IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

 

(රෝෂන් තුෂාර සහ මනෝප්‍රිය ගුණසේකර)

හෙලිකොප්ටරයක් ගැනීමට බව කියමින් ලබා ගත් රුපියල් කෝටි හතක මුදලක් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ 'අවුරා ලංකා’ සමාගමේ සභාපති විරංජිත් තාබුගල නැමැත්තා ලබන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඊයේ(22) නියම කළාය.

මාස 06ක පමණ කාලයකට පෙර ගත් රුපියල් කෝටි 07ක මුදලක් වංචා කළ බවට ලැබුණු පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුට ඇප නියම කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය තරයේ විරද්ධවීම හේතූවෙන් සැකකරු රිමාන්ඩ් බාරයට පත් කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් කරන විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙස රහස් පොලිසියට නියම කළාය.

අයි.ඩබ්ලිව්.එස්. හෝල්ඩින් සමාගම විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ (22) පෙරවරුවේ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගැනුණ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

පැමිණිල්ල කැඳවනු ලැබූ අවස්ථාවේදී සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු මෙම සිද්ධියට අදාළ සිද්ධිය 2023 නොවැම්බර් 03 වැනිදා සිදුවී ඇතැයි දැනුම් දුන්හ.

(ඡායාරූප -ළහිරු හර්ෂණ)

------------------------------------------

අවුරා ලංකා සභාපති අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල මහතා අද (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව පැවැසේ.



අදහස් (10)

අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

NAMAL Wednesday, 22 May 2024 04:07 PM

මහා බැංකු හොරුන් වත් අල්ලමු , කට්ටියට පැන්ඩෝරා පේපර්ස් වල ආපු අනුපමා රාජපක්ෂ , තීරු නඩේසන් මතක ද ?පැන්ඩෝරා වල ආපු අනුපමා රාජපක්ෂගේ ඩොලර් මිලියන 4000 ගැනත් හෙව්වොත් නරකද ? එක්ප්‍රෙස් පර්ල් නව්කාවේ වන්දියට මොනවද උනේ කියලත් පොඩ්ඩක් හොයලා බලමුද ?

:       15       78

අරවින්ද මොනරවිල Wednesday, 22 May 2024 04:27 PM

අවිද්‍යාව හා මුලාව පිරුණු සමාජයක වන්චනිකයින්ට, හොරුන්ට, රජ මගුල් වගේ. මෙයාලා රිමාන්ඩ් භාරයට යැව්වාට වැඩක් නැහැ. ගියාට වැඩිය වේගයෙන් එළියට එයි.

:       5       47

Prabha Wednesday, 22 May 2024 05:35 PM

හෙට තව නළුවෙක් ගොඩබැස්සොත් එයාටත් අහුවෙනවා. සිංහලයා කවදා පාඩමක් ඉගෙන ගනීද මන්දා..?

:       1       40

sathyapalaThursday, 23 May 2024 09:47 AM

කාට කියන්නද ප්‍රභාත්. ලංකාවේ එවුන් බලන් ඉන්නෙම කාටහරි රැවටෙන්න. එකෙකුට රැවටිලා අහුවුණා බව දැනගත්ත ගමන් හොයනවා තව එකෙකුට රැවටෙන විදිහ. කපුවන්ට පුසාරින්ට මෑණිවරුන්ට රාවනාලට දියසෙන්ට රහතුන්ට පාදිලියන්ට දඩුවම් මුදලාලිට සක්විතිට දොලුකන්දට නිදන්වලින් ගත්ත මරංචි කියලා පිත්තල වලට ධම්මික පැණියට නිට්ටාවට පිළිකා කොලොස්ටරෝල් හොදකරන වෙද්දුන්ට එකී නොකී හැම එකාටම රැවටෙන රවටෙන්නම බලන් ඉන්න ලංකාවේ අය හත් පණ කතාවේ කිරිහාමිටත් වඩා නිවට මෝඩ ජාතියක්.

:       1       1

Bandula Wednesday, 22 May 2024 05:49 PM

නොම්මර එකේ හොර ගෙඩියා කට්ටි පැන පැන හිටියේ යාන්තම් ඇති... සියළුම නිධන් ආරක්ෂා වෙයි...

:       1       37

බද්රානි Wednesday, 22 May 2024 06:54 PM

මොහුත් රාජපක්ෂලාගේ කළු සල්ලි සුදුකරන තවත් හොර තක්කඩි හෙන්චයියෙක් තමයි.... ජීවිත කාලය පුරාම හිරකර තැබිය යුතුයි.... දැනටමත් ලෙඩ වෙලා ඇතිනේ...කොයි, රෝහලේද දැන් ඉන්නේ...?

:       1       3

SUNIL MILANO Wednesday, 22 May 2024 07:43 PM

පැන්ඩෝරා විතරක් නෙමෙයි. විකිලීස් අමතකද. ඒකෙ ඉන්නවා. ජෙප්පොත්. ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න. ඇයි ලැජ්ජද?

:       1       1

නිහාල් Wednesday, 22 May 2024 09:36 PM

ඊලගට නීතිපති විසින් තාක්ෂණික කරුණු මත නඩුව ඉල්ලා අස්කරගන්න ජවනිකාව

:       3       14

සෙනෙවිරත්න Thursday, 23 May 2024 02:15 AM

මේ හාදයගෙ වැරදි පෙන්වනකොට ඇඟට ආපු කට්ටිය හුඟක් හිටිය, සමාජ මාධ්‍යවල, අපේ රටේ මේ වගේ මතුවෙල සල්ලි බලය පෙන්වන උන්ට අහුවෙන අය කොච්චර ඉන්නවද? මේව පෙන්නුවම කුහකයො, දියුණු වෙනවට ඊඊර්ෂ්‍යා කරනව සහ ජවිපෙ කුහකයො කියල ලේබල් අලවන අය කෝ

:       1       2

අපකීර්ති වර්ණකුලසූරිය Thursday, 23 May 2024 06:01 AM

මෙ අර ඩොක්ටර් විරංජිත් තාඹුගල නෙද? ඇයි ඩොක්ටර් කැල්ල හැලුවෙ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 774 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 461 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site