IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අල ගෝනියටත් ජාතික කොඩිය

පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩවල ව්‍යාපාරික ඩී ජී පියසේන මහතා කියයි.

මේ අල ගෝනි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තොග කඩයකින් මිලට ගත් බව ඔහු පවසයි.

 



අදහස් (0)

අල ගෝනියටත් ජාතික කොඩිය

සරත් Tuesday, 30 April 2013 05:49 AM

පාකිස්ථානුවන් ලංකන්ස්ලට හරිම ආදරෙයි. ඒක නැති කරගන්න එපා. (නි)

:       2       0

මොහොමඩ් Tuesday, 30 April 2013 01:06 PM

මිනිස්සු එදා වේල කන්නේ කොහොමද කියලා හිතාගන්න බැරුව ඉන්න මොහොතේ දැන් ඒ ගමන අල ගෝනි ප්‍රශ්න (නි)

:       0       0

හිල්මි Tuesday, 30 April 2013 06:04 AM

ඉතින් එච්චර දෙයක් නොවේ,මේවට කලබල වෙන එක බොරු වැඩක්. (නි)

:       0       0

නිමල් - ඇමෙරිකාව Tuesday, 30 April 2013 06:11 AM

ලෝකේ අනිත් රටවල් වල නම් රජයේ අනුග්‍රහයෙන් ඔලිම්පික්ලාබීන්ගේ යට ඇදුමේත් තම රටේ ජාතික කොඩිය ගහනවා. ලංකාවේ අපි හැම නරක වැඩක්ම කරලා ජාතික කොඩියට වදිනවා (නි)

:       0       0

වරුණ Tuesday, 30 April 2013 06:54 AM

ලංකාවට එවන නිසා කොඩිය ගහන්න ඇති. අනික බුදුසරණයි කියලා ගහල තියෙන ලොරිවල හොර හරක් අදින්නේ (නි)

:       0       0

මිහිරි Tuesday, 30 April 2013 07:04 AM

අල එක්ක පකිස්ථානයෙන් අපිට ගැහැණු වඳ කරන බෙහෙතුත් එවුවනේ. එයාලා අපිට හරිම ආදරෙයි. අතපත්තු කියන කතාව සහතික ඇත්ත. (නි)

:       0       0

ෂාෆික් Tuesday, 30 April 2013 01:53 PM

මට තියෙන ප්‍රශ්නේ කොඩිය නෙමෙයි, අල පාකිස්තාන් වලින් ගෙන්වීමයි. ඇයි අපේ රටේ අල වැවෙන්නේ නැද්ද? (නි)

:       0       0

මුරුගන් Tuesday, 30 April 2013 08:12 AM

ජපානෙන් එවපු වහනේක අපේ කොඩිය ගහලා එව්වානම් කට්ටියට හරි අභිමානයක් හිතට දැනෙයි. මේක අලගොනියක් නිසා දුකයි. ආර්ථික විද්‍යාවේ මේ දෙකම නිෂ්පාදන ගානෙට වැටෙන්නේ. ඇයි මේ කුහක කම.(නදී)

:       0       0

මාලක Tuesday, 30 April 2013 08:13 AM

සේනාවේ කෘෂි විද්යාඥයෝ ඉන්නවද? මේවා ගැන පරීක්ෂණ කරලා විෂ තියනවයි කියන්නේ.(නදී)

:       0       0

නීලා Monday, 29 April 2013 06:38 PM

මේවට කලබල වෙන එක බොරු වැඩක්. බලන්න ඔලිම්පික් ගියාම ඇමරිකාවේ ජාතික කොඩිය දුවන අයගේ ඇදුමේ ගහල තියනවා. ඒවගේම හැම තරගයක්ම දිනනවා. අපේ අය පවුල් පිටින් ගිහින් කොඩියට දෙවත්වයෙන් සලකලා අපේ සල්ලිත් හොරකම් කරලා ගෙදර එනවා.(නදී)

:       0       0

පෙරේරා Tuesday, 30 April 2013 08:13 AM

ඕක මොකක්ද? නිදහස් දිනට පහුවෙනිදා පොලිතින් ජාතික කොඩි පාරවල් අයිනේ, කානු පල්ලේ කුණුගොඩවල් වල තියෙන්නේ.(නදී)

