IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අලි හතක් සිලි සිලි බෑගයට බිලි ?

දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයෙන් ඉවත් කරන කුණු  දිගම්පතහා රජයේ රක්ෂිතයට  ගෙන දැමීමත් සමග ඒවා ආහාරයට ගැනීම සදහා  වල් අලි වසර ගණනාවක් තිස්සේ පුරුදුව සිටිති.

අලි 17 දෙනකුගෙන්  යුත් රංචුවක් වෙනදා මෙම ස්ථානයට පැමිණියත් දැන් පැමිණෙන්නේ 10 දෙනකු පමණි. ගම්වාසින් පවසනුයේ මෙසේ පැමිණෙන අලි  පොලීතීන් ආහාරයට ගැනීම නිසා ඔවුන් මිය යන්නට ඇති බවයි.



අදහස් (0)

අලි හතක් සිලි සිලි බෑගයට බිලි ?

රුවන් ගමරාලගේ Tuesday, 03 December 2013 06:09 PM

ලංකාවේ අලි වර්ග 2ක් හදුනාගෙන තිබේ . වන අලි සහ වනවෙන අලි. ඒ වර්ග 2යි. එක වර්ගයක් කලුපාටය . අනෙක් වර්ගය කොලපාටය. කොහොමත් දැන් මේ අලින් වර්ග 2ටම හොද කාලයක් නොවේ .මේ වර්ග 2 ක ම දැන් අවුරුදු 20 ක් විතර තිස්සේ කන්නෙම කුණු තමයි. මේ කුණු කන විදිහට තව අවුරුදු 10 කින් විතර මේ වර්ග 2ක ම ලංකාවෙන් නැති වන බව විශ්වාසයෙන් කිව හැක. (නදී)

:       0       0

සාගරිකා. Monday, 02 December 2013 09:29 PM

මෙවන් රටක ගහ කොළ,සත සිවුපාවා ඇතුළු පරිසරය ගැන බලාපොරොත්තුවක් තබා ගත හැකිද? (නි)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Tuesday, 03 December 2013 06:23 PM

අනේ ඇයි මේ තරම් ගාම්භීර සත්වයෙකුට මේ වගේ හිඟා කන්න උනේ ?මේවට විසඳුම් නැද්ද ?(නදී)

:       0       0

හරීන්ද්‍ර Monday, 02 December 2013 09:35 PM

කතාව ඇත්ත මේ සතුන් අකාලේ මිය යනවා .මීට අවුරුදු 17 විතර කලින් මම යාලුවෝ දෙන්නෙකුත් එක්ක හෝර්ටන් තැන්නේ එක රැයක් හිටියා. එදා දැකපු දෙයකින් මට පොලිතීන් එපාම උනා. අපි ඇවිදින කොට දැක්ක ගෝනෙක් ගේ ඇටකටු උගේ බඩ මැද ලොකුම ලොකු පොලිතීන් ගුලියක් මේ වගේ තව සත්තු කී දෙනෙක් නම් මියයනවා ඇද්ද???? (ස)

:       0       0

රොබරි Monday, 02 December 2013 10:06 PM

අපේ අලි නිසා තමයි මේ අලිත් නරක්වෙලා තියෙන්නේ (නි)

:       0       0

රජින්ද Monday, 02 December 2013 04:46 PM

හද සසලවන සුළු පුවතක් වගේම දසුන්.කිසිවෙකුගේ ඇස නොගැටෙන පරිසර ආයතන රජයේ මහජනතාවගේ මුදලින් යැපෙනවා. බලන්න අනතුරක සේයාවක්වත් නොපෙනෙන මේ අහිංසක සත්තු කන කුණු වෙච්ච එළවලු කනේ කරෙත් හලාගෙන ඉන්න හැටි. (නි)

:       0       0

කුමාර් Monday, 02 December 2013 04:47 PM

කැලේට ගිහින් අලි වසුරු ගෙනාවා නම්, අලින්ට පොලිතීන් දිරවීමේ ඇති ශක්තිය ගැන පරීක්ෂණ කරලා කාටහරි ලොකු පදවියක් එහෙම ලබාගන්න පුළුවන්නේ. (නි)

:       0       0

සෝබමාන Monday, 02 December 2013 04:48 PM

අලියෙක් කුණු නාලා වගේ. කනෙත් මොකක්ද රෙදි කෑල්ලක්. (නි)

