැලි සිටි සිය 17 හැවිරිදි බුණුබුරා ඉන් මුදවා ගැනිමට ගිය 74 හැවිරිදි සීයා විදුලි සැර වැදිමෙන් ඊයේ (16)මියගොස් ඇති බව කැබිතිගොල්ලෑව මුලස්ථාන


අලුත් කතානායකගෙන් ප්‍රකාශයක්
2024 දෙසැම්බර් මස 17 1279 0

කිසිදු භේදයකින් තොරව රටේ යහපැවැත්ම හා මහජන අභිලාෂයන් ඉටුකරනු ලබන පරමාදර්ශී පාර්ලිමේන්තුවක් බවට පත්කිරීම සඳහා සැමගේ සහාය ඉල්ලන බව කතානායක ජගත් වික්


යළි විශ්වාස භංගවලට මුල පුරන්න නොලැබේවා
2024 දෙසැම්බර් මස 17 1212 0

මේ පාර්ලිමේන්තු කාලය තුළදී යළි විශ්වාස භංග ගෙන ඒමට නොලැබේවා යැයි ප්‍රාර්ථනා කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කථානායකවරයාට සුබ පතමින් පැවසීය


නව කතානායකට පක්ෂ විපක්ෂ සුබ පැතුම්
2024 දෙසැම්බර් මස 17 589 0

නව කතා නායකවරයා ජනතාව ප්‍රාර්ථනා කරන ශිෂ්ඨ සම්පන්න පාර්ලිමේන්තුව බිහි කිරීමට කැපවනු ඇතැයි විශ්වාස කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසු


නව කථානායක ජගත් වික්‍රමරත්න
2024 දෙසැම්බර් මස 17 1799 0

නව කතානායක ධුරය සඳහා ජගත් වික්‍රමරත්න මහතා මහතා පත්විය.


නව මන්ත්‍රීවරු හතරක් දිවුරති
2024 දෙසැම්බර් මස 17 992 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙක් සහ සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු හතරක් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා ඉදිරියේ පාර්ලිමේන්තුවේදී දිවු


මේවාටත් කැමතිවනු ඇති

NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ 2024 දෙසැම්බර් මස 12 225 0
NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සව සතිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වේ

මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත

මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී 2024 දෙසැම්බර් මස 11 221 0
මෙරට කීර්තිමත් ව්‍යාපාර ප්‍රධානී සුජීව මුදලිගේ මහතාට ගෞරව ආචාර්ය උපාධියක් NSBMහි වාර්ෂික උපාධි ප්‍රදානෝත්සවයේදී

මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්

ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය 2024 දෙසැම්බර් මස 10 107 0
ශ්‍රී ලංකාවේ දැනුම සහ නවෝත්පාදන අංශයේ වර්ධනය සහ අන්තර්කරණය

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ

Our Group Site