IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අලි කතාවේ අල කතා

2016-09-15-ent-42

2016-09-15-ent-41සුනිල් සර්.... කවුරැත් වගේ දන්න මහාචාර්ය සුනිල් ආරියරත්න දවසම හරි ඉඳලා යන්න වරෙල්ලා ගෙදරට කියලා කට්ටටියකට ආරාධනාත්මක ලියුම් එවලා තිබ්බේ බොල්ගොඩ ගඟ මායිම් වෙන්න පිහිටි සුන්දර ගෙවත්තේ අසිරිය බලාපල්ලා ඒ අසිරිය විඳගන්න ගමන් තෙලට මිරිසට සාරසුබාවට සප්පායම් වෙලත් පලයල්ලා කියන අරමුණින්ම නෙවෙයි.

සුනිල් සර් අතගැසුව අලි කතාව ගැන දෙසාබාන්නට තිබ්බ වුවමනාවත් ආරාධනාව පිටිපස්සේ හේතු ප්‍රස්තුත විදිහට ඇමිනිලා තිබුණා. ලෙටීෂියා බොතේජු ලියූ අනුෂ සහ රජ කුමරැ යොවුන් නවකතාවෙන් හදපු සුනිල් සර්ගේ ඊළඟ අලි පිම්ම තමා අලි කතාව. සුනිල් සර්ගේ ඊළඟ චිත්‍රපට කෙරිල්ල, අලි කතාව කරන්න ගිහින් ෙවච්චි අලිකලංචියක් වෙච්ච අලකලංචිය ගැන තමා අපි රත්තරන් අව් රැල්ලේ රුස්කකා අහන් උන්නේ. අලින්ටත් සෙනසුරැ ලබපු, අලි අයිතිකාරයින්ටත් සෙනසුරැ ඒරාෂ්ඨකෙයි ජන්ම ඒරාෂ්ඨකෙයි දෙකම ලබලා ඒරාෂ්ඨකය ඩබල් වෙලා තිබ්බ අලි කරදර කාලෙක අලි කතාවේ අලි පුංචා හින්දා සුනිල් සර්ටත් අලි කරදර ගොඩාක් වුණාලු. ලංකාවේ අලියන්ගෙයි අලි අයිතිකාරයන්ගෙයි අපල ගෙවෙනකම් බලා ඉන්ෙන ගියොත් අලි කතාව අල කතාවක් වෙයි කියලා හිතුව සුනිල් සර් අන්තිමට අලි කතාවට අලි පැටියෙක් ගේන්න තායිලන්තයේ චොක් චායි ඇත්හලටම ගියාලු.

ඔන්න ඔහොම ගිය කතාවේ තව කතා ගොඩයි. කොහොම වුණත් අලි කතා අලි කලංචි මැද්දේ අලි වැඩ අලවෙද්දී, අලවෙලා දෙල්වෙද්දී සුනිල් සර් හීන් නූලෙන් තවත් අලි පිටපතක් ලිව්වා වෙන අතකට යන්න ගිය මිලියන එකසිය පනහක් අලි කතාවේ වැඩේට ඇද ගන්න. ඒ තිරපිටපතත් අති සාර්ථක වුණා. මහරජ ගැමුණු හදපු ගුණපාල මලලසේකර (සිෆ්වින් ෆිල්ම්ස්) අන්තිමට මිලියන එකසිය පනහක් අරන් සුනිල් සර් ළඟට ආවේ අර කීව පිටපතේ අති සාර්ථකත්වය හින්දා. මේ ඔක්කොම අස්සේ මරණයට නියම වෙච්චි හරක් පැටියෙක් නිදහස් කරලත් සුනිල් සර් ලොකු පිංකමක් කරගත්තා. ලැටීෂියා බොතේජුගේ පොත වෙනුවෙන් සල්ලි එපා කීව ඇගේ උතුම් හිතක් තිබූ පුතණ්ඩියා අම්මා වෙනුවෙන් මෙහෙම පිනක් කරන්න කීව ඉල්ලීම අනුව නන්දා මාලිනියි තව දෙන්නෙක් හරක් නිදහස් කරන්න එකතු කරපු කැට තුනකින් දුන්න සල්ලිත් දාලා තමා මේ හරක් පැටියා නිදහස් කරලා තියෙන්නේ.

චන්දන වික්‍රමසිංහගේ අලංකාරයත් එක්ක විනයක් තිබෙන නැටුම් කලාවෙන් විචිත්‍රවත් වෙච්ච චන්න දේශප්‍රියගේ අමුතු ඇහැක් ඇති තෙවැනි ඇසින් දසුන් මැවුණු අලි කතාවේ කට්ටිය ගොඩයි. රවින්ද්‍ර රන්දෙණිය, ගිරිරාජ් කෞෂල්‍ය, කුමාර තිරිමාදුර, රොඩ්නි වර්ණකුල මෙන්න මේ වගේ සිනමාවේ අලි චරිත අලි කතාවට පණදුන්නා. හැබැයි අලි කතාවේ ලොක්කා ඒ කියන්නේ Main Character කරන්නේ මේ කවුරැත් නෙවෙයි රාජු. රාජු කියන සද්දන්ත කුලේ අලි පුංචා.

අලි කතාව ගැන මීට වඩා කතා කියන්න කල් වැඩියි. මොකද අලි කතාව අපේ ඇස් ඉස්සරහට එන්න තව කල් තියනවාලු. ඒ කල් ළංවෙද්දී අපි ආයෙත් අලි කතාව ගැන කතා කරමු. නැත්තම් අලි කතාව අලි රසයක් වෙනුවට අලි වාතයක් වෙන්න පුළුවන්.

 

සේයාරෑ / සුමුදු

 

2016-09-15-ent-46
2016-09-15-ent-44
2016-09-15-ent-43
 



අදහස් (0)

අලි කතාවේ අල කතා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 63 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 574 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 54 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 555 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 272 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 793 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39479 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25723 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 356 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1173 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 398 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site