IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


අවස්ථාවක් දුන්නොත් ඕනෑම චරිතයක් රඟපාන්නම්

2016-04-23-ent-114

ජනප‍්‍රිය වීමත් සමග බොහෝදෙනෙක්ගෙ පෙර තිබූ නිහතමානි බව අඩුවීමක් දක්නට තිබුණත් ඒ නිහතමානීකම එලෙසින්ම තබාගෙන ක්‍ෂෙත‍්‍රයේ ඉදිරියට යන MG සමග සඳැල්ල අපි කතාබහක නිරත වෙන්න හිතුවා. ඔහුගේ කලා ලොවේ තොරතුරු අප සමග බෙදාගත්තෙ මෙලෙසින්.

 

2016-04-23-ent-112පළමුවෙන්ම ඔබේ සංගීත කණ්ඩායම ගැන කතා කරමු?

මගෙ සංගීත කණ්ඩායම ‘‘M.G. With OK දැන් ආරම්භ කරලා අවුරුදු 2ක් පමණ වෙනවා. සංගීත කණ්ඩායම ආරම්භ කළේ මම Dream Star වුණු අවුරුද්දෙමයි. මේ සඳහා දායක වෙලා ඉන්නෙත් සංගීත ක්‍ෂෙත‍්‍රයේ නියැලූණු පිරිසක්මයි.

 

කණ්ඩායමක් විදියට කොයිතරම් දුරක් මේ වෙද්දි ගිහින් තියෙනවද?

මේ වෙද්දි ලංකාවෙ කණ්ඩායම් ක්‍ෂේත‍්‍රයේ ගොඩක් දුර ඇවිල්ලා ඉන්නවා. අපට ආදරේ කරන සංගීතයට ආදරේ කරන ගොඩක් අය අතරෙ කණ්ඩායම ජනප‍්‍රියයි. මුල දී නම් ප‍්‍රසංග ගොඩක් තිබුණෙ නෑ. නමුත් දැන්නම් හැම මාසෙකටම වගේ ප‍්‍රසංග 10ක් පමණ ලැබෙනවා. ඉතින් ඒ හැමදේ එක්කම හොඳ සාර්ථක ගමනක් යනවා.

 

මේ අවුරුදු 2 ඇතුළත කොයිතරම් ප‍්‍රසංග සංඛ්‍යාවකට දායකවෙලා තියෙනවද?

මේ වෙද්දි ප‍්‍රසංග 150කට අධික සංඛ්‍යාවකට සම්බන්ධවෙලා තියෙනවා. විදේශ සංචාරත් හතරක් වගේ කණ්ඩායමට ලැබුණා.

 

ඒ තරම් ප‍්‍රසංග ලැබෙනවනම් දැන් අත මිටත් බොහොම සරු ඇති නේද?

මට වඩා දැන් සංගීත කණ්ඩායමේ අයට හොඳයි. මට කොහොමත් ප‍්‍රසංග තියෙන නිසා ලොකු ප‍්‍රශ්නයක් නෑ. මහා ලොකු දේවල් ලැබිලා නෑ. සංගීත කණ්ඩායමක් විදියට ගොඩක් ජනප‍්‍රිය වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම ලංකාවෙ කානිවල් කියන සංස්කෘතියෙ හැම එකකම මගෙ කණ්ඩායම ඉන්නවා. ඊට අමතරව වෙනත් ප‍්‍රධාන ප‍්‍රසංගත් ගොඩක් ලැබෙනවා.

 

නායකයෙක් විදියට පිරිසක් එක්ක වැඩ කරද්දි ගැටලූවලට මුහුණදෙන්න වෙනවනෙ. ඔබටත් එවැනි ගැටලූවලට මුහුණදෙන්න වුණාද?

ඔව්. එහෙම ගැටලූ ගොඩක් තිබුණා. ඒවා නිරාකරණය කරගත්තා. සමහර වෙලාවට සංගීත කණ්ඩායමේ ඉන්න 10 දෙනාගෙ තියෙන්නෙ මත 10ක්. කොහොමහරි ඉතින් ඒ මත 10 එක මතයක් කරගෙන අපි වැඬේ කරගෙන යනවා. ප‍්‍රශ්නයක් නෑ. හරිම සුන්දරයි. අපිට ගෙවල්වලින් ප‍්‍රශ්න තියෙන්න පුළුවන්. යාළුවො එක්ක ප‍්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒත් පුහුණුවීම් කරන ස්ථානයට ගියාම ඒ හැම ප‍්‍රශ්නයක්ම අමතක වෙනවා. කණ්ඩායමේ හැමෝම සහයෝගයෙන්, කැපවීමෙන්, උද්යෝගයෙන් වැඩකරගෙන යනවා. ඒ වගේම මේ වෙද්දි ලංකාවෙ ගොඩක් කලාකරුවො අපිට හමුවෙලා තියෙනවා. වේදිකාවෙදි ඒ හැමකෙනාගෙම පැසසුමට ලක්වෙලා තියෙනවා අපේ කණ්ඩායම. ඒ පිළිබඳ කියන්න බැරි තරම් සතුටක් හිතට දැනෙනවා.

 

හිස් ටින් එකක් එක්ක ආපු ඔබ දැන් සංගීතයෙන් පෝසත් වෙලාද?

එහෙම නෑ. එහෙම ලොකු දෙයක් වෙලා නෑ. සාමාන්‍ය විදියට ගත කරගෙන බොහොම හිමින් තව ගොඩක් දේවල් ඉගෙන ගනිමින් හොඳ ගමනක් යනවා.

