IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අලි - අත් දීගෙට ඉඩ

මාස 19 වයසැති එක්සත් ජාතික පෙරමුණු රජයට ගෙවුණු සතිය ඉතා වැදගත් විය.රජයේ ප‍්‍රධාන පාර්ශවයන් ද්විත්වය වන එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රජයේ සම්පූර්ණ ධූර කාලය, එනම් 2020 දක්වා සම්පූර්ණ අවුරුදු පහක කාලයම, එක්ව කටයුතු කරන බව නිවේදනය කළේ එම සතියේය.දෙපාර්ශවය අතර පෙර ඇතිව තිබූ එකඟතාවය අනුව මෙම හවුල වසර දෙකකින් අවසන් වීමට නියමිතව තිබිණ.නමුත් 2020 ජනවාරි මස ජනපතිවරණය සහ 2020 අගෝස්තු මස පාර්ලිමෙන්තු මැතිවරණය දක්වාම එක්ව කටයුතු කිරීමට දැන් දෙපාර්ශවයම සූදානම්ය.මෙය දෙපාර්ශවයේම එකගතාව මත සිදුවන්නක් බව පැහැදිලිය.

“දැන් තියෙන එක්සත් ජාතික පෙරමුණු රජය අවුරුදු පහක් යනකම්ම තියේවි.එකේ කිසිම සැකයක් නැහැ.“ අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය බ‍්‍රහස්පතින්දා පාර්ලිමෙන්තුවේදී අදහස් දක්වමින් කීවේය.තම සිංගප්පූරු සංචාරයේ සිදුකළ ප‍්‍රකාශයකද ඔහු මේ බව සඳහන් කළේය.මෙදිනම ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය රජයක් පිහිටුවා ගැනීම සදහා වසර දෙකකට අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇතත් ජාතික රජය වසර පහ දක්වාම පවතිනු ඇති බවය.

“මේ වසර දෙක අවසන් වූ පසු කාල සීමාව වසර පහ දක්වාම දීර්ඝ කරන්න අවශ්‍ය පියවර ගන්නවා“ දිසානායක කීවේය.ඔහුට අනුව එක්සත් ජාතික පක්ෂය සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ඇතිව තිබෙන සන්ධානය ‘යෝජිත විවාහයක්‘ හා සම වන අතර එය ‘ආදර සබඳතාවක්‘ මත ඇතිවන විවාහයකට වඩා සාර්ථකය.එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් මහතා සහ දිසානායක යන දෙදෙනාම රූපවාහිනියේද පෙනී සිටිමින් මෙම නිවේදනය නිකුත් කළේය.පසුගිය පාර්ලිමෙන්තු මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය වසර දෙකක ජාතික රජයක් පිහිටුවීමේ පක්ෂයේ සැළැස්ම සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කළේය.නමුත් එවක ජයග‍්‍රහණය ගැන අති විශ්වාසයක් තිබූ නිසාවෙන්දෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නම් ජාතික රජයක් ගැන කිසිදු සඳහනක් නොකළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ මහින්ද හිතැති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමෙන්තු මන්තී‍්‍රන් පිරිසක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ මෙම තීරණය හමුවේ කලබලයට පත්ව සිටින්නෝය.ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ - එක්සත් ජාතික පක්ෂ දීගය අවසානය දක්වාම පවත්වාගැනීමට යන්නේ නම් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අනාගතය කෙබදු වනු ඇත්දැයි විමසා ඔවුහු සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා වෙත ලිපියක් යැවීමට තීරණය කර ඇත.මේ සම්බන්ධයෙන් විමසීමට අමරවීර සම්බන්ධ කරගැනීමට උත්සාහ කළද එය සාර්ථක වූයේ නැත.දුරකතනයට පිළිතුරු දුන් ආරක්ෂක නිලධරයකු කියා සිටියේ නිවසේ දානමය පිංකමක් පැවැත්වෙන බැවින් ඔහු කාර්යබහුල බවය.රජයේ අනෙක් පාර්ශව වන කුඩා පක්ෂද බලවතුන් දෙදෙනගේ මෙම තීරණය හමුවේ නොසන්සුන්තාවට පත්ව සිටින බවක්ද හඳුනාගත හැකිය.

 

යෝජිත හෝ ආදර සබදතාවක් මත පදනම් වන විවාහයක වුවද හොඳ සහ නරක ද්විත්වයම ඇති බව කවුරුත් දන්නා කරුණකි.ශී‍්‍ර ලංකාවේ ප‍්‍රධාන පක්ෂ අතර සිදුවූ මෙම ‘ඓතිහාසික‘ සම්බන්ධතාවයටද මෙහි වෙනසක් නැත..එසේ ඇතිවූ ගැටලූ බොහෝමයක් ශී‍්‍ර ලංකා ජනතාවද නොදන්නෝය.දෙපාර්ශවය පොරොන්දු පිට පොරොන්දු දුන්නද ඒවා ඉටුවනු ඇත්දැයි යන්නද ගැටලූකාරීය.විවාහය මදක් දුර ගිය පසු ආදරය වෛරයට පෙරළා ගැනීමටද, පොරොන්දු කල් දැමීමටද, ඉහළ තනතුරු හිමි කරගැනීම සදහා පොරකෑමටද, දෙපාර්ශවයම කටයුතු කළේය.නමුත් දැන් ඔවුහු සම්පූර්ණ වසර පහක කාලයම එක්ව ගෙවීමට සූදානම්ය.මෙවන් ‘ආදරයක්‘ හදිසියේ ඇතිවූයේ කෙසේද? ජනතාවට පොරොන්දු වූ වසර දෙකක සභාග රජය වසර පහක් දක්වාම පවත්වාගැනීමට එක්සත් ජාතික පක්ෂයට හැකියාවක් ලැබුණේ කෙසේද?

