IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


අවි ගබඩාව කැඩීම ආරක්ෂක හිඩැසකි

වැලිකඩ බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම පිළිබඳ යුරෝපා මාධ්‍ය විවිධ මත පලකරයි. මියගිය හා තුවාල කරුවන් ගැන සංඛ්‍යාත්මකව වෙනස් අගයන් පලවී තිබුණු අතර බන්ධනාගාරයේ අවි ගබඩාව සිරකරුවන් අතට පත්වීම පිළිබඳව ද ඇතැම් මාධ්‍ය විශ්මය පලකරන අතර ම උපහාසාත්මක පුවත් ද පලකොට තිබිණි.



අදහස් (0)

අවි ගබඩාව කැඩීම ආරක්ෂක හිඩැසකි

අශෝක Saturday, 10 November 2012 07:43 PM

අනේ අපිට ඉතාලි බැහැනෙ. ඒක සිංහලට හරවල දාන්නකො. (නි)

:       0       0

සෑම් Saturday, 10 November 2012 07:44 PM

හෝන්දු මාන්දු අය බන්ධනාගාර පාලනය කරනකොට ඕවා අහන්න ලැබීම අමුතු දෙයක් නෙමෙයි. ලංකාවේ අපිත් බන්ධනාගාර පාලනය, අවනීතිය, වංචා ගැන උපහාසය තමා පළකරන්නෙ. (නි)

:       0       0

ජයවීර Saturday, 10 November 2012 08:02 PM

මේකෙ කිසිම උපහාසාත්මක එකක් නැහැ... ලියලා තියෙන්නේ ඉතාලි භාෂාවෙන්.. මම ඉතාලියෙ අවුරුදු 40ක සිට ඉන්නා ඉතාලි ජාතික ශ්‍රී ලාංකිකයෙක්..!(නු)

:       0       0

ලීනා Sunday, 11 November 2012 11:54 AM

හිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට වඩා වැඩකරුවන් බව දැං තේරෙනවා නේද? ඒක නිසා හිරකරුවන් එලියට දාලා ජේලර්ලා ඇතුලට දැම්මනම් නරකද? හිරකරුවන්ට පාලනය දුන්නනම් මේ වගේ වැඩ අඩුවෙයි..!(නු)

:       0       0

සෑම් Saturday, 10 November 2012 07:50 PM

පාලනයට නොගැළපෙන උදවිය යෙදෙවුවහම ඕවා තමා වෙන්නේ... (නි)

:       0       0

ජීව Sunday, 11 November 2012 06:32 PM

මේක ප්‍රවෘතියක් විතරයි.ඉතාලියෙ වුනත් ඔහොම වුණා නම්,ඒ අය කරන්නෙත් ඔයටිකම තමා. (නි)

:       0       0

මරික්කාර් Sunday, 11 November 2012 06:42 PM

සරත් ෆොන්සේකා මේ ගැන මොනවාද කියන්නේ? මහත්යාගේ අදහස දැනගන්න හරි ආසයි..!(නු)

:       0       0

මධු Saturday, 10 November 2012 08:26 PM

හිඩැසක් තිබුණු නිසානේ කැඩුවේ. (නි)

:       0       0

දේවා Saturday, 10 November 2012 08:33 PM

ලංකාවෙ අය හිරගෙදර හිඩැස් ගැන හොදට දන්නවා. (නි)

:       0       0

සිල්වා Saturday, 10 November 2012 08:21 PM

මාෆියා කල්ලි ගැන අපි දන්නවැයි? (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Saturday, 10 November 2012 08:46 PM

අවි ගබඩාව කැඩීමට තරම් එය ආරක්ෂිත ගබඩාවක් නොවෙයිද? එපමණක් නොව රැඳවියන්ට සිපිරිගෙයි වහළ උඩට නගින්න පුළුවන් ආකාරයට වහළ තනා ඇත්තේ ඇයි ? ඖෂධාලයෙන් මත් පෙති ගෙන පසුව කලබල කළ බව ඇමතිවරයා කියනවා. හැම තැනම හිඩැස් තබලා දැන් කෑවෝ කෑවෝ කියා කෑගැසීමෙන් තේරුමක් තිබෙනවාද ? (නි)

