IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අවතැන් ජනයාට ආධාර පතා සියක් නමක් පිඬු සිඟා යති

කොළඹ දිස්ත්‍රික්කයේ ගංවතුරින් විපතට පත් ජනතාවට සහන සැලසීමේ අරමුණින් භික්ෂූන් වහන්සේලා සියක් නමක් කොළඹ නගරයේ විශේෂ පිණ්ඩපාත චාරිකාවක් ආරම්භ කළහ.

‘පැවිදි හඬ‘ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ ප්‍රධානත්වයෙන් නාරාහේන්පිට අභයාරාමයෙන් ආරම්භ කැරුණු චාරිකාව කොළඹ නගරයේ බොහෝ ප්‍රදේශවල ගමන් කැරිණි.

ලැබෙන ආධාර ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් විපතට පත් කොළඹ ජනතාවට ලබාදීමට පියවර ගන්නා බව ආනන්ද හිමියෝ කීහ.

muruttetuwa_2016523 muruttetuwa_20165232 muruttetuwa_20165234 muruttetuwa_20165235 muruttetuwa_20165236

 



අදහස් (0)

අවතැන් ජනයාට ආධාර පතා සියක් නමක් පිඬු සිඟා යති

අරුණ Tuesday, 24 May 2016 05:56 AM

නිවන් දක්නාතුරු සසර ගමනට දානය, ශීලය හැර වෙන මොන පිහිටක්ද? සාදු, සාදු, සාදු!!! (නි)

:       0       0

උපාලි Monday, 23 May 2016 04:36 PM

අර ගිහියෙකුගේ ආරක්ෂාවට හදනවා කිව්ව භික්ෂුන් 100 හමුදාවත් ජනතාවට සහන සළසන්න යෙදෙව්වා නම් නරකද? චතුරි කියනවා වගේ පොඩි හාමුදුරුවරු ගැන නම් දුකයි. (නි)

:       0       0

සුනිල් Monday, 23 May 2016 04:47 PM

මේ අසරණ මිනිස්සු වෙනුවෙන් කරන දෙයක්. ඒකට දේශපාලනය ගාවගන්න එපා. කවුරු කළත් හොඳදෙයට හොඳයි කියන්න. විපතක් වුණ වෙලාවට හාමුදුරුවරු තමයි මුලින්ම ඉදිරියට විත් ජනතාවට පිහිට වෙන්නේ. ආණ්ඩුව හා වෙනත් අය සුදානම් වෙනකොට පන්සලේ හාමුදුරුවරු වැඩ පටන් අරගෙන. (නි)

:       0       0

බණ්ඩාර -කැකිරාව Monday, 23 May 2016 05:07 PM

තමන්ගේ හිත් වල ඇති කුහකකම් ප්‍රදර්ශන කරන්න එපා චතුරි, අමීරා. මේ කරන්නේ සද්ක්‍රියාවක්. කිසියම් කෙනෙක් දුකක, කරදයක වැටුනාම උදවුවක් කිරීම,මේක බුදුදහමේ කියාදෙන මුලික සංකල්පයක්. අජීර්ණවූ දේශපාලනය මෙවැනි අවස්ථා වලදිත් පටලවාගන්න එපා (නි)

:       0       0

සුරංග Monday, 23 May 2016 05:42 PM

අමිරා නම් නොදන්නාකමට එහෙම කිව්වා කියන්න පුළුවන්. එතකොට චතුරි? අනගාරික ධර්මපාලතුමා කිව්ව ජාතියේ කෙනෙක් හැටියට තමයි හිතන්න වෙන්නෙ. මිනිසුන්ට උදව් කිරීමට දේශපාලනය ඈඳාගෙන. (නි)