මෙයට පදනම සකස් වූයේ පසුගිය බදාදා පැවති කැබිනට් මණ්ඩලය රැස්වීමේදීය.එකඟතාවය ඇති කිරීමට මුල් වූයේ ජනපති මෛතී‍්‍රපාල සිරිසේනය.අඟහරුවාදා පොහොය නිවාඩු දිනයක් වූ හෙයින් කැබිනට් මණ්ඩල රැස්වීම බදාදා දිනයේ පැවැත්වුණු අතර, අවසන් වීමට දීර්ඝ වේලාවක් ගතවිය.රැස්වීමට සහභාගීව සිටි ඇමැතිවරයකු පසු අවස්ථාවක සඳහන් කළ ආකාරයට ප‍්‍රථම වතාවට ජනපති සිරිසේන, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්මන් කි‍්‍රයාකලාපය දැඩිව විවේචනය කර ඇත.රජය පෙරළා දැමීමට ඔහු හා ඒකාබද්ධ විපක්ෂය කැස කවමින් සිටින බව ජනපති සිරිසේනගේ මතය වී තිබේ.කැබිනට් රැස්වීමේ වැඩි අවධානය යොමුව ඇත්තේ මෙම මස 28 වැනිදා නුවරින් ආරම්භ වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ විරෝධතා පා ගමනටය.එය සැළසුම් කෙරෙන ආකාරය පිළිබද තොරතුරු ජනපති සිරිසේන වෙත ලැබෙමින් තිබී ඇත.

රැය ගත කිරීම සදහා නැවතෙමින්, අගොස්තු පළමුවැනිදා වන විට කොළඹට ළඟා වීම පාගමන සංවිධායකයින්ගේ සැළසුමය.ප‍්‍රධාන සංවිධායකයින්ගෙන් කෙනෙකු වන බැසිල් රාජපක්ෂ මහතා දැනට රිමාන්ඞ් බන්ධනාගාරව පසුවන හෙයින් ඔහුගේ තැන පිරවීමට රිමාන්ඞ් බන්ධනාගාරව සිට මෑතකදී පිටතට පැමිණි නාමල් රාජපක්ෂ මහතාව කැඳවා තිබේ.රැය ගතකිරීම සඳහා තෝරාගෙන තිබෙන මාවනැල්ල, කෑගල්ල, වරකාපොල, නිට්ටඹුව සහ කඩවත යන ප‍්‍රදේශ වල ජනහමු පහක් පැවැත්වීමට නියමිතය.වැට් බදු සංශෝධනය සහ ගෙන ඇති වෙනත් පියවර හමුවේ රජය ජනතාව මත පටවා තිබෙන බර ගැන සඳහන් පති‍්‍රකා බෙදීම තවත් කණ්ඩායමකට පැවරී ඇති රාජකාරියකි.රැය ගත කිරීම සදහා මාර්ගයේම පිහිටා තිබෙන කුඩා පරිමාන හෝටල භාවිතයට ගැනීමට සැළසුම් කර ඇත.නුවරින් පාගමන ආරම්භ කිරීමටත්, පසුව කොළඹින් පිරිස පිළිගැනීමටත් පැමිණෙන ලෙස හිටපු ජනපතිවරයාට ආරාධනාවක්ද ඉදිරිපත්ව ඇත.රාජපක්ෂ හිතවාදී පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරුන් විවිධ කණ්ඩායම් මෙහෙයවීමට අනුයුක්ත කර තිබෙන අතර, පැළදගැනීමට යන ඇගලූම් වල වර්ණයෙන් ඔවුන් එකිනෙකා හඳුනාගැනීමට හැකිවනු ඇත.

