(රෝෂන් තුෂාර)
අල් කයිඩා ත්‍රස්ත සංවිධානය පෝෂණය කිරීම සඳහා ආධාර අනුබල ලබා දී දැනට විදේශගතව සිටිනවා යැයි කියන සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් ඉංග්‍රීසි භාෂාවෙන් රතු වරෙන්තුවක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා අද (26)නියෝග කළේය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය කළ ඉල්ලීමක් අනුව මෙම රතු වරෙන්තු නිකුත් කළේය.
මෙසේ රතු වරෙන්තු නිකුත් කරන ලද්දේ කල්එළිය,කලගෙඩි හේන වල ප්‍රදේශවල පදිංචිව සිට දැනට ඕස්ට්‍රේලියාව හා සිරියාවේ පදිංචි යැයි කියන පිය පුතු දෙපළට සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුටය.
ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ඨාසය මගින් 2021 වසරේදී සැකකරුවන් දාසය දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර එම සැකකරුවන් අතරින් සිව් දෙනෙකුට මෙසේ රතු වරෙන්තු නිකුත් කළේය.
මෙම පැමිණිල්ලට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ තවත් සැකකරුවන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා කටයුතු කර ඇති අතර එම නඩුව මේ වන විට විභාග වෙමින් පවතී.
නඩුවේ පළමු, දෙවන ,නම වන සැකකරු හා දාසය වෙන සැකකරු මෙසේ විදේශගතව ඇති බවට දිවුරුම් පෙස්සමක් අධිකරණයට ඉදිරිපත් කරමින් සාක්ෂි දුන් විමර්ශන නිලධාරියා සඳහන් කර සිටියේය.
මෙසේ රතු වරෙන්තු නිකුත් වූයේ ඕස්ට්‍රේලියාවේ පදිංචි යැයි කියන අහමඩ් කලිල් ලුක්මාන් තලීබ්,අහමන් ලුක්මාන්ඩ් හලීන්,අබ්දුල් බාහින් මොහොමඩ් ලෙබ්බේ සහ මොහොමඩ්පාහීර් රිපන් නමැති පුද්ගලයින් සිව්දෙනාටය.
අන්තවාදී හා ත්‍රස්තවාදී ක්‍රියා ප්‍රවර්ධනයට ආධාර අනුබල දෙමින්ත්‍රස්තවාදී සංවිධානයක් ප්‍රවර්ධනය කිරීම සඳහා සහයෝගය දැක්වීමට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබිණි.
සැකකරුවන් දැනට විදේශගතව ඇති බවට ඔවුන්ගේ පදිංචි ලිපිනයන් හා විස්තර ඇතුළත්ව සාක්ෂිය ලබාදීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම රතු වරෙන්තුව ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන ලෙසට නියෝග කළේය.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අල් කයිඩා ත්‍රස්තයන්ට උදවු දුන් 4කට රතු වරෙන්තු