IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


‘අලි හොරකමට සාක්කි නැතිලු‘

උඩවලව ජාතික වනෝද්‍යානයේ අලි පැටවකු සොරකම් කිරිමට පසුගිය මැයි පළමුවැනිදා රාත‍්‍රී ගල්පාය දික්යායට   පැමිණි පිරිසට එරෙහි නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්කි නැති බවට වන ජීවී දෙපාර්තමේන්තුවේ කොළඹ ප්‍රධාන කාර්යාලයය එවු වාර්තාවක් සැලකිල්ලට ගත් ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් කාංචනා එන් ද සිල්වා මහත්මිය නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත්කර තිබූ අංක රහිත ට‍්‍රැක්ටරය ඇතුළු භාණ්ඩ රාජ සන්තක කිරිමට නියෝග කළාය.

සුඛෝපභෝගී වාහන වලින් පැමිණ පිරිසක් අලි පැටියෙකු පැහැරගෙන යන බවට ලද තොරතුරු මත වනජිවී නිලධාරින් උඩවලව ගල්පාය දික්යාය ප‍්‍රදේශයේදි ප‍්‍රදේශවාසින්ගේද සහාය ඇතිව වැටලු අවස්ථාවේ අලි පැටියා සහ අලි පැටියා පැහැරගෙන පාරට ගෙන එන්නට යොදාගත් ට‍්‍රැක්ටරය අතරමග දමා පළාගියේය.

අලිපැටියා පැහැරගෙන යාමට පැමිණි වාහන අංක සහ ඔහු පැහැරගත් බවට සැකකළ පුද්ගලයන් කවුරුන්ද යන්න ඔවුන් කළ ප‍්‍රකාශ ද සටහන් කරමින් ගොඩකවෙල පොලිසියට පැමිණිලි කර තිබිණි. එම සිද්ධිය වාර්තා කළ මාධ්‍යවේදී මහින්ද පුෂ්පකුමාරට  මැර ප්‍රහාරයක් එල්ල විය. මැරයෝ ඔහුගේ වීඩියෝ කැමරාවද කඩා බිඳ දැමුහ.

50603 DSC05204

 

 

 



අදහස් (0)

‘අලි හොරකමට සාක්කි නැතිලු‘

කොළඹගේ Monday, 25 August 2014 02:43 AM

පද්මිණි ගේ කතාව සහතික ඇත්ත (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 25 August 2014 03:14 AM

පිටිගල, මම ඉන්නෙත් එම ස්ථානයට කිට්ටුවනේ. (නි)

:       0       0

පියුම් Sunday, 24 August 2014 05:54 AM

මේවා දේශපාලුවන්ගේ වැඩ (නදී)

:       0       0

චමින්ද Sunday, 24 August 2014 05:54 AM

කවුරුත් ආසයි වැඩි කාලයක් ජීවත් වෙන්න.

:       0       0

චමත් ඉතාලිය Sunday, 24 August 2014 06:34 AM

මේ ඇවිල්ලා දවල් මිගෙල් රෑ දනියල්ගේ වැඩක් නිසා වන ජිවියට සාක්ෂි තිබුනත් පොලිසියට සාක්ෂි නැතිව ඇති.... අනේ පව් අහිංසකයෝ...අඩුම ගානේ මහේස්ත්‍රාත් බඩු ටිකවත් රාජසන්තක කරපු එකත්වත් ලොකු දෙයක් ... අධිකරණයට වුනත් තේරෙනවනේ .... කවුද මේවා කරන්නේ කියලා ....මොනවා කරන්නද මේ ලංකාවනේ කියලා හිත හදාගමු.(දිල්)

:       0       0

බණ්ඩා Sunday, 24 August 2014 06:36 AM

අපේ වනජීවී ඇමති තුමා නම් මේ ගැන දන්නේ නැතුව ඇති දැනගතනම් ලේසියෙන් අරින්නේ නැහැ (දිල්)

:       0       0

ලුම්බිණි Sunday, 24 August 2014 07:29 AM

අපි දන්නවා ඕවට කිසිම සාක්කියක් නැති බව. (දිල්)

:       0       0

සදුනි Sunday, 24 August 2014 08:02 AM

ට්‍රැක්ටර් අයිතිකාරයව හොයා ගත්තනම් ඕක අල්ලන්න බැරිද? (දිල්)