 

රාජපක්ෂගේ බොරු හෙළිකළ යුතුයැයි කියා සිටි ජනපති සිරිසේන ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයින්ට චෝදනා නැගී ඇති වංචා, දුෂණ සම්බන්ධ විමර්ෂණ කටයුතු කඩිනම් කර වැරදිකරුවන් වහා අත්අඩංගුවට ගත යුතුව තිබෙන බව අවධාරණය කළේය.මෙම පිරිස පසුපස ජනතාව යමින් සිටින්නේ කවර හේතුවක් නිසාදැයි, ඔහු විමසුවේය.පාගමනේ ප‍්‍රධාන සංවිධායක බැසිල් රාජපක්ෂ හා තවත් කිහිපදෙනෙක් අත්අඩංගුවට ගෙන සිටින අතර, බැසිල් ලබන පළමුවැනිදා දක්වාම රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තැබීමට අධිකරණය නියෝග කර ඇත.නමුත් රිමාන්ඩ් බන්ධනාගාර මැදිරියේ එක් රැයකට පසු අසනීප තත්ත්වයක් මත යැයි කියා ඔහුව කොළඹ ජාතික රෝහලට මාරු කැරිණ.මේ හමුවේ කෝපයට පත්වූයේ සිවිල් සමාජ කි‍්‍රයාකාරීන්ය.ජූලි 28 වැනිදා සිට අගෝස්තු පළමුවැනිදා දක්වා නුවර සිට කොළඹ දක්වා පාගමනක යෙදීමට සූදානමින් සිටි පුද්ගලයකු මෙසේ හදිසියේ අසනීප වන්නේ කෙසේදැයි ඔවුහු විමසූහ.එතැනිදු නොනැවතී ඔවුහු රජයද දැඩිව විවේචනය කළහ.මුල් පෙලේ සමාජ කි‍්‍රයාධරයකු ලෙස සැළකෙන බත්තරමුල්ල සීලරතන හිමියෝ, බැසිල් රාජපක්ෂ මෙන්ම දුෂිත යැයි උන්වහන්සේ නම් කළ බන්ධනාගාර කාර්ය මණ්ඩලය ද රූපවාහිනිය ඔස්සේ දැඩිව විවේචනය කළහ.

රජයේ ඉදිරිගමන වැළැක්වීමට රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂය කටයුතු කරමින් සිටින බව පැවසූ ජනපති සිරිසේන, මේ හමුවේ ශක්තිමත් වීමට නම් රජයේ දැනට සිටින සියලූම පාර්ශවයන් එක්විය යුතු බව අවධාරණය කළේය.රජය බිඳ වැටීමට තමන් කිසිසේත්ම ඉඩ නොදෙන බව ඔහු දැඩිව කියා සිටියේය.ජනපතිවරයාගේ අදහස් දැක්වීමෙන් පසු විශේෂ නව කමිටු දෙකක් පත් කෙරුණු අතර, එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර ගැටලූ ඇතිවන අවස්ථාවකදී පොදු ස්ථාවරයකට පැමිණීම සදහා එයින් එක් කමිටුවකුත්, ජූලි 28 වැනිදා පාගමනත් සමග විපක්ෂය දිසාවෙන් රජයට එල්ලවිය හැකි පීඩන වලට මුහුණදීම සදහා අවශ්‍ය සැළසුම් සකස් කිරීමට අනෙක් කමිටුවත්, අනුයුක්ත කැරිණ.මේ සියල්ල හමුවේ ජාතික වශයෙන් වැදගත් වන ගැටලූ සම්බන්ධව එක් මතයක පිහිටා අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති නොහැකියාව නිසාවෙන් ජනතාවගේ දැඩි විවේචනයට ලක්වීමටද රජයට සිදුව තිබේ.

රජයේ ඇමැතිවරු සහ නියෝජ්‍ය ඇමැතිවරු බොහෝ අවස්ථාවන්හිදී ඔවුනොවුන්ට වුවමනා සැටියට අදහස් ප‍්‍රකාශ කිරීමේ යෙදෙමින්, ඔවුහු ඉදිරිපත් කරන්නේ රජයේ නිල ස්ථාවරය බව කියන්නෝය.ඔවුන් එසේ ඉදිරිපත් කරන අදහස් විමසා බලන විට නැගෙන පැනය වන්නේ රජයට නිල ස්ථාවරයන් කීයක් තිබෙනවාද යන්නය.මෙම කි‍්‍රයාකලාපය නිසා අපහසුතාවයට පත්වන්නේ රජයමය.පසුගිය දිනෙකද රජයේ නිල ස්ථාවරය යැයි කියමින් අදහස් දැක්වීමක නිරතවූ ඇමැතිවරයකු පවසා සිටියේ පැනමා පති‍්‍රකා වලින් අනාවරණයවූ ශී‍්‍ර ලංකා ජාතිකයින්ගේ තොරතුරු එරට රජයෙන් ඉල්ලීමට එක්සත් ජාතික පෙරමුණු රජය සැළසුම් කර ඇති බවය.

 

විපක්ෂයේ කටයුතු ගැන සොයාබැලීමට අනුයුක්ත කෙරුණු කමිටුවට පැවරෙන තවත් රාජකාරියක් වන්නේ පාගමන පැවැත්වෙන දිනයන්හි එයින් ජනතාවගේ දෛනික කටයුතු වලට බාධා එල්ල වනු ඇත්දැයි සොයාබැලීමය.කඩාකප්පල්කාරී කි‍්‍රයා සිදුවීමේ අවදානම ගැනද මෙම කමිටුව අවධානයෙන් සිටිය යුතුය.ජනපතිවරයා හා අගමැතිවරයා දෙදෙනම මෙම කමිටු වල සාමාජිකයෝය.

