IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අවුරුද්දත් කිට්ටු කිට්ටු

අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් රෙදිපිළි,එළවළු , සපත්තු,පළතුරු ආදිය ගැනීමට ආ බාල මහලු තරුණ පිරිස් වලින් කොළඹ පිටකොටුව හා තදාසන්න නගරවල කඩසාප්පු හා වීදි අද (5) පිරී ගියේය.

දුම්රියෙන්,බස්රියෙන් ත්‍රීරෝද රථයෙන් හා පෞද්ගලික වාහන වලින් ආ පිරිස් කඩ සාප්පු වල රෙදි තෝරන්නට වූහ. නිමි ඇඳුම් ගැනීම බොහෝ දෙනාගේ උත්සාහය විය.

ඇතැමෙක් රෙදි කඩවලට ගොස් කමිස කලිසම් ආදිය ගැලපේ දැයි ඇඟට තබා බැලුහ. ඇතමෙක් දෑතින් බඩු පුරවාගත් මලු ඔසවාගෙන ගියහ.

තරුණයන් බොහෝ විට පැමිණ සිටියේ තරුණියන් ද සමගය.

ඇතැම් වෙළදුන් පැවසුවේ වෙළදාම සරු බවයි. තවත් වෙළෙන්දෙක් පැවසුවේ මෙදා අවුරුද්දවත් හොදට කන්න පුළුවන්නම් කොච්චර හොඳද කියා ය.

එළවළු මිලට ගැනීමට ආ ජනයාගෙන් මැනිං වෙළඳ පොළද පිරී ගියේය.

විදේශ සංචාරකයෝද පිටකොටුවේ තැන තැන දක්නට ලැබිණි.

මහා සාප්පුවේ මුදලාලිගේ සිට පදික වේදිකාවේ රසකැවිලි විකුණන්නා දක්වා ඉතාම කඩිසර බවක් දක්නට ලැබුණි.

රට පළතුරු බොහෝ විය. ලංකාවේ පලතුරු  එතරම් දක්නට නොලැබිණි. මාළුවලට වඩා කරවල මිල ඉහළ ගොස් තිබිණි.




අදහස් (0)

අවුරුද්දත් කිට්ටු කිට්ටු

රජිත් Friday, 05 April 2013 05:52 PM

71න් පස්සේ අවුරුදු අපිව කෑවා. පාලකයෝ අවුරුදුයි රටයි දෙකම කෑවා.(නදී)

:       0       1

සංතුෂ් Friday, 05 April 2013 05:54 PM

අවුරුදු 30 ක් වවාගෙන කෑ යුද්ධයක් නිමාකරලත්, බඩු මිළ අසාමාන්‍ය ලෙස ඉහල යෑම පාලනය කරලත්. රටේ පාරවල්, ගුවන් තොටුපලවල්, වරායවල් හදලත් සමහරුන්ගේ ඇස් පේන්නෙ නෑ. දේශපාලන කුහක කම හා වෛරය නිසා. මතක තියාගන්න 1977 තේ එකක් ශත 05 1994 ඒක රූපියල් 5/- යි සරල උපමාවක් විතරයි. 1977 හාල් සේරුව රුපියල් 2/- යි 1994 ඒක රුපියල් 25/- යි තම තමන්ගේ පාලන සමයන්හිදී කවර දාවත් බඩු මිළ ඉහල නොදැම්මා සේ කථාකරන අය පිළිබඳ ඇත්තේ කණගාටුවක් නොව පිළිකුලක්.(නදී)

:       0       1

ඇන්ටන් Friday, 05 April 2013 06:30 PM

යුරෝපේ මිනිස්සුත් ජීවත් වෙන්නේ අමාරුවෙන් තමයි.(නදී)

:       0       1

තිලක්-ඩුබායි Friday, 05 April 2013 06:37 PM

කුරුවිට. ඉක්මනටම චිකිත්සක වෛදයවරයෙක් ලගට ගිහින් මොලේ පරික්ෂා කර ගන්න. සමහර විට සුව කරන්න බැරි මොලේ අමාරුවකින් පෙළෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි රුපියල් 5000/= ක් විතර අරගෙනම යන්න. හැම දෙයක්ම දැන් මුදල් වලින් කරන්න සිද්ද වෙලා තියෙන්නේ.(නදී)

:       0       1

කීර්ති Friday, 05 April 2013 06:49 PM

ඇසල, අද රටේම දනස්කන්දය බෙදිලා යන්නේ ඉතාම සුළු පිරිසක් අතේ කියල හිතන්නවත් මොලයක් නැද්ද? (නදී)

