IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අල, ලුනු බදු වැඩි කෙරේ

ආනයනික අර්තාපල් සහ ලොකු ලූනු බද්ද වහා ම ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.ඒ අනුව අර්තාපල් කිලෝග්‍රෑම් එකක් ආනයනයේ දී අයකළ රුපියල් 40ක බද්ද රුපියල් 55 දක්වාත් රුපියල් 10ක් ව පැවැති ලොකු ලූණු කිලෝ ග්‍රෑම් එකක් සඳහා මෙතෙක් අය කළ ආනයන බද්ද රුපියල් 30ක් දක්වාත් ඉහළ දමා ඇත. මේ වන විට දේශීය අර්තාපල් අසවැන්න විශාල වශයෙන් ලැබෙමින් පවතින අතර මෙම බද්දත් සමග එම ගොවීන්ට සිය අසවනු නිසි මිලට අලෙවි කර ගැනීමේ හැකියාව උදාවේ



අදහස් (0)

අල, ලුනු බදු වැඩි කෙරේ

සෙනරත් Saturday, 25 April 2015 01:12 PM

යමු ඔහොම යමු . එන ඡන්දෙන් පස්සේ බලන්න පුළුවන් යපාලනයේ තරම බඩුමිල වැඩිවෙනකොට. රජයේ සේවකයන්ට වැඩිකරපු රුපියල් 10,000 දෙන්නම විතරක්, මාසෙකට ඕනේ රුපියල් කොටි 1,400 ක්. කෝ මේවා ගෙවන්න ආදායම. කලින් කිවේ දුෂණ නැවතුනාම මේවා ගෙවන්න පුළුවන් කියල. පහුගිය මාස 3 කෝ ඉතුරු කරපුව. මේ බොරුව හැමදාම කරන්න බෑ. එන ඡන්දෙන් දිනුවොත් බඩුමිල අහස උසට වැඩිකරන්නවෙනවා. එහෙම නැත්නම් සල්ලි අච්චුගහල රුපියලේ අගය අඩුවෙනවා. (බ)

:       0       0

බමුණු Sunday, 26 April 2015 08:08 AM

මට ලියන්න දෙයක් ඉතුරු කරලා නැත යහපාලනයට ජය වේවා. (නදී)

:       0       0

සම්පත් Saturday, 25 April 2015 05:16 PM

ජනතාව ගොනාට අන්දා සුළුතරයක් ගොඩයෑම අපි මේ ආණ්ඩුවෙන් අපේක්ෂා නොකරමු (නි)

:       0       0

විපුල Saturday, 25 April 2015 05:46 PM

දේශීය දේවලට තැන දෙන්න මිල වැඩිකළාට කමක් නැහැ. හැබැයි පවතින මිල ඉහළදාන්න බැහැ (නි)

:       0       0

සෂිකලා Saturday, 25 April 2015 05:56 PM

මහින්ද මහත්තයා යවාගත්තෙ අඩුවට කන්නනෙ? තව ටික දවසකින් බඩු මිළ වැඩිවුණාම තණකොළ ටිකක් කපාගෙන කන්න බැරියැ. දේශීය දේවල්නෙ.නේද...? (නි)

:       0       0

ධම්ම Saturday, 25 April 2015 07:08 AM

ජයවේවා! (ස)

:       0       0

කාංචන පෙරේරා Saturday, 25 April 2015 07:15 AM

ගොවියා යාන්තම් ගොඩ.....වෙළෙන්දා කොහොමත් ගොඩ... අතරමැදියා ගොඩේ ගොඩ......අපි විතරක් කොටඋඩ...... (ස)

:       0       0

අපොන්සු Saturday, 25 April 2015 07:26 AM

දවස් සියේ තවත් ප්‍රාතිහාර්යක්, තව ප්‍රාතිහාර්ය මීළඟ දවස් ටිකේදි ජනතවට ලැබෙයි. (බ)

:       0       0

ඇසළ Saturday, 25 April 2015 07:28 AM

මොන පොතෙන් හරි පරණ රට පාලනය කරපු ක්‍රමේට ආයිත් ටික ටික යහපලනෙත් ගමන් කරනවා. වෙනසකට තියෙන්නේ උතුරට අනවශ්‍ය විදියට බලතල දෙන එක විතරයි. රට වැසියාට දෙවියන්ගේ පිහිටයි ඉදිරියට. (බ)

:       0       0

මහසෝනා Saturday, 25 April 2015 08:43 AM

යහපාලනයට ඡන්දෙ දුන්න පාරිබෝගිකයන්ට ජයවේවා. දැන් ඉතින් එකට දෙකක් බඩු වලට ගෙවලා බත් පිඟන් බාගයක් කාල කට පිහිද ගන්න. මදි හරියට කොත්තමල්ලි කෝප්පයක් බොන්න. (ස)

