IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


අලි රොෂාන්ගේ හොර ඇතින්න කතරගමදී අහුවෙයි

අලි රොෂාන් අනවසරයෙන් අල්ලා ගන්නා ලදැයි කියන ඇතකු කතරගම මහ පෙරහර අවසානයේ වනජීවී භාරයට පත්විය.

වසර හයක් වයසැති මෙම ඇත් පැටියා සම්බන්ධයෙන් රහස් පොලිසිය උසාවි නියෝගයක් ලබාගෙන ඇත.

සමාධි නම් මෙම ඇතින්න ව්‍යාජ ලේඛන මත අලි රොෂාන් හෙවත් සමරප්පුලිගේ විරාජ් රොෂාන් විසින් හිමිකර ගන්නා ලදැයි රහස් පොලිසිය කියයි. 2014 අගෝස්තු 31 වැනිදා මෙම ඇතින්න රුපියල් පනස් ලක්ෂයක බැඳුම්කරයක් මත අලි රොෂාන්ට මුදා හැර ඇතැයි කියති.

එම ඇතින්න පින්නවල ඇත්අතුරු සෙවණට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මේ අතර බොදු බල සේනාවේ සම්බන්ධිකරණ ලේකම් මාගල්කන්දේ සුදන්ත හිමියන් හදිසියේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ රටේ ලොකු ප්‍රශ්නයක් අැති විට ජනතා අවධානය වෙනතට හැරවීම සඳහා කොහෙන් හෝ අලියකු අත්අඩංගුවට ගන්නා බවයි.

elephnt2-(1)

elephnt2-(2)

ඡායාරූප - කේ.ඩී.දේවප්‍රිය

89ba22f1-7411-4fda-893d-c44dd5e5467d fa8449f7-69d5-4283-b98b-0ea3c5856591

ඡායාරූප - චමිල් රූපසිංහ

 



අදහස් (0)

අලි රොෂාන්ගේ හොර ඇතින්න කතරගමදී අහුවෙයි

රන්ජිත් Thursday, 21 July 2016 07:35 AM

අලි රොෂාන් මේ අහිංසක සතාව හොරකම් කරලා. (බ)

:       0       0

හේමන්ත Thursday, 21 July 2016 07:43 AM

හාමුදුරුවනේ, කැලේ ඉන්න අලි හොරකම් කරන එකත් රටේ ලොකු ප්‍රශ්නයක් තමයි (බ)

:       0       0

විජේසිංහ Thursday, 21 July 2016 07:59 AM

වන සම්පත වගේම අලි සම්පත රැකගැනීම රටෙත් ජනතාවගේත් වගකීමක්. මම කිතුනුවෙක් වුනත් බුදුන්වහන්සේගේ ඉගැන්වීමට ගරුකරන කෙනෙක්. බුදුන් වහන්සේ සහ ඇතුන් අතර සම්බන්ධතාවය බෞද්ධ ඉතිහාසයේ සඳහන්වෙන බව මා දන්නවා. උන්වහසේට වනයේදී සත්කාර කළ ඇතා හෝ උන්වහන්සේ විසින් දමනයකළ ඇතා උන්වහන්සේ වැඩසිටි කිසිදු ආරාමයකට රැගෙනගිය බවක්නම් මා දන්නේ නැහැ. කවුරු හෝ කෙනෙක් මට පැහැදිලි කරනවද අලි ඇතුන් සහ නැටුම් ගැයුම් ඇතිව කරන පෙරහැර හින්දු ආගමෙන් පැමිණ බොදු සංස්කෘතියට ඇතුළු වුණු දෙයක්ද නැතිනම් සිධාර්ථ ගෞතම බුදුන්වහන්සේගේ ඉගැන්වීමක්ද කියල. (බ)

:       0       0

සමන් Thursday, 21 July 2016 08:05 AM

බොදු බල සේනාවේ මොලේ මොනවද මන්ද තියෙන්නේ. රට වටේ දැන අලි අල්ලන්නේ ආණ්ඩුවද පොලිසියද? (අ)