:       0       1

ෆසල් Saturday, 06 April 2013 07:55 AM

බොදු බල සේනාවට මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ප්‍රණාමය! (නි)

:       1       1

කීර්ති Friday, 05 April 2013 06:42 PM

ඇසල, අද රටේ ධනස්කන්දය බෙදිලා යන්නේ ඉතාම සුළු පිරිසක් අතරේ කියලා හිතන්නවත් මොලයක් නැද්ද? (නි)

:       1       1

කැලුම් Saturday, 06 April 2013 09:02 AM

අවුරුද්දත් කිට්ටු කිට්ටු .... සල්ලි වලට තට්ටු තට්ටු ...... (නි)

:       0       2

තිලක් Friday, 05 April 2013 07:05 PM

ලංකාවේ රැකියා කරලා ලැබෙන මුදල හරියට තුන් වේල කාලා ඇදලා ඉන්නත් අමාරුයි. (නි)

:       0       2

කීර්ති Saturday, 06 April 2013 09:19 AM

අපට නිදහසේ ජීවත්වෙන්න මග සාදා දුන් හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාවට අප හැමගේ උත්තමාචාරය! රණවිරුවනි, අප ඔබට සදා ණයගැතියි. (නි)

:       1       1

තිලක් Saturday, 06 April 2013 09:22 AM

අජිත්, අද අපේ රුපියලේ අගය මොන තරම් බාල්දු වෙලාදා? (නි)

:       0       2

නන්දලාල් Friday, 05 April 2013 07:12 PM

බඩුමිල අඩු රටක් ලෝකේ කොහෙවත් නැහැ. මිනිස්සු මහන්සි වෙලා මුදල් හම්ඹ කරන්න ඕන. සරත් ෆොන්සේකා මහතා ඇතුලු හමුදාපති වරුන්ට සහ ජනාදිපති තුමාට පින්සිද්ද වෙන්න මරන බිය නැතිව මිනිස්සු ජීවත් වෙන බව අමතක කරන අය වයසක දෙමාපියන්ටත් ඔය විදිහටම ගරහනවා. වැරදි දේවල් විවේචනය වරදක් නැහැ ඒත් ගැරහීම නොකළ යුතුය.(නදී)

:       0       1

තිලක්-ඩුබායි Friday, 05 April 2013 07:20 PM

නිමල්, මටත් කියන්න තියෙන්නේ අරකම තමයි.(නදී)

:       0       1

සමීර සාලින්ද Saturday, 06 April 2013 10:47 AM

ෆොන්සේකා සර් නැත්නම් මේ රට ඉවරයි.. තමන්ගේ ජීවිතේ පරදුවට තියලා මේ රට බේරගත්තේ ඒකටනේ... (ස)

:       0       1

තිලක් Saturday, 06 April 2013 11:19 AM

කැටවල ලංකාවේ ආර්ථිකය හොදනම් යුරෝපයට වෙලා මොකට දුක් විදිනවද. යන්නකෝ ලංකාවට.ගිහින් පිළිවෙලක් වෙන්නකෝ..කව්රුවත් එපා කියන්නේ නැහැ. (ස)

:       0       1

අනිල් Saturday, 06 April 2013 11:29 AM

යුරෝපය ලංකාවට සමකරන්න බැ..(ස)

:       0       1

තිලක් Friday, 05 April 2013 07:51 PM

එස්සර අපි ගල්ෆ් වල ඉදලා නිවාඩුවට යනකොට ලංකාවට අරන් ගියේ ඉලෙක්ට්‍රොනික් උපකරණ. අද අපි අරන් යන්නේ කිරිපිටි, සීනි, පරිප්පු, හාල්, කරවල, රින්සෝ පවුඩර්, ඇදුම් පැළදුම්... (නි)

:       0       1

සෙන්තිල් Friday, 05 April 2013 08:08 PM

සෞදි සිංහ, එහෙනම් යන්න ලංකාවට, මුස්ලිම් රටවලට ඔහේ වගේ අය පය ගහන්නත් හොඳ නැහැ. සෞදිය අපිරිසිදු වෙයි. (නි)

:       0       1

කුරුවිට Friday, 05 April 2013 02:55 PM

අපේ ගරු ජනාධිපතිතුමාට පින්සිද්ධ වෙන්න මිනිසුන් සතුටින් ඉන්නවා. (ස)

:       0       1

සිල්වා Saturday, 06 April 2013 12:24 PM

රජයේ ඇමති කෙනෙක් මේක දැක්කොත් මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       1

