IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


අවස්ථා දෙකකදී ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කරලා


 තරිඳු ජයවර්ධන
 
රතුකුරුස සංවිධාන විසින් සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දෙනු ලැබූ ඩිෆෙන්ඩර් රථයක අවස්ථා දෙකකදී පාට වෙනස් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
 
සුදු පැහැදි ඩිෆෙන්ඩර් රථය මුලින්ම නිල් පැහැටත් පසුව කලූ පැහැයටත් වෙනස් කර ඇතැයි ද, එය දම් පැහැයට යළි වෙනස් කිරීමේ සූදානමක් තිබුණු බවට ද තොරතුරු ලැබුණු බව ද, ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කිරීම සම්බන්ධයෙන් රතුකුරුස සංවිධානය සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම්වත් කර නැතැයි ද පොලිසිය පවසයි.
 
හබරකඩ ප්‍රදේශයේ නිවසක පාට වෙනස් කළ ඩිෆෙන්ඩරයක් ඇති බවට ලද තොරතුරක් අනුව මෙම වාහනය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ වන විට එය තිබී ඇත්තේ රතුකුරුස සංවිධානයේ ප්‍රවාහන කළමනාකරුවකුගේ නිවසේ බව පොලිසිය පවසයි. ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරද්දී ප්‍රවාහන කළවනාකරු කියා ඇත්තේ මෙම ඩිෆෙන්ඩරය සිරිලිය සවියට ලබා දී තිබුණු බවයි. එය යළි තම වත්තට ගෙනවුත් දැම්මේ කවුරුන්දැයි නොදන්නා බව ද ප්‍රවාහන කළමනාකරු කියා තිබේ.
 
ඒ අනුව පරීක්ෂණ ආරම්භ කළ රහස් පොලිසිය සමාජ සුභසාධන අමාත්‍යංශය, ජනාධිපති ලේකම් කාර්යාලය ආදී ආයතන කිහිපයක විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇත.
 
සිරිලිය සවිය වැඩසටහන සඳහා වාහනයක් අවශ්‍ය බව හිටපු ඇමැති ෆීලික්ස් පෙරේරා මහතාගෙන් ඉල්ලා ඇතැයි ද, ඒ අනුව 2011 වසරේදී ෆීලික්ස් පෙරේරා මහතා හරහා ඩබ්ලිව් පී කේ ඒ 0642 අංක දරණ ඩිෆෙන්ඩරය ශිරන්ති රාජපක්ෂ මහත්මියට ලබා දී ඇතැයි ද, එලෙස ලබා දෙන ඡායාරූප සොයා ගන් බව ද පොලිසිය පවසයි. වාහන ලබා දෙන අවස්ථාවේ එය සුදු පැහැයෙන් තිබී ඇත.
 
සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු ලැබුණු බවත්, එය සී එස් එන් නාලිකාවේ ප්‍රධානියකුද භාවිත කර ඇති බවත්, 2015 ජනවාරි 20 වැනි දා වත තෙක් වාහන යෝෂිත රාජපක්ෂ මහතා යටතේ තිබී ඇතැයි ද පොලිසිය කියයි.
 
වාහනය රතුකුරුස සංවිධානයෙන් සමාජ සුබසාධන අමාත්‍යංශය හරහා ලබා දෙනු ලැබුවේ ශිරන්ති රාජපක්ෂ මහත්මියට බැවින් ශිරන්ති රාජපක්ෂ මහත්මියගෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එය යෝෂිත රාජපක්ෂ මහතා භාවිත කළ බවට තොරතුරු ලැබුණු නිසා හෙට 16) යෝෂිත රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි.
 
හිටපු රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුදීන් ඝාතනය කිරීමට යොදා ගත්තේ මේ වාහනයදැයි සොයා බලන බව ද පොලිස් ආරංචි කියයි.



අදහස් (15)

අවස්ථා දෙකකදී ඩිෆෙන්ඩරයේ පාට වෙනස් කරලා

Perera Tuesday, 15 August 2017 08:55 PM

විමර්ශන වලදි මෙහෙම තමයි මට හිටපු නිලධාරියෙක් කීවෙ. වලිගෙන් අල්ලලා හෙමීට බලනවා ඔලුව කෝ කියලා. රහස් පොලිසිය ඔක්කම දන්නවා. ඔවුන් කතාවෙ හිස්තැන් පුරවනවා. කට්ටිය ජම්පර් අදිනකොට මතක ඇතිව මේක්අප් දාන්න.

:       403       305

lalith Tuesday, 15 August 2017 09:29 PM

ඕක එතරම් දෙයක්ද? ඒ කාලේ ආණ්ඩු එන එන ගානේ රටේම තියෙන බස්වල එක්කෝ කොළ පාට ගානවා නැතිනම් නිල පාට ගානවා. පාලම්, බෝක්කු, පාසල් ගොඩනැගිලි, තව කීයක්ද? පාට මාරු කරන එකේ නිමක් නැහැ. හරිනම් උන් ඔක්කොම අල්ලන්න ඕනෑ.

