IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අශාන් - තුසිත - අමීර් පන්නලදී විශිෂ්ට දස්කම් දක්වති

පන්නල මෝටර් රථ ධාවන පථයේදී ඉකුත්දා පැවති ‘ස්පීඞ්’ මෝටර් රථ සහ යතුරු පැදි ශූරතාවලියේ දෙවැනි අදියරේදී මෝටර් රථ අංශයේ වැඩි ගෞරව දිනා ගැනීමට අශාන් සිල්වා සමත් විය. තුසිත ගුණසේකර යතුරු පැදි අංශයේ වැඩි ගෞරව දිනා ගත්තේය.
තරග සඳහාම නිෂ්පාදිත ෆෝමියුලා මෝටර් රථ අංශයේ වැඩි දස්කම් දැක්වීමට අමීර් ගෆූර් සමත් වූයේය.

මිට්සුබිශී ඉවොලූශන් III 2000 වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළ අශාන් සිල්වාට ඉතා උණුසුම් තරගයක් දුන් කෞෂාල් සමරසිංහ එම ඉසව්වේ දෙවැනි ස්ථානයට පත්විය. මිට්සුබිශී ලාන්සර් වර්ගයේ මෝටර් රථයක් භාවිතා කළ කෞෂාල් යම් අවස්ථා වලදී අශාන් අභිබවා යාමටද සමත්විය.

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරු පැදි තරගය සහ එස්. එම්. කාණ්ඩයේ විවෘත සුපිරි යතුරු පැදි තරගය යන තරග ද්විත්වයම ජයගනිමින් තුසිත ගුණසේකර යතුරු පැදි අංශයේ දස්කම් දැක්විය. එම ඉසව් දෙකේදීම ඔහු සමග උරෙනුර ගැටුණ සුරාජ් පෙරේරා සහ නෙඞ් ඩැනියෙල් ඉතා තියුණු තරගයකින් අනරතුරුව දෙවැනි සහ තෙවැනි ස්ථාන වලට පත්වූහ.

ෆෝමියුලා මැක්ලරන්ස් තරග ඉසව් දෙකේදීම අමීර් ගෆූර් පහසු ජයග‍්‍රහණ අත්කරගත් අතර ඉසව් දෙකේම දෙවැනි ස්ථාන හිමිවූයේ දසුන් රණතුංගටයි.

එම ප‍්‍රධාන තරග ඉසව් ත‍්‍රිත්වයට අමතරව වැඩි දෙනාගේ ආකර්ෂණය දිනාගත් තවත් තරග ඉසව් දෙකක් වන්නේ ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය සහ නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) යතුරු පැදි තරගයයි.

ෆෝර්ඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගයේදී ජනිත් කුමාරගේ, නිරෝෂන් රන්දික, රොමේෂ් ගුණවර්ධන සහ සුසන්ත ගුණවර්ධන යන පිළිවෙළින් ප‍්‍රථම, දෙවැනි, තෙවැනි සහ සිව්වැනි සථාන දිනාගත් කී‍්‍රඩකයන් නියමිත තරග වට 6 න් 4 ක් නිමවන තුරුම එක පොකුරේ ගමන් කිරීම පැමිණ සිටි පේ‍්‍රක්ෂක ජනතාවගේ උද්යෝගය තවත් වැඩි කළේය.

තරගාවලියේ අවසන් තරගය ලෙස පැවති නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරු පැදි තරගය ආරම්භ වන විට වර්ෂාව නිසා ධාවන පථය තරමක් තෙතබරිතව පැවතුනද, ඒ කිසිවක් මායිම් නොකළ මධුරංග කල්දේරා සහ ශි‍්‍රයාන් සමුවෙල් තරග වට 10 නිමවන තුරුම වරින්වර එකිනෙකා හඹායමින් තරග වැදුන අතර අවසන් වටයේ අවසන් තත්පර කිහිපයේදී ශි‍්‍රයාන් සමුවෙල් පසුකරමින් මධුරංග කල්දේරා ජයග‍්‍රාහී මායිමට ලගාවුයේ සියලූ පේ‍්‍රක්ෂකයන්ගේ ජයඝෝෂා මැදය.

