IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අලි තුන්දෙනා ලංකාවම ජනප්‍රිය කරයි

වොෂින්ටන් ජාතික සත්චෝද්‍යානහි දැන් ශ්‍රී ලංකාවේ අලින් තිදෙනෙකු සිටිති. එයින් දෙදෙනෙකු පොඩි කාලයේ පින්නවල අලි අනාථාගාරයේ එකට සිට පසුකලෙක ඇමෙරිකාවවෙත ගෙනයනුලැබූ අලින්ය. අනෙකා වොෂින්ටන් හිදී උපතලද පැටවෙකි. 

නමින් ශාන්ති, කන්ඩුල සහ බෝසී වන මේ අලින් තුන්දෙනා දැන් වොෂින්ටන් සත්තුවත්තේ වඩාත්ම ජනප්‍රිය සතුන් බවට පත්වී ඇත.

ඇමෙරිකාවට බෝසී ඇතින්න පින්නවල සිට ගෙනයන ලද්දේ 1976දීය. ඒවනවිට අයගේ වයස අවුරුද්දක් පිරුනා පමණකි.

ඇය කලින් කලට ඇමෙරිකාවේ සත්වෝද්‍යාන කිහිපයකම ජීවත්විය.

බොසී ඇතින්න චිත්‍ර ඇඳීමේ දක්ෂතාවයක් දක්වන බවට විශාල ප්‍රසිද්ධියක්ද ලබා ගෙනසිටී. අයගේ මේ දක්ෂතාවය පිළිබඳව ප්‍රවෘත්ති වාර්තා ඇමෙරිකාවේ ප්‍රධානපෙලේ පුවත්පත්, සඟරා සහ රුපවාහිනී මාධ්‍ය ඔස්සේ නිතර දෙවේලේ ප්‍රචාරයවෙයි. මේ හේතුවෙන් ඇය "අද්විතීය කුසලතා ඇති ඇතින්නක" ලෙසටද නමක් ඇතිකර ගැනීමට සමත්ව සිටී.

දැනටතිස්අටවන වියේ පසුවන ඇය වොෂින්ටන් සත්තුවත්තට මාරුකරන ලද්දේ එහික්‍රියාත්මකවන සත්ව ප්‍රති ජනන වැඩපිළිවෙල සඳහා සහාය කර ගැනීම උදෙසා බව සත්වෝද්‍යානය මඟින් නිකුත්කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

වොෂින්ටන් සත්තුවත්තේ ඉන්නා ශාන්ති ඇතින්න බොසී සමඟ පින්නවල එකට සිටි ඇතින්නකි. ශාන්ති ඉපදී ඇත්තේද 1975 දීය. ශ්‍රීලංකාවේ දරු දැරියන්ගේ තෑග්ගක් ලෙස ශාන්ති අලිපැටවා වොෂින්ටන් සත්තු වත්තට ලබාදුන්නේ 1976දීය. 2001 නොවැම්බර් 21 වනදා වොෂින්ටන් ජාතික සත්තු වත්තේදී ඇයටලැබුන අලිපැටවා නම්කරන ලද්දේ කණ්ඩුල ලෙසිනි.

මේ අලින්ට අමතරව ඉන්දියාවෙන් ලබාගත් දැනට වයස අවුරුදු 65ක් වන අම්බිකා නම්වූ වියපත් ඇතින්නක්ද වොෂින්ටන් සත්තු වත්තේ සිටී.

මේ අලින්හට එක රංචුවක් ලෙස සිටීමේ පහසුව බලාපොරොත්තුවෙන් වොෂින්ටන් සත්තුවත්තේ ඩොලර් මිලියන 56ක් වැයකරමින් නවතම අලි ගාලක් නිර්මාණය කර ඇත. අලින්හට ඇවිද යාමට ඉඩ ලබාදෙමින් විශාල බිම්ප්‍රමාණයක නිර්මාණය කර ඇති එම කුටියේ වැට කඩොලු තනා නැත. ඒ වෙනුවට දියඅගල් නිර්මාණය කර ඇත.

මේ පිළිබඳව අදහස් දක්වන සත්තුවත්තේ පශුවෛද්‍ය දොන් මුවර් කියන්නේ "අපගේ අලින් රංචුවක් ලෙස ඉඩ පහඩු ඇතිව එකට ඉන්නට සැලැස්වීම අපගේ බලාපොරොත්තුවයි. එකිනෙකා සමඟ සමීප සම්බන්ධතාවයක් ඇතිකර ගැනීම අලින්අතර ඇති සුවිසේශී භෞතිකගුණාංගයක්. හොඳ මතකයක් ඇති නිසා ශාන්ති සහ බොසී ට ශ්‍රී ලංකාවේ දී එකටසිටි කාලය ගැන මතක්වේවි කියා අපි තුල විශාල බලාපොරොත්තුවක් තියෙනවා. එසේවුවහොත් ඔවුන්ගේ එකමුතුකම ස්ථිරවීමට එය විශාල උපකාරයක් වේවි." කියාය.

