(අංජුල මහික වීරරත්න)
ඇමරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය සමඟ උද්ගතව ඇති අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා ඇරඹීමට සිදු වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගාල්ලේ දී අද පැවසීය.
මෙවන විට භූ දේශපාලනයේ අහිතකර තත්ත්වයක් නිර්මාණය වී තිබෙන අතර එම තීන්දු ලංකාවේ අපනයන වලටද යම් අහිතකර තත්ත්වයක් ඇතිවන බව ජනාධිපතිවරයා කීය.
එය විසඳා ගැනීම සඳහා උපරිම උත්සාහ ගනිමින් සිටින අතර ඒ සඳහා සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද ජනාධිපතිවරයා පැවසීය.
අර්බුදය විසඳා ගැනීමට මෙන්ම ඊට මුහුණ දීම සඳහා සැලසුම් හදමින් සිටින බව කී ජනාධිපතිවරයා ලංකා ආර්ථිකය යළි අර්බුදයට ලක් නොවන අයුරින් හැසිරවීමට සැලසුම් සකස් කරන බව ද කීය.
මෙය අපේක්ෂා නොකළ තත්ත්වයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
එහෙත් ලංකා ආර්ථිකය ඉතා හොඳ ඉදිරි ගමනක් පෙන්නුම් කරමින් සිටින බව පැවසූ ජනාධිපතිවරයා උද්ගතව ඇති ප්‍රශ්නයට මුහුණ දිය යුතු වන්නේ පක්ෂ හැටියට නොව ජාතියක් හැටියට බවද කීය.
මේ වසරේදී සපුරා ගත යුතු යම් ඉලක්කයන් මූල්‍ය අරමුදල විසින් ලබා දී තිබෙන්නේ යැයිද ඇතිවී තිබෙන අලුත් තත්ත්වයට අනුරූපී වන පරිදි නව මානයන් පිළිබඳ සාකච්ඡා ඇරඹීම වෙනුවෙන් අප උපරිම කැප කිරීම් කරන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (7)පැවැති ජනරැළිය අමතමින් ජනාධිපතිවරයා මේ බව කීය.
ඊශ්‍රායල් රැකියා වැඩසටහන යටතේ ප්‍රථම වරට හෝටල් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා සඳහා ශ්‍රී ලාංකික තරුණ තරුණියන් පිරිසක් තෝරාගෙන තිබෙන බව ශ්‍රී ලංකා විදේශ ස
කටුනායක ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සියලු කාන්තාවන්ට ආර්ථික වශයෙන් ශක්තිමත් වීමටත් කාන්තාවන් සතු කුසලතා ඉදිරිපත් කිරීමටත් හැකි පරිසරයක් නිර්මාණය කිරීමට රජය කැපවී කටයුතු
ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ඉවත දමන ‘ප්ලාස්ටික්’ ගැටලුවට පිළියමක් ලෙස ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඉවත දමන බෝතල් වර්ග දමා මුදල් ඉපයියහැකි ඩිජිටල් යන්ත්‍රය
අඹුසැමි යුවළක් ගමන් ගත් ස්කූටරයක් මතට කැස්බෑව බටුවන්දර පාසල් මාවත අසලදී විශාල කොට්ටන් ගසක් කඩා වැටීමෙන් ඔවුන් දෙදෙනා බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කැ
ඌව පළාත් සභාව නමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පවත්වාගෙන ගිය ස්ථාවර බැංකු ගිණුම් හයක් ඉවත් කර ගනිමින් රජයට රුපියල් ලක්ෂ 173 ක අලාභයක් සිදු කළේ යැයි රක්ෂ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
අලුත් තත්ත්වය ගැන අයි.එම්.එෆ් එක්ක සාකච්ඡා කරනවා
Gavin Monday, 07 April 2025 11:06 PM
සකාච්ඡා කරාට කමක් නෑ. තියෙන ණය ප්‍රමාණය කීයද කියලා කියන්න එපා කියලා, ඉස්සර හිටපු පාර්ලිමේන්තු ඇමති කෙනෙක් අපට කිව්වා. "ඕක නයක්ද කියලත් එයා කිව්වා . ඔයා එයාව අඳුරනවද?
ගුණරත්න Tuesday, 08 April 2025 07:48 AM
බොහොම දුරාතීතයේ මෙතුමන්ලා මහජනයා ගැන සෑහෙන උනන්දුවෙන් කම්පාවෙන් හිටියේ, ඒ කාලේ පඬුකරඳ ගසක් ගැන සෑහෙන කතා වුනා, මුළු රටම විරෝධය පෑවා ආණ්ඩුවට, ඒ කාලෙත් මාලිමාවුන්ගේ ප්‍රධාන කතාවක් වුනේ ඒක දැන් ලංකාවේත් දුර්ලබ ලෝකයේ කොහෙවත්ම නැති ශාකයක මල් කපල තට්ටයෙක්ට පූජා කරා මේ ජනාධිපතියා, එක බල්ලෙක් කටක් ඇරියේ නැහැ, මේ පත්තරේවත් ඒ ප්‍රවෘත්තිය දැම්මේ නැහැ. අන්න කාලය මැවූ වෙනසක තරම, පුනරුදේ කියන්නේ මේවට වෙන්න ඇති.
යෝගා Tuesday, 08 April 2025 09:11 AM
මාස හයක් යන්නත් ඉස්සෙල්ලා සිංහනාද බලු කෙඳිරිලි වෙලානේ.
Susil Tuesday, 08 April 2025 09:36 AM
යෝගා, මහානාම කලින්ම අඳුනා ගත්තා සිහිනයක් නෙමෙයි කියලා
අරවින්ද මොණරවිල Tuesday, 08 April 2025 10:44 AM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක බැංකුව වගේ ආයතන ඉස්සර ඇඹරුන දණ ගහන දීන නායකයෙක් නොවී රට වෙනුවෙන් පෙනී ඉන්න හැකි එඩිතර නායකත්වක් රටට ලැබිලා තියෙනවා. ඒක රටේ වාසනාව !