:       0       0

දිලන්ක Saturday, 10 November 2012 08:54 PM

දන්නෝ දනිති. (නි)

:       0       0

රූපා රත්නායක Saturday, 10 November 2012 08:50 PM

ඕකෙ හිටපු සේරම බන්ධනාගාර නිලධාරීන්ව විශේෂ බලකාය මගින් ප්‍රශ්න කිරීම සදහා පත් කළ යුතුයි.. රහස් පොලිසියට කිසිවක් නොදී හමුදාව මගින් සියළුම තොරතුරු ලබාගැනීමට ඉඩ සළස්විය යුතුයි.. ඔයවගේ ඉන්න අයලා තමයි සල්ලිවලට හිරකරුවන්ට උදව් කරන්නෙ..අවි ගබඩාව කඩනකොට සද්දයක්වත් ඇහුනෙ නැද්ද? (නු)

:       0       0

රූපා රත්නායක Saturday, 10 November 2012 08:59 PM

මේකෙ හිටපු නිලධාරින් සියළුම දෙනාගේ වැඩ තහනම් කරන්න ඕන.. කොච්චරනම් පැමිණිලි තියෙනවාද? ආරක්ෂකයෝ ජේලර්ලාව පරීක්ෂාකරනකොට එක්කෙනෙක්ගේ තොප්පියකින් කුඩු පැකට් එලියට පැනලා තිබුණෙ.. හමුදාවට සේරම හිරගෙවල් බාරදුන්නනම් ඉවරයි.. අපේ වීර කොල්ලො රට රැකලා දුන්නා වගේ අපට අනාගත දරුවන්ගේ ජීවිත ටික ආරක්ෂා කරලා දේවි.. මට ඒක විශ්වාසයි..!(නු)

:       0       0

ලලිත් කටාර් Sunday, 11 November 2012 01:09 PM

ඕක කොහොමත් අපි දන්නවා.. පාතාලය මෙහෙයවන්නේ සිරගෙවල්වල සිට බවත් එයට උපරිම සහය නිලධාරින්ගෙන් ලැබෙන බවත් කොටින්ම බන්ධනාගාරය බලය ලත් පාතාලයක් බවත් අපි දන්නවා.. එකම එක බන්ධනාගාර නිලධරියෙක් පමණක් තුවාල වීම මේකට හොදම උදාහරණයක්..!(නු)

:       0       0

ජගත් Saturday, 10 November 2012 09:10 PM

වැඩිය හිතන්න යන්න එපා. (නි)

:       0       0

සදුන් Saturday, 10 November 2012 09:18 PM

කාගෙන්වත් උදවුවක් නැතුව එයාලා අවි ගබඩා කැඩුවේ කොහොමද? (නි)

:       0       0

බිමල් Saturday, 10 November 2012 09:20 PM

අපේ දේවල් කොහොමත් පිට රැටියන්ට විශ්මය ජනකයි තමයි.. මේ රටේ තියෙන නාලිකාවල මැරුණු ගනන් හිලව් කිව්වේ ටිකක් වෙනස් ආකාරයකට.. පිටරුටියන්ට විතරක් නෙමෙයි අපිටත් විශ්මය ජනකයි..!(නු)

:       0       0

අමිල කටුනායක Saturday, 10 November 2012 09:43 PM

කතාව ඇත්ත. (නි)

:       0       0

පනාගොඩ මිලානෝ Sunday, 11 November 2012 01:23 PM

මිලානෝ සාන්ත වික්ටර් බන්ධනාගාරයේ ඉන්න ලංකාවෙ අයත් වහලෙට නගීවි මෙය බලලා..!(නු)

