IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


අශෝබන වැඩේ වහන්න අයිපී අශෝබන වැඩක් කරයි

කොළඹ කොටුව දුම්රිය පොළේදී අශෝබන ලෙස හැසිරුණු ඉංජිනේරුවරයකුට නඩු නොපැවරීම නිසා රුපියල් හැත්තෑපන්දහසක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් දොළොස් දහසක් දින කිහිපයකට පෙර ගත් බව කියන කොටුව පොලිසියේ සුළු පැමිණිලි අංශයේ පොලිස් පරීක්ෂකවරයෙක්  අද ඉතිරි මුදල වන රුපියල් හැටතුන්දහස ලබා ගනිද්දී අල්ලස් හෝ දුෂණ කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 

 



අදහස් (0)

අශෝබන වැඩේ වහන්න අයිපී අශෝබන වැඩක් කරයි

මාලිංග Thursday, 09 January 2014 03:14 PM

මේ ප්‍රශ්නයේදී දෙගොල්ලොම වැරදියි මොකද පොලිසියට විතරක් දොස් කියන්නේ (දී)

:       0       0

මංගල මලල්ගොඩ Thursday, 09 January 2014 03:33 PM

මේක නම් සාධාරණිකරණය කරන්න බෑ. ඒ වුනාට මාගරි මේවා විතරක් නවත්වන්න බෑ. සමහරු පගා ගන්නේ රට උකස් කරලා. රටේ තරුණ පරපුර ළමා පරපුර උකස් කරලා, බිල්ලට දීල . මේවා අතර ඒවා නිකම් මෝය කටෙන් පොල් ලෙල්ලක් ගිය වගේ. ගහ කරදයක් නම් කොළ අහුලා අහුලා හිටියට විසඳන්න අමාරුයි. ගහ මුලින්ම කපන්න වෙනවා.(දිල්)

:       0       0

සේන Thursday, 09 January 2014 03:35 PM

දොස්තරලා වැසිකිළිවල කැමරා සවි කරනවා ඉංජිනේරුවෝ පොදු ස්ථානවල පිස්සු නටනවා අපේ රටේ උගත්තුන්ට වෙලා තියෙන්නේ මොකද්ද?(දිල්)

:       0       0

හේමන්ත. Thursday, 09 January 2014 04:18 PM

මම ඔය අයි.පී ගැන හොදට දන්නවා දුම්රිය දෙපාර්තුමේන්තුවේ මගේ මිතුරෙක් මට නම ගම ඔක්කොම දුන්නා. මීට පෙර අල්ලස් ගන්න කොට මගේ මිතුරා දැකල තියෙනවා සල්ලි ගන්නවා. හොද වැඩේ රාජකාරිය කරන්නේ නැතුව අල්ලසට රාජකාරිය පාවල දෙනවට.(නදී)

:       0       0

ජයතිලක Thursday, 09 January 2014 04:22 PM

මම අවුරුදු නමයකට පස්සේ ලංකාවට ගිහිල්ලා ආවා. මම දැකපු දෙයක් තමයි තමයි කිසිම වැඩක් කරගන්න බැහැ පගාවක් දෙන්නේ නැතුව. ඒක දැන් නියමයක් වෙලා වගෙයි. වාහනයක් අරන් පාරට බැස්සත් අමතර රුපියල් 1000 වත් අරගෙන යන්න ඕනේ පුද පුජා වලට දෙන්නම. නොකළ වරදටත්, කොලේ ලියන්නයි මේ අයගේ උත්සාහය. හරියට කතා කලොත් පුජාව නොදී බේරිලා එතහැකි. කතා නොකලොත් පුජාව දෙන්නම වෙනවා.(නදී)

:       0       0

සුමංගල -ඇල්පිටිය Thursday, 09 January 2014 04:36 PM

මොකක්ද කියන්නකෝ 75000/= ක් වටිනා අශෝබන වැඩේ?(දිල්)