:       0       0

දිලාන් Thursday, 21 July 2016 08:21 AM

විජේසිංහ, මම දන්නා තරමින්, අලි ඇතුන් පමණක් නොව, මුළු පෙරහෙර ම පසු කාලීනව එකතු වුන දෙයක්. (හේ)

:       0       0

තමරි Thursday, 21 July 2016 08:26 AM

අනේ මන්දා, පෙරහැරවල්වල යන අලි ඇතුන්ට හරි අපලයි වගේ. මෙහෙම ගියොත් පිටරටින් අලි ගෙන්වන්න වෙනවා පෙරහැර කාලෙට. පින්නවල ඉන්න අලි / ඇතුන් පෙරහැරවල්වලට සුදුසු විදියට පුහුණු කලොත් අනාගතේ අපේ රටේ පෙරහැරවල් වලට එම අලි සම්බන්ධ කරගන්න පුළුවන්. (හේ)

:       0       0

අමිල Thursday, 21 July 2016 08:35 AM

තව කී දෙනෙක් හොර ඇත්තු ඉන්නවද දන්නේ නෑ.(හේ)

:       0       0

ඉන්දික Thursday, 21 July 2016 08:36 AM

මේ අහිංසක සතෙක්.(හේ)

:       0       0

මාර්ටින් Saturday, 23 July 2016 04:05 AM

අලියාගේ පිටේ නම ගහලා තිබුනද?(හේ)

:       0       0

ඉරූෂාන් Friday, 22 July 2016 12:07 PM

මේ සත්තු එතනින් මෙතනට යනනවා. මෙතනින් අතනට යනනවා. පවු! (නි)

:       0       0

ටිකිරි බණ්ඩා-නුගේගොඩ Thursday, 21 July 2016 09:24 AM

කැලේ රංචුව සමග ඉන්න අලියෙක් දවසකට කිලෝ මීටර් 3-4 රංචුව සමග කැලයේ ගමන් කරනවා.ඒ වගේම ආහාරත් ගන්නවා(අ)

:       0       0

යෝනක Thursday, 21 July 2016 10:16 PM

අනේ මන්දා ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)

:       0       0

චන්න Thursday, 21 July 2016 09:30 AM

සමන් - මහත්මයා ඔය වගේ ප්‍රශ්නයක් කරලියට අවහම ආණ්ඩුවේ අඩුපාඩු අමතක වෙනවා කියල කියන්නේ (අ)

:       0       0

ප්‍රියාන් Thursday, 21 July 2016 09:30 AM

අලියව මරල නැනේ..ඔය කාල බීල හොදට ඉන්නේ අලි පැටිය වගේ..ඒ වගේම විජේසින්හගෙන් අහන්න අපිටත් දේවල් තියෙනවා..එයාලගේ ආගම ගැන..අහන්නේ නැ සන්හිදියාවට බාධා වෙන නිසා..(අ)

:       0       0

ලංකාසිරි Thursday, 21 July 2016 10:00 AM

විජේසිංහ මහත්මයා අන්‍ය ආගමික වුවත් බෞධයෙක් ලෙසින් සත්ව අනුකම්පාවෙන් අදහස් දැක්වීම අගයමි. අපේ රටේ මේ අලි ජාවාරම සහමුලින්ම නතර කල යුතුයි. කැලේ නිදහසේ සිටිය යුතු සතුන් සහාසික ලෙස අල්ලා ගෙන ජාවාරම් කරුවන් කෝටි ගණන් මුදල් උපයනවා. මේ සියලු දෙනා තරාතිරම් නොබලා සිරගත කර දැඩි දඩුවම් දිය යුතයි.