:       72       131

Manel Tuesday, 15 August 2017 10:29 PM

කවුරුත් දන්නවද මේ පරීක්ෂණයට කොතරම් මුදලක් වෙන්කරලද? එය මේ වාහනයේ වටිනාකමට වඩා අඩුද වැඩිද?

:       40       210

abaran Wednesday, 16 August 2017 12:59 AM

තාජුදීන් නොවෙයි රටට ජාතියට උදාර සේවයක් කරපු අභීත සෙන්පති ඩෙන්සිල් කොබ්බැකඩුව වීරයා මැරුවේ කවුරුන්දැයි කියා රටට හෙළිකරන්න.මරලා අවුරුදු විසිපහක් ගත උනා එත් තවම කිසි කෙනෙකුට බැරිඋනා නිර්භීතව ඒ කරුණු හෙළිදරව් කරන්නට.

:       3       372

nuwanWednesday, 16 August 2017 07:32 AM

ඒ ගැන පරීක්ෂණ නොකරපු එක කාගේ වැරද්දක්ද , ඒ සිද්ධියට පස්සේ තිබුනේ කාගේ ආණ්ඩුවද

:       2       112

asanka Wednesday, 16 August 2017 01:42 AM

මම නම් කැමති දම් පාට වගේ පාටකට.

:       16       21

ranesh Wednesday, 16 August 2017 02:45 AM

මහේල මෙන් අපිද මුකුත් නොකියමු.... මෙගා ටෙලිනාට්ටියේ තවත් කොටසක් ලෙස හිත හදාගමු....

:       2       87

athura Wednesday, 16 August 2017 03:16 AM

මිනිහෙක් මරල කොච්චර යට ගහන්න හැදුවත් සිත සැනසිල්ලේ නිදා ගන්න බැරිවග මෙයාලට දැනුනොත් හොදයි.

:       428       611

Nuwan Wednesday, 16 August 2017 04:11 AM

විසින් පාට වෙනස්වෙන වර්ගයේ එකක් වෙන්න ඇති ..

:       47       33

Don Wednesday, 16 August 2017 04:24 AM

How the hell International Red Cross donate an expensive vehicle to be used for a murder ? Remember they killed an innocent father of small children also a beloved husband of a young wife . If this has happened in any part of the world these thugs get death sentence .

:       66       341

ගගන Wednesday, 16 August 2017 04:50 AM

වාහනයේ පාට වෙනස්කරන්න කාගෙන්වත් අහන්න ඕනෙද?

:       184       104

පිටිගල මිලානෝ Wednesday, 16 August 2017 06:02 AM

මේ පවුලේ අයගේ දැනුම් ප්‍රමාණය අනුව කවදාවත් හිතුවේ නැහැ අටලෝදහම කැරකෙන්නේ හරියට රිය සකක් ලෙස කියලා. තාත්තාගෙන් පසු බලය පුතාට දීලා සැමදා රජවරු කියලා හිතපු නිසයි ඔයගොල්ලෝ හිතුන හිතුන දේ කලේ. නමුත් ක්ෂණයකින් පසු මේ අය ගෙවන්නේ දිට්ටධම්මවෙදනීය කර්මයයි.

:       651       859

Sampath Wednesday, 16 August 2017 09:08 AM

මේවද මේ බිලියන ගණනින් මහජන මුදල් කොල්ල කෑවා කියපුවා. මිනිස්සුන්ව රැවැට්ටුවා හොඳටම ඇති....

:       170       119

rohan Wednesday, 16 August 2017 09:54 AM

හොරා පොලිස් වැඩ තමයි. මේ කෙනාව කකුල් දෙකෙන් එල්ලුවා නම් ඔක්කොම කියයි.

:       229       460

tharaka Thursday, 17 August 2017 04:52 AM

"සිරිලිය සවිය වැඩසටහන සඳහා ලබා දුන් ඩිෆෙන්ඩරය පසුව හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂ මහතාගේ වාහන සංචිතයේ තිබුණු බවට තොරතුරු ලැබුණු බවත්....." මෙහෙමත් වාහන සංචිත ?????

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ලංකාව ඩොලර් ලක්ෂ 13 ක එජා සාමාජික ගාස්තුව ගෙවයි
2025 අප්‍රේල් මස 20 299 0

ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්


බද්ද ගැන කතා කරන්න මුදල් නියෝජ්‍ය ඇමති ඇමරිකාවට
2025 අප්‍රේල් මස 20 228 0

එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය


පානදුරාවාදයේ ලේඛන හතරක් ලෝක උරුම ලේඛන අතරට
2025 අප්‍රේල් මස 20 81 0

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ


චයිනා හාබර් චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි
2025 අප්‍රේල් මස 20 530 0

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා



සැබෑ මිනිස්සුයි - රොබෝ මිනිස්සුයි මැරතන් දුවයි
2025 අප්‍රේල් මස 20 717 0

මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 348 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 261 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 414 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site