"කොහොමනමුත් විශාල ඉඩප්‍රමාණයක් ඇති මෙවන් පරිසරයක අලි හතරදෙනෙකු නිදැල්ලේසිටිනු දැකීම අපගේ සත්තු වත්ත නැරඹීමට පැමිණෙන හැමදෙනාටම අමතක නොවනඅත්දැකීමක් වන බවනම් නිසැක වශයෙන්ම කිවහැකි" බවද  ඔහු කීවේය.

අලුතින්නිර්මාණයකරන ලද අලිගාල සකස්කිරීමේදී වඩාත්ම සැලකිලිමත්වුයේ සතුන්දැකබලාගැනීමට පැමිණෙන මහජනතාවගේ සැප පහසුවට වඩා සතුන්ට හැකිතරම් ඉඩකඩ සහිතස්වාභාවික පරිසරයක් සකස්කරදීම බවද ඔවුන් කියා ඇත.



අදහස් (0)

අලි තුන්දෙනා ලංකාවම ජනප්‍රිය කරයි

යසින්ත Friday, 24 May 2013 04:32 PM

ඉතා වාසනාවන්ත අලි 3දෙනෙක්. දෙහිවල සත්තුවත්ත ඉඩ ඇති තැනකට ගෙනියමු. හොඳම ප්‍රදේශය හම්බන්තොට.(නදී)

:       0       0

නිමල් ප්‍රනාන්දු Friday, 24 May 2013 01:13 PM

මේ අලින්ට විරුද්ධවත් අර ඩයස්පෝරාව මොනවා හරි කරයිද දන්නේ නැහැ. (නි)

:       0       0

උපාලි Friday, 24 May 2013 01:14 PM

මේ පුවත දකින අපි දෙහිවල සත්තු වත්තේ අලි ඇතුන් පමණක් නොව සියලුම සතුන් ගාල් කර ඇති කනගාටුදායක ආකාරය ගැන කම්පා වෙමු. හරි හැටි සෙවනක් නොමැතිව ගිනි මද්දහනේ, හැරෙන්නවත් ඉඩක් නැති කුඩුවල, හම බඩ පොත්තට ඇලුණු සතුන් බිම වැතිරී සිටින දුක්ඛදායක විලාශය ගව ඝාතකයෙකුගේ වුවත් අනුකම්පාව ලබනු ඇත. මේවා ගැන සොයා බැලීමට වගකිවයත්තෙකු නොසිටීම ජාතියේ අවාසනාවකි. (නි)

:       0       0

ඉන්දික Friday, 24 May 2013 04:55 PM

මගේ දුව අද ඒ සත්තු වත්තට යනවා. දැන් එයා දන්නවා ඔක්කොම අලි ගෙනාවේ ලංකාවෙන් කියලා. එතන හොඳට හදලා තියෙනවා අලින්ට ඉඩ තියෙනවා. දුව යාළුවන්ට කියලත් දෙනවා ලංකාවේ උඩවලව ගැන එහෙම.(නදී)

:       0       0

නිල්මිණී Friday, 24 May 2013 01:24 PM

අලියෙක් වුණා නම් අපිටත් වීසා නැතුවම ඇමෙරිකාවට යන්න තිබුනා (නි)

:       0       0

දිල්ශාන් Friday, 24 May 2013 05:08 PM

ලංකාවේ ඕනෑම දෙයකට සුදුසුම පළාත හම්බන්තොටයි.(නදී)

:       0       0

ප්‍රනාන්දු Saturday, 25 May 2013 01:30 AM

ලංකාවේ සිටින කකුල් දෙකේ ලොකු අලි ටික ඇමරිකාවට තෑගී කිරීමට හැකිනම්, ලංකාවේ මනුස්සයන්ට සැනසීමෙන් ජිවත් වීමට හැකියාව ලැබේවි.(නදී)

:       0       0

ජනක Friday, 24 May 2013 01:54 PM

කනුගලට ඇමෙරිකාවේ පුරවැසිබාවය තියෙනවද? වාසනාවන්ත අලියා.(නදී)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 01:57 PM