:       0       0

කින් බෙනට් Monday, 02 December 2013 11:38 PM

ඔය කුණු ගොඩේ රැකියාව කරන කෙනාට සපත්තු දෙකක් අරන් දෙන්න (නි)

:       0       0

ජීවක Monday, 02 December 2013 05:09 PM

මොන තරම් පරිසර විනාශයක්ද මේ වෙන්නේ? මේ ශාකමය අපද්‍රව්‍ය වලින් ජීව වායුව හදන්න පුළුවන්නේ! (නි)

:       0       0

සිරිපාල Monday, 02 December 2013 05:19 PM

අනිවාර්යෙන්ම මිය යනවා පොලිතීන් කෑවහම ඕනෑම සතෙක්. හොදම උදාහරණය තමයි මිහින්තලේ මුවෙක් මැරිලා හිටියා. වනජීවි එකෙන් රාජකාරි මට්ටමෙන් හොයාගත්තා ආමාශය ඇතුලේ කිලෝ දෙකකට වැඩිය නොදිරන ද්‍රව්‍ය තිබුනා කියලා. පව් අසරණ සත්තු. පරිසරය අසමතුලිත වෙලා.ඒකයි ආහාර හිග වෙන්නේ. (නි)

:       0       0

නිරංජලා Monday, 02 December 2013 05:55 PM

මුළු රටේම ස්වභාවික පරිසරය විනාශ කරන අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන්න මැෂින් ගෙන්වා ගැනීමට හෝ වෙනත් වැඩපිළිවෙලක් හෝ නැත.රටට අත්‍යවශ්‍ය දේවල් නොකර අසීමිත විදේශීය ණය බරින් ජනයා පීඩනයට පත් කරමින් එකිනෙකාගේ ප්‍රතිරූපය ගොඩනගා ගන්නවට වඩා පරිසරය සහ සත්වය ආරක්ෂා කර ගත යුතු දේ පිළිබදව අවධානය යොමුකිරීම ,ඒවාට ප්‍රතිපාදන වෙන්කිරීම,වැදගත්ය (නි)

:       0       0

කුමාරසිරි Monday, 02 December 2013 05:56 PM

මිළ කරන්න බැරි වස්තුවකට කන්න වෙලා තියෙන්නේ "කුණු". කෝ මේ වනසත්ව නිලධාරීන් , පරිසරවේදීන් ? මැරුණට පස්සේ බඩකපලා පොලිතින් කිලෝ මෙච්චරක් තිබුණා, අච්චරක් තිබුණා, කියලා වැඩක් නැහැ. දැන්ම මේ සතුන්ව උපරිම ලෙස ආරක්ෂා කරන්න ක්‍රමවේදයක් ගෙනෙන්න. (නි)

:       0       0

කැලුම් Tuesday, 03 December 2013 09:37 AM

මෙම කුණු දමන අයටම මෙම පොලිතින් ඉවත් කරන්න පුළුවන්. කුණු ටික හලලා පොලිතින් ටික වෙනම ගොඩකට දමන එක මහා ලොකු දෙයක් නොවේ.එම පොලිතින් ප්‍රති චක්‍රීකරණය කරන්න ගෙන යා හැකිය.පොලිතින් දැමීමට වෙනම තැනක් ආර්ථික මධ්‍යස්ථානය මඟින් සකසා දිය යුතුය. (ස)

:       0       0

ඡානක Tuesday, 03 December 2013 09:47 AM

කෝ මේ මුනියා? (නදී)

:       0       0

චානක. Tuesday, 03 December 2013 03:02 AM

අලින් ඉන්න රට හරි වාසනාවන්ත රටක්.අපිට එම වාසනාව ලැබී තිබෙනවා.අවාසනාවට අපේ බලධාරීන්ට ඒ පිළිබඳ අල්ප මාත්‍රයක වැටහීමක් නැහැ (නි)