රජයේ තොරතුරු දෙපාර්තමෙන්තුවට අලූතින් පත්ව ඇති පුද්ගලයකුගේ කි‍්‍රයාකලාපය පිළිබද ජනපති සිරිසේන තම අසතුට පලකර සිටියේය.ගෙවුණු දිනයකදී මෙම පුද්ගලයා ටිබෙටයේ ආගමික නායක දලයි ලාමා තුමා සම්බන්ධයෙන් අදහස් දැක්වීමක නිරතව ඇති අතර, ඒවා පෞද්ගලික අදහස් වුවද, මෙම පුදගලයා රජයේ ප‍්‍රධාන දෙපාර්තමෙන්තුවක තනතුරක් හොබවන හෙයින්, සියලූදෙනා එම අදහස් අවබෝධ කරගෙන ඇත්තේ ශී‍්‍ර ලංකා රජයේ ස්ථාවරය ලෙස බව ජනපති සිරිසේන කීවේය.මේ සම්බන්ධයෙන් චීන නිලධරයින් පිරිසක් ද තමන්ගෙන් විමසා සිටි බවත්, එහිදී දැඩි අපහසුතාවකට පත්වන්නට සිදුවූ බවත් ඔහු පැවසුවේය.මෙම පුද්ගලයා මීට පෙර අවස්ථාවකදීද මෙලෙසම හැසිරී තිබෙන අතර එහිදී ඔහුව කැදවා දැඩිව අවවාද කිරීමට ජනපති සිරිසේන කටයුතු කළේය.මොහුට රාජ්‍ය මාධ්‍ය එතරම් කැමැත්තක් දක්වන්නේ නොමැති බවද ජනපතිවරයා කියා සිටියේය.අගමැති වික‍්‍රමසිංහද ජනපති සිරිසේන සමග එකගවූ අතර, නමුත් එම පුද්ගලයාගේ මෙම නව අදහස් දැක්වීම පිළිබදව නම් නොදැන සිටි බව පැවසුවේය.පසු අවස්ථාවක මෙම පුද්ගලයා සමග සම්බන්ධවූ අගමැතිවරයා නැවත මෙවැනි අදහස් දැක්වීම් වල නොයෙදෙන ලෙසට ඔහුට දැඩිව අවවාද කළේය.

බදාදා කැබිනට් හමුවේදී අමාත්‍යවරු රැසක්ම අදහස් දැක්වූහ.රජය ‘එක හඩකින්‘ ජනතාව ඇමතිය යුතු බව දුමින්ද දිසානායක පැවසූ අතර,එයට කබීර් හෂීම්ද එකඟ විය.මුදල් ඇමැති රවී කරුණානායක මහතා කතා කරමින්, වැට් බදු සංශෝධන කි‍්‍රයාත්මකවීම අධිකරණයෙන් තහනම් කර ඇති නිසා, අයවැය යෝජනා 17 න් 16 ක්ම කි‍්‍රයාත්මක කළ නොහැකි තත්ත්වයේ පවතින බවත්, මේ හමුවේ විපක්ෂය තවදුරටත් වැට් බදු ඉහළ යාමක් ගැන කියමින් රජයට චෝදනා කරන්නේ ඇයිද යන්න තේරුම්ගත නොහැකි බවත් පැවසුවේය.හිටපු මහ බැංකු අධිපති අජිත් නෙවාඩ් කබ්රාල්, හිටපු ජනපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී ගාමිණී සෙනරත්, සහ ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ වල ප‍්‍රගතියද ඔහු විමසා සිටියේය.පාඨලී චම්පික රණවක ඇමැතිවරයා අදහස් දක්වමින් රජයේ ප‍්‍රධාන පුද්ගලයින්ට ඉතාම අශ්ලීල හා නොමනා ලෙස පහර ගැසීමට විපක්ෂයේ ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව පැවසුවේය.ඔහු එම පිරිස් නමින්ම හදුන්වාදුන්නේය.දයාසිරි ජයසේකර සහ මංගල සමරවීර යන ඇමැතිවරුද අදහස් දැක්වූහ.