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) යතුරු පැදි තරගය ආරම්භ කිරීමට පෙර කී‍්‍රඩයන් ධාවන මංතීරුව නිරීක්ෂණය කිරීමට ධාවනයේ යෙදුන අවස්ථවේදී, ප‍්‍රබල කී‍්‍රඩකයකු වන නෙඞ් ඩැනියෙල් ලිස්සා වැටීමෙන් අනතුරකට පත්විය. වහා කි‍්‍රයාත්මකවූ ශි‍්‍රයාන් සමුවෙල් තම ධාවනය නවතා එතැනට පැමිණ තම සගයාට නැවත ධාවනයේ යෙදීමට සහය වීමත්, තරගය අවසන් වීමෙන් අනතුරුව එහි ප‍්‍රථම ස්ථානයට පත්වූ නෙඞ් ඩැනියෙල් තරගය ආරම්භ කිරීමට පෙර තමන්ට සිදුවූ අනතුරේදී සහයදුන් ශි‍්‍රයාන් සමුවෙල්ට හිස නාමා ආචාර කරමින් තමන්ට කළ උපකාරයට ගෞරව දැක්වීමත් මෝටර් රථ තරග අතරේ මහත්මාකම ප‍්‍රදර්ශනය වූ අවස්ථාවක් විය.

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගයේදී මොහාන් පෙරේරාගේ රථය අනතුරකට පත්වීමත්, එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගයේදී අමීන් ඞීන්ගේ රථය අනතුරකට පත්වීමත් හැරුණුකොට තරගාවලිය තුලදී වෙනත් රිය අනතුරක් සිදුනොවීය. අනතුරු වලින් ඔවුන්ගේ රථ වලට දරුණු ලෙස හානීවී තිබුණද, තරගකරුවන්ට කිසිදු හානියක් නොවීය.

2013 ස්පීඞ් ශුරතාවලයේ II වැනි අදියරේ සමස්ත ප‍්‍රතිඵල සටහන

ෆෝර්මියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) පළමු තරගය (වට 10)
1 අමීර් ගෆූර් (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
2 දසුන් රණතුංග (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
3 ඒශාන් සිරිවර්ධන (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)

එස්. එල්. එන්. කාණ්ඩයේ (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය (වට 06)
1 මයිකල් විජේසූරිය (නිසාන් මාර්ච් 1000)
2 රොහාන් ද සිල්වා (මරුටි ඇල්ටෝ 1000)
3 සචිත් පතිරණ (නිසාන් මාච් 1000)

ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි ධා. 1300 දක්වා) මෝටර් රථ තරගය (වට 06)
1 ජනිත් කුමාරගේ (ෆෝඞ් ලේසර් 1300)
2 නිරෝෂන් රන්දික (ෆෝඞ් ලේසර් 1300)
3 රොමේෂ් ගුණවර්ධන (ෆෝඞ් ලේසර් 1300)
    
‘ ඕ’ කාණ්ඩයේ නවීකරණ නොකරන ලද (සි. ධා. 125 දක්වා) යතුරු පැදි තරගය (වට 06)
1 චතුර මධුෂංක (හොන්ඩා ජේ. එක්ස්. 125)
2 සංජීව උදයකුමාර (හොන්ඩා ජේ. එක්ස්. 125)
3 චමින්ද සුබසිංහ (හොන්ඩා ජේ. එක්ස්. 125)

‘ ඕ’ කාණ්ඩයේ යමහා එෆ්. ඉසෙඞ්. (සි. ධා 150 දක්වා) යතුරු පැදි තරගය (වට 04)
1 යසස් මධූශන (යමහා එෆ්. ඉසෙඞ්. 150)
2 එරන්ද සම්පත් (යමහා එෆ්. ඉසෙඞ්. 150)
3 නිමේෂ් බාලසූරිය (යමහා එෆ්. ඉසෙඞ්. 150)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 250 දක්වා) යතුරු පැදි තරගය (වට 08)
1 නෙඞ් ඩැනියෙල් (හොන්ඩා සී. බී. ආර්. 250)
2 ශි‍්‍රයාන් සැමුවෙල් (හොන්ඩා සී. බී. ආර්. 250)
3 ශෙරෝන් ප‍්‍රනාන්දු (හොන්ඩා සී. බී. ආර්. 250)