:       0       0

සමන් Thursday, 09 January 2014 05:17 PM

ජීවන වියදම අඩුකරන්න ඕනේ, ගෙවතුවල පිරිසිදුවට මොනවා හරි වවා ගන්න උදවු කරන්න ඕනේ. දේශ පාලකයෝ බදු ගෙවන්නෙත් නැහැ, කොමිස් අල්ලස් ගන්නවා කෙළවරක් නැහැ. ඒවා නවත්තල දේශපාලකයෝ අඩු කලොත් පොඩි මිනිස්සුන්ට පඩි වැඩි කරන්නත් පුළුවන් නේද? මෙහෙම පවුලේ තාත්තව හිරේ දැම්මම ළමයිත් හොරු වෙයි. පුනරුත්තාපනය කරන්නේ කොටින්ව විතරද? මේ වගේ වැරදි කරන අනිත් අයටත් අවවාද කරලා රස්සාව කරන්න දෙන්න ඕනේ.(නදී)

:       0       0

පෙරේරා Friday, 10 January 2014 02:13 AM

බලාගෙන ගියාම දොස්තරලයි ඉංජිනේරුවොයි පහුගිය සති දෙකේ තුනේ අශෝභන වැඩ කරලා නේ (දිල්)

:       0       0

අරුණ Friday, 10 January 2014 11:56 AM

ඉන්ජිනේරුවා නිර්භීතයි. පොලිස් ලොක්කා මිනිස්සු ගොඩකට මේ දේ කරලා තියෙනවා කියල ආරංචියි. අහිංසක මිනිස්සු අමාරුවේ දානවලු. හොද පාඩමක්. (නදී)

:       0       0

සමරේ Friday, 10 January 2014 12:00 PM

පොලිස් ලොක්කා කෝටිපතියෙක්ලු. අනේ මන්දා.(නදී)

:       0       0

බමුණු Thursday, 09 January 2014 06:15 PM

" අද කාලේ ජීවත් වීම ඉතා කටුක වන නිසා. පත්තරයක් බැලුවත් අපිට දකින්න හම්බුවෙන්නේ මේ වගේ සුළු මුදල් ප්‍රමානයක් ලබා ගැනීම මත අත් අඩංගුවට පත්වන්නන්. මොවුන් දරු පවුල් කාරයෝ." හොදට හිතල බලල කතා කරන්න.(නදී)

:       0       0

මාධව Friday, 10 January 2014 04:56 AM

ඉංජිනේරුවා නිර්භීතයි. කරුණාකර ඔහුගේ අනන්‍යතාව රකින්න. නම පලකරන්න එපා, එවිට අනික් අයත් ඉදිරියට ඇවිත් පැමිණිලි දායි.(නදී)

:       0       0

ජනක Friday, 10 January 2014 05:15 AM

මේක ලොක්කෝ පුරුද්දට කරන දෙයක් වගේ (දී)

:       0       0

දිලිනි Thursday, 09 January 2014 12:29 PM

හොඳ වැඩේ ඔහොමම තමයි කරන්න ඕන පාගා ගහනවට.නිතිය රකින අයම නිතිය කඩ කරනවා. මිනිසුන්ට කතා කරන්න දන්නේ නැහැ. (දී)

:       0       0

සරත් ආතාවුද Thursday, 09 January 2014 12:30 PM

මෙතරම් පොලිසියේ මහත්වරු පහතට වැටෙන්නේ ඇයි (දී)

:       0       0

සිංහ Thursday, 09 January 2014 08:23 PM

මේ දෙන්නගෙම බුධ ග්‍රහයා නීච වෙලාද? වක්‍ර වෙලාද?(දිල්)

:       0       0

සදුනි Thursday, 09 January 2014 01:05 PM

අමුතුවෙන් පහතට වැටෙන්න දෙයක් නැහැ අතාවුද..........එයාල දැන් හොදටම පිරිහිලා ඉවරයි. (දී)

:       0       0

මහේන්ද්‍ර Friday, 10 January 2014 06:16 AM

කවුරු පගාව ගත්තත් දුන්නත් දෙකම එකසේ වැරදියි (දී)