කැබිනට් මණ්ඩල හමුව පැවැති බදාදා දිනයේම සන්ධ්‍යාවේ, එක්සත් ජාතික පෙරමුණ රජයේ කටයුතු අධීක්ෂණය කරන ති‍්‍රත්වය, එනම් ජනපති සිරිසේන, අගමැති වික‍්‍රමසිංහ සහ හිටපු ජනපතිනී කුමාරතුංග අතර විශේෂ හමුවක් පැවැත්විණ.තිදෙන මෙසේ එකට හමුවූයේ බොහෝ කාලයකට පසුවය.වත්මන් දේශපාලන වාතාවරණය සහ රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් පැවැත්වෙමින් තිබෙන විමර්ෂණ කටයුතු වල ප‍්‍රගතිය මෙම හමුවේදී වැඩි අවධානයට ලක්විය.විමර්ෂණයට ලක්වෙමින් සිටින ඇතැම් පුද්ගලයින්ට යම් සහනයක් ලබාදීමට මුලින් තිරණයව තිබුණද, පැහැදිලි හා ප‍්‍රබල සාක්කි ඇත්නම් පුද්ගලයා කවරකු වුවද දැඩිව නීතිය කි‍්‍රයාත්මක කළ යුතුව තිබෙන බවට තිදෙන එකඟ විය.රාජපක්ෂ සාමාජිකයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු කඩිනම් කිරීමටද, මේ සම්බන්ධයෙන් අදාළ ආයතනයන් සහ නීතිපති දෙපාර්තමෙන්තුව දැනුම්වත් කිරීමටද, තිදෙන තීරණය කළෝය.හිටපු ජනපතිනිය අවවාදාත්මක ස්වරූපයෙන් අදහස් දක්වමින් විමර්ෂණ කටයුතු වල ගොලූබෙලි ගමන නිසා රජය පිළිබද වැරදි ප‍්‍රතිරූපයක් ජනතාව අතර ඇතිවෙමින් තිබෙන බව කීවාය.තිදෙන අතර පැවැති මෙම හමුවේ එකගවූ කරුණු කාරණා සම්බන්ධයෙන් බ‍්‍රහස්පතින්දා දිනයේදී රජයේ අනෙක් පාර්ශවයන් දැනුම්වත් කිරීම සිදුවිය.

රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු වලට අමතරව රජයේ අවධානය යොමුව තිබෙන තවත් කරුණක් වන්නේ ‘අතහැරදමා‘ ඇතැයි සැළකෙන දේපළ පවරා ගැනීමටය.හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ අයථා ලෙස පවරාගෙන ඇතැයි සැළකෙන මාතර සහ මල්වාන කැළණි ගං ඉවුර ආසන්නයේ පිහිටා තිබෙන නිවාස දෙකක් මෙසේ රජය වෙත පවරා ගැනීමට ඇති හැකියාව පිළිබද සොයාබැලෙමින් පවතී.එකක් ලක්ෂ 900 කට ආසන්න වටිනාකමකින් යුතු වන මෙම නිවාස වල හිමිකාරීත්වය සම්බන්ධයෙන් විමර්ෂණ කටයුතු කි‍්‍රයාත්මකය.මාතර නිවසේ හිමිකාරීත්වය ඇත්තේ අයෝමි ගලප්පත්ති නම් කාන්තාවකටය.කැනඩාවේ පදිංචිකාරිනියක වන ඇය බැසිල් රාජපක්ෂගේ නෑනාය.මල්වාන නිවසේ හිමිකාරීත්වය ඇත්තේ මුදිත ජයකොඩි නම් ගෘහ නිර්මාණ ශිල්පියකුට වුවත්, ඔහු ලබාදී ඇති දෙවන ප‍්‍රකාශයේ සඳහන් වන්නේ නිවස මිලදී ගැනීමට මුදල් ලබාදී ඇත්තේ බැසිල් රාජපක්ෂ බවත්, නිවස ඔහුට අයත් නොමැති බවත්ය.ඔහු මුලින් ප‍්‍රකාශ කර සිටියේ මෙම නිවස ඔහුට අයත් බවකි.බැසිල් රාජපක්ෂ මෙම චෝදනා සියල්ලම ප‍්‍රතික්ෂේප කරයි.

විමර්ෂකයින්ගේ වැඩි අවධානයක් යොමුව තිබෙන්නේ මල්වාන නිවසටය.දැනට සිදුව තිබෙන විමර්ෂණ වලින් නිවස තැනීම ආරම්භ කිරීමේ සුභ නැකත ලබාගෙන තිබෙන්නේ හිටපු ජනපතිවරයාගේ දෛවඥයා ලෙස සැළකුණු සුමනදාස අබේගුණවර්ධන මහතාගෙන්ය.මේ සඳහා ඔහු හා සම්බන්ධව ඇත්තේ කාන්තාවකි.

නිවසේ හිමිකාරීත්වය තහවුරු කිරීමේ කිසිදු නෛතික සාක්කියක් නොමැති හෙයින් එය පවරා ගැනීම සුදුසු බවට විමර්ෂණ කටයුතු වල නියැළී සිටින ජ්‍යෙෂ්ඨ නිලධරයින් රජයට දැනුම්දී ඇත.මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයාබැලීමට නීතිපති දෙපාර්තමෙන්තුවද කැදවා තිබේ.නීතිමය පදනම අනුව සැළකුවහොත් මෙම නිවස අත්හැර දමා ඇති දේපළක් ලෙස සැළකිය හැකි බවත්, මෙයින් පසුගිය රජයේ කි‍්‍රයාකාරකම් ගැන ඉගියක් ලබාගත හැකි බවත්, මේ සම්බන්ධ විමර්ෂණ කටයුතු හා ආරංචි මාර්ගයක් පැවසුවේය.මූල්‍ය අපරාධ විභාග කිරීමට වෙනම අධිකරණයක් පිහිටුවීමටද රජයේ අවධානය යොමුව ඇත.

