IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


අවුරුද්දකදී ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ටොන් අසූවක් පමණ බරැති ප්ලාස්ටික්  පෑන් කෝටි දොළහක් වසරකට වෙළෙඳපොළට නිකුත් කෙරෙන බව  පරිසරය ස්වභාවික සම්පත් සහ තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේදී  තොරතුරු අනාවරණයවිය.

පෑන් නිෂ්පාදනය කිරීමට භාවිත කරන ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට ආයතනයක් මෙරට නොමැති හෙයින් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් ප්ලාස්ටික් පෑන් නිපදවීමට ඇති හැකියාව පිළිබඳව  සොයා බලන ලෙස එම කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම   මහතා පැවසීය.

එමෙන්ම පෑනක වටිනාකමින් වැඩි කොටස පෑනේ තීන්තවලට සහ පෑන් තුඩ සඳහා වැයවන බැවින් පෑන් බටය නැවත නැවත පාවිච්චි කළද  පෑනක මිල සැලකිය යුතු ලෙස අඩු නොවන බව මෙහිදී තොරතුරු අනාවරණයවිය.

පරිසරය ස්වභාවික සම්පත් සහතිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා  රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

මේ අතර දිවයින පුරා සුපිරි වෙළෙඳසල් හා ඒවායේ වෙළෙඳ ශාඛාවලින් භාණ්ඩ මිලදී ගැනීමේදී  මුදල් කවුන්ටරයෙන් පොලිතීන් බෑග් නොගන්නා හෝ නැවත භාවිතා කල හැකි බෑගයක් භාණ්ඩ රැගෙන යාමට ගෙන එන  පාරිභෝගිකයින්ගේ රුපියල් 500 ට වැඩි බිල්පත් සඳහා රුපියල් 5ක මුදලක් අඩු කිරීමට එම  ආංශික අධීක්ෂණ කාරක සභා රැස්වීමේදී  එම සුපිරි වෙළෙඳසල් හිමියෝ එකඟත්වය පළ කළහ.

අධික පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය හා ඉන් අනාගතයේදී ඇතිවිය හැකි අහිතකර  බලපෑම් පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා මෙම වෙළෙඳසල් ප්‍රධානින් දැනුවත් කළේය. ඒ අනුව එම අහිතකර තත්වයන් අවම කරමින් පොලිතීන්, ප්ලාස්ටික් භාවිතය තුරන් කිරීම  සඳහා  මුලික පියවර  කිහිපයක්  සඳහා කාරක සභාව නිර්දේශ ඉදිරිපත් කළේය.

මේ කාරක සභා රැස්වීමට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාර ඉඳුනිල් අමරසේන,  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ සහ  වෛද්‍ය තිලක් රාජපක්ෂ යන මහත්වරුද සහභාගි වූහ.



අදහස් (3)

අවුරුද්දකදී ප්ලාස්ටික් පෑන් ටොන් 80ක් පරිසරයට

Lankabarana Thursday, 04 April 2024 04:14 AM

අපි පොඩිකාලයේ තීන්ත කුප්පියක් සමග කටු පෑන් පාවිච්චියට ගත්තා. ඒක දරුවන්ට ඉතාමත් කරදර පෑනක් තමයි. ඊළඟට මිල ඉතාමත් අඩු Cial පෑන් තීන්ත පුරවා ලියන්න පුළුවන් පෑන් ආවා. ඊට පස්සෙ තමයි ඔය බෝල් පොයින්ට් නැත්නම් කාබන් පෑන් කියන වර්ගය ආවේ .මේවා මුදල් ඉපැයීම සදහා පමණක් කරන නිෂ්පාදන කියන්න පුළුවන් .මොකද භාගයක් පාවිච්චියට ගන්නාවිට ලිවීම නතර වෙලා විසිකරන්නම වෙනවා .කිසිම ප්‍රමිතියකින් නැහැ .වෙන්නෙ පරිසරයට හානි පමණයි .එනිසා මේවායින් පරිසරයට හානියක් වෙනවා නම් භාණ්ඩයේ ප්‍රමිතිය වත් දියුණු කරන්න නීති සැකසීම කරන්න ඕන .දෙවනුව ලංකාවෙ පොලිතීන් ප්‍රතිචක්‍රිකරණය කරන්න ආයතන නැහැ කියලා බැහැ .එවැනි ආයතනයක් හදන්න කටයුතු කරන්න ඕන