:       0       0

සුධීර Monday, 29 April 2013 06:38 PM

මොකද්ද වරද. මේක ලංකාවට එවන නිසා ගහන්න ඇති.(නදී)

:       0       0

රූපා Tuesday, 30 April 2013 08:13 AM

සේනාව දැන් ලොස් ඇන්ජලිස් වල සැප ගන්නවා. ඒකයි පෙනෙන්න නැත්තේ.(නදී)

:       0       0

අජිත් Tuesday, 30 April 2013 08:15 AM

ජනක පමණයි මෙම සිද්ධිය හරියට අවබෝධ කරගෙන තියෙන්නේ. අනිත් අයගේ නෙත් පෑදුවාට ඔබට ස්තුතියි. (නදී)

:       0       0

මනෝජ් Tuesday, 30 April 2013 02:07 PM

මම කියන්නේ ලංකාවේ ජාතික කොඩිය ගහලා අල වෙන රටවලට පකිස්ථානය අපනයනය කරනවා ඇති. මොකද පකිස්තාන් අල වලට වඩා ලංකාවේ අලවල කොලිටිය හොදයි .ලංකාවටත් වැරදිලා එවන්න ඇති. (නි)

:       0       0

පද්මා Tuesday, 30 April 2013 08:27 AM

අපේ කොඩිය ගහලා ජර්මනියෙන් හරි ජපානෙන් හරි වාහනයක් මෙහෙ එවුවොත් කට්ටියට සන්තෝෂයි. මේක අලගොනියක් නිසා කෑගහනවා. ගරුත්වය දක්වන්න ඕන කරන වැඩවලින් මිසක බොරු වන්දනා මාන වලින් නෙවේ. අල ගෙඩියත් පිටරටින් ගෙනීම නිගාවකි. කොඩිය නෙවේ.(නදී)

:       0       0

පාල Tuesday, 30 April 2013 08:40 AM

බුදුසරණයි,දෙවිපිහිටයි,ජෙසුපිහිටයි,මාශ අල්ලා කියල ගහගත්තු බස් මැරයෝ මිනි මරද්දී කටයි අනික් පැත්තයි පියන් ඉන්න කුහකයෝ මේ අල ගෝනියේ කොඩිය ගැන කෑගහන්නේ.ඇත්තටම ඔහෙලට මේ ඉරහද පායනවනේ.....(ස)

:       0       0

නිසාර් Monday, 29 April 2013 07:36 PM

පකිස්තානයෙන් ගෙනාපු අල කන්න එපා අර මොකෙක්දෝ කිව්වවගේ තුන් වතාවක් කෙලගහලා ඇති.(නදී)

:       0       0

මොහොමඩ් - බේරැවල. Tuesday, 30 April 2013 08:44 AM

පකිස්ථානයේ අයට අකුරු කියවන්න බැහැ. ඒකයි ජාතික කොඩිය මුදුණය කරන්නේ. මොකද ඔවුන් ලංකාවට විතරක්ම නෙවෙයිනේ අල පටවන්නේ. සාමාන්‍යයෙන් ජාතික කොඩියක් මුද්‍රණය කළ යුත්තේ හෝ තැබිය යුත්තේ කොහේද? කොඩියට පමණක් ආලය නොකර රටටම ආදරය කළොත් නරකද?(නදී)

:       0       0

ලලිත්-SL Monday, 29 April 2013 08:13 PM

පකිස්ථානය හිතන්න ඇති අර්තාපල් ශ්‍රී ලංකාවේ ජාතික ආහාරයක් කියල ගණන් ගන්න අප ඕකමද දැන් අපිට තියන ප්‍රශ්නය ?(අ)

:       0       0

පෙරේරා Tuesday, 30 April 2013 09:09 AM

අජිත්, ජනක, ලංකාවේ මිනිස්සු සත්භාවයෙන් ගරු කරන එක දෙයක්වත් අද තියෙනවද? (නදී)

:       0       0

නෙරා Tuesday, 30 April 2013 09:19 AM

කියව කියව ඉන්නේ නැතුව මුලින්ම ජාතික කොඩියට ගරු කරල ඉමුකො....(ස)

:       0       0

කපිල Tuesday, 30 April 2013 09:20 AM

ලයිට් බිල්ල කවද්ද ගන්නේ (ස)