බදාදා කැබිනට් හමුවේ ප‍්‍රතිඵලයක් ලෙස එක්සත් ජාතික පක්ෂ - ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සබඳතාවයේ දිගුවක් දැකීමට රටේ ජනතාවට හැකිවනු ඇත.දෙපාර්ශවය අතර ගැටලූ විසදී ඇතැයිද, ඉදිරි කටයුතු සියල්ල සුමුදුවට සහ සාමකාමීව සිදුවනු ඇතැයිද, මෙයින් කිසිසේත්ම අදහස් නොවේ.මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂයෙන් නැගෙන පීඩනය නිසා නොවන්නට මෙවන් එකඟතාවයකට පැමිණෙන්නට ඔවුන් කටයුතු කරනු ඇතැයි සිතීම උගහටය

විමර්ෂණ කටයුතු භාර ආයතනයන් සහ නීතිපති දෙපාර්තමෙන්තුව අතර මනා සම්බන්ධීකරණයක් ඇතිකිරීම මගින් විමර්ෂණ කටයුතු, විශේෂයෙන් රාජපක්ෂ පවුලේ සාමාජිකයින් සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ෂණ කටයුතු, කඩිනම් කිරීමට නියමිතය.ජනපති සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් පැවති ප‍්‍රගති සමාලෝචන හමුවකදී අනාවරණය වූ පරිදි, ‘සියයට දෙසියයක්ම‘ සාක්කි තහවුරු වන තෙක් කිසියම් පුද්ගලයකු පිළිබඳ ලිපිගොනුවක් ඉදිරිපත් නොකරන ලෙස නීතිපති දෙපාර්තමෙන්තුව, විමර්ෂණ කටයුතු භාර ආයතනයන්ට දැනුම්දී තිබේ.මේ හමුවේ ඉතාම පැහැදිලි සාක්කි සොයාගැනීමට සිදුව තිබෙන නිසා විමර්ෂණ කටයුතු වල ප‍්‍රමාදයක් ඇතිව තිබෙන බව එම කටයුතු භාර නිලධරයෝ ජනපතිවරයාට දැනුම්දී ඇත.එමෙන්ම රජයේ ඇතැම් දේශපාලඥයින්ගේ වුවමනාව මත අත්අඩංගුවට ගැනීම් ප‍්‍රමාද කිරීමට සිදුව තිබෙන බවද ඔවුන් කියා තිබේ.මෙම පුද්ගලයින්ට නැගී තිබෙන්නේ සුළු චෝදනා නොවන බවත්, මහා පරිමාන මුදල් ගනුදෙනු වලට ඔවුන් හවුල්වී තිබෙන බවත් එක් නිලධරයෙක් සන්ඬේ ටයිම්ස් හා පැවසුවෙ

මේ අතර අත්අඩංගුවට ගත නොහැකි පුද්ගල කොට්ටාශ කිහිපයක්ද නම් කර තිබීම විමර්ෂණ කටයුතු වල ඉදිරි ගමනට බාධා පමුනුවා තිබේ.විශ‍්‍රාමික මෙන්ම දැනට සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධරයින්, ආරක්ෂක අංශ සාමාජිකයින්, මෙන්ම පූජ්‍ය පක්ෂයේ සාමාජිකයින් අත්අඩංගුවට ගත නොහැකිය.එක්තරා විමර්ෂණ ආයතනයක් පවසන ආකාරයට මෙම කොට්ටාශයකට අයත් වන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට බලවත් පුද්ගලයකුගේ අවසරයද ලැබී තිබියදී, රජයම එම කොට්ටාශයට අදාළ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීම නිසා එම පුද්ගලයා ගැන තොරතුරු ඇතුළත් ලිපි ගොනුව තවමත් තිබෙන්නේ ආයතන කාර්යාලයේමය‍ෙ

විපක්ෂයේ බලපෑමෙන් දෙපිළ බෙදෙමින් සිටි රජයක් එක්සත් වී ඇතත්, ඇතැම් කරුණු සම්බන්ධයෙන් තවමත් දෙපාර්ශවය අතර පැහැදිලි වෙනසක් දැකිය හැකිය.එයින් එකක් වන්නේ සියයට 11 සිට සියයට 15 ක් දක්වා වැට් බද්ද සංශෝධනය කිරීමයි.මෙම යෝජනාවට විරුද්ධව ඡුන්දය ප‍්‍රකාශ කරන බවට දැනටමත් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරු පිරිසක් අනතුරු අගවා ඇත.විවාදය මෙම මස පැවැත්වීමට නියමිතව තිබුණද එය දැනට ඇත්තේ කල් දමාය.ෙ

