සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් කැලේ අලි පැටවුන් අල්ලා තුන් වැනි පාර්ශ්වයනට විකිණීමේ මහ මොළකරු යැයි නීතිපති අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඉදිරියේ කරුණු දැක්වීය.
නීතිපති වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ දිලීප පීරිස් මහතා පැවසුවේ වසර 15ක් පුරා මෙම පුද්ගලයා අලි පැටවුන් අල්ලා ඇති බවයි.
අප්‍රේල් දෙවැනි දා දක්වා ඔහු රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
හීලෑ කළ අලින් 359 දෙනකු ලියාපදිංචි කර ඇති බව වනජීවී දෙපාර්තමේන්තුවේ අලි පොතේ සඳහන් වන බවත්, අලින් 17 දෙනකුගේ සටහන් ටිපෙක්ස් කර ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥවරයා කීවේය.
අලි රොෂාන් අලි පැටවුන් 39 දෙනකු විකිණීමට සෘජුවම සම්බන්ධ බවට රහස් පොලිසියට තොරතුරු ඇතැයි ද, ඔහුගෙන් අලි පැටවුන් මිලට ගත් අයගෙන් ප්‍රශ්න කිරීම අවසන් වී නැතැයි ද පොලිසිය අධිකරණයට දැන්වීය.
කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අලි රොෂාන් වෙනුවෙන් පෙනී සිටියේය.
ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ
ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා
ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස
තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත
මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත
ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
අලි රොෂාන් වල් අලි පැටවුන් 39ක් විකුණලා
පියරේ Tuesday, 24 March 2015 08:38 PM
යහපාලනයක් ආවේ නැත්නම් ශ්‍රී ලංකාවේම අලි ටික ගෙවල්වල සිටීවි (නි)
පිටබැද්දර ජයා Tuesday, 24 March 2015 10:18 PM
කැලේ ඉන්න සතෙකුටවත් නිදහසක් නැති සංවර්ධනයෙන් වැඩක් තිබෙනවද? (නි)
කරුණාරත්න Wednesday, 25 March 2015 08:11 AM
මෙච්චර දෙයක් තනිවම නම් කරන්න බැහැ (නි)
පුබුදු Tuesday, 24 March 2015 11:09 PM
මෙයාගේ තනි කැමැත්තට කළ වැඩක් වෙන්න බැහැ. මේක සහයෝගයෙන් කළ දෙයක් වෙන්න ඕනෑ. ඒ කාලේ කුරුල්ලෙක්ටවත් අහවලුන්ගේ අවසර නැතුව පියාඹන්න බැරිවුණා.එහෙනම් කොහොමද අලියෙක් කැලෙන් අල්ලලා විකුණන්නේ ? (නි)
උපුල් රොද්‍රිගු Thursday, 26 March 2015 06:28 AM
වැඩේ කරපු කෙනා යහපාලන කැබිනට් එකේ. ගෝලයා හිරේ. (බ)
ඉසුරන්දි Tuesday, 24 March 2015 01:06 PM
මෙයාට මෙච්චර හයියක් ලැබුනේ කොහොමද මෙහෙම වැඩක් කරන්න? අනික මේවා සාක්කුවේ හංගාගෙන කරන්න පුළුවන් වැඩ නෙමෙයිනේ. (නි)
අමන්දා Tuesday, 24 March 2015 01:58 PM
බලාගෙන යනකොට පුදුම වැඩකාරයෙක්නේ (නි)
රොෂාන් Wednesday, 25 March 2015 03:12 AM
ඕව පිටිපස්සේ හිටපු අලි ඇමතිලත් ඇති. මොකද සීනි ඇමති, උක් ඇමතිලත් ඉන්න රටේ අලි ඇමතිට බැරි උනාද අලි 359 බලන්න පොත් පත් වෙනස් කරනකම්. (නදී)
පිටිගල Wednesday, 25 March 2015 03:42 AM
කලින් ආණ්ඩුවේ හිටිය හොරු ටික මහින්දගේ දෑත ශක්තිමත් කරන්න ඇවිත් හොරකම් යට ගහ ගත්තා. දැනුත් ඒ අලි හොරු, කුඩු හොරු, අර හොරු මේ හොරු ඔක්කොම යහ පාලනේට ඇවිත්. දැන් ඒවා ඔක්කොම යට. ඕක තමයි හැම දාම උනේ. ඉදිරියටත් වෙන්නේ. (නදී)
ස්වරපති Wednesday, 25 March 2015 03:55 AM
අවුරුදු 15 තිස්සේ නම් යහපාලන නිර්මාතෘලගේ කාලේ ඉඳලමයි වැඩේ සිද්ද වෙලා තියෙන්නේ. එදා ඉඳලාම මේකට උදව් කරපු අය හොයන්න වෙයි වගේ. (නදී)
ජයන්ත දසනායක Tuesday, 24 March 2015 04:16 PM
ගෙවාගන්න බැරි පව් කරලා තියෙන්නේ. දිවි ඇතිතෙක් හිරේදාන්න ඕනෑ (නි)