IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘අවි නැතිවීමේ වගකීම කාගෙදැයි නොදනී‘

ශ්‍රී ලංකා රජයට අයත් ගිනි අවි 178ක් 2009 සහ 2013 අතර කාලයේ අස්ථාන ගත වී ඇතැයි ඇවන් ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ රැකියා අහිමිවූවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශ්‍රාමික ලුතිනන් කර්නල් නිලන්ත ජයවීර  අද (01) පැලවත්තේ පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවක දී පැවසීය.

එම ගිනි අවිවලින් 167ක් 2013න් පසු ඇවන්ගාඩ් සමාගම මැදිහත් වී සොයා දුන් බවත්, ගිනි අවි 11ත් හමු නොවූ බවත් ජයවීර මහතා පැවසීය. අවි නැතිවීම සම්බන්ධයෙන් වගකිව යුත්තේ කවුදැයි නොදන්නා බව ද ඔහු කීවේය.

 ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවට පැවරීම නිසා ලංකාවේ ගිනි අවි වලට 2013 වසරට පෙර වූ දේ නැවත සිදු වීමට ඉඩ ඇති බව ජයවීර  මහතා කී අතර එම ප්‍රකාශය ගැන මාධ්‍ය වේදියකු නැඟු ප්‍රශ්නයකට පිළිතුරු ජයවීර මහතා එලෙස කීවේය.

ඇවන්ගාඩ් සමාගමේ මෙහෙයුම් නාවික හමුදාව බලහත්කාරයෙන් පවරා ගැනීම නිසා 6754කගේ රැකියා අහිමි වී ඇතැයි ද, ඇවන්ගාඩ් ඇත්ත තත්ත්වය පැහැදිලි කිරීමට මෛත්‍රීපාල සිරිසේන ජනපති, රනිල් වික්‍රමසිංහ අගමැති, පාඨලී චම්පික රණවක ඇමති, රාජිත සේනාරත්න ඇමති,  අර්ජුන රණතුංග ඇමැති සහ අනුර කුමාර දිසානායක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක හමුවීමට අවස්ථාවක් ඉල්ලා සිටින බව ද මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය.

2015 නොවැම්බර 13 වැනි දා ඇවන්ගාඩ් සමග සියලු ගිවිසුම් අහෝසි කර නාවික හමුදාවට මෙහෙයුම් ගත් බව හා ඉන් අය වන මුදල් ඒකාබද්ධ ගිනුමට බැර වන බව කීව ද, ගැවන්ගාඩ් සමාගමෙන් ලැබිය යුතු ලාභාංශ නාවික හමුදාවේ ශුබසාධක අරමුදලට බැර කරන ලෙස දන්වා පසුගිය නොවැම්බර 26 වැනි දා ලිපියකින් දන්වා ඇතැයි ද, මෙය විශේෂ හෙළිදරව්වක් බව ද ඇවන්ගාඩ් රැකියා අහිමිවූවන්ගේ සංගමයේ කමල් ගමගේ මහතා පැවසීය.

ඇවන්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඔක්තෝබර 20 වැනි දා ගිවිසුමක් අත්සන් කළ බවත්, ඇවන්ගාඩ් කටයුතු දිගටම කර ගෙන යන බව එහි සඳහන් බවත්, එසේ තිබිය දී ඇවන්ගාඩ් මෙහෙයුම් නාවික හමුදාවට පවාරාගෙන ඇති බවත් ගමගේ මහතා සඳහන් කළේය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී කියැවුණේ කරුණු ගැන මාධ්‍යවේදීහු දිගින් දිගටම ප්‍රශ්න කළහ.

ප්‍රශ්නය - 2013ට පෙර ආයුධවලට වූ දේ නැවත වේයැයි ඔබ කිව්වා. 2013ට කළින් ආයුධවලට මොකද වුණේ?

පිළිතුර - ‘ගිනි අවි 178ක් 2009 වසරත් 2013 ත් අතර අස්ථාන ගත වී තිබුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ ගැන කියා තිබුණා.‘

ප්‍රශ්නය - ලංකා ආණ්ඩුවේ ගිනි අවි නැති වුණා නම් ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ එකල සේවය කළ නිලධාරීන් වගකිවයුතුයි නේද?

පිළිතුර - ඊට වග කිව යුත්තේ කවුදැයි කියන්න නීතිමය දැනුමක් මට නෑ.  

ප්‍රශ්නය - ලංකා ආණ්ඩුවේ ගිනි අවි නැතිවීම බරපතල ප්‍රශ්නයක්. ඒ කාලයේ ආරක්ෂක අමාත්‍යංශයෙන් හරියට මේවා ගැන සොයා නෑ නේද?

පිළිතුර - ආරක්ෂක අමාත්‍යංශය නෙමෙයි. රක්නා ලංකා සමාගම දන්නේ නෑ මේ අවි අවභාවිත වෙන බව.

ප්‍රශ්නය - ඒ කියන්නේ රක්නා ලංකා සමාගම හරියට හොයා බලා නෑ කියන එක නේද?