එස්. එල්. ඒ කාණ්ඩයේ කුඩා 7 (සි. ධා. 1000 දක්වා) මෝටර් රථ තරගය (වට 06)
1 තනුෂ් රවිකුමාර් (ඔස්ටින් මිනි 1000)
2 සචිත් පතිරණ (ඔස්ටින් මිනි 1000)
3 නාමල් සිල්වා (ඔස්ටින් මිනි 1000)

ෆෝඞ් ලේසර් / මැස්ඩා (සි. ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය (වට 06)
1 කුෂාන් පීරිස් (ෆෝඞ් ලේසර් 1500)
2 ඉර්ෆාන් ෆෝඞ් (මැස්ඩා 323)
3 ශාන්ත පි‍්‍රයංකර (ෆෝඞ් ලේසර් 1500)

එස්. එල්. එච්. කාණ්ඩයේ (සි. ධා. 1600 දක්වා) මෝටර් රථ තරගය (වට 08)
1 දිනේෂ් ජයවර්ධන (හොන්ඩා සිවික් 1600)
2 ඩිලාන් සෙනවිරත්න (හොන්ඩා සිවික් 1600)
3 ඉර්ෆාන් ෆෝඞ් (හොන්ඩා සිවික් 1600)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 250 දක්වා) සුපිරි යතුරු පැදි තරගය (වට 8)
1 කසුන් ධනුෂ්ක (යමහා වයි. ඉසෙඞ් 250)
2 උදික ශී‍්‍රමාල් මලවිගේ (යමහා වයි. ඉසෙඞ් 250)
3 උදේෂ් වෙඩිසිංහ (යමහා වයි. ඉසෙඞ් 250)

‘ ඕ’ කාණ්ඩයේ බජාජ් (සි. ධා. 150 දක්වා) යතුරු පැදි තරගය (වට 04)
1 තරිඳු ධනංජය (බජාජ් පල්සර් 135)
2 අනන්ද සම්පත් (බජාජ් පල්සර් 150)
3 ශාන්ත රණසිංහ (බජාජ් පල්සර් 150)

එස්. එම්. කාණ්ඩයේ (සි. ධා. 450 දක්වා) සුපිරි යතුරු පැදි තරගය (වට 8)
1 තුසිත ගුණසේකර (හොන්ඩා සී. එෆ්. ආර්. 450)
2 නෙඞ් ඩැනියෙල් (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)
3 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)

‘ ඕ’ කාණ්ඩයේ (සි. ධා. 200 ට වැඩි) බජාජ් ති‍්‍රරෝද රථ (වට 4)
1 ගයාන් ප‍්‍රදීප් (බජාජ් 200)
2 සුසන්ත කුමාර් (බජාජ් 200)
3 රුවන් සංජය (බජාජ් 200)

‘එම්’ කාණ්ඩයේ නවීකරණය කරන ලද (සි. ධා. 150 දක්වා) යතුරු පැදි තරගය (වට 06)
1 ජෙෆ් ඇන්ඩි‍්‍ර චී (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
2 හේෂාන් පසිඳු (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)
3 චතුර මධුසංක (යමහා ටී. ඉසෙඞ්. ආර්. 125)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) මෝටර් රථ තරගය (වට 06)
1 සජාඞ් සුහේර් (හොන්ඩා ඊ. ආර්. 2)
2 ඩිලාන් සෙනෙවිරත්න (හොන්ඩා ඊ. ආර්. 7)
3 ශෙහාරා ජයවර්ධන (හොන්ඩා ඊ. ආර්. 7)

එස්. එල්. ජී. ටී. කාණ්ඩයේ (සි. ධා. 3500 දක්වා) මෝටර් රථ තරගය (වට 10)
1 අශාන් සිල්වා (මිට්සුබිශී ඉවොලූෂන් III 2000)
2 කෞෂාල් සමරසිංහ (මිට්සුබිශී ලාන්සර් 2000)
3 දිනේෂ් ජයවර්ධන (සුබරු ඉම්ප්‍රෙසා 1999)

