IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


අංශභාගයෙන් මිදෙන්නට උපදෙස්

ආඝාතය යනු හදිස්සියේ ඇතිවන රෝගි තත්ත්වයකි.මොළයේ එක් ප්‍රෙද්ශයකට  හදිසියේ රුධිර  සැපයුම අඩාල විමෙන් ඇතිවන ආඝාතය ලෝකයේ මරනයට  පත්වන රෝග අතරින් ආඝාතය දෙවන ස්ථානය ගනී.

රුධිර  නාල අවහිරවිමෙන් සහ රුධිර  නාල පිපිරි මොළය තුළට  ලේ ගැලිමෙන් ආඝාතය ඇති විය හැක.

ලෝකයේ  ආඝාතයට  ගොඳුරු වන රෝගින් විශ්ලේෂණය කර  බැලිමේදී  ආඝාතය ඇති වන්නන්ගෙන් තුනෙන් එකක් (1/3) මිය යන අතර  තුනෙන් එකක් (1/3) සාදාකාලික ආබාධිත තත්ත්වයට පත්වේ. රෝගිය වැළදෙනන්ගෙන් සුවය ලැබීමට  වාසනාව ලබන්නේ තුනෙන් එකකට  (1/3) පමණි.

ලේ ගමන අවහිර  විමෙන් ඇතිවන ආඝාතයේදී  මොළයේ හානිවන ප්‍රෙද්ශ  අනුව ඇතිවන රෝග ලක්ෂණ විවිධ වේ.

ඒ අනුව ඇසීම, දැනිම.පෙනිම,චලනය භාෂාව,කථනය හෝ සමතුලිතභාවයෙහි වෙනස්විම් ඇති විය හැක.

ආඝාතයේ අනතුරු ඇතිවන රෝග ලක්ෂණ

·        හදිස්සයේ ඇතිවන තද හිසරදය

·        ගිලිමේ අපහසුතා

·        පෙනිමේ වෙනස්කම්

·        හදිස්සියේ ඇතිවන ඇවිදිමේ අපහසුතා

·        කැරකවිල්ල සහ  සමතුලිතතාවයේ වෙනස්කම්

·        හදිස්යේ ඇතිවන ශරිරයේ එක් පැත්තක පණ නැතිවිම හෝ දැනිම (සංවේදනය) වෙනස්වීම

 

පහත රෝග ලක්ෂණ ඔබේ ඥාතියකුට  හිතවතෙකුට  ඇති වුයේ නම් ක්ෂණිකව හිතන්න, ක්ෂණිකව ක්‍රියාත්මක වන්න.

·        මුහු‍ණේ පැත්තක පණ නැතිවිම

·        කට පැත්තකට  ඇඳවිම

·        එක් අතක් හෝ කකුලක් පණ නැතිවිම

·        කථාවේ වෙනසක් ඇතිවිම

·        කථාව පටලිම

·        ඔබ කියන දේ රෝගියාට  තේරුම් ගත නොහැකි නම්,

මෙවැනි රෝග ලක්ෂණ පහළ වන්නේ නම් පමා නොවි ඉක්මණින්ම රෝහලකට  රැගෙන යන්න.

පැය හතරාමාරක්  ඇතුළත රෝගියා  රෝහල් ගත කරන්නේ නම් ප්‍රතිකාර  වලට  යොමු විමෙන්  ජිවිත බේරා  ගැනිමටත් ආබාධිත තත්ත්වයන් අවම කරගැනිමටත්  හැකිවේ.

පුංචි ආඝාතය

ආඝාතයට  ආදළ රෝග ලක්ෂණ සුළු වේලාවක් (මිනිත්තු හෝ පැය කිහිපයක් පවතින අතර  පැය 24 ක් ඇතුළත පුංචි ආඝාත සම්පුර්ණයෙන් සුව වේ.

පුංචි ආඝාතය (TIA) යනු මරණයට  හෝ ස්ථිර ආබාධිත තත්ත්වයට  හේතුවන ලොකු ආඝාතයතයක පෙර  නිමිත්තක් විය හැකිය.

එහෙයින් වහාම ක්‍රියාත්මක වී වෛද්‍ය  උපදෙස් ලබාගන්න.

ආඝාතයට  හේතුවන සාධක

·        අධීක රුධිර  පීඩනය

·        ලේවල අධීක මේද (කොලෙස්ටරොල්) තත්ත්වයන්

·        දියවැඩියාව

·        හද ගැස්මේ අසාමාන්‍යතාවයන්

·        දුම්පානය/ අධික මත්පැන් පානය

·        තරබාරුව

·        ප්‍රමාණවත් පරිදි ව්‍යායාම වල නිරත නොවිම

·        සෞඛ්‍ය  සම්පන්න නොවන ආහාර  පිළිවෙත්

 

මෙම කරුණූ සියල්ල වෙනස් කළ හැකි  සාධකය.

 

o   නමුත්  වයස අවුරුදු 65 ට  වැඩිවිම

o   පවුලේ  ළඟම ලේ  ඥාතියකුට  ආඝාතය සෑදි තිබිම

o   මිට පෙර  ආඝාතය හෝ ඥාතියකුට  ආඝාතය සෑඳි තිබිම ආඝාත ඇතිවන වෙනස්  නොවන සාධකය .

ආඝාතය වළක්වා  ගැනිමට

ආඝාත වලින් සියයට  80 ක් පමණ වළක්වා  ගත හැකි ඒවාය.