:       0       0

නිලන්ති Saturday, 10 November 2012 09:51 PM

අවි ගබඩාව කඩද්දී ආරක්ෂක අංශ සිටියේ නින්දේද? (නි)

:       0       0

රනේෂ් Sunday, 11 November 2012 07:53 PM

කුමාරි කිව්ව වගේ හරියටම හරි.. කැමරා සවිකරලා ජංගම දුරකථන සංඤා අඩාල කළාම හුගක් රවටල සිරමැදිරිවල කරනවා.. අපේ රටේ නම් කරනවට නිලධාරින් කැමති නැහැ..!(නු)

:       0       0

සදුන් Saturday, 10 November 2012 10:13 PM

අවි ගබඩාවත් ආරක්ෂා කරගන්න බැරි බන්ධනාගාර නිලධාරීන්ගෙන් වැඩක් තියෙනවද? (නි)

:       0       0

රුවන් Sunday, 11 November 2012 02:27 PM

ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි විදේශ මාධ්‍ය උපුටා මෙවැනි ලංකාවට සම්බන්ධ පුවත් වාර්තා කිරීම ගැන..!(නු)

:       0       0

වසන්ත Saturday, 10 November 2012 10:46 PM

ලංකාවේ දේවල් ගැන අපිට වඩා අමාරුව තියෙන්නේ පිටරට අයට. අපි එයාලගේ දේවල් හොයන්න යනවද? පිස්සු තමයි. (නි)

:       0       0

අනුර සිරිවර්ධණ Sunday, 11 November 2012 02:38 PM

එස්.ටී.එෆ් කියන්නේ යම්තැනක පොලිසියට පාලනය කරන්න බැරි බරපතල දෙයක් උනාම යොදවන හමුදාවක්... උදාහරණයක් කොටි පහරදීමට ලක්වුණු ගුවන්තොටුපල.. නමුත් අද (නු)

:       0       0

අමිල කටුනායක Sunday, 11 November 2012 03:14 PM

 ඔය සිද්ධිය වූ වින්නැහියට සම්පූර්ණ වග කියන්න ඕන කෙනා මම දන්නවා.. මොකද කියනවා නම් ඔය ක්‍රියාත්මක කරපු සෝදිසියට විශේෂ ආරක්ෂක නිලධාරින් සංධ්‍යාවක් යොදාගෙන කුඩා කණ්ඩායම් භාවිත කළානම් පස්දෙනෙක් පරීක්ෂාකරන අතර පස්දෙනෙක් පරීක්ෂා කරන අතර තවත් පස්දෙනෙක් ආරක්ෂාව දෙන විදියේ පිලියමක් උපයෝගී කර නොගැනීමයි..!(නු)

:       0       0

සංජීව Saturday, 10 November 2012 11:37 PM

කරපු බොරුව මුළු ලෝකෙම දන්නවා.. පොඩි අයත් දන්නවා..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Saturday, 10 November 2012 11:41 PM

ලැජ්ජයි තමයි බී.බී.සී.එකේ ලොකුවට කියනවා.!(නු)

:       0       0

සිල්වා Sunday, 11 November 2012 12:06 AM

අයියෝ සල්ලි කොහොමද එහෙම උනේ

:       0       0

ක්‍රිෂාන් Sunday, 11 November 2012 12:26 AM

නියම ආරක්ෂාව ගැන තව මොන කතාද? (නි)

:       0       0

තරුෂ Sunday, 11 November 2012 01:19 AM

මට නම් පේන්නෙ මේක අර ආයුධ පෙන්නන්න එක්ක ගියා වගේ එකක්. මේ වගේ ඒවා අවුරුද්දකට 2 ගණනේ කරගත්තා නම් එල්ලුම් ගහ දෙයියනේ, කියලා ඕනෑම නැහැ. (නි)