:       0       0

රෝහිත් Sunday, 26 April 2015 01:46 PM

"අපි ඉවසලා ඉම්මු සෙනරත් අයියා, යහපාලකයෝ මහබැංකු වංචාවෙන් පිල්ලි ගිය සල්ලි ටික කොයි ලෝකෙන් හරි හොයාගන ඇවිල්ල ඒවයෙන් රජයේ සේවක පඩි නඩිත් ගෙවලා අපිට අඩු ගානට කන්නත් දේවි. ඇයි ඉතිං ස්වල්ප සල්ලියක්ද? බිලියනම 43ක්ද කොහෙදලුනේ." (බ)

:       0       0

රිතික් Saturday, 25 April 2015 11:35 PM

ඉවසලා ඉමු සෙනරත් අයියා, යහපාලනය සහනයක් දෙයි අපිට (නි)

:       0       0

ඈන් Saturday, 25 April 2015 11:51 PM

කාංචනගේ කතාව හරියට හරි. (නි)

:       0       0

මුණසිංහ Sunday, 26 April 2015 01:51 AM

ලබන කන්නයේ ඉඳලා හාල් 100 ට කනකොට ඉතිරි ටිකත් හරි. අපේ ළමයි අපි පිටරටක යවන්න හදන්නේ කොහොමහරි. ලංකාවේ හිටියොත් අනාගතය අඳුරුයි. (නි)

:       0       0

රෝහිත් Sunday, 26 April 2015 03:02 PM

මං මේ ඉවසලා ඉම්මු කිව්වේ මේගොල්ලෝ මහ බැංකු වංචාවෙන් පිල්ලි ගිය සල්ලි ටික හොයා ගෙන ඇවිත් අපිට වැඩිකළ පඩි ගෙවලා බඩු මිලත් අඩු කරලා දෙනකං. නැතුව මේ යහපාලනෙන් උලව් සහනයක් දෙනකං නෙවෙයි. (බ)

:       0       0

අමර Saturday, 25 April 2015 09:47 AM

මහසෝනා මිනිහෙක් නොවන නිසා අවුලක් නෑ නේද? යාපනේ අල නුවරඑළි අල තම අපි නම් කන්නේ. යහපාලනේ කියන්නේ ඒක තමයි. වටේ තියන රටවල් වල අල කන්ඩ ඕනේ නම් එහෙට යන්න. (ස)

:       0       0

ලාල් Sunday, 26 April 2015 03:22 PM

ජනාධිපතිතුමා අත්දැකිම් බහුල සුවිශේෂ නායකයෙක්.එතුමා දන්නවා කළයුතු දේ හරියටම. අද කවුරු මෙතුමට අවලාද නැගුවත් අනාගතයෙදි දැකබලාගන්න පුලුවන්වේවි මෙතුමගේ යහාපලනයේ ප්‍රථිපල. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා නායකයා මරා දැමේ: මහ යුද්ධයක් අත ළඟ
2024 සැප්තැම්බර් මස 28 2383 0

ඊශ්‍රායල හමුදාව, වසර 30 ක් තිස්සේ ලෙබනන් හිස්බුල්ලා සංවිධානයේ නායක හසන් නසරැල්ලා ඝාතනය කර ඇත.


මල්වතුඔයෙන් ටී 56 පතුරම් 120ක් සොයා ගනියි
2024 සැප්තැම්බර් මස 28 420 0

ඇලයාපත්තුව පොලිස් වසමේ අංක 304,ගල්කඩවල,මල්වතු ඔය,ඇනිකට් එක යට තිබු ටී 56 වර්ගයේ ජීව පතුරම් 120 ක් සහිත මැගසින් හතරක් ඇලයාපත්තුව පොලිසිය විසින් අද(28) සිය බාරයට


ජනපති කොළඹ පොත් ප්‍රදර්ශනයට යයි
2024 සැප්තැම්බර් මස 28 1701 7

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 25 වන වරටත් පැවැත්වෙන ’’කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය’’ සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක


පැන්ෂන් ජනපතිලා නඩත්තුවට වසර 3ට කෝටි 27ක් පුදලා
2024 සැප්තැම්බර් මස 28 5029 11

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, මෛත්‍රිපාල සිරිසේන යන හිටපු ජනාධිපතිවරුන් සිවුදෙනා සහ ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ම


ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 3389 2

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 3740 5

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37909 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24988 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 233 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 766 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 272 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site