IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අලි ඉල්ලා පොල් ගසති

නඩුවලට සම්බන්ධ අලි ඇතුන් ද නොමැතිව පෙරහර කිරීමට නොහැකි හෙයින් ඔවුන් මුදා හැරීමට පාලකයින්ට සිත් පහළවේවායි කියමින් පිරිසක් අද (8) සීනිගම දේවාලයේදී පොල් ගැසූහ.

සිංහල රාවයේ මහලේකම් හා හීලෑ අලි ඇතුන් සුරැකීමේ සංගමයේ සභාපති මාගල්කන්දේ සුදන්ත හිමියෝ ද ඇත්ගොව්වෝ 50-60ක් පමණ ද ඊට එක්වූහ.

අලි හිඟතාවය නිසා කතරගම දේවාල පෙරහර පමණක් නොව අනික් දේවාලවල නිලමේවරුන්ද පෙරහැර නොකිරිමට එකඟතාවය පළ කර ඇති බවත් දළඳා මාලිගාවට ඇත් පංතියක් ඇති මුත් දේවාල සදහා ඇත් පංතියක් නොමැති  බවත් එසේ අලින් නොමැති වුවහොත් දළඳා පෙරහරේ ගමන් කරන දේවාල පෙරහරවල් පවත්වන්නට හැකියාවක් නොමැති බවත්  සමස්ත ලංකා බස්නායක නිලමේවරුන්ගේ සංගමයේ සභාපති හා මහනුවර ශ්‍රි  කතරගම දේවාලයේ බස්නායක නිලමේ ගැමුණු තිලක බණ්ඩාර වලිසුන්දර මහතා පවසයි.

ප්‍රශ්නය _ වනජීවී අමාත්‍යවරයා කිවුව නේද ‍අලින් 147 ක් පමණ ඉන්නවා. පෙරහරට අලින් ඊට අඩුව සහභාගි වෙන්නෙ කියලා.

 පිළිතුර _ එයාට ඉන්නව ඇති අලි 147 ක් වනජීවී අමාත්‍යවරයා කොහෙද අලි ගැන දන්නේ. එයා වයඹ මහ ඇමැති කාලෙ වයඹ අලි අල්ලන්නත් ගියා.අලි 147 ඉන්නවනම් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න කියන්න ඇමැතිවරයාට. දැන් අවුරුදු 3 කින් වනඡිවී දෙපාර්තුමේන්තුවෙන් අලි ලියාපදිංචි කරල නෑ. එතකොට ඇමැති කොහොමද දන්නෙ අලි 147 ක් ඉන්නවා කියලා

ප්‍රශ්නය - වනජීවී භාරයට ගත්ත අලි  නැවත අයිතිකරුවන් හැටියට පෙනී ඉන්න අයට දෙන්න කියලද කියන්නේ?

පිළිතුර - අපි රජයෙන් ඉල්ලා සිටින්නෙ කොහෙන් හෝ පෙරහර කිරිමට අලි දෙන්න කියලා. යම් ක්‍රමවේදයකට කොන්දේසි මත මහනුවර ශ්‍රි දලදා මාලිගා පෙරහර හා සතර මහා දේවාල හා විහාරගම් දේවාලගම් පනතෙන් පාලනය වන සියලුම දේවාලවල් වලට සහභාගි කරවන දැඩි කොන්දේසිය  මත අලින් දෙන්න ඕන. පෙරහරට ආව කියල බස්නායක නිලමෙවරු සහතික කරන්න ඕන. 