පිළිතුර - මේකට වග කියන්න ඕන කවුද කියා කියන්න අපි දන්නනේ නෑ.

ප්‍රශ්නය - ඇවන්ගාඩ් සමාගම හා රක්නා ලංකා සමාගම අතර ඔක්තෝබර 10 වැනි දා ගිවිසුමක් අත්සන් කළ බව කිව්වා. ඒ ගිවිසුමේ තිබෙනවා නේද ඔබ ඇවන්ගාඩ් සමාගම රක්නා ලංකා සමාගමට කෝටි අනූ ගණනක් ගෙවිය යුතු බව? ඇයි මුදල් ගෙවීම පැහැර හැරියේ?

පිළිතුර - මුදල් ගෙවීම පැහැර හැරියා නොවෙයි. අපි කරන්නෙත් ව්‍යාපාරයක්. අපි ගිවිසුම් ගත සමාගම්වලින් මුදල් ලැබුණු පසුයි ගෙවන්න වෙන්නේ.

ප්‍රශ්නය - ඔබ කිව්වා සමාගමේ වැඩ ඉදිරියට කරගෙන යන බවට ඔක්තෝබර 20 වැනි දා ගිවිසුම අත්සන් කළ බව. නමුත් ගිවිසුමේ පැහැදිලිව තිබෙනවා මෙම ගිවිසුම අදාල මුදල් ගනුදෙනු සඳහා පමණක් සීමා වේ කියා? එසේ නම් ගිවිසුම වෙනත් කටයුතුවලට අදාළ නෑ නේද?

පිළිතුර - ගිවිසුමේ තිබෙනවා අනිත් ගිවිසුම් ඉදිරියට ක්‍රියාත්මක වන බව.

ප්‍රශ්නය - නාවික හමුදාවෙන් එවූ ලිපියක් ඔබ පෙන්වුවා නාවික හමුදාවෙන් එවූ ලිපියක්. නාවික හමුදාව කියන්නේ 2015 නොවැම්බර 13 වැනිදායින් පසු මුදල් ගැන නොවෙයි නේද? ඔවුන් කියන්නේ ඇවන්ගාඩ් සමාගම මීට පෙර ගෙවිය යුතු මුදල් නේද?

පිළිතුර - නමුත් ඔවුන් කිව්වානේ මින් පසු සියලු මේ සම්බන්ධ සියලු දේ රජයේ ඒකාබද්ධ අරමුදලට යවන බව.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා නාවික හමුදාවේ වැඩ කළ කී දෙනෙක් ඇවන් ගාඩ් සමාගමේ සේවය කරනවාද?

පිළිතුර - අපේ බහුතරයක්   නාවික හමුදාවේ සේවය කළ රණවිරුවෝ.

ප්‍රශ්නය - නාවික හමුදා භටයන්ගේ සුභසාධනය සඳහා එම සුභසාධක අරමුදලේ මුදල් යොදවනවා නම් දැනට සිටින නාවික හමුදා    සුබසාධනයට ඔබ කැමති නැද්ද?

පිළිතුර - අපි එහෙම දෙයක් අදහස් කළේ නෑ. එම අරමුදලට දැම්මා කියා අපිට ඒ හැටි ප්‍රශ්නයක් නෑ. අපි පෙන්වන්න උත්සාහ කළේ ඒකාබද්ධ අරමුදලට මුදල් යොදවනවා කියා නාවික හමුදාවේ ශුබසාධන අරමුදලට මුදල් යෙදවීම ගැනයි.

ප්‍රශ්නය - මීට පෙර ඔබෙන් ලැබුණු ලාභාංශ මොන ගිනුමනට බැර කළේ?

පිළිතුර - රක්නා ලංකා සමාගමට ගෙවූ මුදල් ඔවුන් ඒකාබද්ධ අරමුදලට බැර කළේ. නාවික හමුදාවට ගෙවිය යුතු ලාභාංශ නාවික හමුදාවේ සුබසාධන අරමුදලට බැර කළේ.

(නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නවරත්න බණ්ඩාර මහතාගේ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රශ්න සහ පිළිතුරු පසුව බලාපොරොත්තු වන්න.)



අදහස් (0)

‘අවි නැතිවීමේ වගකීම කාගෙදැයි නොදනී‘

දහම් Tuesday, 01 December 2015 03:51 PM

මාරපන මෝඩයෙක්ද? එයා හොඳ යූ එන් පී කාරයෙක් නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 1370 0

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 552 0

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 678 2

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


නව ආරක්ෂක ලේකම්වරුන් පත් කරයි
2024 සැප්තැම්බර් මස 23 2348 1

නව ආරක්ෂක ලේකම් ලෙස එයා වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා ද මහජන ආරක්ෂක ලේකම් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙ


ඩොලර් බැඳුම්කර අගය පහත යයි
2024 සැප්තැම්බර් මස 23 2283 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග මෙරට ඩොලර් බැඳුම්කර අගය පහත ගොස් ඇතැයි බ්ලුම්බර්ග් පුවත් සේවය


ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 930 2

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22642 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22582 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 120 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 358 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 180 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site