:       0       0

ෂෙල්න්සියුස් Monday, 29 April 2013 08:35 PM

මේක ජාතික කොඩියේ පාට නොවේ නේ. අනිත් එක මේකේ පැත්තත් කණපිට. (නදී)

:       0       0

කුමාර් Monday, 29 April 2013 08:38 PM

අනේ මේවගේ හරක්. ඉස්සර ඇමරිකාවෙන් දීපු පිටි කිරි ඔක්කොගෙම ඇමෙරිකාවේ කොඩිය ගහල තිබුනා. වෙන වැඩ නැතිවට අදින කුණු ගොඩවල්. පාකිස්තානේ ලංකාවේ නියම මිතුරු රටක්, අමතකද යුද්දෙදි දුන්න ආධාර. හිතවත් කමට හගන්න ඇත්තේ අපේ කොඩිය.(නදී)

:       0       0

නයන Monday, 29 April 2013 08:44 PM

ඉතින් එච්චර දෙයක් නොවේ. අල මල්ලේ රට දැනගන්න ඕන නිසා පින්කාරු කරන්න ඇති. පිටරටවල ඕන තරම් කරනවා.(නදී)

:       0       0

අජිත් Tuesday, 30 April 2013 09:36 AM

පෙරේරා ඒක නිසාම තමයි අපිත් ඔය අදහස සටහන් කලේ.(ස)

:       0       0

හේරත් Monday, 29 April 2013 08:49 PM

ජාතියේ ආලයට මොකද වුණේ? ජා (නි)

:       0       0

සමිත Monday, 29 April 2013 09:02 PM

බොදු බල සේනාවට ඔන්න තියෙනවා වැඩක්. දෙන්න තියෙන්නේ අල බජ්ජන්ට හොද ගේමක්. පාකිස්තාන් අය හිතන් ඇති සිංහයෝ අල කනවා කියලා. එයාලට තිබුනේ සිංහයා නැතිව මීයෙක් දාන්න.(නදී)

:       0       0

ශාන්තලාල් Monday, 29 April 2013 09:06 PM

ලංකාවට එවන නිසා ගහන්න ඇති. අපි ඒකට ආඩම්බර වෙන්න ඕනා. ඔන්න ඉන්දියාවේ කොඩිය ගැහුවා නම් අල දෙන්න ඕනේ හරක්ට.(නදී)

:       0       0

සම්සුදීන්, Monday, 29 April 2013 09:17 PM

නිසාර් ඔයා කියපු එක හරි. 3 වතාවක් කෙල ගහලා එවලා තියෙන්නේ. (නදී)

:       0       0

ලංකා Monday, 29 April 2013 09:46 PM

කෝ මේ අපේ පොසිටිව් බණ සේනාව? (නි)

:       0       0

ජනක Monday, 29 April 2013 09:48 PM

ලංකාවේ කොච්චර මෝඩයෝ ඉන්නවද කියලා මේ ප්‍රතාචාර බලපුවහම පේනවා. ලංකාවේ කොඩිය පාවිච්චි කිරීම වැරදියි. තමන් ඉපදිච්ච රටට ගරු කරන්න ලංකාවේ මිනිස්සු මීට වැඩිය හිතන්න ඕනෑ (නි)

:       0       0

වීරසේකරගේ Monday, 29 April 2013 09:52 PM

අල....... අල කරලා නේද? (නි)

:       0       0

තුසිත් Monday, 29 April 2013 09:53 PM

ජාතිය නැති කරන බෙහෙත් එක්ක ජාතික කොඩියත් එවනවද? ඔය අල වලට මොනවා දාලා එවනවද දන්නේ නැහැ.....පරිස්සමෙන් (නි)

:       0       0

ගාමිණී සිරි Monday, 29 April 2013 10:03 PM

දඹුල්ලේ මුදලාලිලා , එලවලු විකිණූ හැටි දැක්කනේ , පහුගිය කාලයේ. ඒ වගේ අල විකිණීමත් අනාගනී වගේ (නි)

:       0       0

රජිත් ඉතාලි Monday, 29 April 2013 11:42 PM

දඹුල්ලේ එළවලු කිලෝ 50000 ක් කුණු ගොඩට. පාකිස්ථානයෙන් අල. (නි)

