IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අවයව දන් දෙන ක්‍රමයක් ඉල්ලයි

වකුගඩු ,අක්මාව සහ මොළය වැනි ඉන්ද්‍රීයන් දන්දීම සඳහා එවැනි ශාරීරික අවයව ගබඩා කළ හැකි ක්‍රමයක්  බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව මඟින් ඇති කරන්නැයි කොළඹ පදිංචිකාරියක් අද (6) කොළඹ  දිසා අධිකරණය හමුවේ පැමිණිල්ලක්  ගොනු කළාය.

මෙහි වගඋත්තරකරුවන් වශයෙන් අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ සහ නීතිපතිවරයා නම් කරනු  ලැබ සිටිති.

ලේ බැංකුවක් හා ඇස් බැංකුවක් ඇතත් අනෙකුත් ශරීර අවයව සඳහා එවැනි ක්‍රමවේදයක් නැති බවද පැමිණිලිකාරිය කියා සිටීයි.

මේ වන විට ලංකාවේ බහුතරයක් දෙනා ස්වභාවිකව, රිය අනතුරු සහ රෝගි තත්ත්ව වලින් මිය යන හෙයින් එලෙස මිය යන පුරවැසියන්ට තම මරණයෙන්  වකුගඩු, අක්මා, මොළය  ඇතුළු  ශාරීරික  අවයව දන්දීමේ දැනට ලංකාවේ නොමැති බවත් , එබැවින් මෙවැනි ක්‍රමවේදයක් ඇති කිරීම වඩා යහපත් බව පැමිණිලිකාරිය කියා සිටීයි.

එසේම මෙවැනි ක්‍රමයක් බෞද්ධාගමිකයන් බහුතරයක් සිටින ලංකාව වැනි රටක ඇති කිරීමට බෞද්ධ කටයුතු  දෙපාර්තමේන්තුව කටයුතු කළ යුතු බවත් පැමිණිල්ලේ සදහන් වේ.



අදහස් (0)

අවයව දන් දෙන ක්‍රමයක් ඉල්ලයි

සේන Tuesday, 06 October 2015 12:48 PM

ඉතාමත් වටිනා ක්‍රියාවක් වඩාත්ම වැදගත් වන්නේ මියගියාට පසුව ලබාගැනීමට බැරි අවයව (අක්මාව ආදී) තමන්ගේ මොලය මියගිය නමුත් යන්ත්‍රානුසාරයෙන් පමණක් ජීවත්වන අවස්ථාවකදී වෙනත් කෙනෙකුට දන්දිය හැකි ලෙසට ගිවිසුම් අත්සන් කිරීමේ ක්‍රමයක් සකස් කිරීම, දැනට පවතින ඇස දන්දීමේ ක්‍රමය වගේ (බ)

:       0       0

සෝමරත්න Wednesday, 07 October 2015 04:24 AM

මෙය ඉතාමත් හොඳ අදහසක්. ඉක්මනින් ක්‍රියාත්මක කළොත් හොඳයි. මේ අදහස යෝජනා කළ අයටත්, ක්‍රියාත්මක කරන අයටත් තෙරුවන් සරණයි. (නි)

:       0       0

සුර Wednesday, 07 October 2015 04:36 AM

මොනවා දන් දුන්නත් එ්කත් බිස්නස් එකක් කරගන්නවා අපේ උන් බලන්න කකුලකට ලක්ෂ 3, අතකට 2, අක්මාව 8 කියල ලස්සනට බිලත් දානවා. (ස)

:       0       0

ගුණවතී Wednesday, 07 October 2015 04:39 AM

ඇයට නිදුක් නිරෝගී සුවය පතමු (නි)

:       0       0

කමලා Tuesday, 06 October 2015 03:55 PM

මොලය දන් දෙන්න බැහැ.(අ)

:       0       0

Farzan Samman Tuesday, 06 October 2015 09:03 PM

කමලා හරි ලේ දුන්නට මොලේ දෙන්න බෑ (අ)

:       0       0

විජිත් Tuesday, 06 October 2015 09:24 PM

ඉතාම හොඳ අදහසක්.මේ මහත්මිය ඉල්ලන්නේ ' පටක ' බැංකුවක්.නමුත් මොනවාට බුද්ධ ශාසන අමාත්‍යංශය ගාවගත්තා දැයි මට නම් තේරෙන්නේ නැහැ.ශරීරයේ පටක පිලිබඳ සම්පුර්ණ සම්බන්දය තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යංශයට නිසා ඒ අයත් සම්බන්දකරගෙන මේ පටක බැංකුව පිහිටුවන්නට සිදුවෙනවා. ඒ පිලිබඳ විශේෂඥ දැනුම තියෙන්නේ ඒ අය ළඟ.අනෙක මෙතැනදී ආගම බලපාන්නේ නැහැ කිසිම ලෙසකින්වත් අවයව දන්දෙන්නටවත් ලබාගන්නටවත්.වැදගත් දෙයකදී '' ඕනවට වඩා '' ආගම , ජාතිය ගවගත්තොතින් ඔක්කොම ඉවරයි. .කෙසේවෙතත් මේ සද් ක්‍රියාව 100% ම සාර්ථකවේවා කියා ප්‍රර්ථනා කරනවා. (අ)

:       0       0

ධර්ම ජයවික්‍රම Wednesday, 07 October 2015 10:29 AM

තවත් කෙනෙකුට ජීවිතය දැකීම සඳහා අවයව දන්දීම යහපත්.නමුත් ආගම් සිහිපත් කිරීම නුසුදුසු නැහැ. (බ)

:       0       0

කීර්ති Tuesday, 06 October 2015 11:29 PM

ඔය විශ්‍රාමිකයන්ට දීල තියන කාඩ් එක වගේ හෙල්ත් කාඩ් එකක් හදන්න. ඒක ගැහුවම රෝගියාගේ විස්තරත් ඔහු හෝ ඇය අවයව දන්දීමට කැමතිද යනවග ඕනෑම රෝහලකින් දැනගත හැකිවන විදියට. අයෙක් මියගියපසු අවයව ලබගතහකිවෙන විදියට. (අ)

:       0       0

ශාන් සෞදි Tuesday, 06 October 2015 11:02 AM

ඉතා හොද ක්‍රියාවක් මෙය කළ හැකිනම් වකුගඩු, අක්මා, මොළය වැනි දෑ නිසා අකාලයේ මිය යන අහිංසක ජීවිත බේරා ගත හැකි වනු ඇත මේ හැකි ඉක්මනින් රජය විසින් ඉටුකළයුතු කාර්යයකි මා ද බොහෝ කල් සිට මෙය කළ හැකිනම් හොද දෙයක් යයි සිතුවද කර ගත නොහැකි විය රිය අනතුරු වලින් මිය යන තරුණ ජීව්ත බේර ගත යුතු වුවද බේරාගත නොහැකි අයගෙන් මෙය ලබා ගැනීමට ක්‍රමවේදයක් සකසන මෙන් ඉල්ලා සිටිමි (බ)

:       0       0

පිටිගල මිලානෝ Tuesday, 06 October 2015 11:30 AM

ලේසිම ක්‍රමය නම් කොටදෙණියාව පොලෝසිය පැත්තේ යන එක. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 0 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 722 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 271 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3185 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2055 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1763 2

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 175 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site