IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


අවලෝකීතේෂ්වර අත්අඩංගුවට

 

(ගයාන් සූරියආරච්චි සහ මනෝප්‍රිය ගුණසේකර)

අවලෝකේතීශ්වර බෝධිසත්වයන් බවට හඳුන්වා ගනිමින් බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන ආකාරයේ දේශනා කළැයි කියන සැකකරු පන්නිපිටිය ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොඩිතුවක්කු මුදියන්සේලාගේ මහින්ද කොඩිතුවක්කු නමැත්තෙකි.

සැකකරු විසින් සිදුකළ ඇති බව කියන බුදුරජාණන් වහන්සේට, භික්ෂූන් වහන්සේලාට හා බෞද්ධාගමට අපහාස වන පරිදි දේශනා සම්බන්ධව, මුදල් විශුද්ධිකරණ පනත සහ මහජන සාමය කඩවීම යන කරුණු සම්බන්ධයෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

බලන්ගොඩ කාශ්‍යප හිමියන් විසින් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔහුගේ බැංකු ගිණුම් පරීක්‍ෂා කිරීමට රහස් පොලිසියට ඉකුත් (12) අවසර ලබාදී තිබුණි.

අවලෝකේතීහ්වර බෝධිසත්වයන් වහන්සේ බවට හඳුන්වාගනිමින් කැලණිය විහාරස්ථානයට පසුගිය (1) වැනිදා පැමිණි මෙම සැකකරු පැහැදිලිවම රංගන ශිල්පියකු බවත් අවුරුදු 10 ක් ඊජිප්තුවේ වාසය කරන අතරතුර බුදු දහමේ ඇති සූත්‍ර විකෘති කරමින් දේශනා දෙසීයකට අධික ප්‍රමාණයක් සමාජ මාධ්‍යයන්ට හා යු-ටියුබ් නාළිකාවලට මුදාහැර ඇති බවත් අධිකරණයේදී අනාවරණය විය.

ජාත්‍යන්තර සිවිල් හා දේශපාලනය පිළිබඳ සම්මුති පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ඉදිරියේදී මෙම පුද්ගලයා පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ඇත.

ඡායාරූප බිමල් ශ්‍යාමන් ජයසිංහ 

 



අදහස් (12)

අවලෝකීතේෂ්වර අත්අඩංගුවට

සමිත සේනක අලුත්ගමගේ. Monday, 15 January 2024 02:45 PM

නිර්මල බුදු දහමේ පැවැත්ම විනාශ කිරීමට බොහෝ උත්සාහයන් තියෙනවා.මහා බෝධිසත්ව සංකල්පය බෞද්ධ අපගේ ආත්මය හා හදවත බඳු දේවල්.ඒ උතුම් වචනය අවභාවිතය කිරීම සුදුසු නොවේ.එවන් විට මහා බෝධිසත්ව චරිතය කිලිටි වෙනවා.මිනිසුන් තුළ ඒ උතුම් වචනය පිළිකුලට භාජනය වෙනවා.මේ දූෂිත තක්කඩින් පිටුපස තිරෙන් එහා සිටින බෞද්ධ විරෝධීන් ගේ කුමන්ත්‍රණ තියෙනවා. ඒකයි මේ තක්කඩින්ට මෙතරම් හයියක් එන්නේ.මේ දුෂිතයට කරුණු කාරණා නොදැන හෝ මුදලට ගැතිවී මහා බෝසතාණන් වහන්සේ යැයි කෙලින්ම අමතමින් එම වීඩියෝ වලට මහත් ප්‍රසිද්ධියක් ලබා දුන් ඇතැම් යූටියුබ් කාරයින්ටද එරෙහිව කිසියම් පියවරක් ගත යුතුය.අදාල රහස් පොලිස් නිලධාරී මහත්වරුන් හට අපගේ ප්‍රණාමය හා ස්තූතිය .. !!!