:       0       0

කොස්වත්ත Sunday, 11 November 2012 01:10 AM

බන්ධනාගාර හමුදා අත‍ට පාලනය දුන්නා නම් හරි. (නි)

:       0       0

සමන් Sunday, 11 November 2012 01:12 AM

ලංකාවෙ හොද නම රකින්න කවුරුන් හෝ සිටීද? (නි)

:       0       0

සුජිත් Sunday, 11 November 2012 02:05 AM

ඕනෑම රටක ඕනෑම දෙයකට නීතියක් තිබේ. නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවන රටක මහ පාරෙහි වුව මෙවෑනි දේ සිදුවීම අරුමයක් නොවේ. (නි)

:       0       0

ගමගේ වෙරෝනා Sunday, 11 November 2012 03:37 PM

අඩු තරමේ රටේ ආරක්ෂාව ගැන කතා කරන්න කලින් ඇත්තටම වුණ දේ හොයලා බලන්න. (නි)

:       0       0

අමිත Sunday, 11 November 2012 05:48 AM

ඒ වැඩේ ඉවරයක් කරන්න වහාම (දී)

:       0       0

හේමන්ත Sunday, 11 November 2012 06:33 AM

ඔය කියන ඊනියා විදේශ මාධ්‍ය අපට කවදත් හරහට හිටියේ. කවුද දන්නේ සිරකරුවෝ උමගක් හාරගෙන අවි ගබඩාවට ගියාද කියලා. (ත)

:       0       0

වෙනුර Sunday, 11 November 2012 07:01 AM

ලංකාවෙ සියළුම බන්ධනාගාරවල පාලනය සහ ඉහළ බලධාරින් මේකට වගකිවයුතුයි.. හිර දඩුවම් ලබන්නට යන අයට ආදර්ශයක් විය යුතුය නිලධාරින් සිරකරුවන් නැවත වරක් ඝෘජුවම වරදට පොළඹවනවා..!(නු)

:       0       0

ප්‍රදීප් Sunday, 11 November 2012 07:05 AM

ඔක්කොමත් හරි. කවුරුවත් කියන්නේ නැහැනේ පැනලා ගිය කට්ටිය ගැන. (නි)

:       0       0

සදුන් Sunday, 11 November 2012 07:21 AM

බන්ධනාගාර ලොකු මහත්තවරුන් ඉල්ලා අස්විය යුතුයි. ලැජ්ජයි මහත්වරුනි. කෝ අපේ අර දේශහිතෙෂී කට්ටිය? දැන්වත් කට්ටියට ඇත්ත තේරුණොත් හොදයි. පිටරට ඉඳලා සමහරු එරටවලට එරෙහිවත් උද්ඝෝෂණ කරනවා. එතරම් නිදහස තියෙනවා. (නි)

:       0       0

රයන් Sunday, 11 November 2012 07:30 AM

රටේ ආරක්ෂාව ගැන තව මොන කතාද? අවි ගබඩාව කඩද්දී ආරක්ෂක අංශ සිටියේ නින්දේද? (නි)

:       0       0

ගයා Sunday, 11 November 2012 07:40 AM

බන්ධනාගාර රැඳවියන් ළග ජංගම දුරකතන, හෙරොයින් කොහෙන්ද? මේවට උදව් කළ නිලධාරින් ගැන හොයන්නේ නෑ? ඒ අයගේ වත්කම් ගැන හෙව්වොත් මේ සේරම දැනගන්න මුළුවන් වෙයි. (ත)

:       0       0

ආනන්ද Sunday, 11 November 2012 07:47 AM

ත්‍රස්තවාදය සෝදා දැමු රටක හිරගෙවල් කඩන, අගවිනිසුරු පාරට බහින, අලුගෝසුවන් සිටින්නේ කොහොමද? (නි)

