IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අලි පැටවා උඩුවේ හිමි නමට ලියාපදිංචි කර නෑ‘

පොල්හේන්ගොඩ උඩුවේ ධම්මාලෝක හිමියන්ගේ පන්සලේ සිටියදී වනජීවී භාරයට ගැනුණු අලි පැටවා ඒ හිමියන්ගේ නමට හෝ ඇලන් මැතිනියාරාමයේ නමට ලියාපදිංචි කර නැතැයි වනජීවී දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ චන්දන සූරියබණ්ඩාර මහතා ප්‍රකාශ කළ බව රහස් පොලිසිය අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිෂාන්ත පීරිස් මහතාට දැන්වීය.

රහස් පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ එම අලි පැටවා පන්සලට ගෙන ආවේ කෙසේදැයි තවදුරටත් පරීක්ෂණ කරගෙන යන බවයි. එම අලි පැටවා දැනට පින්නවල අලි අනාථාගාරයේ රඳවා සිටින බවද රහස් පොලිසිය අධිකරණය දැනුම් දුන්නේය.

නඩු විභාගය ජනවාරි 14 වැනිදාට කල් තැබිණි.

 



අදහස් (0)

‘අලි පැටවා උඩුවේ හිමි නමට ලියාපදිංචි කර නෑ‘

අමල් Tuesday, 08 December 2015 11:56 AM

අසරණ සතුන් නිදහස් කරමු. (ර)

:       0       0

මධු Tuesday, 08 December 2015 05:07 AM

කවුරුහරි තෑග්ගක් දුන්නහම ඔයා මේක සල්ලි දීලද ගත්තේ හොරකම් කළාද කියලා අහන්න බැහැනේ. ඉතින් පිට ඉන්න අපි කොහොමද දන්නේ හරියටම මොනවද වුණේ කියලා.. (නි)

:       0       0

රංග Monday, 07 December 2015 05:42 PM

උන්වහන්සේට මඩ ගහනවා කියලා මේ ළඟදිත් කියලා තිබුණා මට මතකයි (නි)

:       0       0

පද්මිණී Monday, 07 December 2015 05:42 PM

උන්වහන්සේ යම් ප්‍රාතිහාර්ය බලයකින් අලි පැටවා පන්සලට ගෙන්වා ගත්තා කිවුවොත් මොකද එතකොට කරන්නේ? (නි)

:       0       0

චතුර Monday, 07 December 2015 07:32 PM

ඉස්සර රජ කාලෙ රජවරු පන්සල් වලට අලි ඇතුන් පුජා කළා. අද කාලෙ අලි ලියාපදිංචියක් ගැනත් කතා කරනවා. අතීතයේ ඉඳලා බුදුදහමත් අලි ඇතුනුත් එකට බැඳිලයි හිටියේ. ඒක අමතක කරන්න එපා. (නි)

:       0       0

විජිත් Monday, 07 December 2015 12:28 PM

" අදින්නාදානා ..." සිල්පදය කඩා ඇතිබව ඔප්පුවුණොත් ගිහිපැවිදි බේදයක් බලන්නේ නැතුව නීතිය ක්‍රියාත්මක කරන්න. රටේ නීති දෙකක් නැහැනේ පැවිදි සහ ගිහි කියලා. (නි)

:       0       0

රකිත් Monday, 07 December 2015 12:40 PM

අපි ගෞරව කරන පැවිදි පක්ෂය නේද මේ? (නි)

:       0       0

සමන්ති Monday, 07 December 2015 11:38 PM

අලි පැටවා පන්සලට ආවේ, පන්සලේ ඉතුරුවන කෑම කන්න හරි, බණ අහන්න හරි වෙන්න ඇති (නි)

:       0       0

තිලක්-ඩුබායි Tuesday, 08 December 2015 09:57 AM

චතුර ඔබ ගැන කණගාටුයි.(ම)

:       0       0

ඩග්ලස් Tuesday, 08 December 2015 01:02 AM

කැලේට වැඩිය පන්සල හොඳයි කියලා අලි පැටියාට හිතෙන්න ඇති. මං හිතන්නේ ඌම කැමැත්තෙන් එන්න ඇති. (නි)

:       0       0

රොක්සි Monday, 07 December 2015 01:51 PM

ගමරාළ දිව්‍ය ලෝකේ ගිය පිළිවෙලට අලියා පිටේ නැඟලා නිර්වාණෙට යන්න බැහැ. පන්සලේ නමට හරි හාමුදුරුවන්ගේ නමට හරි අලියට බලපත්‍රය අරගන නැත්නම් නීතිය ක්‍රියාත්මක කළයුතුයි. එහෙම නොකළොත් තවත් හාමුදුරුවරු මේ ක්‍රමය පුරුද්දක් කරගන්න පුළුවන්. (නි)

:       0       0

සකුන්තලා Tuesday, 08 December 2015 03:04 AM

අද වනවිට අපේ රටේ බුද්ධාගමට ඇතිව තිබෙන ලොකුම තර්ජනයක් තමයි හාමුදුරුවරු සසරෙන් එතෙරවීම ගැන හිතන්නේ නැතුව චීවරධාරී ව්‍යාපාරිකයින් වීම. අද වනවිට අලි ජාවාරමට හාමුදුරුවරු සම්බන්ධ බව ඇසීම ඉතාමත් කණගාටුදායක තත්වයක්. නියපොත්තෙන් කඩන්න තිබෙන දෙය පොරවෙන් කපන්න වෙන මට්ටමට පත්වෙන්න ඉඩදෙන්න එපා. ඒ වගේම කළු සල්ලි සුදු කරන තැනක් බවට සමහර පන්සල් පත්වෙලා. ගොඩනැගිලි හැදුනට වැඩක් නැහැ ධර්මය රැකෙන්නේ සහ පිළිපදින්නේ නැත්නම්. පැවිද්දෙක් සාපරාධී වරදක් කර ඇත්නම් ඔවුනට එහෙරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමත්, නීතිය ඉදිරියේදී වරදකරු බවට ඔප්පුවුවහොත් එම වරද සඳහා දෙන උපරිම දඬුවම ලබාදීමත් සමාජ අවශ්‍යතාවය බවට නිතැතින්ම පත්වී ඇත. (නි)

:       0       0

නයන Tuesday, 08 December 2015 03:08 AM

චතුර, ඔබ තවමත් රජකාලයේ ජීවත්වන බව පෙනී යයි. ඔලුවට ටොක්කක් ඇනගෙන සිහි එළවාගනු මැනවි. රටේ ඕනෑම පුද්ගලයෙක් පවතින සිවිල් නීතියට යටත් වියයුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 125 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1140 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1480 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1113 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1223 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26198 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site