වැට් බදු සංශෝධනය අරබයා පාර්ලිමෙන්තුවට ඉදිරිපත් කිරීමට යන පණතෙහි නීත්‍යානුකූල භාවය අභියෝගයට ලක්කර ඇති පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග වෙමින් පවතී.පෙර අවස්ථාවකදී පාර්ලිමෙන්තුවේ සම්මත කරගැනීමකින් තොරව සංශෝධීත බදු කි‍්‍රයාත්මක කිරීම නීති විරෝධීයැයි පවසා, ඉහළ දමා තිබූ වැට් බද්ද නැවත පැරණි අගයටම ගෙන ඒමට නියෝග කළේද ශ්‍රේෂ්ඨාධිකරණයයි.මේ හමුවේ පෙර සඳහන් කළ පෙත්සමෙන් නගා තිබෙන තර්කය වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය නීති විරෝධී යැයි තීරණය කළ වැට් බදු ඉහළ දැමීම, පණතක් ආධාරයෙන් නීත්‍යානුකූල කිරීමට තැත් කිරීම නීති විරෝධී විය යුතු නොවන්නේද යන්නයි.මේ අනුව පණත පාර්ලිමෙන්තුවේ විවාදයට ගැනීම හෝ නොගැනීම තීරණය වන්නේ ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව මතය.පණත විවාදයට ගැනීමට අවසරය ලැබුණහොත් දැනට තිබෙන 11 සිට 15 වැඩිවීම නොව නොව වෙනත් වැට් බදු සංශෝධනයක් ඒ ඔස්සේ පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වන ලකුණු ඇත.මෙවන් නව සංශෝධනයක් හඳුන්වාදීමට අවධානය යොමුව තිබෙන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්තී‍්‍ර පිරිසක් ජනපති සිරිසේන හා සමග සිදුකළ සාකච්ඡාවක ප‍්‍රතිඵලයක් ලෙස බව රජයේ ආරංචි මාර්ගයක් පැවසුවේය.

වැට් බද්දට අමතරව රටේ ආර්ථිකය හා සම්බන්ධ බරපතල ගැටලූ වලට පිළියම් සෙවීමටද රජයට සිදුව ඇත.එහි බර පැටවී තිබෙන්නේ ජාතික ප‍්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු පිළිබද ඇමැතිවරයා ලෙසද කටයුතු කරන අගමැති රනිල් වික‍්‍රමසිංහටය.පසුගිය රජයේ නොමනා කලමණාකරණ කටයුතු නිසා රට මුහුණදී සිටින ව්‍යසනයන්ට ගත යුතු පියවර සොයාබැලීමටද සිදුව ඇත්තේ ඔහුය.එයින් එකක් වන්නේ හෙජින් ගිවිසුම සම්බන්ධ සිදුවීමය.2007 වසරේදී ශී‍්‍ර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විවිධ දේශිය සහ විදේශීය බැංකු ගණනාවක් සමග මෙම ගිවිසුමට එළැඹිණ.එහි අරමුණ වූයේ තෙල් මිල ඉහළයෑම නිසා ඇතිවිය හැකි ප‍්‍රතිවිපායකයන්ගෙන් රටේ ආර්ථිකය ආරක්ෂා කරගැනීමය.මෙම සමයේ ඇත්තෙන්ම තෙල් මිල ඉහළ යමින් තිබූ අතර ගිවිසුම නිසා සැළකිය යුතු වාසික්ද රටට අත්විණ.නමුත් හදිසියේම තෙල් මිල පහත බැසීමට පටන් ගත් අතර එයින් ඛනිජ තෙල් සංස්ථාවට අති විශාල අලාභ සිදුවන්නට ගත්තේය.මේ අරබයා ඉදිරිපත්වූ පෙත්සමත් සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය හෙජින් ගිවිසුම හා සම්බන්ධ බැංකු වලට ඛනිජ තෙල් සංස්ථාවෙන් ගෙවීම් සිදුකරන ගෙවීම් තාවකාලිකව අත්හිටුවන ලෙසට නියෝගයක් නිකුත් කළේය.මෙයත් සමග හෙජින් ගිවිසුම හා සම්බන්ධව සිටි ඩොචේබැංකුව (ජර්මන්) ආයෝජන අනවබෝධතා නිරාකරණය කරගැනීමේ අන්තර්ජාතික මධ්‍යස්ථානය හමුවේ ශී‍්‍ර ලංකා රජයට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.මෙය සිදුවූයේ 2009 මාර්තු මාසයේදීය.

අනතුරුව පැවැති විභාගයෙන් පසුව ඩොචේ බැංකුවට රුපියල් බිලියන 11.3 ක මුදලක් ගෙවීමට නියම විය.මෙම මුදල සම්බන්ධයෙන් සහනයකට එළැඹීමට විදෙස් විනිසුරුවරුන්ද යොදාගනිමින් 2012 වසරේ සිටම එවක රජය උත්සාහ කළේය.නව රජයද මැදිහත්වීමෙන් පසු දැන් රුපියල් බිලියන 4 ක් ගෙවීමට ඩොචේ බැංකුව හා එකගතාවක් ඇතිව තිබේ.ශී‍්‍ර ලංකා රජයට හා මහ බැංකුවට එරෙහිව නගා තිබූ චෝදනා සියල්ලක්ම ඉල්ලා අස්කරගැනීමටද එම බැංකුව එකගවී ඇත.

