IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අවංක හිඟන්නාට කප්රුක පහළ වේ

බිල්ලී රේ හැරිස් (55) ඇමරිකාවේ කැන්සාස් නුවර යාචකයෙකී. මෙයට දින කිහිපයකට පෙර ඔහු අසලින් ගමන් කළ කාන්තාවක තම මුදල් පසුම්බියෙන් කාසි කිහිපයක් ගෙන ඔහු අසල ඇති කුඩා භාජනයට දැමීය.

 ඊට ස්වල්ප වේලාවකට පසු යාචකයා මුදල් තිබෙන තම කුඩා භාජනය පිරික්සීමේදී  එහි ඇති මුද්දක් දුදුටුවේය. ඵසැණින් ඔහු රත්තරං බඩු වෙළද හලකට ගොස් මුද්දේ වටිනාකම විමසීය. ඩොලර් හාරදහසක් මුද්ද වටිනා බව වෙළදසල් හිමිකරු පැවසීමත් සමග යාචකයා මුද්ද රැගෙන නැවත පිටත්වීය. දින දෙකකට පසු කාන්තාවක් හා ඇගේ සැමියා යාචකයා සොයා පැමිණියහ.

 ඵ් පෙරදා තමන්ට මුදල් දුන් කාන්තාව  බව යාචකයා ඇය හදුනා ගනී. කුඩා මුදල් භාජනයට කාසි දැමිමේදී තමාගේ අත රැදි මුද්ද නොදැනුවත්වම ඵයට වැටී ඇති බව ඵම කාන්තාව යාචකයාට කීවාය.

 ඵම මුද්ද තමා සන්තකයේ ඇති බව පවසමින් යාචකයා  අදාල කාන්තාවට මුද්ද  ලබා දුන්නේය.

ඇමෙරිකාවේ  ධනවත් කාන්තාවක් වු ඇය නමින් සාර් දර්ලින්ය. පසුගියදා සාර් හා ඇගේ සැමියා වන බිල් ක්‍රේචි රුපවාහිණි වැඩසටහනකට සහභාගි වෙමින් බිල්ලී රේ හැරිස්ගේ  අවංක බව ප්‍රසිද්ධියේ   අගය කළාය.

අනතුරුව ඔවුන් දෙපළ යාචකයා වු බිල්ලීට උදවි කිරිම සදහා අන්තර්ජාලයේ පිහිට පැතීය.

 මේ වන විට ඔහුට උදවි කිරිම සදහා 8300 දෙදනකු  ඉදිරිපත්ව සිටී. ඵකතු වු මුදල ඩොලර් ඵක්ලක‍ෂ අසු අට දහසකි(රුපියල් 24064000). බිල්ලිට නිවසක්ද හිමි විය.  ඔහු දන්නා සංගීත වෘතීය ඔස්සේ ඉදිරි ගමනක් යෑම සදහා සංගීත භාණ්ඩ ඇතුළු අවශ්‍ය දෑ ලබා දීමට තවත් පිරිසක් ඉදිරිපත් වීය. වසර 16ක් පුරා අතුරුදහන්ව සිටි තමාගේ සොහොයුරිය මෙහි සමග තමාට නැවත ලැබුනා සේ මුද්ද නිසා තමාගේ ජිවීතයද උඩු යටිකුරු වු බව බිල්ලී  රේ  පවසයි.



අදහස් (0)

අවංක හිඟන්නාට කප්රුක පහළ වේ

සරත් Thursday, 28 March 2013 04:02 PM

තල එක ඇටයක් වපුරා මල්ලක් නෙලාගන්න. කරන හොද වැඩ ලැබෙන්නෙත් පොලිත් සමගයි කියන්නේ ඕකටනේ. (නි)

:       0       0

මුතුකුඩ Friday, 29 March 2013 12:49 AM

පුෂ්පා ඔයා දන්නේ නැද්ද ලෝකයේ ලොකුම හිගන්නා කවුද කියලා? (නි)