:       0       0

අංගොඩ ලාල් Monday, 23 May 2016 08:21 PM

හෙද සංගමයේ තිබෙන මුදල් වලින් ස්වල්පයක් මේ සඳහා පරිත්‍යාග කරන බැරිද? නිකන් ලෝකෙට පෙනෙන්න වැඩකරලා වැඩක් නැහැ. අඩුම ගණනේ හෙද සංගමයට පුළුවන්නේ නොමිලයේ විපතට පත් ජනතාවට සාත්තු සේවය සපයන්න. (නි)

:       0       0

වින්සන්ට් Monday, 23 May 2016 09:51 PM

ආදර්ශමත් වියයුතු උත්තමයන් සෑමවිටම ආදර්ශමත් වීම රටේ වාසනාවකි. සැප විඳින දේශපාලකයන්ට තව තවත් සැප ලබාදීමටත්, ඒ මඟින් තමන්ගේ පැවැත්ම ගෙනයාමටත් කාලය කැපකරන අපේ සමහර භික්ෂුන් වහන්සේලා මෙවැනි මොහොතකවත් මෙවැන්නකට කැපවීම අපි අගය කරමු. ආගම ධර්මය අනුව තමන් කැපවිය යුත්තේ කුමකටද යන්න අවබෝධ කරගැනීම ගැන අපි මෙම භික්ෂුන් වහන්සේලා ගැන සතුටු වෙමු. (නි)

:       0       0

කුමාර් Tuesday, 24 May 2016 07:32 AM

ඔබ වහන්සේලා මේ කරන වැඩ කටයුත්ත ගැන අපට ගොඩක් සතුටුයි.(හේ)

:       0       0

නිරාන් Monday, 23 May 2016 10:17 PM

කුමාර්, දන්නා දෙයක් කතාකරන්න (නි)

:       0       0

කුමාර් Tuesday, 24 May 2016 07:35 AM

සුන්දර දසුන් පෙළක්.(හේ)

:       0       0

හේරත් Tuesday, 24 May 2016 12:46 AM

ඔබ වහන්සේලා ප්‍රාර්ථනා කරන යම් බෝධියක් ඇත්නම් ඒකාන්තයෙන්ම ලැබේවා! "සෙල්ලම් වයසට ඉන්නේ කොහොමද කියන්න පොඩි හාමුදුරුවනේ" (නි)

:       0       0

රොකී Tuesday, 24 May 2016 01:31 AM

අමීරා, ඔබ වගේ අයත් මේ මෝඩයන් අතරේ ඉන්න බව තේරුම් ගන්න ලැබීම සතුටට කරුණක්! (නි)

:       0       0

සඳුන් Tuesday, 24 May 2016 02:05 AM

මහින්දට වියදම් කරන්න හදන සල්ලි වලිනුත් පුළුවන් නේද ආධාර කරන්න. (නි)

:       0       0

සුනන්ද Tuesday, 24 May 2016 02:28 AM

මේ හැමදේටම සමහරු දේශපාලනය ගාවාගන්නා බව අදහස් වලින් පෙනෙනවා (නි)

:       0       0

නිමල් ලාලිත Tuesday, 24 May 2016 02:50 AM

රොකි ඔබ හරියටම හරි, ඒ මදිවට බල පෙරේත දේශපාලනයත් පටලවාගෙන. ආනන්ද හාමුදුරුවනේ ඔබ වහන්සේනේ දහසකුත් බාධක මැද අද ඉන්න තත්වයට හෙද හෙදියන් ගෙනාවේ, මතකනේ, 60 සහ 70 වේ දශකය එනිසා හෙද හෙදියන්ටත් කියන්න දිනක වැටුප පරිත්‍යාග කරන ලෙසට. (බ)

:       0       0

සමන් Tuesday, 24 May 2016 03:46 AM

හොද වැඩක්. නමුත් දන්නේ නැති හින්දා අහන්නේ. මෙය පිණ්ඩපාතය කියන නම නැතුව ආධාර කියලා එකතුකළා නම් ශාසනික වශයෙන් හොඳයි නේද? සමාවෙන්න මම වැරදි නම් (නි)