:       1       46

sam Monday, 15 January 2024 02:53 PM

බලයට, මුදලට නීතියත් යටයි කියන එකට හොඳ උදාහරණයක්. රහත් වෙච්ච එක්කෙනා ආතල් එකේ ඉන්නවා, බුදු වෙච්ච එක්කෙනාව අත් අඩංගුවට ගන්නවා!

:       6       33

රංබොඩ Monday, 15 January 2024 02:59 PM

මෙවැනි NGO කාරයින්ය දඬුවම් කරන්න තරම් රටේ ශක්තිමත් නීතියක් නැතිව ඇති. නමුත් සාමාන්‍ය ජනතාව බුද්ධිමත් විය යුතුයි . නිර්මල බුදු දහම දේශනා කරන මහා සංඝරත්නය හැර මෙවැනි කෙලෙස් කඳු එක්ක ගණුදෙනු නොකර ඉන්න

:       1       35

fairoos Monday, 15 January 2024 03:05 PM

අනේ මන්දා ඇයි මිනිස්සු මෙහෙම මෝඩ

:       0       42

PereraTuesday, 16 January 2024 04:59 AM

fairoos, ලෝකේ ඉන්න සුපිරිම මෝඩ අමනයන් සිංහල මිනිස්සු බව දන්නේ නැද්ද ?අපේ දෙහ්සපාලුවෝ ඒ බව හොඳට දන්නවා

:       0       1

නිහාල් Monday, 15 January 2024 09:05 PM

චීවර දරාගෙන සිටින රහත් වෙච්ච අය, සමලිංගික වැඩ කරලා මාට්ටු උන අය, කාන්තාවන් දෙන්නෙක් එක්ක ඉඳලා අහු උන අයත් කරන්නේ බුදු දහමට අපහාස තමයි.

:       0       1

Dasa P Monday, 15 January 2024 09:13 PM

රහත් කියන වචනය අවභාවිතා කරන අයව අත්අඩංගුවට ගන්නේ නැද්ද ?

:       0       1

Asela Monday, 15 January 2024 09:22 PM

ආගම් වලට නිගරු කරන්නන්ට තරාතිරම නොබලා, භික්ෂූන් ද , ගිහියන් ද යන්නෙන් නොබලා ජීවීතාන්තය දක්වා සිරදඬුවම් දිය යුතුයි. නොඑසේනම් මෙය තවත් වර්ධනය වෙනවා නියතයි.

:       0       1

G. K. Ekanayake Monday, 15 January 2024 09:44 PM

මෙහෙම එක එකා අල්ලලා උසාවි දාල ඔය ප්‍රශ්නේ විසඳන්න බෑ. මහා නායක හිමිපානන් සියලු දෙනා මීට වඩා ක්‍රියාශීලී වියයුතුයි. බුදුදහම විකෘති කරණ ගිහියන් සහ ඇතැම් හාමුදුරු වරු සියලු දෙන්නට නිසි දඬුවම් දියයුතුයි. නිකාය තුනේ නායක හාන]මුදුරුවන් ට පුලුව එවැනි හාමුදුරුවරුන් ගේ භික්ෂුත්වය අවසන් කරන්න. එහෙම නොකර මේක විසඳෙන්නේ නෑ.

:       0       1

Rata Perata Monday, 15 January 2024 10:58 PM

දැන් අර රා බොන ඩබල අත්අඩංගුවට ගන්නේ කවද්ද ?ඒකෙනුත් එකෙක් රහත් වෙලාලු

:       1       10

නිහාල් Tuesday, 16 January 2024 02:04 AM

මම දන්න සමන්ත කියලා කෙනෙකුත් ඉන්නවා විකෘති බණ කියන. හොඳ වැඩේ හෙට අනිද්දම අත් අඩංගුවට ගනියි. දැන් ලේසි වෙන්නෙ නෑ

:       0       0

Sisira Kumara Tuesday, 16 January 2024 05:48 AM

මෙලොවින් බේරුණත් අපායෙන් නම් බේරෙන්න බැරිවෙයි. යම පල්ලෝ බලාගෙන ඉන්නේ මිනිහා එනකන්.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 287 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 230 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2861 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 808 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 254 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 640 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site