:       2       10

වත්සි Thursday, 04 April 2024 09:58 AM

ජනතාව වෙතින් ද ගිලිහී ගිය, නැතහොත් හිතා මතා ගැඹුරින් නොසිතන, සජබ, ජාජබ, පොහොට්ටුව, යුඑන්පිය හෝ ප්‍රාදේශීය පක්ෂ මුනිවත රකින, ඒ ගැන වගේ වගක් ද නැති පාරිසරික ප්‍රශ්නයක් වන්නේ මෙම කාබන් පෑන් ගැටලුවයි. දෙමාපියන් ද පාසල් ළමුන්ට හිතු මතේ මේවා භාවිතා කිරීමටත්, කිසිම අරපිරිමැස්මකින් තොරව භාවිත කිරීම, වගකිව යුතු ලෙස ඉවතලෑම වැනි කරුණු පෙන්වා දෙන වගක් නොපෙනේ. ගුරුවරු ගැන ද කතා කර පලක් නැත. දියුණුව යයි කියමින් අප ගමන් කරන්නේ අවරටම බව පෙන්වා දෙන කාරණයක් ඉස්මතු කිරීම පිලිබඳ ලන්කාදීපයටත්, අදාළ රාජ්‍ය ආයතනයටත් ස්තුතියි.

:       1       1

සෙනෙවිරත්න Thursday, 04 April 2024 05:24 PM

එහෙම ජාති කොපමණ තියෙනවාද? කිරි පැකට් බීලා පාරේ දානවා, බීම බෝතල් බට, බැටරි කෑලි LED බල්බ්, මේවායින් අනවශ්‍ය දෑ තහනම් කරන්න...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු පහළට
2024 ඔක්තෝබර් මස 01 161 0

ඩීසල් මිල අඩුවීමේ වාසිය ජනතාවට ලබාදෙමින් බස් ගාස්තු අඩු කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කර තිබේ.


නිධන් හැරූ හිටපු පීසී ඇතුළු 6ක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 97 0

මන්දාරම් නුවර, එලමුල්ල ඔය රක්ෂිතයේ පිරිසක් නිධන් හාරන බවට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගිය අවස්ථාවේදී සේවය අතහැර ගිය කොස්තාප


රිය අනතුරින් 8ක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 01 148 0

අව්ස්සාවේල්ල කෑගල්ල ප්‍රධාන මාර්ගයේ කෝට්ටපොල පීල්ල ආසන්නයේ ලංගම බස් රථයක් පාරෙන් ඉවතට පෙරළී යාමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් අටදෙනෙකු තුවාල ලබා ක


නිධන් හෑරූ පිය-පුතු අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 01 167 0

පස්සර පරමංකඩ ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පියපුතු දෙපලක් රුපියල් ලක්ෂ ගණනක් වටිනා මැනික් ගල් 11ක්, කුඩා ඉපැරණි බුදු පිළිමයක් , රන්පැහැති කුඩා මංජු


සත්වෝද්‍යාන දොර දරුවන්ට අද නොමිලේම ඇරෙයි
2024 ඔක්තෝබර් මස 01 157 0

අවුරුදු දොළහට අඩු දරුවන්ට ලෝක ළමා දිනය නිමිත්තෙන් ලංකාවේ සියලුම සත්වෝද්‍යාන වලට අද(1) නොමිලේ පිවිසීමට අවස්ථාව දෙන බව සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පවසය


තැනින් තැන අදත් වැස්ස
2024 ඔක්තෝබර් මස 01 67 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38362 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25285 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 263 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 867 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 312 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site