සෙන්තිල් Friday, 05 April 2013 08:16 PM

ඇසළ, මොකටද එහෙනම් රට ගියේ? (නි)

:       0       1

විමුක්ති Saturday, 06 April 2013 12:29 PM

ජෙනරල් සරත් ෆොන්සේකා ජීවිත පරිත්‍යාගයෙන් නිදහස් කර දුන්න රට දේශපාලකයන් විසින් විනාසයෙන් විනාසයට පත් කරනවා. (නි)

:       0       1

රිස්වාන් Saturday, 06 April 2013 12:44 PM

මේ පුවත ලියල තියෙන්නේ හරියට කොළඹට ප්‍රථම වතාවට ආපු කෙනෙක් වගේ.(ස)

:       0       1

අනිල් Friday, 05 April 2013 03:18 PM

අනේ කුරුවිට වගේ මෝඩයක්! බඩු මිල වත් දන්නේ නැතිවද? නැත්නම් ඇස් අමාරුවද? එහෙම නැත්නම් වෙන අමාරැවක්ද?(නදී)

:       0       1

කුරුවිට Friday, 05 April 2013 08:36 PM

නිමල් ඇයි ඔයා ජයට අවුරුදු කන්නේ. නය ගෙවන්නේ පොලිසියෙන්ද? (නදී)

:       0       0

අජිත් Friday, 05 April 2013 03:22 PM

අපොයි කුරුවිට මේ මොනවා කියනවද? (නදී)

:       0       0

නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 03:30 PM

අද අවුරුදු කන්න මගුල් ගෙයක් කන සල්ලි යනවා. ඒත් මොනවා කරන්නද? පොඩි උන්ට අපේ චාරිත්‍ර වාරිත්‍ර ටික වත් උගන්වන්න එපායැ. ඒ නිසා නය වෙලා හරි අවුරුදු කනවා .(නදී)

:       0       0

සම්පත් Saturday, 06 April 2013 02:25 PM

මුස්ලිම් රෙදි කඩයකට ගියොත් තමන්ට කැමති පරිදි සාදාරන මිලකට බඩු ගත හැක. ඇයි අපේ සිංහල කඩ මේ වගේ නැත්තේ...? (ස)

:       0       0

අජිත් Friday, 05 April 2013 09:09 PM

2009 ට කලින් යුද්ධේ තිබුනට මෙතරම් බඩු මිල ඉහල ගියෙත් නැහැ. අතේ මිටේ මුදල් හිඟ උනෙත් නැහැ. ශාන්තලාල් නන්දලාල් කුරුවිටල ජීවත් වෙන්නේ ලංකාවේ නොවෙයි කියලයි මට හිතෙන්නේ.(නදී)

:       0       0

සරත් Friday, 05 April 2013 03:44 PM

කුරුවිට ලංකාවේද ඉන්නේ.(නදී)

:       0       0

සම්පත් Saturday, 06 April 2013 03:11 PM

කෙටියෙන්ම කියනවා නම් ලංකාවේ මිනිසුන්ට දවස් හතෙන් සියලු දේවල් අමතක වෙනවා...එක නිසා පහුගිය දේවල් කතා කිරීම නිෂ්පල දෙයක්...(ස)

:       0       0

නිමල් සෞදි අරාබිය Friday, 05 April 2013 03:42 PM

කුරුවිට සහෝදරයා අද ලංකාවේ මිනිස්සු සතුට පස්ස පැත්තේ හංගගෙන ඉන්නේ .(නදී)

:       0       0

නිලන්ත Friday, 05 April 2013 04:29 PM

බඩුමිල ගණන් වැඩියි. අනේ මන්ද රට පෙරටලුනේ.(නදී)

:       0       0

ක්‍රිෂ් Saturday, 06 April 2013 04:54 PM

එරබොදු මල් පොට්ටු පොට්ටු..(ස)

:       0       0

චුටි Friday, 05 April 2013 04:43 PM

කුරුවිට, පොන්සේකාට පින් සිද්ද වෙන්න.

