IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අවයව අවසරය රියදුරු බලපතට

රිය අනතුරුවලින් මියයන රියදුරු බලපත් හිමි අයගේ අවයව සිය කැමැත්තෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පවරන බවට වන වගන්තියක් රියදුරු බලපත‍්‍රයට ඇතුළත් කළ හැකි දැයි අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මෙම වැඩපිළිවෙළ ක‍්‍රියාත්මක කළ හැකි ආකාරය සොයා බලා තමන්ට කඩිනමින් වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

විදේශීය රටවල මෙවැනි ක‍්‍රම ක‍්‍රියාත්මක කරමින් අවයව ලබාගෙන බද්ධ කිරීම් සාර්ථකව සිදුකරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (0)

අවයව අවසරය රියදුරු බලපතට

සේන Thursday, 01 October 2015 11:28 AM

මේක භයානක නීතියක්, අනිත් අතට සදාචාරාත්මක නැහැ සිද්ද විය යුත්තේ අවයව දන්දීම සදහා මහා ජනයා උනන්දු කිරීම, අපේ රට බෞද්ධ රටක් නිසා එම කටයුත්ත පහසුවෙන් පුළුවන් වේවි.(ම)

:       0       0

හේවාවිතාරණ Thursday, 01 October 2015 06:35 PM

රට්ටු හිනස්සන ප්‍රකාශයක්. (ර)

:       0       0

යටවත්ත Thursday, 01 October 2015 11:42 AM

ඇයි මේක රියදුරු බලපත් හිමි අයට පමණක් සීමා කරන්නේ? (නි)

:       0       0

මනෝරි Thursday, 01 October 2015 08:32 PM

අනේ ෆොන්සේකා, ඔබ ඉන්න රට කියන්න. ඒ රටට කවදාවත් නොගිහින් ඉන්න. අනුමැතිය නැතුව අවයව ඉන්දියාවෙ නම් ගන්නවා කියලා අහලා තියනවා. දියුණු රටවල මේ අනුමැතිය විවිධ දත්ත පද්ධති වලට ඇතුළත් කරනවා. ලංකාව ඒ පාරේ යන එක අගය කරනවා. (නි)

:       0       0

රන්ජිත් Thursday, 01 October 2015 08:46 PM

මගේ රියදුරු බලපතට මගේ කැමැත්ත ඇතුළත් කර ඇත. රියදුරු බලපත ගන්නා විට කැමැත්ත අසනවා. බටහිර රටවල මෙය සිදුවෙයි. (නි)

:       0       0

දයාල් Thursday, 01 October 2015 12:12 PM

මම නම් මේකට කැමති නැහැ (නි)

:       0       0

කසුන් Thursday, 01 October 2015 12:16 PM

හොඳ අදහසක්.නමුත් රියදුරාගේ කැමැත්ත හෝ අකමැත්ත රියදුරු බලපතෙහි සටහන් වෙනවා නම් හොඳයි (නි)

:       0       0

සෙනෙවි Friday, 02 October 2015 06:52 PM

රියදුරු බලපත්‍රයට මෙවැනි දෙයක් ඇතුළත් කිරීම අසුභ බව කිවයුතුය. මේක හරියට උපැන්න සහතිකයත් නිකුත් කරනවිට දිනය පසුව පුරවන පදනම මත මරණ සහතිකයත් එකපාරටම දෙනවා වගේ වැඩක්නේ (නි)

:       0       0

ඉසුරන්දි Thursday, 01 October 2015 12:25 PM

රියදුරු බලපතට වඩා හැදුනුම් කාඩ් පතට මේ යෝජනාව ඇතුළත් කලොත් නරකද? එතකොට එය සියලුම ජනකොටස් නියෝජනය වෙනවනේ ඒ අයගේ කැමැත්ත අකමැත්ත මත. මේ ක්‍රමය සාර්ථක වෙන බව මටනම් සිකුරුයි. (අ)

:       0       0

හේවාවිතාරණ Friday, 02 October 2015 07:23 PM

රන්ජිත් , මම අවුරුදු තිස්පහක් පිටරට. බටහිර රටවල් ඔය වගේ ප්‍රශ්න සහ ඉල්ලීම් ඉල්ලන්නේ නැහැ (නි)