:       0       0

සෝමදාස Thursday, 09 January 2014 01:14 PM

අද ගම්වල කසිප්පු ගංජා වැනි මත්ද්‍රව්‍ය නැති කරන්න බැරිවෙලා තියෙන්නෙ අල්ලස නිසා තමයි. නීති විරෝධී ලෙස හම්බකරන අයට රැකවරණය තියෙන බව තමයි වැඩිදෙනාගෙ මතය. සමාජයේ යහ පැවැත්මට මෙය බාධාවක්. (දී)

:       0       0

චානක Friday, 10 January 2014 06:24 AM

අශෝබන වැඩ දෙකම කැතයි නිතිය දෙකටම ක්‍රියාත්මක වෙන්න ඕනේ (දී)

:       0       0

සමන්ත Thursday, 09 January 2014 01:20 PM

පොලිසිය මෙවන් අසෝබන විදිහට හැසිරීම තුලින් සිදුවන්නේ තමාගේ වල තමාම කපා ගැනීමකි (දී)

:       0       0

පිටබැද්දර ජයා Friday, 10 January 2014 06:24 AM

දැන් එතකොට අර අසෝබන වැඩ කරපු කෙනා නිදහස්ද ? පුදුම ලෝකයක්නේ මේක (දී)

:       0       0

බිනුර Friday, 10 January 2014 06:27 AM

විසෙන් විස නසනවා කියන්නේ මේවට (දී)

:       0       0

ලලිත් Thursday, 09 January 2014 01:30 PM

ලොකු ලොක්කෝ කරන වැරදි අල්ලන්නේ නැහැ කියලා පොඩි පොලිස් නිලධාරීන්ට දොස් කියන්න එපා, ඒ මිනිස්සුත් අසරණයි, රස්සාව බේරා ගන්නනේ කවුරුත් හදන්නේ (දී)

:       0       0

විධුෂක Thursday, 09 January 2014 01:53 PM

ඉස්සර පොලීසියේ, හමුදාවේ තනතුරු සඳහා බඳවා ගන්නේ අයදුම්කරුවගේ කිරිපල්ල හොඳට අතගාල බලල අදාළ ඒ පැටිකිරිය යහපත් නම් තමයි. අනේ මන්දා දැන් කාලේ ඒවා ඒ විදියට කෙරෙනවද කියල. කෙසේ වෙතත් රජයේ මෙවැනි තනතුරු මේ විධියට හෑල්ලුවට ලක්වීම නම් ආසියාවේ ආශ්චර්යය කෙසේ වෙතත් රටේ ආශ්චර්යයට නම් යහපත් ප්‍රවනතාවක් නොවේ. (දී)

:       0       0

සෝමා Thursday, 09 January 2014 01:53 PM

මේ සම්භාන්දව ප්‍රකාශයක් කරන්න මම නම් බයයි (දී)

:       0       0

චතුරංග Thursday, 09 January 2014 01:57 PM

අපේ රටේ පොලිසිය ගානා කවුරු මොනවා කියුවත් මතක තියා ගන්න කිහිප දෙනෙකුගේ නොමනා කම් නිසා පරිහානියට පත් වෙලා තියෙන්නේ (දී)

:       0       0

අනුර Thursday, 09 January 2014 01:57 PM

පොලිසියේ මහත්වරුන්ට පඩි දෙන්නෙම නැද්ද ? (දී)

:       0       0

මාගලි ෆොන්සේකා Thursday, 09 January 2014 02:02 PM

සෝමදාස ගම්වල කසිප්පු ගංජා නැති කරන්න ඕනි ඔව් සේරටම කලින් නගරයේ තියෙන කුඩු මත්ද්‍රව්‍ය නැති කරන්න ඕනි .මොකද මේවා කරන්නේ මහා පරිමාණයෙන් .ගම නගරය කියල නැහැ දෙපැත්තේම නැති කරන්න ඕනි.ගම්වල ඒවානම් අල්ලලා විනාශ කරනවා එත් නගරයේ ඒවාට උල්පන්දම් දෙනවා (දී)

