IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


අවුරුදු තුනෙන් රට හදනවා

(අංජුල මහික වීරරත්න)

රාජපක්ෂවරුන්  පුටින්ලා, දුටුගැමුණුලා, ධර්මපාලලාට  අන්දා ජනතාව රවටා රට බංකොලොත් කළ අයට රටේ ස්වෛරීභාවය ගැන වචනයක් වත් කතා කිරීමේ අයිතියක් නැතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

සොරකම නවතා රාජ්‍ය කාර්යක්ෂමතාව ඇති කිරීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව කී  චම්පික රණවක මහතා සොරකම නැවතීම සහ රටේ ධනෝත්පාදනය අතර වෙනස නොදන්නා අයට රටක නායකයන් විය නොහැකි බව ද කීය.

 එක්සත් ජනරජ පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් රණවක මහතා මේ බව පැවසීය.

ජනාධිපතිවරයාගේ ලියවිල්ල අනුව  රට අර්බුදයෙන් ගැලවෙන්නේ 2032 දී බවත්  රට දියුණු වෙන්නේ 2048 දී බවත් කී රණවක මහතා තව අවුරුදු 25 ක් දුක් විඳින්න පුළුවන් දැයි ප්‍රශ්න කළේය.

වසර තුනක් ඇතුලත  රට හදන්නට එක්සත් ජනරජ පෙරමුණට හැකියාව ඇති බව කී රණවක මහතා රටේ තිබෙන මූලික ප්‍රශ්න තුනක් වන ඖෂධ සහ රෝහල් සේවයේ ගැටලුව,ආහාර ප්‍රශ්නය,බලශක්තිය, ප්‍රවාහනය සහ විදුලිබලය පිළිබඳ ප්‍රශ්නය මුලින්ම විසඳන බව සඳහන් කළේය.

පළමුවෙන්ම රට හදන බවට රටේ වෘත්තීයවේදීන්ට විශ්වාසයක් දිය යුතු බව ද පාඨලී චම්පික රණවක මහතා කීය.



අදහස් (6)

අවුරුදු තුනෙන් රට හදනවා

gamaya Monday, 31 July 2023 01:59 PM

ඔයාටත් වෙලා තියෙන්නේ ටිකක් නිහතමානී වෙන්න නොදන්නා එකනේ. නැත්නම් ඔබට ගමනක් තියෙනවා. ඔබ වගේ කෙනෙක් මේ රටේ පාලකයා විය යුතුයි... නමුත් බහුතරයකගේ ආකර්ෂණය ඇදගන්න බැරිවෙලා තියෙන්නේ ඔන්න ඔය කී ගුණය නිසයි. ඒ වගේම ඔයාට ටීම් එකකුත් නැහැනේ... ඔයාට ඉන්නේ ඔයාම විතරයි.

:       2       26

chandima Monday, 31 July 2023 02:20 PM

බයිල කෙලින්නෙ නතිව දන්න සාස්ත්‍රෙන් රස්සාවක් හොයා ගත්ත නම් නෙද හොඳ?

:       3       16

SUNIL MILANO Monday, 31 July 2023 03:40 PM

පාට ලීයක් නෙවෙයි, දිරච්ච ලීයක්... මැටියෙන් වෙන්න ඇති රට හදන්නේ... අනේ මෙහෙමත් බයිලා කාරයෝ... මහජනතාව ගොනාට අන්දවන්න හදන්නේ..!

:       5       16

amarasena gunawardane Monday, 31 July 2023 03:56 PM

බිරිය සමග සමගියෙන් පවුල් කන්න බැරිවුණ ඔයාට පුළුවන්ද කෝටි 2ක ජනගහනය සමගියෙන් දියුණුවට වැඩ කරන්න. අපි දැක්කනේ ඔයාගේ ජාතිවාදය, ආගම්වාදී ක්‍රියා.. අනේ මේ බොරු නොකියා වැඩක් බලා ගන්න...

:       6       10

මැක්ස් Monday, 31 July 2023 05:01 PM

ජෙප්පන්ගේ වගේම තියෙන්නෙත් වෛරය, ක්‍රෝධය, කුහකකම සහ උපන්ගෙයි අවස්ථාවාදී බව. රෝයල්, සැන්ට් තෝමස්, ආනන්ද, නාලන්ද කාරයෝ කාපු රටේ ඉතුරු ⁣ටික මධ්‍ය මහා විද්‍යාල අයට කන්න දෙන්නයි මෙයාට වුවමනා වෙලා තියෙන්නේ...

:       6       7

Bamunuarachchi Tuesday, 01 August 2023 09:34 AM

ඔක්කොම කියන්නේ ඔය ටික තමයි. මෙයා අවුරුදු 3 රට හදනවා කියනවා. අවුරුදු 3 මෙයාට හැරෙන්නවත් මදි. ජෙප්පෝ කවදා හදනවද කියලාවත් කියන්නේ නැත...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආහාර ප්‍රතිපත්ති කමිටුව සංශෝධනය කරයි
2024 ඔක්තෝබර් මස 15 77 0

ආහාර ප්‍රතිපත්ති කමිටු නිලධරයන්ගේ සංයුතියේ සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ධීවරයන්ට සහන මල්ලක්
2024 ඔක්තෝබර් මස 15 249 0

ආර්ථික අර්බුදය හේතුවෙන් ධීවර කර්මාන්තයට ඇති වී තිබෙන බලපෑම අවම කර, ධීවර කර්මාන්තය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පාසල් ළමුන්ට මත්කරල් විකුණා පොලිසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 15 196 0

ළමුන් ඉලක්ක කර මත්කරල් අලෙවි කල පුද්ගලයන් දෙදෙනකු රුපියල් ලක්ෂ 36 පමණ වටිනාකමකින් යුත් මත්කරල් 24,000 ක් සමග අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි .


හම්බන්තොට දිසාපති තනතුරේ වෙනසක් කරයි
2024 ඔක්තෝබර් මස 15 754 0

හම්බන්තොට පරිපාලන දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් දිසාපති තනතුරට පත්කිරීමක් සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ආණ්ඩුවේ රස පරීක්ෂක පත් කරයි
2024 ඔක්තෝබර් මස 15 311 0

ආණ්ඩුවේ රස පරීක්ෂක තනතුර සඳහා පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගංජා සමඟ පොලිස් සැරයන් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 15 586 0

අනුරාධපුර කඩ 12 ප්‍රදේශයේදි කේරළ ගංජා සමග අනුරාධපුර කොට්ඨාශ බුද්ධි අංශයේ රාජකාරි කළ පොලිස් සැරයන් වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාර


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 448 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 461 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1441 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site