:       0       0

සුසිලා පැරිස් Tuesday, 24 May 2016 04:30 AM

රටත් සියලු ජනතාව වෙනුවන් සැමදා ඉදිරියට එන රටේ මුර දේවතාවන් දකින්න ලැබීමත් සතුටක්. සාදු සාදු!!!!!! අවවාදයට වඩා ආදර්ශය උතුම්. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 24 May 2016 04:30 AM

ඉතා වටිනා පුණ්‍යකර්මයක් (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Monday, 23 May 2016 02:54 PM

ගංවතුරක්ම එන්නා ඕනා මෙයාලා සැප ආසන හා මාලිගාවලින් එලියට බස්සවන්න. (බ)

:       0       0

සුජීව Monday, 23 May 2016 03:13 PM

කුමාර්, අදටත් ලංකාව ආරක්ෂා වෙලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා නිසා (බ)

:       0       0

සරත් Monday, 23 May 2016 03:33 PM

කුමාර් .දන්නා එකක් කතා කරන්න.පන්සලක් පැත්තෙවත් යන්නේ නැතිව ටයිප් කරන්න පුළුවන් වුනාට දන්නේ නැති දේවල් කියන්නේ නැතිව ඉන්න. (බ)

:       0       0

රංජිත් Tuesday, 24 May 2016 05:09 AM

කුමාර්, ඔබ සිංහල බෞද්ධයෙක් නොවන බව පැහැදිලි (බ)

:       0       0

සමන් Monday, 23 May 2016 03:39 PM

දහම්, මේකත් සංදර්ශනයක්ද ? (බ)

:       0       0

උපුල් වීරසිංහ Monday, 23 May 2016 03:55 PM

මුරුත්තෙට්ටුවේ ආනන්ද හාමුදුරුවෝ කවදත් අවතැන් වූවන් වෙනුවෙන් උදව් කරන්න,අරමුදල් පිහිටවන්න කටයුතු කරන හාමුදුරු නමක් (බ)

:       0       0

අමිරා Monday, 23 May 2016 03:58 PM

මේගොල්ලන්ට ව්‍යාපාර තියෙනවා අදායම් මාර්ග තියෙනවා .ආධාර කරන්න දුප්පත් මිනිහාගේම සාක්කුවට තමයි හැමෝම බහින්නේ .තමන්ගේ පෙට්ටගම් ඉබි යතුරු ගෙන කොයි ලෝකෙට ගෙනියන්න හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ (බ)

:       0       0

චතුරි Monday, 23 May 2016 03:59 PM

මහින්දව ආරක්ෂා කරන්න. හිටපු කට්ටියද මේ .පොඩි හාමුදුරුවෝ. ගැන. දුකයි පොඩි හාමුදුරුවනේ කාටවත් කඩේ නොයන්න අදිටන් කරගන්න (බ)

:       0       0

සරත් Tuesday, 24 May 2016 05:50 AM

කෝ අර පහුගිය ටි‍කේ කෑගහපු සේනාව? (නි)

:       0       0

විජේතිලක Tuesday, 24 May 2016 05:52 AM

හාමුදුරුවනේ, මේ පුණ්‍යකර්මයම ඇති නිවන් දකින්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 803 3

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


කොස්තාපල් බිරියට පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 283 0

බීමතින් පැමිණ පොලිස් කොස්තාපල් බිරියට පහරදී මාමණ්ඩියගේ නිවෙසට ගොස් දේපොළවලට හානි කළ බව කියන උඩමළුව පොලිසියට අනුයුක්ත කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත්


රොෂාන් - චන්න - මිලාන් දිලිත් හේත්තු වෙති
2024 ඔක්තෝබර් මස 02 1509 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන ප්‍රබල අමාත්‍ය ධූර දැරූ මහාචාර්ය චන්න ජයසුමන, රොෂාන් රණසිංහ සහ මිලාන් ජයතිලක යන මහත්වරු


නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 2713 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 221 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 1549 9

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38622 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25405 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 277 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 942 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site