IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


අවම දඩයට විරෝධය : දකුණේ බස් වර්ජනයක්

මාර්ග නිති කඩන රියදුරනට අයවැයෙන් යෝජනා කළ දඩයට එරෙහිව  කතරගම සිට  අම්බලන්ගොඩ දක්වා අන්තර් පළාත් පෞද්ගලික බස් සේවකයෝ අද (18) වර්ජනයක් ඇරඹුහ. ලංගම බස් සුපුරුදු පරිදි ධාවනය කරන බව පවසයි.

01-[1] 03-[1] 04-[1]



අදහස් (0)

අවම දඩයට විරෝධය : දකුණේ බස් වර්ජනයක්

බමුණු Sunday, 20 November 2016 05:22 AM

බස් රියදුරන් සහ ත්‍රීවීලර් දඩය 25000 කර අනික් ඒවට රුපියල් 50 කොරන්න එවිට රජයට අාදායමත් ලැබේවි මාර්ග නීති කැඩීමත් අඩුවේවි. අදහස හොඳයි නේද කොහොමද මගේ ටිකිරි මොලේ (බ)

:       0       0

ප්‍රදීප් Friday, 18 November 2016 12:09 PM

දඩය වැඩි කරලා තියෙන්නේ අනතුරු අඩු කරන්න නොවෙයි. රජයේ අදායම වැඩි කරගන්න. ඒක තේරුම් ගන්න. මාර්ග අනතුරු වලට බලපාන වැරදි කරන රියදුරන් උසාවි දාන එක ශක්තිමත් කරන්න. අනතුරු අඩු වේවි. (නි)

:       0       0

සුගත් Friday, 18 November 2016 12:10 PM

ඇත්තටම මේ දඩය මදි කියලයි මට හිතෙන්නේ. කිසිම චාරයක් නැති, බල්ලන්ට වගේ මගීන්ට සළකන, පස්ස ගිනිගත් පිස්සු බල්ලන් මෙන් වාහන එළවන මෙවන් රියදුරන් හට මේ දඩය තුන් ගුණයකින්වත් වැඩිකළ යුතුයි (නි)

:       0       0

මිගිද Friday, 18 November 2016 06:50 PM

කරුණාකරලා ඔය පුද්ගලික බස් පර්මිට් ටික අවලංගු කරලා ලංගම බස් වලින් පුරවන්න. (නි)

:       0       0

අජිත් Friday, 18 November 2016 08:10 AM

දඩය වැඩි කරපු එක හොදයි. නමුත් හැම දෙනාටම සමානව නීතිය ක්‍රියාත්මක කරන තුරු රිය අනතුරු අඩුවෙන්න නෑ. ලංකාවේ පළමු පුරවැසිය වාහන 100ක් විතර පිරිවරාගෙන, තියෙන මාර්ග නීති ඔක්කමත් කඩ කරගෙන පාර පුරා ගිහින් සාමාන්‍ය ජනතාවට නීති පිළිපදින්න කියන එක මහා විහිළුවක්. (බ)

:       0       0

ශාන්ත Friday, 18 November 2016 10:59 PM

අජිත්, බොරු කියන්න එපා. වත්මන් ජනාධිපතිතුමා එහෙම වාහන 100ක් විතර පිරිවරාගෙන යන්නෙම නැහැ. එහෙම කළේ ඔබතුමාලා වන්දනාමාන කරන හිටපු ජනාධිපතිතුමයි. දඩ වලින් පමණක් අනතුරු අඩු කරන්න බැහැ. නීතිය ගැන දැනුවත් කිරීම් කරන්නත් ඕනෑ. ඔක්කොටම කලින් රටට ඔරොත්තු නොදෙන තරම් වාහන තොගය පාලනය කළයුතුයි. (නි)

:       0       0

පැරකුම් Friday, 18 November 2016 09:47 AM

මුදලින් දඩ ගහනවට වඩා හොඳම විකල්ප ක්‍රමය රිය පැදවීමේ බලපත්‍රය කරන ලද වරදට අනුව නියමිත දින ගණනකට නැතහොත් සදහටම අවලංගු කිරීමයි (නි)

:       0       0

විජිත් Friday, 18 November 2016 10:06 AM

දඩය වැඩි කරපු එක හොඳයි. නමුත් රජය මේ බස් මාෆියාවට ඔතරම් බය ඇයි. බණ්ඩාරනායක මහත්තයාට හැකිවුණා නම් ඇයි මේ රජයට බැරි ඔය බස් ඔක්කොම රජයට පවරාගෙන දක්ෂ කළමනාකරණයක් යටතේ ලංගම දියුණු කරන්න. (නි)

:       0       0

දිලිප් Friday, 18 November 2016 10:09 AM

අජිත්, 100% එකඟයි. (නි)

:       0       0

රන්ජිත් Saturday, 19 November 2016 01:49 AM

වර්තමාන අය වාහන 100 නැතත් වාහන 14 ගෙනියනවානේ. ඊටවඩා වැරදි කරන්නේ ගෝලයෝ. අද මන්ත්‍රීලා සහ පලාබබ්බුත් වාහන 5 - 6 පිරිවරාගෙන මාර්ග නීති කඩාගෙන යනවා. (නි)

:       0       0

නුවන් Sunday, 20 November 2016 03:13 AM

කලින් කරපු නිසා අපිත් කරනවා කියන්න නම් අලුත් කට්ටියක් ඕනෑද? අපි අලුත් සෙට් එකක් පත්කර ගත්තේ පරණ ඇත්තෝ කරපු දේවල් නොකරන්නයි. හොඳ දේවල් කළා නම් එ්වා ඊටත් වඩා හොඳින් කරන්නයි. නිදහසට කාරණා එපා. (නි)

:       0       0

අජිත් Saturday, 19 November 2016 03:06 AM

ශාන්ත, හැමදේම ගැන පාට කණ්ණාඩි වලින් බලන්න එපා. දැන් ඉන්න අයයි, කලින් හිටපු අයයි ඔක්කොම කෙරුවේ ඒක. මෙතුමලා පාරේ යනකොට අපි කාණුවට බහින්න ඕනෑ. (නි)

:       0       0

හේමපාල ලියනගේ Friday, 18 November 2016 10:41 AM

බස් රියැදුරන් වැරදි නොකරනවා නම් දඩ වැඩි වුණාට කාරියක් නැහැනේ. දඩය සියලුම රථවාහන එලවන රියැදුරන්ටම එකයි.ඒ නිසා මාර්ග නීති පිළිපදිමු. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1446 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 19 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 184 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 364 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 355 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


ගම්පහට කණ්ඩායම් 42ක්
2024 ඔක්තෝබර් මස 11 354 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ගම්පහ දිස්ත්‍රික්කයට පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් සහ ස්වාධීන කණ්ඩායම් 18 කින් නාම යෝජනා පත්‍ර බාරදීම සිදු කළ බව දිස්ත්‍රික්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39958 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site