එස්. එල්. එස්. කාණ්ඩයේ (සි. ධා. 1500 දක්වා) විශේෂ මෝටර් රථ තරගය (වට 08)
1 නදීර ජිනසේන (හොන්ඩා සිවික් 1500)
2 ශමිල් එලියස් (හොන්ඩා සිවික් 1500)
3 මයිකල් විජේසූරිය (නිසාන් මාච් 1050)

ෆෝමියුලා මැක්ලරන්ස් (සි. ධා. 1300 දක්වා) දෙවැනි තරගය (වට 10)
1 අමීර් ගෆූර් (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
2 දසුන් රණතුංග (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)
3 රුචිත් ගුණරත්න (ෆෝමියුලා මැක්ලරන්ස් 1300)

එස්. එම්. කාණ්ඩයේ විවෘත සුපිරි යතුරු පැදි තරගය (වට 10)
1 තුසිත ගුණසේකර (හොන්ඩා සී. එෆ්. ආර්. 450)
2 සුරාජ් පෙරේරා (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)
3 නෙඞ් ඩැනියෙල් (යමහා වයි. ඉසෙඞ්. එෆ් 450)

නවීකරණය කරන ලද (සි. ධා. 250 ට වැඩි) විවෘත යතුරු පැදි තරගය (වට 10)
1 මධුරංග කල්දේරා (යමහා ආර්)
2 ශි‍්‍රයාන් සමුවෙල් (යමහා වයි. ඉසෙඞ්. - එෆ් ආර් VI)
3 ප‍්‍රසන්න සුබසිංහ (ට‍්‍රෑම්ප් ඩෙටානා)

ඡයාරූප : ශාන්ත රත්නායක

%



අදහස් (0)

අශාන් - තුසිත - අමීර් පන්නලදී විශිෂ්ට දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඊශ්‍රායලයට සමාව දෙන්න බෑ - ඉරාන ජනපති
2024 සැප්තැම්බර් මස 29 4 0

ලෙබනන් හිස්බුල්ලා නායක හසන් නසරැල්ලා ඝාතනය ඉරානයට එල්ල වූ අතුල් පහරක් බවත්, නසරැල්ලා ඝාතනය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවත් ඉරාන


හිස්බුල්ලා නව නායකයා කවුද?
2024 සැප්තැම්බර් මස 29 45 0

ලෙබනන් හිස්බුල්ලා නායක නසරැල්ලා ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය වීමෙන් පසු, හිස්බුල්ලා සංවිධානයට නව නායකයකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ප


ඊශ්‍රායලය කළ දේ හරි - බයිඩන්
2024 සැප්තැම්බර් මස 29 172 0

ඊශ්‍රායලයේ මිතුරා මෙන්ම ලෝක බලවතා ද වන ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, නසරැල්ලා ඝතනය සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කරමින්, ඊශ්‍රායලයට සහාය දක්වමින් අදහස් පළ කර


උහන වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 29 148 0

අම්පාර උහන සමන්ගල සහ බංඩාරදුව ආසන්නයේ වනසංරක්ෂණ දෙපාර්තතමේන්තුවේ රක්ෂිත වනාන්තරය මහා පරිමාණයෙන් විනාශ කරන බව ප්‍රදේවාසිහු පවසති.


නසරැල්ලා මරන්න අණ දුන්නේ මම
2024 සැප්තැම්බර් මස 29 418 0

දරුණු ත්‍රස්තවාදියකු වූ නසරැල්ලා ඝාතනය කිරීම, ලැබූ විශිෂ්ට ජයග්‍රහණය බවත්, ඊශ්‍රායලය ලෙබනනයෙන් පළිගත් බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යා


ලිබඩු කර්මාන්තශාලාවක ගින්නක්
2024 සැප්තැම්බර් මස 29 70 0

මොරටුව ,ඉදිබැද්ද ප්‍රදේශයේ එඩ්වඩ් පටුමග පිහිටි ලී බඩු නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(29) අලුයම 1.30 ට හදිසි ගින්නක් ඇතිවී එහි දේපල වලට බරපතල හානි සිදූවී ඇතැයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38001 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25027 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site