:       0       0

කුමාරි Sunday, 11 November 2012 08:05 AM

ඇයි මේ බොරු කලබලය? අදද දන්නේ ජේලර්වරුන්ගේ, පාලකයන්ගේ තත්ත්වය? බන්ධනාගාර නිලධාරීන්ගේ වත්කම්, භාවිතා කරන වාහන දැක්කහම මීට වඩා යමක් වෙන්න ඕනෑ. කැමරා සවිකරලා හිරකරුවන් බලන්න යන දේශපාලකයෝ , මැරයෝ ටික බලාගන්න පුළුවන්නේ. (නි)

:       0       0

කීර්ති Sunday, 11 November 2012 07:56 AM

කරපු බොරුව මුළු ලෝකෙම දන්නවා.. පොඩි අයත් දන්නවා..! (ත)

:       0       0

කීර්ති Sunday, 11 November 2012 08:14 AM

මොලේ තියන ඕනෑම පොඩි ළමයෙක් වුනත් සත්‍ය දන්නවා. හරියට කෞතුකාගාරය කැඩුවේ දවසකට රුපියල් විසි පන්දහසක ුටු උරණ කුඩ්ඩෙක් වගේ. (ත)

:       0       0

අශෝක Sunday, 11 November 2012 04:16 PM

අනේ ඕක ලංකාව නම් වෙන්නම බැහැ. ශ්‍රි ලංකාව කියන්නෙ ලෝකෙන්ම උතුම් රට. ඔය එක එක්කෙනා ඊරිසියාවට කියන කතා. ලංකාවෙ කොහෙද හිරගෙවල්? (නි)

:       0       0

සදුන් Sunday, 11 November 2012 08:26 AM

අපේ බන්ධනාගාරය හොර ගුහාවක් කියලා පාලකයෝ දන්නේම නැත. ඉතාලිය දනී. (ත)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 11 November 2012 09:46 AM

"වසන්ත 2012-11-10 22:46:49 ලංකාවේ දේවල් ගැන අපිට වඩා අමාරුව තියෙන්නේ පිටරට අයට. අපි එයාලගේ දේවල් හොයන්න යනවද? පිස්සු තමයි." අපේ රටේ ඉන්න අයට මොන විගඩමක් වුණත් අමාරුවක් නැහැ වගේ ඔහේ කතිරේ ගහ ගහා ඉන්න සෙයියාව බලා ඉන්න බැරිම තැනලු විදේශික අයට අමාරුව හැදිලා තියෙන්නේ. මේකේ ඕනෑ නාඩගමක් නටන්න හොඳයි, හැබැයි කාටවත් ඒ ගැන වචනයක් කතාකරන්න තමයි හොඳ නැත්තේ. වසන්ත මහත්තයාගේ මතවාදීනායක ලෝකයේ අනෙක් ජාතීන් ඉන්න බව නොසළකා කරගෙන යන වැඩවල ප්‍රතිඵල අපට බලාගත හැකිවෙයි ලබන මාර්තු වලින් පස්සේ. (නි)

:       0       0

ජෝන් Tuesday, 13 November 2012 10:29 PM

බන්දනාගාරය කියන්නේ උසාවිය මගින් දඩුවම් පමුණුවන ලද වරදකරැවන් දඩුවම් කාල සීමාව තුල රැක බලාගෙන ඹවුන්ව පුණරුප්පාදණ කරන ආයථනයක් මෙය තුලත් වැරදිකරුවන් වරැදි කරනවනම් මේකට බන්දනාගාර පාලකවරුනුත් ආරක්ෂක අංශත් විශේෂයෙන් රජයත් වග කියන්ට ඹ්නෑ මොකද මේ පලමු අවස්තාව නොවෙයි ('වැටත් නියරත් ගොයම් කයි නම් කාට කියන්නද මේ අවනඩුව')(නු)

