IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත

(රංජන් කස්තුරි)

මාස කීපයක් තිස්සේ පැවති විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ  අර්බුදය නිමා කරමින් නව ගමන් බලපත්‍ර නිකුත් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අද (21)  සිට පියවර ගත්තේය.

 නව විදේශ ගමන්  බලපත්‍රයේ පැහැය වෙනස් කොට ඇති අතර එය නිල් පැහැයෙන් යුක්තය.

තවද පැරණි විදේශ ගමන් බලපත්‍රයක පිටු 64ක් තිබූ අතර නව විදේශ ගමන් බලපත්‍රය පිටු 48කින් සමන්විතය.  

නව විදේශ ගමන් බලපත්‍රයේ P අංක භාවිතා කරන අතර මීට පෙර නිකුත් කර තිබූ විදේශ ගමන් බලපත්‍රවල පැවතියේ  N අංකයන්ය.

තවද නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම අලංකාරවත් ඡායාරූපවලින් සමන්විතය.

ශ්‍රී දළදා  මාලිගාව යාපනය නල්ලූර් කෝවිල කොළඹ නෙළුම් කුළුණ ඓතිහාසික ගාල්ල  ලන්දේසි කොටු පවුර පොළොන්නරුව  ඓතිහාසික ස්ථාන රිටිපන්න ධීවර කර්මාන්තය ආරැක්කු නවයේ  පාලම  සීගිරිය තේ වගාව රබර් කිරි කැපීම හා ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක ස්ථාන සහ මෙරට සංස්කෘතිය විදහාපාන සාම්ප්‍රදායික කර්මාන්තවල ඡායාරූපවලින්ද නව විදේශ ගමන් බලපත්‍රය සමන්විතය.

ආගමන  විගමන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කළේ මේ වන විට නව විදේශ ගමන් බලපත්‍ර ප්‍රමාණවත් තොග ලැබී ඇති හෙයින් ඉදිරියේදී   ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ තදබදය අවම විය හැකි බවය.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම ඉදිරි කාලයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බවද ඔහු සඳහන් කළේය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)

 

 



අදහස් (0)

අලුත් පෙනුමට හැඩ වූ විදෙස් ගමන් බලපත

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රතිකාරවලට එහා ගිය මීගලෑව රෝහල
2024 ඔක්තෝබර් මස 21 268 0

රෝගීන්ගේ මානසික සුවය මෙන්ම රෝහලේ සුබ සාදන කටයුතු සඳහා ද ආර්ථිකමය අතින් සෙත සැලසෙන අයුරින් මුළු රෝහල් භූමියම වගා කටයුතු සඳහා යොදා ගනිමින් රාජකාරියට අම


අජිත් ආරියරත්න හඬ නිහඩ වෙයි
2024 ඔක්තෝබර් මස 21 1536 0

ජනප්‍රිය සරල ගීත ගායකයකු වු අජිත් ආරියරත්න මහතා හදිසියේ අද(21) සවස අභාවප්‍රාප්ත විය.


ගම්පහ පෙදෙස් කීපයකට ජල සැපයුම හෙමින්
2024 ඔක්තෝබර් මස 21 130 0

සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට හෙට (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයී


මහ ඡන්දේ අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වෙයි
2024 ඔක්තෝබර් මස 21 222 0

මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි


මහේස්ත්‍රාත්ට මඩ ගැසී සිද්ධියට හිටපු මන්ත්‍රීවරයකු අල්ලන්න සොයයි
2024 ඔක්තෝබර් මස 21 377 0

මන්නාරම මහාධිකරණ විනිසුරුඑම්.එම් .එම් මිහාල් මහතාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර ප්‍රදර්ශනය කළේ යැයි කියන සිද්ධියට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍


හිටපු ඇමැති රෝහිතගෙන් අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 21 1477 0

මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බ


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 60 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 740 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 530 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site