:       0       0

චන්දන Friday, 29 March 2013 12:43 AM

මෙහෙම අය රටටම ආඩම්බරයක්. (නි)

:       0       0

ගාමිණී Thursday, 28 March 2013 04:05 PM

හිගන්නාගේ ධෛර්ය ඉතාමත් උතුම් ගුනයක්. ඔහුට පමණක් නෙමෙයි ලෝක ජනතාවටම ආදර්ශයක්.(නදී)

:       0       0

ශාන්ත Thursday, 28 March 2013 04:34 PM

දෙදෙනාම නියම මනුස්සයෝ. ලංකාවේ ඔහොම යාචකයෝ තියා සල්ලි තියෙන මිනිස්සුවත් නැහැ.(නදී)

:       0       0

අනුර Thursday, 28 March 2013 04:46 PM

අදනේ දන්නේ ඇමරිකාවේ හිගන්නෝ ඉන්න බව. නැබැයි කතාව නම් දෝලාවෙන්.(නදී)

:       0       0

උපුල් කහටපිටිය Tuesday, 02 April 2013 04:09 PM

ඔබේ අවංකකම දෛවය වෙනස් කළ ඔබගේ රටට ආඩම්බරය්ක. අපේ රටටත් මෙය ආදර්ශයක් විය යුතුයි. (ස)

:       0       0

දේව් Friday, 29 March 2013 01:18 PM

දෙන දෙයියෝ ගෙට ගෙනවිත් දෙනවා කියලා කියන්නේ බොරුද?(නදී)

:       0       0

සුකිරි Thursday, 28 March 2013 04:57 PM

ඇමරිකාවේ හිගන්නොත් සුපිරි නේ.(නදී)

:       0       0

මාලක Thursday, 28 March 2013 05:04 PM

දැන් අර ලංකාව උතුම්ම රටයි කියන අයට මේවා අහලා ඊර්ෂ්‍යා හිතුණද දන්නෙ නැහැ. (නි)

:       0       0

ලලිත්-ඉතියෝපියාව Thursday, 28 March 2013 05:05 PM

මේ වගේ ප්‍රවෘත්ති හරිනම් අහන්න ලැබෙන්න ඕනේ ලංකාවෙන්. මොකද හැමෝම කියන්නේ ලංකාව උතුම් කියලනේ. නමුත් නොවෙන්නෙත් ඒ ටික.(නදී)

:       0       0

රන්ගස්හානි Friday, 29 March 2013 03:41 AM

සල්ලි පස්සේ දුවන අද ලෝකේ ඔබ වගේ මිනිස්සු ආදර්ශයක් අප සමාජයට.(නදී)

:       0       0

පාල Thursday, 28 March 2013 04:59 PM

ඇයි දෙයියනේ බෞද්ධ රටක් වෙලත් මේවා මෙහේ වෙන්නෙ නැත්තේ? (නි)

:       0       0

නාලක Thursday, 28 March 2013 05:06 PM

අවංකකම මිළ කළ නොහැක. (නි)

:       0       0

මුතුකුඩ Thursday, 28 March 2013 05:03 PM

අවංකකම යනු මනුෂ්‍යයා තුල පිහිටි දුර්ලභ ඝනයේ උතුම්ම ගුණාංගයයි. එයට දුප්පත් පොහොසත් භේදයක් ද, වර්ණ භේදයක්ද, ජාති භේදයක්ද නොමැත්තේය. (නි)

:       0       0

මොහොමඩ් Thursday, 28 March 2013 05:05 PM

ඔන්න ඔහොමනේ ඉන්න ඕනෑ. (නි)

:       0       0

රජින්ද්‍ර Thursday, 28 March 2013 05:26 PM

රටක දියුණුව යනු අවංක මිනිසාගේ සිතේ හටගන්නා අවංක සිතුවිළි ක්‍රියාත්මක කිරීමට පරිසරය සකසා දීමකි... මගේ සිතුවිල්ලකි..!(නු)