:       0       0

ප්‍රමුඛ. Monday, 02 December 2013 06:30 PM

වනාන්තරයට චමත්කාරය එකතු කරමින් එය අලංකාර කරන ,අහිංසක වන සතුනේ, නුඹලාගේ වාසභූමි නුඹලාට අහිමි කරමින් මේ දේශපාලුවන් සහ ඔවුන්ගේ හෙන්චයියන් වනාන්තර හෙළි පෙහෙළි කර විකුණා ,විනාශ කර අවසන්ය.මහා පරිමාණ දැව ව්‍යාපාර,වැලි ගොඩ දැමීම,ඉඩම් විකිණීම වැනි අකටයුතු දේ නිසා නුඹලාට ආහාරපාන සහ ස්වභාවික වනාන්තර වාසභූමිද ඔවුන් ඔබලාගෙන් උදුරාගෙනය.මෙතෙක් කැලේ ගහ කොළ අනුභව කළ නුඹලාට අද සිදුවී තිබෙන්නේ පොලිතින් කා මිය යාමටය. ඔබලාගේ පමණක් නොව අපේද සකල මනාව ඔවුන් නතු කරගෙන හමාරය.අපට ද අඩුම තරමේ අද ලුනුයි බතුයිවත් කන්න ඉඩක් ඉතුරු කර නැත.පොලිතින් කා ඔබලා මිය ගියා සේම අපටද සිදුව ඇත්තේ වහ කා මියයාමටය. (නි)

:       0       0

විපා Tuesday, 03 December 2013 04:09 PM

රක්ෂිතයේ කොහෙද ගම්මානයක්. අනිත් එක අලිරංචු හැමදාම එකටම ඉන්නේ නැහැ. වෙනත් රංචුවක් වෙන්ව යන්න ඇති. ගම්වාසීන් කියන්නේ අලි විශේෂඥයෝද? මේගැන කියන්න ඕන වනජීවී නිළධාරීන්.(නදී)

:       0       0

රාධා Monday, 02 December 2013 06:41 PM

මේ පින් කෙත හෙළ රන් දෙරණද? නැත්නම් දැන් වෙනස් කරලාද?කොහොම නමුත් අනේ ඇත් රජුනේ, පින්කෙත හෙළ රන් දෙරණේ යළි උපදින්නට හිතන්න එපා.වන සතුන් ගැන සිතන්න වන සතුන්ට තරම්වත් මොළයක් නැති ,අකාරුණික ආත්මාර්ථකාමී බලධාරීන් නැති දේශයක නැවත උපදින්නට ලැබේවා!! (නි)

:       0       0

සිරිබිරිස් Monday, 02 December 2013 06:56 PM

කමිටුවක රැස්වීමකටවත් ගිහින්ද? (නි)

:       0       0

සුනිල් Monday, 02 December 2013 07:04 PM

නිරංජලාගේ කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත (නි)

:       0       0

නිර්මලා Monday, 02 December 2013 07:18 PM

දේශපාලන අලින් මිළදී ගෙන ජනමතය විකෘති කර ජනතාවට දැඩි පීඩනයක් එල්ල කර ඔවුන් කුසගින්නේ කුසගින්නේ මියයාමට සැළැස්වීමත්,වාස භුමි සහ ගහ කොළ අහිමි කර වන අලින් පොලිතින් කෑමට ඉඩ දී මිය යාමට සැළැස්වීමත් සහගහන අපරාධයකි (නි)

:       0       0

මීසා Tuesday, 03 December 2013 10:55 AM

හැකි පමණ ඉක්මණට පියවරක් ගන්න. පව් අහිංසක සත්තු (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 04 December 2013 12:26 AM

අපේ රටේ කෝටි ගණන් වියදම් කරමින් ගුවන් තොටුපළවල් , අධිවේගී මාර්ග හැදුවට පොලිතින් වැනි නොදිරවන කසල විනාශ කිරීමට නගරයක් දඹුල්ලේ තබා කොළඹවත් නැත. මහත්වරුනි, තිත්ත ඇත්ත මෙයයි (නි)

:       0       0

ඉන්දු අම්බලන්ගොඩ Monday, 02 December 2013 08:20 PM

අතුරුදහන් වූ අලි වගයක් කොළඹ හිටියා පහුගිය දවස්වල. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට බලපෑම් කළ සංවිධායක අල්ලයි
2024 සැප්තැම්බර් මස 20 848 0

තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැ


ඡන්දය දාන්න උනන්දුවෙන් නිවෙසට
2024 සැප්තැම්බර් මස 20 757 0

ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ


මැතිවරණය නිරීක්ෂණයට පිටරටින් 116ක්
2024 සැප්තැම්බර් මස 20 159 0

ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.


වෝකි ටෝකි පිපිරීම පිටුපස ඊශ්‍රායලය?
2024 සැප්තැම්බර් මස 20 1024 0

වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්


හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 204 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 1219 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14557 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 141 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 95 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site