410 412 414 pol68

ඡායාරූප - දේමුණි සම්පත්

GNAGA-1-30-08-2015-DALADA G-WENATH-30-08-2015-DALDA L-BASNE

ඡායාරූප - චමිල් රූපසිංහ



අදහස් (0)

අලි ඉල්ලා පොල් ගසති

බන්දුල Thursday, 09 June 2016 12:57 AM

ඊළඟට භූමි කම්පාවක්ද දන්නෙ නැහැ ඕනෑවෙලා තියෙන්නේ? (නි)

:       0       0

සුමුදු Thursday, 09 June 2016 01:25 AM

බුදු බණට අනුව සතුන් බැඳ තබාගැනීම හරිද? (නි)

:       1       0

උදිත් Wednesday, 08 June 2016 12:07 PM

දෙයියන්ට ඕවා කියලා වැඩක් නැහැ. මොකද දේවාලයේ පින් කැටේත් කඩාගෙන ගියානේ (නි)

:       0       0

රවීන් Thursday, 09 June 2016 02:12 AM

හොර අලි වගේ පොලුත් හොර පොල්ද දන්නේ නැහැනේ? (නි)

:       0       0

කමනි Wednesday, 08 June 2016 12:21 PM

බෞද්ධ සම්ප්‍රදායන් සුරැකීමට බුදු දහමට තරයේ විරුද්ධදේම කරන බෞද්ධයෝ ඉන්න රටක්! (නි)

:       0       0

දේවි Wednesday, 08 June 2016 12:21 PM

බණ අහනකොට නිතරම අපට අසන්ට ලැබෙනවා සියල්ල අතහරින්න කියා අපේ හාමුදුරුවරු දේශනා කරනවා.දැන් බලාගෙන ගියහම හාමුදුරුවරුන්ට අපිට තරම්වත් අතහැරීම කරන්න බැහැනේ මේ අලි ප්‍රශ්නෙට මෙයාකාර දඟලන්නේ.පෙරහර වලට අලි ඇතුන් එක්කළා කියල සසර කෙටිකර ගන්න කුසල් ලැබෙනවද. (බ)

:       0       0

ශ්‍රීමාලි Wednesday, 08 June 2016 12:50 PM

මම දන්නා හැටියට මේ නඩු වල අලි ඔක්කොම පොඩි අලි පැටව්. අලි පැටව්ද පෙරහැරවල් වල යන්නේ? මේක තනිකරම අලි සංදර්ශනයක් (නි)

:       0       0

උපාලි Wednesday, 08 June 2016 01:11 PM

දේවි ඔබ හරි. (ර)

:       0       0

රත්න Wednesday, 08 June 2016 01:20 PM

චතුරි, මන් හිතන්නේ ඔයා ලංකාවේ කෙනෙක් නෙමෙයි කියලා. ඒකට හේතුව ඔයා වගේ සත්‍ය තේරුම් අරගෙන, ඇත්ත කතා කරන අය මම මීට පෙර දැකලා නැති නිසා. (ර)

:       0       0

බස්නායක පේරාදෙණිය. Wednesday, 08 June 2016 01:56 PM

දේවි, මේ ගරුතර ස්වාමීන්වහන්සේලා දේශනා කරන්නේ ඇලීම්,ගැටීම් සම්බන්ධ අත හැරීම පිළිබඳවයි..මේ ඉදිරිපත්වෙලා ඉන්න හාමුදුරුවෝ අලියට ගෙනාපු කෙක්ක අතහැරලානේ, ඒකයි මේ ඇත්ගොව්වෝ තරහින් පොල්ගහන්නේ. ඒගොල්ලොත් අලියට කෙක්ක ගෙනත් නෑ, වගේ. පව් නේද? අනිත්‍යය මේකයි (බ)

:       0       0

රාධා Wednesday, 08 June 2016 02:07 PM

අලි පැටව් දම්වැල් දාලා ගෙනියන්ඩද පොල් ගහන්නේ. ? මේ හොර අලි ටිකද ද පෙරහැර කරවන්නේ ? මෙතෙක් කල් පෙරහරට සහභාගී කළ අලි විස්තර පරණ පින්තුර වලින් බලමුද? (බ)