:       0       0

ෆොන්සේකා Thursday, 01 October 2015 12:31 PM

අපි ඉන්න රටේ නම් කාගෙන් වත් අහන්නේ නෑ.පොඩි මොලේ මරුන ගමන් ඔය වකුගඩු වගේ දේවල් ගලවලා ගන්නාවා .ලිස්ට් එකෙක් ඉන්න අයට බද්ධ කරනවා.ලංකාවේ තාම මැරුණු කෙනෙක්ගෙන් වකුගඩුවක් අරගෙන බද්ධ කරන්න දන්නේ නෑ තාක්ෂනය දියුණු නෑ (හේ)

:       0       0

රුසිරු Friday, 02 October 2015 09:52 AM

අවයව ගන්නවානම් මිය ගිහින් පැය ගණනක් ඇතුලත ලබාගත යුතුයි. මේ යෝජනාව අවයව දන් දෙන්න කැමතිද නැතිද කියලා රියදුරු බලපත්‍රයේ සදහන් කිරීමක් පමණයි. එතකොට හදිසි අනතුරකින් මියගියොත් පවූලේ අයගේ කැමැත්ත බලා ඉන්නේ නැතුව අවයව ගන්න පුළුවන්. බොහොම හොද වැඩක්. බටහිර රටවල් ගොඩක මේක ක්‍රියාත්මක වෙනවා. (ර)

:       0       0

ලලිත් Friday, 02 October 2015 01:32 AM

හැබැයි සමහර රටවල කරනවා වගේ ස්ටිකර් එකක් රියදුරු බලපත්‍රයේ අලවලා නම් වැඩක් නැහැ. අන්තිමට ඔය වකුගඩු බිස්නස්කාරයෝ වගේ අවයව බිස්නස්කාරයෝ බිහිවෙලා, ස්ටිකර් මාරුකරලා අවයව ගළවාගෙන යයි. (නි)

:       0       0

අතුල Thursday, 01 October 2015 12:48 PM

මටත් මේ ගැන නම් ප්‍රසාදයක් නැහැ (නි)

:       0       0

ජෑන් Thursday, 01 October 2015 12:57 PM

මේ වැඩ පිළිවෙළ වහාම නැවැත්විය යුතු දෙයක්. අවයව වෙළදාම ලෝකයේ සරුසාර වෙළඳ ව්‍යාපෘතියක් බව ලංකාවේ හුගක් මිනිස්සු දන්නේ නැහැ. සෞක්‍ය ඇමති අලුත් බිස්නස් එකකටද බහින්න හදන්නේ? මේ වැඩේ සංපූර්ණයෙන්ම මානව විරෝදී වැඩක්. අවශ්‍යනම්, ඇමති තුමාගෙයි එයාගේ පුතා ගේ ඒවා ගන්න කියන්න. (අ)

:       0       0

දුමින්ද Thursday, 01 October 2015 01:06 PM

ඇස් ඉස් මස් ලේ දන් දෙන්න අපට බලපත්‍ර කුමටද (බ)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 01 October 2015 01:14 PM

මේකනම් හරිම භයානක දෙයක් , මොකද කෙනෙකුට ඕනි නම් අනතුරක් ඇති කරලා මරල අවයව ගන්න උත්සායක් ගන්න පුලුව නේද ? මොකද මේක ලංකාවනේ , අන්තිමට ලොක්කන්ට අවයව සොක්කනට මරණය (අ)

:       0       0

සරණපාල Thursday, 01 October 2015 01:18 PM

ෆොන්සේකා ඔය ඉන්නේ මොන රටේද? මම ඉන්න රටේ නම් ලංකාවේ කරන්න යනවා වගේ ලයිසන් එක ගන්නකොට වගන්තියක් තියෙනවා අනුමැතිය දෙන්න. (අ)

:       0       0

තරිංග Thursday, 01 October 2015 01:18 PM

මේ ශ්‍රී ලංකාව (අ)