:       0       0

බන්දුල බස්නායක Thursday, 09 January 2014 02:25 PM

පගා ගහන එක හොඳ වැඩක් නොවෙයි. නමුත් මේ මිනිස්සු මේ දේවල් කරන්නේ අද කාලේ ජීවත් වීම ඉතා කටුක වන නිසා. පත්තරයක් බැලුවත් අපිට දකින්න හම්බුවෙන්නේ මේ වගේ සුළු මුදල් ප්‍රමානයක් ලබා ගැනීම මත ඇත අඩංගුවට පත්වන්නන්. මොවුන් දරු පවුල් කාරයෝ. මෙය විවේචනය කරන අය නිකමටවත් පත්තරේ දැක්කද මහා පරිමාණයෙන් කෝටි ප්‍රකෝටි ගණන් පගා ගහන අපේ සමහර ලොකු ලොකු උදවියගේ පැටිකිරිය. ඔවුන්ව අත් අඩංගුවට ගන්නවද? ඔවුන් පගාවට පාවා දෙන්නේ අපේ රටේ සම්පත්. හරියට ඔවුන්ගේ අම්ම අප්පාගේ බුදලේ වගේ. (දී)

:       0       0

සුසන්ත Thursday, 09 January 2014 02:45 PM

මේ පොලිස් නිලධාරීන්ගේ පඩි වැඩි කලොත් මෙවන් ප්‍රශ්න ඇති වෙන එකක් නැද්ද, මොන බොරුද (දී)

:       0       0

මාගරි Thursday, 09 January 2014 03:04 PM

වෙන අය හොරකම් කරනවා කියල මේක සදාරණීය කරන්න බැහැ. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියගේ ඝාතකයා ගඟට පනිද්දී මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 241 0

නුගේගොඩ, ගංගොඩවිල, පැඟිරිවත්ත පාරේ පදිංචිව සිටී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කළ බව කියන පුද්ගලයෙකු බෙන්තර ගඟට පැනීමට සූදානම් වීමේදී අද පස්වරුවේ අත්අඩං


මාතර සියයට 64යි
2024 සැප්තැම්බර් මස 21 198 0

ජනාධිපතිවරණයේ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින්ගෙන් සියයට 64.14 ක් අද (21) සවස 2.00 වන විට ඡන්දය ප්‍රකාශ කර ඇති බව මාතර දිස්ත්‍රික් තේරිම් භාර නිලධාරී ගනේෂ අමර


පැල්පිටිගොඩ ඡන්ද මධ්‍යස්ථානය භාර නිළධාරියාගෙන් කැත වැඩක්
2024 සැප්තැම්බර් මස 21 1150 0

ඇස් අන්ද පුද්ගලයෙකු විසින් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා ස්ථාන භාර නිළධාරීගෙන් අවසර ඉල්ලා සිටීමේදී වෙනත් අපේක්ෂකයෙක්ට ඡන්ද ප්‍රකාශ කල පුවතක් කළුතර දිස්ත


පොලොන්නරුව සියයට 65
2024 සැප්තැම්බර් මස 21 515 0

මෙවර ජනාධිපතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සවස 3.00 වනවිට සියයට 65 ක් පමණ ඡන්දය ප්‍රකාශ කර ඇති බව පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්


මොහොත්තුවාරම් දූපතේ ඡන්දෙට හරි උනන්දුයි
2024 සැප්තැම්බර් මස 21 294 0

කල්පිටිය මොහොත්තුවාරම දුපතේ පිහිටි ජන්ද මධ්‍යස්ථානය වෙත තම ජන්දය භාවිතා කිරීමට ජන්ද දායකයන් 21 උදෑසන සිට ධීවරය යාත්‍රා හා ට්‍රැක්ටර් මගින් පැමිනීම දැ


ඡන්දපොළේ දී පොලිස් නිලධාරීයෙක් මිය ගිහින්
2024 සැප්තැම්බර් මස 21 770 0

පොළොන්නරුව පුලස්තිපුර විජිත ප්‍රාථමික විද්‍යාලයේ ඡන්ද මධ්‍යස්ථානය සඳහා රාජකාරී කටයුතු සඳහා යොදවා සිටි පොලිස් නිලධාරියකු 21 වෙනිදා දහවල් හදිසියේ ඇති


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14587 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 181 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 144 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site