:       0       0

ඉසුරන්දි Sunday, 24 August 2014 08:07 AM

එක පැත්තකින් බැලුවම මේ සත්තු මෙහෙම සංරක්ෂණය වෙන එකත් හොදයි වගේ මිනිසුන්ගේ වෙඩි උණ්ඩේට දුම්රියට යටවෙලා මැරෙනවට වඩා.(දිල්)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 24 August 2014 08:18 AM

රටක නීතියේ අදිපත්‍ය විනාස වෙනකොට අනිකුත් සියල්ලම විනාසය කරා යනවා.(දිල්)

:       0       0

කුමාර Sunday, 24 August 2014 08:33 AM

"වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසමු ඒ අමාරුව" (දිල්)

:       0       0

අපොන්සු Sunday, 24 August 2014 09:16 AM

අලි පැටියව හිරේ දැමිය යුතුයි නේද? තමන්ගේ තනි කැමැත්තෙන් රැහෙන් පැනල ඇවිත් වාහනේකට ගොඩ වෙලා ආවට. (දිල්)

:       0       0

මංජු ශ්‍රී Sunday, 24 August 2014 10:01 AM

මේ ට්‍රැක්ටරයෙන් හොයන්න පුළුවන්නේ අංක තියනවා නේද (දිල්)

:       0       0

වසන්ත Sunday, 24 August 2014 10:56 AM

මේ රටේ බලධාරින්ගේ වැඩ ගැන කල කිරෙනවා.. මේවාට වන්දි කවදා හෝ ගෙවන්ඩ වෙයි. .(අ)

:       0       0

ඉසුරු Sunday, 24 August 2014 11:40 AM

අනේ මෙහෙමත් වැඩ(දිල්)

:       0       0

පිටිගල Sunday, 24 August 2014 12:38 PM

ගුරුවරිය දන ගැස්සු නඩුවේ සාක්කි කරුවෙක්ගේ මළ සිරුර ළිඳක තිබුණාලු. ඇස් දෙකට දැක්කත් සාක්කි දෙන්න කවුද අද ඉදිරිපත් වෙන්නේ? අපොන්සු කිව්වා වගේ අලි පැටවාගෙන් ම තමයි සාක්කි අහන්න තියෙන්නේ.(දිල්)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 24 August 2014 01:40 PM

පිටිගල මොකද බියගම මතක් වුණේ නැද්ද? (අ)

:       0       0

සේන Sunday, 24 August 2014 01:45 PM

අපොන්සු මහත්මයෝ, අලි පටියාන දඟකාර කමට එහෙම දෙයක් කර කියමුකෝ, (අ)

:       0       0

තිලක් Sunday, 24 August 2014 02:42 PM

මේ ට්‍රැක්ටරේ කාගේද කියල පොලිසියට හොයා ගන්න බැරිලුද. මොන විහිලුවක්ද? (අ)

:       0       0

පද්මිණි Sunday, 24 August 2014 04:32 PM

මේවා හොඳයි කොන්ඩෙ බැඳපු චීනුන්ට. ඇත්තටම මහජනතාව මේ තරම් මෝඩයෝ බවට සලකපු වෙනත් කාලයක් තිබුනේ නැහැ. (අ)

:       0       0

පිටිගල Monday, 25 August 2014 01:47 AM

අජිත්ට මොකද හදිසියේම බියගම මතක් උනේ. ගියාද ඒ පැත්තේ ලඟදි? අර වැඩේ තාමත් ජයටම කෙරෙනවා දැන් කොම්පුටර් ගත කරලා.ලොකු ලොක්කන්ගේ අනුග්‍රහයත් ඇතිව. ලිව්වට වැඩක් නැහැ. පත්තරේ පලවෙන්නේ නැහැ. පලකරන්න මාද්‍ය වේදියෝ පස්ස ගහනවා. ඒ ගොල්ලත් අඹු දරුවෝ ඉන්න පෘතග්ජන මිනිස්සුනේ.? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 1047 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 733 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 1130 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 827 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 497 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


ප්‍රධාන පක්ෂ බීලි කොකු සෙල්ලමක
2024 සැප්තැම්බර් මස 28 904 0

ඉදිරි මහ මැතිවරණයේදී බහුතර මන්ත්‍රී සංඛ්‍යාවක් දිනා ගැනීම සඳහා පොදු සන්ධාන පිහිටුවා ගැනීමට දේශපාලන පක්ෂ නම්මා ගැනීමේ විශේෂ මෙහෙයුමක් එක්සත් ජාතික ප


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37952 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25012 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 239 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 275 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site