 

මේ දවස්වල රියැලිටි වැඩසටහනකට සම්බන්ධවෙලා ඉන්නවනෙ. ඊට සම්බන්ධ වීම ගැන සහ ලැබෙන ප‍්‍රතිචාර පිළිබඳ කතා කරමුද?

ඇත්තටම Star City කියන්නෙ ගොඩක් හොඳ වැඩසටහනක්. සමහරු බනිනවා විකාර වැඩසටහනක් කියලා. අපි නම් ඉතින් එහෙම හිතන්නෙ නෑ. ලංකාවෙ යන තත්ත්වෙට එවැනි වැඩසටහන් එන්න ඕන. මේ සඳහා සම්බන්ධවෙලා ඉන්නෙ හොඳ කලාකරුවන් පිරිසක්. ඇත්තටම වැඬේ ගොඩක් ලස්සනයි. කව්රු මොනවා කිව්වත්, බැන්නත් ලංකාවෙ ජනප‍්‍රියතම වැඩසටහනක් බවට පත්වෙලා තියෙනවා. මටත් ඒ සඳහා එකතුවෙන්න අවස්ථාව ලැබුණා. මමත් මගේ දායකත්වය මට පුලූවන් විදියට දීලා තියෙනවා.

මේ තරගයෙන් මට පෞද්ගලිකව ගොඩක් දේවල් ලැබුණා. මොකද මට තව තවත් අංශවලට දායකවෙන්න අවස්ථාව ලැබුණා. ලංකාවෙ දක්ෂ කලාකරුවො එක්ක එකට එක රගපාන්න, ගීත ගායනා කරන්න. මම ඒ පිළිබඳ ගොඩක් සතුටු වෙනවා. ෘරු්ප ීඒර හරහා වගේම ලොකු ජනප‍්‍රියත්වයක් ීඒර ක්‍සඑහ හරහාත් ලැබුණා. තාමත් හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. ඉතින් හරිම සතුටුයි.

 

MG අනන්‍යතාවයක් හදාගත්තනෙ MSගෙ ගීත කියලා. දැන් ඒ ගීත කීම තහනම්ද?

ඔව්. මම දැන් කියන්නෙත් නෑ. මට කියන්න අවශ්‍යත් නෑ. ඒ නිසා සමහර ප‍්‍රසංග නැතිවුණා. සමහර ප‍්‍රසංගවලට ආයෙ එන්නත් එපා කිව්වා.

 

ඔබට ආදරේ කරන පිරිස ඒ ගීත තවත් බලාපොරොත්තු වෙනවද?

බලාපොරොත්තු වෙනවා. ඒත් මම කියන්නෙ නෑ. මට කියන්න ආසාවකුත් නෑ.

 

ඇයි? ඒ තරමටම එපා වෙලාද?

එපා වෙලා නෙමෙයි. වැඩක් නෑනෙ. අපි අනුන්ගෙ ගීත කියනවා කියලනෙ කියන්නෙ. අපි ඔහොම හරි ඒ සිංදු ගෙනාවා. ගෙනල්ලා ඇත්තටම මිනිස්සු අතර ජනප‍්‍රිය වුණා. ඒ සඳහා තව මාර්කට් එකක් හැදුණා. නමුත් මම දැන් ඒ ගීත ගයන එක නැවැත්තුවා. ප‍්‍රශ්නයක් නෑ. මම මගෙ දෙයක් කරගෙන පාඩුවෙ ඉන්නවා. මගෙ රසික රසිකාවියන්ට ඒ ගීත මගෙන් බලාපොරොත්තු වෙන්න එපා කියලා තමයි කියන්න තියෙන්නෙ.

 

ගායකයෙක් විදියට රටේ ඉහළම ප‍්‍රතිචාර ලබාගත්තනෙ. දැන් රංගනයෙනුත් දස්කම්පාන බව පේනවා. ඉදිරියේදී රංගනයට එක්වෙන්න අදහසක් නැද්ද?

අනිවාර්යයෙන්ම කතා කළොත් යනවා. කැමැත්තෙන්ම තමයි යන්නෙ. හිතුනොත් සංගීතය අතඇරලා රඟපාන්න යනවා.

 

සංගීතය අතඇරලා යන්න තරම් රංගනය හිතට වැදිලද?

නැහැ, නැහැ සංගීතය අතඅරින්නෙ නෑ. ඒත් රංගන ක්‍ෂෙත‍්‍රයටත් ගොඩක් කැමතියි. රංගන ක්‍ෂෙත‍්‍රයේ මොනවත් මම ඉගෙනගෙනත් නෑ. නමුත් මට හිතෙනවා අවස්ථාවක් දුන්නොත් ඕනම චරිතයක් කරන්න පුලූවන් වෙයි කියලා.

 

ඉදිරි වැඩකටයුතු ගැනත් කතා කරමු.

දැනට මගෙම ගීත අටක් කරලා තියෙනවා. ඒවා තමයි මම දැන් ප‍්‍රසංගවලදීත් ගායනා කරන්නෙ. ඉදිරියෙදීත් මගේ ගීතයක් රූප රචනාවක් සමග එළිදක්වන්න නියමිතයි. ඒ සමගම සංගීත කණ්ඩායමේ අලූත් රූප රචනයකුත් එන්න තියෙනවා. ඒ හැමදේ එක්කම ජීවිතේ ලස්සනට ගෙවීගෙන යනවා.

 

ධනු විජේරත්න 

 

sandalla

 

 

2016-04-23-ent-113



අදහස් (0)

අවස්ථාවක් දුන්නොත් ඕනෑම චරිතයක් රඟපාන්නම්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 44 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 442 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 243 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 354 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1101 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2889 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site