:       0       0

අතපත්තු Tuesday, 30 April 2013 12:42 AM

මෙතැන අදහස් දක්වා ඇති හැම කෙනාගේම අදහස් දිහා බැලුවහම පේනවා හැම කෙනාම කොයි වගේ නරියෝද කියලා. මේ අයට ඕනෑ මේ රටෙන් සිංහල ජාතිය නැති කරලා විජාතික රටක් කරන්න. බලමු. (නි)

:       0       0

සුසිල් මිලානෝ Tuesday, 30 April 2013 12:49 AM

ඇලැහැර ගොවියන්ට පාකිස්ථානෙන් ගෙනාපු අල කන්න වෙලා තියෙන්නේ ආසියාවේ ආශ්චර්ය නිසාද.? පාකිස්ථානෙට වඩා හොදට ඇලහැර අල වවන්න පුළුවන් කියලා හිතන පාලකයෝ බිහි වෙනකම් අපි අහස දිහා බලන් ඉමු. (නි)

:       0       0

ඛාන්, කුවෛට් Tuesday, 30 April 2013 01:13 AM

ලංකාවේ ගොවීන්ට අත හිත දීලා අර්තාපල් වගා නොකර ඇයි පිටරටින් ගෙන්වන්නේ?. නුවරඑලිය පළාතේ අල කොච්චර රසද? අල ගෝනි අස්සේ හෙරොයින් ගෙන්නන්න ඉඩ තියෙනවා බලාගෙන. (නි)

:       0       0

ෂෙරිෆ් Tuesday, 30 April 2013 01:29 AM

පිට රට සිරිතට දිව දික්කරනා අපේ සිංහල කළු සුද්දා, කන්ට අඳින්ටා පිට රටින් එනතුරු මුහුදට දත නියවන්නා, (නි)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 30 April 2013 01:57 AM

බුදු බල සේනාව මාස දෙකෙන් අතුරුදන්වෙලාම ගියා. කෝ දැන් ටීවී එකේවත් පේන්න නැහැනෙ (නි)

:       0       0

නුවර වැසියා Tuesday, 30 April 2013 02:29 AM

ලංකාවේ ඉන්න මිනිස්සුන්ට වෙන ප්‍රශ්න කොච්චර තියනවා ද? විදුලි බිල, ජීවන වියදම.... මේ වගේ අහිංසක මිනිස්සු පාවිච්චි කරන්න එපා බොරු ජාති ආලය පෙන්නලා ඇත්ත ප්‍රශ්න යට ගහන්න. (නි)

:       0       0

සෙන්තිල් Tuesday, 30 April 2013 02:43 AM

ඔවු සමිත,සිංහලයෝ අල කන්නෙත් නැහැ,සිංහලයෝ සිංහයොත් නෙමෙයි. මේකේ මොකක්දෝ යටිකූට්ටු වැඩක් තියෙනවා. නැත්නම් ඇයි අල නිෂ්පාදනය කරපු රටේ කොඩිය ගහන්නේ නැතුව,යවන රටේ කොඩිය ගැහුවේ? (නි)

:       0       0

දම් Tuesday, 30 April 2013 02:46 AM

හොර ඇමතිලාගේ වාහනේ ගහන්න හොද නම් කන ගෝනියේ ගහන එක ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

දුලිත Tuesday, 30 April 2013 02:47 AM

මේ වගේ කට්ටිය ඉන්නකම් රටට දෙයියන්ගේම පිහිටයි (නි)

:       0       0

රාජු Tuesday, 30 April 2013 03:15 AM

මේක මේ තරම් කලබල වෙන්න දෙයක් නෙවෙයි. මම දැකල තියෙනවා යුරෝපිය රටකදී නොයෙක් රටවල ජාතික කොඩිවලින්, සිංහ කොඩිය ඇතුළුව, මහලා තියෙන ගැහැණු යට ඇඳුම්. එම ඇඳුම් අතර එම රටේම කොඩිය යොදා මහපු යට ඇදුනුත් තිබුනා. සිංහ කොඩියට මුවාවෙලා මිනීමරණ අපිට ඕක මොකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 26 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 514 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1196 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 158 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 82 0

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


ජනපති ජුලී චන්ග් හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 823 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවෙි එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38399 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25302 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 265 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 882 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site