උපාලි, ඔබගේ අදහස් අගය කරමි. මා දන්නා විදියට දෙහිවල සත්තු වත්ත වෙන පළාතක ඉඩ පහසුකම් ඇතිව අලුතින් ඉදිවෙනවා. (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 24 May 2013 02:02 PM

ලංකාවේ අලි දැන් බොහෝ ජනප්‍රිය වෙලා. සියලු දෙනාම අලියා පසු පස ගමන් කරන්නේ. (නි)

:       0       0

අපොන්සු Friday, 24 May 2013 02:03 PM

ඇමෙරිකාවට ගිය අලින්ගේ කටේ බත්, අපේ කටේ මොනවද? මෙහේ තවත් ඉන්නවා අතරමං වුන අලි රංචුවක්. ඇවිත් ගෙනියන්න. (නි)

:       0       0

විරාජ් කාලිංග Friday, 24 May 2013 02:20 PM

උපාලිගේ අදහසට මාත් එකගයි. දෙහිවල සත්තු වත්ත වෙන තැනකට නම් ගෙනියන්න හදන්නේ සත්තුන්ට ආදරේකට නම් නෙමෙයි. දන්නා තරමින් හම්බන්තොටට තමයි හරියන්නේ (නි)

:       0       0

අනුර පනාගොඩ මෙල්බෝර්න් Friday, 24 May 2013 06:39 PM

අපේ රටේ ඉන්න සමහර කකුල් දෙකේ අලි කරන වැඩවලින් ලංකාව මුළු ලෝකයටම ජනප්‍රිය වෙලා.(නදී)

:       0       0

රංජනී Saturday, 25 May 2013 08:48 AM

පින්වන්ත අලි නමුත් එයාලා කන්නේ මොනවද දන්නේ නැහැ පොල් අතු, කිතුල් වෙනුවට?මට දැනගන්න ඕනෑ. (නි)

:       0       0

ජෙෆ් Friday, 24 May 2013 02:58 PM

සේරම්, පැරිස්වල ඉන්න කට්ටියද ? ලංකාවේ ඉන්න අලි නම් යන්නේ කොහෙද කියලාවත් දන්නේ නැහැ. කකුල් හතරේ අලිත් වල්මත් වෙලා. කකුල් දෙකේ අලි පිටිපස ගිය අයත් නන්නත්තාර වෙලා. (නි)

:       0       0

තුෂ් Friday, 24 May 2013 03:01 PM

ලංකාවෙන් ගිය අලි රටට කීර්තියක් ගෙනාවට, අපේ රටේ සමහරු නම් රට ගියාට පස්සේ කරන්නේ පුළුවන් තරම් ලංකාව විවේචනය කරන එකයි, රටට අපකීර්තියක් ගෙනෙන වැඩ කරන එකයි තමයි (නි)

:       0       0

චතුල වෙරෝනා Friday, 24 May 2013 03:05 PM

මේවගේ ආදරෙන් අලි බලාගන්න රටවල් වලට ගම් වැදිල කරදර කරන අලි බෙදල දුන්නනම් ගෑටලු දෙකම විසදෙනව (අ)

:       0       0

අමිළ Friday, 24 May 2013 03:08 PM

ලංකාවෙත් වෙයිද?(නදී)

:       0       0

අමිල කටුනායක Friday, 24 May 2013 03:13 PM

මම නම් හිතන්නේ ඇමරිකාවේ වැඩියෙන්ම ජනප්‍රිය සතා බූරුවා කියලයි (නි)

:       0       0

රනිල් Friday, 24 May 2013 09:11 PM

ඔව් ඔව්. රැකගත යුතුයි තමා. (නි)

:       0       0

චන්ද්‍රා - ඇමරිකාව Friday, 24 May 2013 03:28 PM

මෙම පුවත සම්පුර්ණ ඇත්තය. ලංකාවේ සත්තු වත්ත නවීකරණය විය යුතුමය. කලකට පෙර පින්නවලට ගෙනියන කතාවක් තිබුනා. මෙම රජය මගින් මෙයද ඉටුවේවා! (නදී)

:       0       0

මිණිපේ Friday, 24 May 2013 09:26 PM

ඕං නියම අලි. (නි)

:       0       0

ඩී.උපුල් Friday, 24 May 2013 03:50 PM

සත්තු වත්ත දියවන්නාවට ගෙනාවොත් නම් විවිධ වර්ගයේ සත්තු හොයාගන්න අමාරු වෙන එකක් නැහැ.(නදී)

:       0       0

සෑම් Friday, 24 May 2013 04:23 PM

මේ අහිංසක අලි රැක ගනිමු.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 919 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 432 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 940 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3426 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 609 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 237 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site