:       0       0

විජේසිංහ Thursday, 21 July 2016 10:06 AM

ප්‍රියාන් ; ඕනෑම දෙයක් අහන්න අදහස් හුවමරුකරගනීම සංහින්දියාවට බාදාවක් නැහැ. ම දන්නා දෙයක් ඇත්නම් පිළිතුරු දෙන්නම්. මා අසා ඇත්තේ මට නොවැටහෙන දෙයක් ගැනයි. (අ)

:       0       0

කුමාර් (ගල්ෆ්) Thursday, 21 July 2016 10:25 AM

අලි හොරු පරණ ආණ්ඩුවේ හෙන්චයියලා.එයාලට ඕනෑ දෙයක් කරන්න ලයිසන් දීලානේ තිබුනේ. (බ)

:       0       0

බෙනට් Thursday, 21 July 2016 10:26 AM

දැන් මේ අලියට ආණ්ඩුව කරන්නේ ජනතාවගේ බදු මුදලින් කන්න බොන්න දෙන එක තමයි .හරියට නිකන් තමන්ගේ අලි ආණ්ඩුවට ජනතා බදු මුදලින් කන්න බොන්න වාහන දෙනවා වගේ .(බ)

:       0       0

මැටිපහන Thursday, 21 July 2016 10:28 AM

විජේසිංහගේ අදහස හරි. අලින් ඇතුන්ට වද දීල දීල පෙරහරේ යන්න පුරුදු කරලා... ඕකේ තියෙන අවිහිංසාව මොකක්ද? (බ)

:       0       0

දනීෂ Friday, 22 July 2016 03:13 AM

මට හොඳට මතකයි මැටිපහන. එයා සත් දහම් වලට අකමැති කෙනෙක් කියල මතකයක් තිබුන. (බ)

:       0       0

රජිත් Friday, 22 July 2016 03:48 PM

මේවායින් මේ අහිංසක සත්තු මොනතරම් පීඩා විඳිනවා ඇද්ද? (නි)

:       0       0

ඉන්දික Thursday, 21 July 2016 11:45 AM

එ් අලියමද කියලා කවුද දන්නේ.(හේ)

:       0       0

හේවා Friday, 22 July 2016 06:04 AM

අලියාවද අත්අඩංගුවට අරන් තියෙන්නේ? අලි රොෂාන්ව එපායැ අත්අඩංගුවට ගන්න (නි)

:       0       0

ගුණේ Friday, 22 July 2016 07:14 PM

විජේසිංහ මහත්මයා, ඔබේ වචනවලින්ම කියනවා නම් අලි ඇතුන් පෙරහැර වලට යොදාගැනීම බුදුන් වහන්සේගේ ඉගැන්වීමක් නෙමෙයි. යටත් පිරිසයින් නැටුම් ගැයුම් බැලීම පවා භික්ෂුවට අකැපයි. පෙරහැරක විසිතුරු බව ඇති කරන්නත් පෙර රජවරුන්ගේ උඩුඟුකම සහ මානය පෙන්නුම් කරන සංකේතයක් හැටියටත් අලි ඇතුන් යොදාගන්නවා (නි)

:       0       0

තමරි Thursday, 21 July 2016 12:48 PM

අයියෝ මැටි පහන... ඔයානම මටිම තමයි....(අ)

:       0       0

ගුණසිරි Thursday, 21 July 2016 12:44 PM

ප්‍රියාන් , සිංහල බෞද්ධයා ගේ වැරදි ඒ කියන්නේ අපේ වැරදි අපි හදාගන්න ඕනේ ,කුමන තරාතිරමක කෙනෙක් වුනත් වැරදි පෙන්වා දෙනවා නම් එය ඉතාම හොද දෙයක් ,පිළිගන්න සුදානම් වෙන්න (බ)

:       0       0

කුමාර් Thursday, 21 July 2016 06:17 AM

දැන් මේ අලියට මොකද වෙන්නේ.(හේ)

:       0       0

ජයසේකර Thursday, 21 July 2016 07:18 AM

රටේ වෙන ප්‍රශ්න ඇත්තටම නැහැ වගේ. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 709 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 2149 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 11062 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 562 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1929 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3799 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39056 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25560 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 316 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1072 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 376 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site