:       0       0

අංජනා Sunday, 11 November 2012 11:07 AM

බන්ධනාගාරයට ආරක්ෂක අමාත්‍යංශයට ගත්තොත් හොද නැද්ද? මොකද සමහර බන්ධනාගාර නිලධාරින්ට විනයක් නැහැ. හිර කුටි ඇතුලට දුරකථන කුඩු ඇතුළු නොයකුත් දේ ඇතුලට යන්නේ කොහොමද? ඔය නිලධාරින් මොනවාද ගන්නෙ නැත්තේ... අන්තිමයි.. වැරදි හදගෙන ඉදිරියට යන්න...!(නු)

:       0       0

පනාගොඩ Saturday, 10 November 2012 07:33 PM

ජේලර්ලා හිරකාරුවන් එක්ක එකතුවෙලා කර වැඩක්ද කොහෙද ? (ස)

:       0       0

ලුම්බිණි Sunday, 11 November 2012 11:47 AM

අවි ගබඩාව කඩලා ගත්තු ආයුධ 80 න් 2 ක් විතරක් අරගෙන හිරකරුවෝ වහලයට නැගලා. හිතාගන්න පුළුවන් නේද...? (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 10 November 2012 07:36 PM

විදේශ මාධ්‍ය කැමති දෙයක් කියපු දෙන්. හිරකරුවන් ටිකයි එයාලට උදව් කරපු නිලධාරින් ටිකයි හොයලා නිසි දඩුවම් දෙන්න තිබුණා..!(නු)

:       0       0

පද්මි Sunday, 11 November 2012 11:35 AM

වසන්ත අපේ රට ගැන විදේශිකයන්ට අති රුදාවක් නැහැ.. නමුත් අරුම පුදුම දේවල් ගැන කවුරුත් පුදුම වෙනවා..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේපොළ ගන්න වරලත් ඉංජිනේරුවා මරලා
2024 ඔක්තෝබර් මස 08 1341 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට පෙර සූක්ෂ


විදුහල්පති ඇදුරු තුම එ දවස උන්න දොස්තර සිසු ළඟය අද බෙහෙතක් ගන්න
2024 ඔක්තෝබර් මස 08 1511 0

ලෝක ගුරු දිනය වෙනුවෙන් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ 1990 සාමාන්‍ය පෙළ හා 1993 උසස් පෙළ ආදි සිසු කණ්ඩායම තමන්ට වෛදයවරුන්,හෙදියන් ඇතුලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සා


තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීමේ දිනය දීර්ඝ කරයි
2024 ඔක්තෝබර් මස 08 95 0

මහ මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රී 12 ට අවසන් වීමට නියමිතව තිබූ අතර එය අනිද්දා (10) මධ්‍යම රාත්‍රී 12 දක්වා දීර්ඝ කර ඇතැයි


ගිනි අවිය පත්තු වී බැංකු ආරක්ෂකයා මරුට
2024 ඔක්තෝබර් මස 08 930 0

පොළොන්නරුව වැලිකන්ද නගරයේ රාජ්‍ය බැංකුවක අද(08) වෙනි දා සවස 6.00 ට පමණ ආරක්ෂකයෙකු සතුව තිබූ ගිනි අවිය පත්තු වීමෙන් ඔහු එම ස්ථානයේ දී මියගොස් ඇති බව වැලිකන්


ළිඳක තරුණයකුගේ සිරුරක්
2024 ඔක්තෝබර් මස 08 406 0

ඇල්පිටිය මහජන ක්‍රිඩාංගණය අසල ළිඳක තිබී අද (08) සවස මළසිරුරක් හමුවූ බව ඇල්පිටිය පොලිසිය පවසයි.


උපුල් තරංගට විවෘත වරෙන්තුවක්
2024 ඔක්තෝබර් මස 08 1342 0

හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතා අද දින මාතලේ මහාධිකරණයේදී විභාග කිරීමට නියමිතව තිබූ නඩු කටයුත්තට ඉදිරිපත් නොවීම හේතුවෙන් ඔහුට විරුද්ධව විවෘ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39492 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25729 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 357 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1179 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 399 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site