:       0       0

චතුරි Wednesday, 08 June 2016 10:19 AM

වැස්ස ඉල්ලුවා කළගෙඩි නට නටා. අන්තිමටදුන්නා උන් හිටි තැන් සමඟ ජිවිත නැති වෙන්නම. පොල් ගැසුවා රට පෙරළන්න. ගිනි ජාලාවකින් අවසන් වුණා. දැන් අලි ඉල්ලා පොල් ගසනවා. මේක ඉවර වෙන්නේ අලි කුලප්පු වෙලා දුවන්න ගත්තහම තමයි (නි)

:       0       0

මිනිපෙ Wednesday, 08 June 2016 04:16 PM

දාන්න අලියාගේ කකුලට දම්වැල්, ඒ සතාගේ ජීවිතය පුරාම ගසක බැදලා, දෙන්න පොල්කොළ කන්න. (ර)

:       0       0

හේවාවිතාරණ Wednesday, 08 June 2016 10:31 AM

සිංහල රජ දවස සිට පැවත එන පෙරහැර වලටත් කෙළවෙන්න යන්නේ (ම)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 08 June 2016 10:38 AM

මේ පොල් ගහන කට්ටියට අමතක වෙච්චි එක දෙයක් තියෙනවා , මේ පොල් ගහන්නේ මහා ජනතාවට කියල මොකද රජය කියන්නේ මහජනතාව සර්වජන ඡන්දෙන් පත් කරගත්ත නිසා (ම)

:       0       0

මිලින්ද Thursday, 09 June 2016 11:38 PM

අපේ ලංකාවේ මිනිසුන්ට අලින්ගෙන් තොර ලෝකයක් නැහැ වගෙයි (නි)

:       0       0

සිරි Wednesday, 08 June 2016 08:00 PM

පාලකයින්ගේ සිත් සතන් පහළවේවා කියා ඉල්ලුවට, එයාලට සිතක් නැත්නම් මොකද කරන්නේ? (නි)

:       0       0

වසන්ජය Thursday, 09 June 2016 06:25 AM

මමත් සීනිගම ගිහින් පොල් ගහනවා. ඒ යම් කාරණා ඉටුකර ගැනීමට පොල් ගැසීමෙන් හැකිය කියන මතයෙන් අපේ රටේ ජන සමාජය මුදවා දෙන්න දෙවියනේ කියලා (නි)

:       0       0

ධර්ම Wednesday, 08 June 2016 08:58 PM

අලි අරගෙන උන්ට වද දිදී පෙරහර පවත්වන්න කියලා නම් හාමුදුරුවෝ කියලා නැත. ඒ වුණාට අපේ හාමුදුරුවරුන්ට අලි ඕනෑමයි. අවිහිංසාව උතුම් දෙයක් වුණාට ඒවාට උත්තරත් හාමුදුරුවරුන්ට ඇති. (නි)

:       0       0

ගුණේ Wednesday, 08 June 2016 09:07 PM

පින්වතුනි, හරි පුදුමයි. අද බෞද්ධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ අනුදැන වදාළ දේ පිළිපදිනවාද? මහනායක හිමිවරුවත් හඬගා කියන්නකෝ වැරදි දේ නවත්වන්න කියලා. (නි)

:       0       0

ලංකා Wednesday, 08 June 2016 09:41 PM

හාමුදුරුවරු පොල්ගහන්න යනවා ශාප කරන්න. අනේ බුද්ධාගමට ගිය කල! හාමුදුරුවන්ට තියෙන්නේ බෞද්ධයන් යහමඟ හරින්න උපදෙස් දෙන්න. (නි)

:       0       0

ශාන සෞදි Wednesday, 08 June 2016 11:08 AM

දැන් රක්ෂිත අවට ජනතාවට පරිස්සමින් ඉන්න කියන්න අලි කුලප්පු වෙලා දුවන්න ගත්තහම මුන්ට විතරක් නෙවේ දෙයියන්ටත් පනින්න වෙන්නේ මුදේ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 2 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 157 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 291 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 812 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 278 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 553 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25452 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 345 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site