:       0       0

දේව් Saturday, 30 March 2013 12:08 AM

ලංකාව මොනතරම් බෞද්ධ රටක් වුණත් ගුණධර්ම වලින් අනෙක් රටවල් වලට වඩා පහත් තැනකයි ඉන්නේ. (නි)

:       0       0

අබේරත්න Thursday, 28 March 2013 05:53 PM

අපේ රටේ හිගන්නොත් මේ දේවල් පිලිපදිනවා නම් හොදයි.(නදී)

:       0       0

පෙරේරා Thursday, 28 March 2013 06:06 PM

අපේ ලංකාවෙත් ඉතින් ඔහොම තමයි නේද?(නදී)

:       0       0

රෙක්ස් Friday, 29 March 2013 08:09 AM

මොහු ඇමරිකාවේ ජනාධිපතිකලොත් මුළු ලෝකයම හොද තැනක් වෙයි.(නදී)

:       0       0

සංජු Thursday, 28 March 2013 06:33 PM

හොද ගුණ යහපත් මිනිස්සු. (නි)

:       0       0

රම්සි Friday, 29 March 2013 08:17 AM

ඇමරිකන්කාරයෝ අපේ රටේ මානව හිමිකම් හොයන්න එන්නේ නැතිව එයාලගේ රටේ හිගන්නන්ගේ මානව හිමිකම් හොයා බැලුවා නම් හරිනේ.(නදී)

:       0       0

ඉලේපෙරුම Thursday, 28 March 2013 06:57 PM

‍මෙරට හිගන්නගේ රැකියාව හිගමන. පහුගිය දිනවල දුම්රියෙන් අල්ලපු හිගන්නන්ගේ බැංකු ගිණුම් වල රුපියල් ලක්ෂ 20 කට වඩා තිබුණලු. දුම්රිය පොළට ඔවුන් ඇවිත් තිබුනේ තමන්ගේම වෑන් රියේ.(නදී)

:       0       0

ලාල් Thursday, 28 March 2013 07:18 PM

ඇමරිකාවේ යාචකයෙක්ද? මේ පුවත එතරම් ගත යුත්තක් නැත..!(නු)

:       0       0

අරුණ Thursday, 28 March 2013 07:22 PM

හිගන්නගේ පාත්‍රයට හෙනහුරා කියන්නේ බොරුනේ.(නදී)

:       0       0

හේමන්ත Friday, 29 March 2013 09:02 AM

ඇමරිකාවේ හිඟන්නෝ ඉන්නවද? (නි)

:       0       0

පුෂ්පා Thursday, 28 March 2013 07:36 PM

බලාගෙන ගියාම ඇමරිකාවෙත් හිඟන්නො ඉන්නවනෙ! මම හිතාගෙන හිටියෙ ඇමරිකන්කාරයො අනුන්ගෙ හැම දෙයක්ම අවුස්සන්නේ තමන්ගෙ ප්‍රශ්න නිට්ටාවටම විසඳගෙන ඉවරවෙලා වෙන්න ඇති කියලා. (නි)

:       0       0

යෝනුසලවි Thursday, 28 March 2013 07:36 PM

රුපියල් ලක්ෂ 5 ට රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂයක්....පුහ්...මමත් යාචකයෙක් වුණා නම්. (නි)

:       0       0

චමින්ද ජයනාත් Thursday, 28 March 2013 07:52 PM

හිගන්නෙක් වුණත් බලන්නකො තියෙන මහත්මා ගතිය. බලන්න අවංකකම කියන දෙයෙහි ඇති වටිනාකම. (නි)

:       0       0

සිල්වා Thursday, 04 April 2013 03:34 PM

හොද ආදර්ශයක්. (නි)

:       0       0

හරීන් Thursday, 04 April 2013 07:43 AM

මුළු ලංකාවටම ආදර්ශයක්!!! (ස)

:       0       0

ප්‍රියා Thursday, 28 March 2013 08:53 PM

අපේ රටෙත් මනුස්සකම් දන්න හොද මිනිස්සු ඉන්නවා අන්තර්ජාලයට නොගියට.(නදී)

:       0       0

චන්ද්‍රා-ඇමරිකාව Friday, 29 March 2013 10:05 AM

මේ තමයි පින් පව් පලදෙන හැටි.(නදී) .

