අලි බැලිල්ලයි බලි බැලිල්ලයි එපා වෙන්නේ නෑලු. අපි අද යමු එහෙනම් අලි බලන්න. ලංකාවේ රක්ෂිතයන් හා අභය භූමී ඇරැණම පහසුවෙන් අලියෙක් බලාගන්න පුළුවන් තැන් කිහිපක්ම තියෙනවා. කොළඹ ඉන්න අය නම් අලි බලන්න ඉක්මණටම යන්නේ දෙහිවල සත්ත්වෝද්‍යානයට. ඒ වගේම අලි බලන්න අනිත් ප්‍රසිද්ධම තැන තමයි පින්නවල අලි ගෙදර. හැබැයි ඒ ඔක්කොටම වඩා වෙනස් විදියට අලි වගේම ඇත්තු බලන්න තියෙන තැනක් තමයි උඩවලව ඇත් අතුරැ සෙවණ කියන්නේ. මොකද්ද මේ වෙනස..
උඩවලවේ ඇත් වගේම අලි පැටව් කොහේවත් හිරකරලා නෑ. සත්ත්වෝද්‍යානයක රඳවලත් නෑ. එයාලා ඉන්නේ උඩවලව කැලේ. උඩවලව ජලාශය අවට තිබෙන උඩවලව රක්ෂිතය ගැන අපි කාලෙකට කලින් Walk 121 හරහා කිව්වා. අන්න ඒ රක්ෂිතයට මායිම් වෙලා තමයි උඩවලව ඇත් අතුරැ සෙවණ තියෙන්නේ. ඔය කියන රක්ෂිතයේ ඉන්න අම්මාගේ කිරි පොදක් අහිමි වුණ පුංචි අලි බබාලට අවශ්‍ය කිරි දීලා ඔවුන්ගේ ලෙඩට දුකට බෙහෙත් එහෙම දීලා බලාගන්න එක තමයි උඩවලව ඇත් අතුරැ සෙවණේ මූලික රාජකාරිය. ඉතින් අර වනාන්තරේ ඉන්න අලි පැටවු පුරැදු වෙලා ඉන්නවා කිරි බඩගිනි හැදුනාම ඇත් අතුරැ සෙවණට ඇවිල්ලා බඩ පිරෙන්න කිරි බීලා යන්න. එයාලට කිරි දෙන්න පුරැදු කරපු වෙලාවල්වලට ඔබටත් එහි ගියොත් හරිම අපූරැ අලි බබාලා රොත්තක්ම දැකගන්න පුළුවන්. උදේ 9ට, දවල් 12ට, හවස 3ට වගේම දවසේ අවසාන වතාවට හැන්දෑවේ 6ට තමයි අලි පැටවුන්ට කිරි දෙන වෙලාවන්. මේ කියන වෙලාවල්වලට විතරයි එහි යන කෙනෙක්ට ඇතුළට යන්න ඉඩ දෙන්නේ. එහෙම නැතිව පින්නවල වගේ ඔබ යන ඕනෑම වෙලාවක ඇත් අතුරැ සෙවණට යන්න අවසරයක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම අලි බබාලට ආදරය කරන ඔබට ඒ අලි බබාලට බොන්න කිරි අරන් දෙන්න දායක වෙන්නත් අවස්ථාව තිබෙනවා.
අලි බබාලා බලනවාට අමතරව ඇත් අතුරැ සෙවණේ හරිම වැදගත් කෞතුකාගාරයකුත් තියෙනවා. අලි ගැන බොහෝමයක් දේවල් එතැනින් ඉගෙන ගන්නත් පුළුවන්. එතෙන්ට වෙන දවසක යමු. අද අලි බලලා විතරක් එමු.
ප්‍රසාද්
දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත
පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය
ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.
ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ
නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි බබාලාගේ හොඳ හොඳ සෙල්ලම