IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


අවසන් වටයේදී ශ්‍රී ලංකාවෙන් කොරියාවට හොඳ සටනක්

ඉරානයේ "ටෙහෙරාන්" නගරයේදී දැන් පැවැත්වෙන ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ සුපිරි වටයේ තරග වදින ශ්‍රී ලංකාව පෙරේදා (26) පැවැති තරගයකදී ප‍්‍රබල දකුණු කොරියාවට එරෙහිව වට 3/0 ක  (13/25, 13/25, 31/33) පරාජයක් ලැබීය. මෙම පරාජයත් සමග ශ්‍රී ලංකාවට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිව ගියත් ඔවුන් තරගාවලියේ පස්වැනි ස්ථානයේ සිට අටවැනි ස්ථානය අතර ස්ථානයක් ලැබීමේ අපේක්‍ෂාවෙන් තවදුරටත් තරග බිමේ රැුඳී සිටිති. ඒ අනුව ඊයේ (27) ඔවුන් සත්කාරක ඉරානයට එරෙහිව සුපිරි වටයේ තෙවැනි තරගයට සහභාගිවීමට නියමිතව සිටියේය. කොරියාවට එරෙහිව පැවැති තරගයේදී ශ්‍රී ලංකාව පරාජයට පත් වුවත් තෙවැනි වටයේදී ඉතා තියුණු සටනක් කොරියානුවන්ට එරෙහිව දියත් කිරීමට නරඹන්නන්ගේ තියුණු අවධානයට යොමු විණි. වසර 1975 තරගාවලිය ආරම්භ කිරීමෙන් පසු ශ්‍රී ලංකාව එහිදී හොඳම දස්කම දැක්වීමට මෙවර තරගාවලියේ දැනටමත් සමත්ව සිටියි. ඒ සුපිරි වටයේ හොඳම කණ්ඩායම් අටට දැනටමත් පැමිණීමට සමත් වීමෙනි. මීළඟ තරගයේදී ඉන්දියාව හෝ පාකිස්ථානය පරාජය කරමින් තරගාවලියේ අවම හත්වැනි ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව අපේක්‍ෂාවෙන් පසුවන බව වොලිබෝල් සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වින් කොමදෝරු පද්මන් කොස්තා මහතා පවසයි. මෙවර තරගාවලියේ වූ පෙරළිකාර සිදුවීම් අතර ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කරමින් සුපිරි කණ්ඩායම් අට අතරට පිවිසීමත් ඉන්දියාව විසින් ප‍්‍රබල ජපානයත්, චීනය විසින් කොරියාව පරාජය කිරීමත් කැපී පෙනේ. තරගාවලිය නිමවා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරළා හෙට (29) දිවයිනට ළඟා වේ.



අදහස් (0)

අවසන් වටයේදී ශ්‍රී ලංකාවෙන් කොරියාවට හොඳ සටනක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ළමා නිවාසයක දැරියන් දෙන්නෙක් පැනගිහින්
2024 සැප්තැම්බර් මස 20 307 0

මොනරාගල ළමා නිවාසයක දැරියන් දෙදෙනෙකු ළමා නිවාසයෙන් පැනගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.


ඡන්දෙට සියල්ල සූදානම්
2024 සැප්තැම්බර් මස 20 419 0

2024 ජනාධිපතිවරණය සඳහා මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී.


මිදිගම ඝාතනයට දෙකක් සැකපිට
2024 සැප්තැම්බර් මස 20 607 0

මිදිගම ගොවියාපාන පාලම අසල දි පුද්ගලයකුට වෙඩි තබා මාළු ව්‍යාපාරිකයකු ඝාතනය කළ බව කියන වෙඩික්කරුවන් දෙදෙනා මිදිගම අහංගම ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අ


වාර්තාවක් දෙන්න අල්ලස් ගත් සැරයන් මාට්ටු
2024 සැප්තැම්බර් මස 20 332 0

පොලිස් වාර්තාවක් ලබාදීම සඳහා රුපියල් 5000ක අල්ලසක් ගත් බව කියන පොතුහැර පොලිසියේ සැරයන් වරයෙක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විස


බැසිල් රටින් පිටව යයි
2024 සැප්තැම්බර් මස 20 4484 0

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ , හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළ


දෙහිවල වෙඩි තැබීමකින් සෞඛ්‍ය කම්කරුවා මරුට
2024 සැප්තැම්බර් මස 20 1369 0

දෙහිවල ගල්කිස්ස නගර සභා සෞඛ්‍ය කම්කරුවකුට දෙහිවල කඩවත පාරේ දී වෙඩි තබා ඝාතනය කර ඇතැයි දෙහිවල පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 80 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 83 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 137 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site