IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


අලි සම්පත වැනසෙන හැටි

දඹුල්ල නගරයෙන් ඉවත් කරන කුණුකසල ප්‍රාදේශීය සභාව හා නගර සභාව මගින් හබරණ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ රජයේ රක්ෂිතයට ගෙනවිත් දමනු ලබන්නේ වසර ගණනාවක සිටය. කුණු කසල හා පොලිතින් ආහාරයට ගැනීම, දඩයම නිසා දඹුල්ල දිගම්පතහ රක්ෂිතෙය්  මුව රංචුව හා වල් උරන්  දකින්නට නැත. 50 ක් 60ක් වූ වල් අලින්ගෙන් දැනට ඉන්නේ 10ක් 15ක් පමණි.

අලි බෙටි වල පොලිතින් එතී ඇති අයුරු දැකගත හැකි. කුණු කසල තැන තැන දැමීම නිසා රක්ෂිතය තනිකර පොලිතින් සුසානයක් බවට පත්වී ඇත.

මේ දිනවල කුණු කන්නට එන අලි විදේශිකයන්ට අලින් පෙන්වා මුදල් සොයන්නෝ ද වේ. ඉතාම අවදානම් ආකාරයට වන අලින් අසලට ඔවුන් රැගෙන ගොස් ජායාරූප ගනිති.

හබරණ සිගිරිය ප්‍රදේශවල සංචාරක කර්මාන්තය වර්ධනය වී ඇත්තේ අලි පිට සංචාර නිසාය. හබරණ කැලයේ අලි බැලීම නිසාය. සංචාරක කර්මාන්තයේ නියැලී සිටින පිරිස් ප්‍රදේශවාසින් කියා සිටින්නේ මේ අලි සම්පත විනාශ කිරීම නවතා දැමීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි.

වන සතුන්ට අනතුරු කිරීම දඩුවම් ලැබිය හැකි වරදක් බව රක්ෂිතයේ දැන්වීම් පුවරු සවිකර ඇත. එහෙත් දඹුල්ල මහනගර සභාවත් ප්‍රාදේශීය සභාවත් එළිපිටම වනසතුන්ට අනතුරු කරතියි සංචාරකයෝ කියති.

දඹුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ආත්මා ඩී ජයරත්න මහත්මියගෙන් පැවසුවේ කුණු කසල බැහැර කිරීම සදහා අලුත් වැඩපිළිවෙළක් ළඟදි ආරම්භ කරන බවය.

DSC07464[1] DSC07470[1]   

DSC07486[1] DSC07494[1] DSC07503[1]

 

 



අදහස් (0)

අලි සම්පත වැනසෙන හැටි

චමල් Wednesday, 24 February 2016 08:35 AM

අනේ පවු මේ සත්තු. (ර)

:       0       0

විජිත Wednesday, 24 February 2016 08:35 AM

අපේ රටේ පාලකයෝ නිදි කිසිම දේකට පැහැදිලි ප්‍රතිපත්තියක් නෑ. රටේ කුණු ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න බැරි පාලකයෝ ඉන්න රටක අපි ජීවත් වෙන්නේ අපරාදේ අලි සම්පත මේ සත්තුන්ව අාරක්ෂා කරගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න බැරි වන ජීවී දෙපාර්තමේන්තුව /මිනිස්ටර්ස්ල ඉන්නේ මොකටද (බ)

:       0       0

ෂෙල්ටන් Wednesday, 24 February 2016 08:47 AM

අලියෙක් ළඟ තියාගත්තට හාමුදුරු නමක් හිරේ යවනවා. මේ කුණු කවලා අලි මරණ අය නිදැල්ලේ. මොකක්ද මේ නීතිය. (නි)

:       0       0

කමල් Wednesday, 24 February 2016 08:57 AM

මුළු ලොව මේ රටට යටයි. (නි)

:       0       0

සුනිල් Wednesday, 24 February 2016 09:30 AM

අලි සම්පත අපිට වටිනා සම්පතක් (නි)

:       0       0

නිමල් ලලිත Wednesday, 24 February 2016 09:41 AM

මමත් පළාත් පාලනයේ වැඩකළ කෙනෙක්. එපමණක් නොවේ සෞදියේත් කුණු ඉවත් කළ කෙනෙක්. බොහොමයක් ලොක්කන් අහන ප්‍රශ්නයට කුමක් හෝ කියලා ප්‍රශ්නයෙන් ගැළවෙනවා. මුළු රටේම කසල ප්‍රශ්නය ජාතික ප්‍රශ්නයක් වෙලා. නමුත් සාර්ථක විසඳුමක් නැහැ. මේවාට නිවැසියනුත් කෙළින්ම වගකිව යුතුයි. නමුත් දඹුල්ලේ ප්‍රශ්නය මීට වඩා බැරෑරුම්. (නි)

:       0       0

සෙනරත් Wednesday, 24 February 2016 03:16 PM

මොන කුණු කාල හරි ඉන්න අලි ටික ඔක්කොම මැරිලා ගියත් ඒක ලොකු ප්‍රශ්නයක් නොවෙයි. හැබැයි මොන තරම් රස බොජුන් දීල හරි කඩදාසි කොළ නැතිව අලියෙක් ඉන්නවා කිව්වොත් අත් අඩංගුවට ගැනීම සඳහා ගිනි පිම්මේ දුවන ලොක්කෝ ටිකක් නම් අලුතෙන් බිහිවෙලා ඉන්නවා. (කෞ)

:       0       0

නන්ද Wednesday, 24 February 2016 09:45 AM

පින්නවල අලි අනථාගාරයේත් ඉන්නවා මෙවැනි අපද්‍රව්‍ය ආහාරයට ගැනීම නිසා රෝගී වූ අලින් පිරිසක්. වගකිවයුත්තන් මේ ගැන ඉක්මනින් ම ක්‍රියාත්මක වේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම පරිසරය හා වන සතුන් ගැන ඉමහත් උනන්දුවක් දක්වන අපේ ජනාධිපතිතුමා මේ ගැන යමක් කරාවි කියා අප විශ්වාස කරනවා. (නි)

:       0       0

පරකුම් Wednesday, 24 February 2016 06:08 PM

මේ ජනපතිත් නිකම්ම ගෙදර යාවි වගේ .අඩුම පොලොන්නරුවත් දියුණු නොකර .(අ)

:       0       0

උපාලි Wednesday, 24 February 2016 11:09 AM

මේ ගොල්ලන්ගේ රාජ්‍යය මිනිස්සු උදුර ගන්නකොට, මේ රජවරුන්ට කන්න වෙන්නේ කුණු කසල. අනේ පවු. දුක හිතෙන දැක්මක්.(බ)

:       0       0

නිහාල් Wednesday, 24 February 2016 11:16 AM

පරිසය භාර ඇමැතිත්,ජනාධිපතිතුමානම් මේවා කාට කියන්නද.(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 698 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 267 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3609 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1298 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 641 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2245 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24910 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site