:       0       0

විරාජ් Thursday, 01 October 2015 01:39 PM

මැරුණට පස්සේ නිකන් පොළවට දිරායනවට වඩා තව කෙනෙකුට බද්ධ කර ජීවිතයක් ගළවා ගන්න පුළුවන් නම් කොච්චර හොඳද? මහජන කැමැත්ත අහන එක හොඳයි. මේකෙත් වැරදි දකින උදවිය හිතාගෙන ඉන්නේ අමරණීයයි කියලා වෙන්න ඇති එයාලා (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Friday, 02 October 2015 04:02 AM

මගේ අදහස නම් මෙවැනි විස්තර බලපත්‍රයේ ඇතුලත් කරනවට වඩා පවුලේ අයගේ අනුදැනුම මත රෝහල් වල, හදිසි අනතුරු අංශවල පරිගණක ගත කරන එක තමා හොඳ. නැතිනම් මුදල් පසු පස හඹා යන සාරධර්ම වලින් පිරිහුණ පුද්ගලයින් සිටින සමාජයක, ඔවුන්ගේ උවමනාවන් මත අනතුරට ලක්වුන පුද්ගලයෙකුට ජිවත් වීමට හැකියාව තිබියදීත්, එම අවස්ථාව නැතිකිරීමේ භයානක තත්වයක් වුවද ඇති විය හැකිය. හදිසි අනතුරකදී බලපත්‍රය ගැන අවධානය අඩු කොට තුවාලකරු/කාරිය වහාම රෝහල් ගත කිරීමේ අවධානය වැඩි කිරීම වඩාත් අගනා ක්‍රියාවක් වනු ඇත (බ)

:       0       0

විජිත් Thursday, 01 October 2015 02:31 PM

අවයව දන්දීම අද ඊයේ පටන්ගත්ත දෙයක් නොවෙයි (හේ)

:       0       0

මනෝජ් Thursday, 01 October 2015 02:46 PM

රියදුරු බලපත තමයි අනතුරෙන් පස්සේ ඉක්මනටම වෛද්‍යවරුන්ට පොලිසියෙන් හම්බවෙන්නේ. අනතුරු වලින් මැරෙන අය නිසා මෙරටට විශාල මුදල් ප්‍රමාණයක් අහිමිවෙනවා. අඩුම ගානේ මෙහෙමවත් රටට මොනවාහරි දෙනවා නම් කොච්චර හොඳද? (නි)

:       0       0

ඉන්දු Thursday, 01 October 2015 02:56 PM

පමාවී හෝ ක්‍රියාත්මක කරන්න යන, වටිනා දෙයක්. බොහෝ රටවල රියදුරු බලපත් ලබාගැනීමේදී මේ පිළිබඳව විමසා, කැමැති නම් එය රියදුරු බලපත්‍රයේ සඳහන් කරනවා. යෝජිත නව ජාතික හැඳුනුම්පත් සමඟත් ක්‍රියාත්මක කරන්න පුලුවන් නම් සහභාගීවීමේ අවස්ථාව ඉතා විශාල පිරිසකට ලැබෙනවා (නි)

:       0       0

රුවන් Friday, 02 October 2015 05:01 AM

නිශාර්ඩ්, ඔබ සමඟ මමත් එකඟ වෙමි.(ම)

:       0       0

ධර්ම ජයවික්‍රම Friday, 02 October 2015 06:44 AM

ඇස්,ඉස්, මස් දන් දුන් ආගමික කියවීමක් සහිත ජාතියකට නීති මගින් අවයව ඉල්ලා සිටීම සදාචාරාත්මක නැහැ, ජනතාව දැනුම්වත් කරමු, (අ)

:       0       0

සුමනපාල Thursday, 01 October 2015 11:10 AM

මේකේ අදහස කවද හෝ රිය අනතුරකින් මිය යාමේ සම්භාවිතාව ලංකාවේ වැඩි බව නොවේද? එකට විසඳුම රිය අනතුරු අඩු කර ගැනීමට වැඩ පිළිවෙලක් සැකසීම නොවේද? (ර)

:       0       0

චානා Thursday, 01 October 2015 11:14 AM

එතකොට එලවන්න වෙන්නේ මැරෙන්න බලාගෙනද? (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 461 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 387 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 500 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1008 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 433 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 20 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14564 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 153 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 98 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site