:       0       0

ලකී Friday, 05 April 2013 04:37 PM

කුරුවිට සහෝදරයට බනින්න එපා. මීට අවරුදු තුනකට කලින් (2009) ඔය කියන පළාතේ සාප්පු යනවා තියා බලු බල්ලෙක්වත් හිටියේ නැහැ .(නදී)

:       0       0

ජීවා Friday, 05 April 2013 11:27 PM

සියලුම කුහකයන් වෙතට! අවුරුදු 30ක් පුරාවට කොටියන්ගෙන් අපේ සියලු රටවැසියන් විඳපු දුක අමතක වුණාද? අපට නිදහසේ ජීවත්වෙන්න මග සාදා දුන් අතිගරු ජනාධිපතිතුමා ඇතුළු සියලු ත්‍රිවිධ හමුදාවට ගුණමකු නොවන අප හැමගේ උත්තමාචාරය! ජනාධිපතිතුමනි, අප ඔබට සදා ණයගැතියි. (නි)

:       0       0

ශාන්තලාල් Friday, 05 April 2013 04:56 PM

සෞදි අරාබියේ බඩු මිළ තුන් ගුනයකින් වැඩිවෙලා. අදටත් අපේ රටේ බඩු මිළ අඩුයි. කුරුවිට ඕවා දන්නේ නැහැ.(නදී)

:       0       0

මුතුකුඩ Saturday, 06 April 2013 12:35 AM

හරි හමන් සාප්පුවකට ගියා නම් කණකරත් උගස් තියලා තමයි එන්න වෙන්නේ (නි)

:       0       0

සුනිල් Friday, 05 April 2013 05:05 PM

සැමටම සුභ අලුත් අවුරුද්දක් වේවා (දී)

:       0       0

ඇසල Friday, 05 April 2013 05:07 PM

අතිගරු ජනාදිපතිතුමා නොහිටින්න කන්න තිබුන කොටින්ගේ බෝම්ඹ. කුරුවිට මහතාට මතක තිබුනට ගොඩකට 2009 ට කලින් කාලය අමතකවෙලා, අපේ අයට කොහොම හරි කන්න තිබුනොත් සේරම හරි.(නදී)

:       0       0

ෂෙරිෆ් Friday, 05 April 2013 05:12 PM

උදාවන සිංහල හින්දු අලුත් අඋරුද්ද ලංකාවාසී සැමට වාසනාවන්ත දිනක් පතමි. අවාසනාවන්ත අතීතය අමතකකර සිංහල,දෙමළ, මුස්ලිම්, මැලේ සියලු දෙනා එකට අත්වැල් බැඳගෙන ලකමව දිරියෙන් සුරකිමු. සැමට ජය පතමි. (නදී)

:       0       0

මේනක Friday, 05 April 2013 05:20 PM

පැෂන් බාග් ප්‍රශ්නේ නිසා පිටකොටුවෙන් වත් බඩු ගනිමු.(නදී)

:       0       0

දනුෂ්ක Friday, 05 April 2013 05:23 PM

අද බයක් සැකක් නැතුව මිනිස්සුන්ට පාරේ බැහැලා යන්න පුලවන්. බඩු ගන්න තමයි බැරි. ටිකක් ඉවසලා ඉමු.(නදී)

:       0       0

මනෝජ් Saturday, 06 April 2013 02:15 AM

එදා බෝම්බ නිසා අවුරුදු නැහැ. අද බඩු මිළත් එක්ක අවුරුදු කන්න බැහැ. ඕකනේ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

කැටවල Saturday, 06 April 2013 02:35 AM

අපි යුරෝපයේ දකින ආර්ථිකය අනුව ලංකාවේ ආර්ථිකය ගොඩක් හොදයි. අපේ ජනාධිපතිතුමාට පින් සිදුවෙන්න ලංකාවේ මිනිස්සු ජීවත් වෙනවා මරන බයක් නැතුව. දුෂණය අඩුකරගත්තොත් තවත් හොදයි. ඔබ ලෝකයේ ඉන්න ශ්‍රේෂ්ට නායකයෙක්. (නි)

:       0       0

දාස Saturday, 06 April 2013 02:52 AM

මේකත් ඔය තරම් ලොකු දෙයක්ද. කවදද පිට කොටුවේ සෙනග නැති වුනේ? 77 ට පෙර පෝලිම් යුගයේත් පිටකොටුවේ ඔය වගේ සෙනග හිටියනේ .(නදී)

:       0       0

සෞදි-සිංහ Friday, 05 April 2013 05:36 PM

සෞදි අරාබියේ යුද්දයක් තිබ්බෙත් නෑ ඇත්තෙත් නෑ පෙට්‍රල් ලීටරයක් රු 15.00 යි හාල් රු 165.00, පරිප්පු රු 300, සීනි රු 150.00, බෝංචි රු 265.00, කැරට් රු 220.00, කුඩා ටින් මාළු රු 150.00, මේ ජෙඩා නගරයේ කිලෝ එකක අවම මිල තමයි. සෞදි මිනිස්සු ජීවත් වෙන්නෙත් බොහොම අමාරුවෙන්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 151 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 618 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 666 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 263 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 732 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2029 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site