පහතින් සඳහන් ආකාරයේ ජිවන රටාවක හුරුවිමෙන් ඔබටත්  ආඝාත අවධානමෙන් මිදිය හැක.

අලුත් පළතුරු, එළවළු, දෛනික ආහාරයට  හැකි තරම්  එක්කර  ගන්න උත්සහ කරන්න.

පරිප්පු , සෝයා , ධාන්‍ය  වර්ග, මාළු , කුකුල් මස් ආදි  දෑ  ආහාරයට එක්කර ගැනිම යෝග්‍යය. රතු මස් වර්ග ගැනිමෙන් වැළකිම හෝ අවම කිරිම බෝ නොවනා රෝග රැසකින් මිදිමට  හේතු වේ.

ලුණු කෑම සීමා කරන්න.

නිවසට  ගෙනෙන ලුණු පැකට් ප්‍රමාණය අඩු කරන්න. බත් පිසිමේදී  ලුණූ භාවිතා  නොකරන්න. බිස්කට් , කරවල ක්ෂණික ආහාර  වලින්  ලුණු ශරිරයට  එකතු වන බව සිතන්න.

ගැඹුරු තෙලේ බැදි ආහාර,

පිෂ්ඨය අධික ආහාර  ගැනිමෙන්  වළකින්න.

ශරිරයට  එකතුවෙන කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණය අඩු කරන්න.  (බත් වලින් වැඩි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයක්  ශරිරයට  එකතු වේ.)

දෛනිකව පුංචි  වේලාවක්  වෙන්කර ගෙන හැකි ව්‍යායාමයක නිරත වන්න.

ශරිර ස්කන්ධ දර්ශකය නිවැරදිව පවත්වාගෙන යෑමට  උත්සහ කරන්න. (උසට සරිලන මහතක් තබා ගන්න)

දුම්පානය කිරිමෙන් , මත්පැන් පානය කිරිමෙන්  වළකින්න.

කාර්යය බහුල ජිවන රටාවේ මානසික ආතතියට  ගොදුරු වන්නන් බහුල බැවින් එම තත්ත්වයෙන් මිදිමට  පවුලේ  අය සමඟ විනෝද වන්න කාලය වෙන් කරවා ගන්න. ආගමික කටයුතු වල යෙදිමට කාලයක් වෙන් කර ගන්න.

දියවැඩියාවෙන් හෝ අධිරුධිර පිඩනයෙන් පෙළේ නම් නිවැරදි මාත්‍රාවෙන් නියමිත වේලාවට  ලබාගත යුතුය. (මාසයෙන් මාසයට  පමණ රෝග පරික්ෂා  කර  බැලිමටත් මතක් තබා ගත යුතුය.)

දියවැඩියාව පාලනය කිරිම ඉතා වැදගත් වන අතර  එය ආඝාත වළක්වා  ගැනීමට සේම අක්ෂි, ස්නායු , හෘද, වකුගඩු ආදි ඉන්ද්‍රියන් ආරක්ෂා කර ගැනිමට ද උපකාරි වෙන පිළිවෙතකි.

ආඝාත ඇතිවිම් වැඩි අවධානමක් කාන්තාවන්ට

ආඝාත නිසා ඇතිවන මරණ 10 කින් 6 ක්ම වාර්තා වන්නේ කාන්තාවන්ගෙනි.

සෑම පුද්ගලයන් 5 දෙනෙකුගෙන් එක් අයකුට ආඝාත ඇතිවිමේ අවධානමක් ඇති බව හඳුනාගෙන ඇති වර්තමානයේ අප රටේ ආඝාතයට  ගොදුරු වුවන් ලක්ෂ දෙකක් පමණ සිටින බවද වාර්තා වේ.

උපත්පාලන පෙති  භාවිතා  කරන කාන්තාවන්ටත්,

ගර්භනි සමයේදි  දියවැඩියා රෝගයන්ට  ගොඳුරු වුවන්ට

මුත්‍රා සමඟ ප්‍රෝටීන පිට රෝගයන්ට  පත්වු  කාන්තාවන්ටත් ආඝාත ඇතිවිමේ  වැඩි අවධානමක්  ඇති  බව හඳුනාගෙන තිබේ.

ඔක්තෝබර්  29 දිනට  යෙදුණූ  ආඝාත දිනය නිමිත්තෙන්  සෞඛ්‍ය   අධ්‍යාපන කාර්යාංශයේ පැවැති දේශනයක දී ආඝාත සංගමයේ සභාපති  විශේෂඥ වෛද්‍ය  උදය රණවක මහතා  සහ ස්නායු  රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය පත්මා  ගුණරත්න මහත්මිය ප්‍රකාශ  කළ කරුණු  වලින් මෙම ලිපිය සකස් කෙරිණි.

 

එසැණින් කරනුයේ උපදෙස් දීම හා මගපෙන්වීම පමණි. ඒ උපදෙස් ප්‍රතිකාරයක් ලෙස නොසලකන්න. මෙම උපදෙස් අනුව ක්‍රියාකිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය ගැන අප හෝ මෙහි උපදෙස් දෙන වෛද්‍යවරුන් කිසිදු වගකීමක් දරන්නේ නැත. රෝගියකු කළ යුතු හොඳම සහ නිවැරදිම දේ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම බවත් සළකන්න.



අදහස් (0)

අංශභාගයෙන් මිදෙන්නට උපදෙස්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 124 0

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 1134 0

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 1478 0

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 176 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1113 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1223 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26196 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23467 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 392 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site