IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින්

(විමුක්ති එස් රුද්‍රිගු)

සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද සඳහා කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන වියදම පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී සියයට 7 කින් වැඩිවී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය  ප්‍රකාශ කළේය.

පසුගිය වසරේදී අලුත් අවුරුදු කැවිලි මේසය සඳහා පවුලක් රුපියල් 5069 ක් වියදම් කර තිබූ බවත් එය මෙම වසරේදී රුපියල් 5,414 දක්වා වැඩිවී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

කෙසේ නමුත් කොවිඩ් වසංගතයට පෙර 2019 වසර සමග සංසන්දනය කිරීමේදී මෙම වසරේදී අලුත් අවුරුදු කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන මිල 2.4 ගුණයකින් ඉහළ ගොස් ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

පෙර වසරට සාපේක්ෂව මෙම වසරේදී අලුත් අවුරුදු කැවිලි මේසයක් පිළියෙළ කිරීමට යන මිල සියයට 7 කින් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් පොල් මිල ඉහළ යෑම බලපෑ ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී පොල් මිල සියයට 80 කින් ඉහළ ගොස් ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස පොල්තෙල් මිල සියයට 40 කින් ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

ඒ හැර අනෙකුත් අමුද්‍රව්‍ය මිල අඩුවී හෝ නොවෙනස් පවතී ඇතැයි වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

කොවිඩ් වසංගතයට පෙර 2019 වසරට සාපේක්ෂව පසුගිය වසරේදී කැවිලි සැදීම සඳහා භාවිත කරන අමුද්‍රව්‍යවල මිල 2.2 ගුණයකින් වැඩි ඇති බවත් එය මෙම වසරේදී 2.4 දක්වා වර්ධනය වී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

මෙම මිල සඳහන් වන්නේ සාමාජිකයන් 4 ත් 5 ත් අතර සංඛ්‍යාවක් සිටින පවුලක් සඳහා බවත් ගණනය කිරීම සඳහා විදුලිය, කුළුබඩු සහ ගෑස් සඳහා වන පිරිවැය ඇතුළත් කර නොමැති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

ඒ අනුව පෙරට වසරට සාපේක්ෂව මෙම වසරේදී මුං කැවුම් කෑලි 15 ක් සඳහා වැයවන මුදල රුපියල් 529 සිට 531 දක්වා සියයට 0.4 කින් වැඩිවී ඇති බවත් කොකිස් කෑලි 20 සඳහා වැයවන මුදල රුපියල් 457 සිට 618 දක්වා සියයට 35කින් වැඩිවී ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය. කැවුම් කෑලි 20 ක් සඳහා වැයවන වියදම රුපියල් 1569 සිට 1668 දක්වා සියයට 6.3 කින් ඉහළ ගොස් ඇති බවත් දොදොල් කිලෝ ග්‍රෑමයක මිල රුපියල් 1001 සිට 1137දක්වා සියයට 14 කින් ඉහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය. එපමනක් නොව කිරිබත් කෑලි 10 සඳහා යන වියදමද රුපියල් 165 සිට 258 දක්වා සියයට 57 කින් ඉහළ ගොස් ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

කෙසේ නමුත් පෙර වසරට සාපේක්ෂව මෙම වසරේදී කෙසෙල් කිලෝ ග්‍රෑමයක් සඳහා වැයවන මුදල රුපියල් 212 සිට 198 දක්වා සියයට 6.3 කින් පහළ ගොස් ඇති බවත් කේක් කිලෝ ග්‍රෑමයක් සඳහා වැයවන මුදල රුපියල් 842 සිට 754 දක්වා සියයට 10 කින් පහළ ගොස් ඇති බවත් වෙරිටේ රිසර්ච් ආයතනය පැවැසුවේය.

එසේම අලුවා කෑලි 15 ක් සඳහා වැයවන මුදලද රුපියල් 295 සිට 249 දක්වා ඉහළ ගොස් ඇති බවද වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

අවුරුදු කෑම මේසයේ වියදම සියයට 7කින් ඉහළ ගිහින්

Rifan Friday, 11 April 2025 09:34 PM

සුපිරි වැඩක්. මෙන්න මේවා තමයි නියම ගවේෂණ...

:       0       0

Vimal Friday, 11 April 2025 11:38 PM

සීයට 7 ? බින්දු දෙක අමතක වෙලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 768 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 574 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site