හෙජිං ගනුදෙනුව සහ ඒ හා බැදී තිබෙන අති විශාල මුදල් නාස්තිය පිළිබද විමර්ෂණ කටයුතු තවමත් අවසන්ව නොමැත.ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව සමග ඇතිකරගත් හෙජිං ගිවිසුම නිසා රුපියල් බිලියන 7.5 ක මුදල් අවසානයේ එම බැංකුවට ගෙනීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සිදුවිය.සංස්ථාව සමග හෙජිං ගිවිසුමක් පවත්වාගෙන ගිය ‘සිටි‘ බැංකුවට මුදල් ලබාගැනීමට නොහැකිවූ අතර ඒ සම්බන්ධයෙන් එම බැංකුවේ බලධරයින් ඉදිරිපත් කළ ඉල්ලීම ප‍්‍රතික්ෂේප වීම ඊට හේතුව විය.

නැවත පදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇත.පසුගිය සතියේ අනාවරණය කෙරුණු පරිදි මේ සදහා විශේෂ කාර්ය බලකායක් පත්කර තිබෙන අතර එහි සභාපතිවරයා ලෙස නම් කර සිටියේ අමාත්‍ය රිෂාද් බදුර්ධීන් මහතාය.නමුත් ජනපති සිරිසේනගේ නියමයෙන් මෙම කාර්ය බලකායට වෙනස්කම් කිහිපයක් සිදුකර තිබෙන අතර දැන් එහි බලතල බදුර්ධීන් ඇතුලූව, සම සභාපතිවරුන් සිව්දෙනෙක් අතර බෙදාහැර තිබේ.දුමින්ද දිසානායක, ෆයිසර් මුස්තාපා, සහ ඩී.එම්.සුමන්තිරන් යනු අනෙක් සම සභාපතිවරු තිදෙනාය.

උතුරු පළාතේ සිංහල ගම්මාන පිහිටුවීම, දිස්ති‍්‍රක් මායිම්හි පිහිටා තිබෙන යුද සමයේ තර්ජනයට ලක්වූ නමුත් රාජ්‍ය නොවන සංවිධානයක හෝ දානපතීන්ගේ හෝ රජයේ නැවත පදිංචිකිරීමේ වැඩසටහන් වල හෝ අවධානය ලක්ව නොමැති ගම්මාන හඳුනාගැනීම, එක්සත් ජාතීන්ගේ ‘හැබිටැට්‘ කාර්යාලය යටතේ අගමැතිවරයාගේ නිර්දේශයෙන් කි‍්‍රයාත්මක වීමට යෝජිත වැඩසටහනකට ති‍්‍රකුණාමලය දිස්ති‍්‍රක්කයද ඇතුළත් කිරීම යන කාර්යයන් මෙම කාර්ය බලකායට පැවරී ඇත.

එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ඉදිරි වසර කිහිපයද එක්ව කටයුතු කිරීමට තීරණය කිරීම අගය කළ යුත්තකි.නමුත් ගමන පහසු නොවනු ඇති බව නම් සහතිකය.කරදර එකක් පසු පස එකක් නැගෙනු ඇත.සියල්ල පොදු මතයක පිහිටා විසදා ගත හැකි බවට කෙනෙකුට තර්කයක් ඉදිරිපත් කළ හැකිය.එය සත්‍යයකි.නමුත් මහින්ද රාජපක්ෂ ප‍්‍රමුඛ විපක්ෂයත්, රාජපක්ෂ හිතවාදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ සාමාජිකයිනුත් දැන් ජනතාව අතරට ගෙනයමින් සිටින පණිවුඩය වන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ක‍්‍රමයෙන් එක්සත් ජාතික පක්ෂය යටතට පත්වෙමින් සිටින බවය.ගැටලූ නිරාකරණය කරගැනීමට කමිටුවක් පත් කිරීමට රජය කටයුතු කර තිබීම සාධනීය වුවත්, සමස්තය සැළකීමේදී එය විසඳුමක් කරා යන ගමනේ තබා ඇති කුඩා පියවරක් පමණකි.විපක්ෂයේ ගතු කීම් හමුවේ ක‍්‍රමයෙන් නොසන්සුන්තාවට සහ කැළඹීමට පත්වෙමින් සිටින ජනතාව සන්සුන් කිරීමට නම් කමිටු පිහිටුවීමකට වඩා ඉහළ පියවරකට යාමට රජය කටයුතු කළ යුතුමය.එවැනක් සිදුනොවුණහොත් රජයට මෙන්ම රජය පත්කළ ජනතාවටද කිසිදු ප‍්‍රතිලාභයක් අත්වන්නේ නැත



අදහස් (0)

අලි - අත් දීගෙට ඉඩ

දීපාල් නිරෝෂ් Monday, 25 July 2016 03:43 AM

මොන දීගෙක ගියත් කමක් නැහැ, මේ රටේ ආරක්ෂාවට දැනට ඉතුරුවෙලා තියන විපක්ෂය දියකරන්නේ නැතුව. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 62 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 237 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 78 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 50 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 226 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site