IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


අවුරුදු කුමරා ලන්ඩන් නුවරට

ලන්ඩන් නගරයේ හවුන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනම සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් සංවිධානය කරන ලන්ඩන් බක්මහ උළෙල අටවැනි මෙවර වරටත් පවත්වන ලදී. ලන්ඩන් බෞද්ධ විහාර විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමියන් සමඟ මහා බ්‍රිතාන්‍යයේ  ශ්‍රීලංකා මහකොමසාරිස්  දොස්තර ක්‍රිස් නෝනිස්, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ ලන්ඩන් නියෝජිත නලින් පෙරේරා සහ කාර්ය මණ්ඩලය ද හවුන්ස්ලෝ නගරයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි සීමා මල්හෝත්‍රා, නගර සභා නායක ජග්දිස්  ශර්මා, නගරාධිපති ප්රිටම් ගරුවල්, පලාතේ නගර නගර සභා මන්ත්‍රීන්, ලංකා බැංකු කලමනාකාර ධම්මික මුටුකුඩආරච්චි ඇතුළු  සම්භාවනීය අමුත්තන් ආරාධිත අමුත්තන් ලෙස සහභාගීවුහ.

ලන්ඩනයේ ඇති අධික සීතල දේශ ගුණයද නොතකා මෙවර අවුරුදු උත්සවය සඳහා සිංහල,දෙමල සහ මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකික දෙමව්පියන්, දරු දැරියන් සහ හිතමිත්‍රාදීන් විශාල පිරිසක් සහභාගී වුහ.

කනාමුට්ටිය බිදීම,අලියට ඇස  තැබීම,මීටර් 100 දිවීම, බැලුම් පිපිරවීම, විකට ඇදුම් තරගය වැනි සම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් මෙන්ම අවුරුදු කුමරිය  තරගය ඇතුළු  ළමා සහ වැඩිහිටි කණ්ඩායම් ඉදිරිපත් කල නර්තන අංගයන් ඇතුළත්වූ අවුරුදු උළෙල ඉතා අලංකාරවත්විය. 

මෙහිදී ඉදිරිපත් කල සියලුම නැටුම් අංගයන් පුහුණු කරන ලද්දේ  ලන්ඩන් නුවර මදු මාරසිංහ, බර්මින්හැම් නුවර කස්මි දිසානායක සහ ක්‍රොයිඩන් නගරයේ රෝහිනී යන නර්තන ශිල්පීන් විසිනි.

අවුරුදු කුමරිය තරගය සංවිධානය කරන ලද්දේ මනෝජා අල්මෙදා විසිනි. විස්තර කථන අසිරි බණ්ඩාර සහ ශිරාන් අල්මේදා විසින් සිදුකරන ලදී.

හවුන්ස්ලෝ ජනහඬ පදනමේ සභාපති ශ්‍රීලාල් ඩයස් ඇතුළු සියලුම සාමාජික මහත්වරු මෙවර අවුරුදු උත්සවයේ සියලුම වැඩකටයුතු සංවිධානය කිරීම සඳහා සහාය වුහ.

 

 

 

 

 



අදහස් (0)

අවුරුදු කුමරා ලන්ඩන් නුවරට

නිලුපුලී Monday, 15 April 2013 08:55 AM

වික්ටෝරියා විතරක් නෙමෙයි, බොහෝ ප්‍රාන්තවල අවුරුදු උත්සවය ජයටම සැමරුවා. (නි)

:       0       0

සෝමදාස Sunday, 14 April 2013 06:55 PM

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ බෙන්දිගෝ නගරයේ සිංහල අවුරුදු උත්සවය 14 වැනිදා උදේ 10 සිට පැවැත්වුණා. (නි)

:       0       0

ධම්මසිරි හිමි Friday, 26 April 2013 02:15 PM

අපේ කම දැනෙනවා හරිම සතුටුයි.(නදී)

:       0       0

අනුර Monday, 15 April 2013 01:28 PM

හරිම ලස්සනයි. කොයිතරම් වාසනාවන්තද පිටරටක මේ වගේ කරන්න ලැබීම ගැන? (නි)

:       0       0

විහග Wednesday, 17 April 2013 06:11 PM

දුරු රටක සිටියත් අපේ සිංහල සිරිත් විරිත් අමතක නොකළ ඔබට අපෙන් සුබ අලුත් අවුරුද්දකට උණුසුම් සුභ පැතුම් ! (නි)

:       0       0

සෙන්තිල් Sunday, 14 April 2013 11:39 PM

සෝමදාස,ඉතාම වැදගත් ආරංචියක් ඔබ දාල තියෙන එක. (නි)

:       0       0

ගාමිණි Monday, 15 April 2013 03:43 PM

අංග සම්පුර්ණ අවුරුදු උත්සවයක්. ඉතාමත් අලංකාරයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රජරට සරවියේ නව තාක්ෂණ පීඨය විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 02 386 0

අනුරාධපුර, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ නව තාක්ෂණ පීඨය විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරත


සවස් කාලයේදී වැස්ස වැඩිවෙයි
2024 ඔක්තෝබර් මස 02 120 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල, සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


හිටපු ඇමැති රොත්තක් තවම රජයේ බංගලාවල
2024 ඔක්තෝබර් මස 02 1831 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් අතුරින් රජයේ බංගලා තවමත් බාරදී ඇත්තේ තිදෙනකු පමණක් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත



ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 2333 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 3715 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38558 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25376 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 275 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 927 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site