:       0       0

upul meegamuwa Saturday, 30 March 2013 10:29 AM

අපි ඉතින් කවද හරි මේ රගමදලෙන් නික්ම යන විට අපිට අරන් යන්න තියෙන්නේ ඔය වගේ හොද වැඩ තමි . ඔහු හිගන්නෙක් වී ඇත්තේ ධනයෙන් පමණි . නමුත් ඔහු අන් සැමටම වැඩ ධනවතෙක් . බලන්න තමන් කල හොද වැඩේ නිසා ඔහුගේ සිතට කොඉ තරම් සතුටක් ඇතිද කියා ? ඔහු එයට වංචා කල නම් ඔහුගේ හර්ද සාක්ෂිය ඔහුට කොඉ තරම් වැඩ දෙනු ඇතිද ? අන්න එයි අප කරන නරක හා හොද අතර වෙනස .(අ)

:       0       0

වජිර Thursday, 28 March 2013 09:32 PM

මේ වගේ වැඩක් ඔහියෝ වල කෙනෙකුටත් වුණා. (නි)

:       0       0

ජෝසප් පෙරේරා Thursday, 28 March 2013 09:48 PM

එතකොට ඇමරිකාවෙත් හිගන්නෝ ඉන්නවා කියල අද තමා මම දැන ගත්තෙ.(නදී)

:       0       0

ගුණවර්ධන Thursday, 28 March 2013 10:01 PM

මේ අවංත කම දේශපාලඥයටත් ලැබුනානම් කියලා නිමකරන්න බැහැ ලීල්.(නදී)

:       0       0

පාරු Thursday, 28 March 2013 10:02 PM

මේ රටේ දේපාලඥයන් මෙයින් යම් දෙයක් උගත යුතුයි.(නදී)

:       0       0

රවීණ්ද්‍ර Thursday, 28 March 2013 10:05 PM

මිනිසුන් අතර මිනිසෙක්.(නදී)

:       0       0

අබේසිංහ Thursday, 28 March 2013 10:09 PM

ලංකාවෙත් එවැනි අවංක අය නැතුවා නොවෙයි. (නි)

:       0       0

අබේසිංහ Thursday, 28 March 2013 10:38 PM

ලංකාවෙත් ඒ වගෙ අය ඉන්නවා.තම පියා ගෙ ත්‍රිරෝද රථයට මාසෙට රුපියල් 10000. ක් ලීසිං ගෙවන්න තිබෙද්දිත් මහ මගදී අහුලා ගත් රුපියල් දෙලක්‍ෂ දහ දාහක් එදිනම අයිතිකරු සොයා දුන් ඇල්පිටියෙ සචිනි කෝෂිලා දියණිය එවෙනි කෙනෙක්. ලංකාදීප එසැණ පුවත් වලින් මෙම පුවත දැක ප්‍රංශයෙන් ඇයට ඉගෙණීම අවසන් වනතුරු මසකට රුපියල් 2000. බැගින් දැන් ලැබෙන්නෙ එම යහපත් ක්‍රියාව නිසා.(දී)

:       0       0

රසික Thursday, 28 March 2013 11:27 PM

අවංක කම නිසා තමයි මෙහෙම උනේ (දී)

:       0       0

ආනන්ද Friday, 29 March 2013 12:20 PM

මිනිස්සුන්ට මේ කතාව හොද පාඩමක් (දී)

:       0       0

කසුන් සදරුවන් Monday, 01 April 2013 09:39 AM

හොද මිනිස්සුන්ට කවදත් වරදින්නේ නෑ.(නදී)

:       0       0

Samanthushanta Manamperi Thursday, 04 April 2013 09:13 PM

නියම මනුස්සයෙක් (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 858 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 470 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 350 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 610 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 403 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1113 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38669 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site