IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


අංශභාග කථාවට චන්ද්‍රිකාගෙන් හොඳ උත්තරයක්

‘මා අසනීපවී සිටීදැයි විමසමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණා. එක්තරා වෙබ් අඩවියක් මට අංශභාගය හැදිලා කියලා වාර්තා කර තිබුණා. එය වාර්තා කර තිබූ කෙනා කවුරු වුණත් එයාගෙන් අහන්න ඕනේ මට අංශභාගය හැදිලාද නැද්ද කියලා‘ යැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අවතැන්වූවන්ට ආධාර බෙදා දෙමින් වතුපිටිවලදී පැවසුවාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙන ඒමට උත්සාහ කරනවානම් තමා රජය සමග නොසිටින බව ද ඇය කීවාය. 

‘අපි මේ රජය බලයට ගෙනාවේ ක්‍රම ක්‍රමයෙන් රටේ තිබෙන දූෂණය අතුගා දැමීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨා බලයට ගෙනඒමට උත්සාහ කළොත් තවදුරටත් අපි රජය සමග ඉන්නේ නෑ.‘

ගංවතුර හා නායයෑම් තත්ත්වයෙන් ලක් වැසියන් පීඩාවට පත්වූ සමයේ තමා දරුවන් සමග පිටරට සිටි බවත් පීඩාවට පත් ජනතාව වෙනුවෙන් යමක් කිරීමට තමා ශ්‍රී ලංකාවට යළි පැමිණි බවත් ඇය කීවාය.

 

 



අදහස් (0)

අංශභාග කථාවට චන්ද්‍රිකාගෙන් හොඳ උත්තරයක්

ප්‍රතාප් නාලක Tuesday, 07 June 2016 10:13 AM

ඔබ තුමිය අගමැති තුමාසමග ඉන්නවා දකින්න තමයි අපගේ පැතුම. දෙදෙනාටම තියෙන්න එකම ප්‍රතිපත්ති සහ වැඩ පිළිවෙලක්. (ර)

:       0       0

නිශාන්ත Tuesday, 07 June 2016 06:00 PM

නියම කතාවක්! (නි)

:       0       0

සංජීව Tuesday, 07 June 2016 06:01 AM

මෙහෙට කරදර වෙනකොට රට යන එක හරිද? (නි)

:       0       0

හිරාන් Tuesday, 07 June 2016 06:13 AM

මේවට හිනාවෙන්නේ කොහෙන්ද මන්දා? (නි)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 07 June 2016 06:17 AM

අපට නම් පෙනෙන්නේ, අර දුෂණ විරෝධීන් කියනවා වගේ " ඩීල් එකක්" යනවා වගේ. නැත්නම්, සුදු වෑන් සිද්ධිය ඇතුළුව ගෝඨාට විරුද්ධව කොච්චර නම් සිද්ධි වගේම සාක්ෂි තියෙනවද..? ඇයි නඩු දාන්නේ නැත්තේ..? ඇයි හිරකරන්නේ නැත්තේ....? බලාගෙන යද්දී, යහපාලන ආණ්ඩුව ගේන්න වලිකාපු ගොඩක් අයට ආණ්ඩුව කරන උදවිය පෙන්නන්නේ "කොකා " තමයි. (නි)

:       0       0

ලාල් Tuesday, 07 June 2016 10:35 AM

කවුරු මොනවා කිව්වත් ගෝඨාභය රාජපක්ෂ මහතා දේශපාලනට යොමුවීම නම් කාලෝචිත අවශ්‍යතාවයක්. (ර)

:       0       0

යොහාන් Tuesday, 07 June 2016 06:21 AM

ඇත්ත තමයි. පහුගිය කාලේ නොයෙක් කටකතා පැතිරුනා තමයි (නි)

:       0       0

පීරිස් Tuesday, 07 June 2016 06:28 AM

මෙයා දැන් රජයේ හිටියා කියලා ඇති වැඩේ මොකක්ද? ඉන්න කාලේ ජනතාවට මොනවද කළේ? ගෝඨා කරපු වැඩ වලින් කොටසක්වත් මෙයාට කරන්න පුළුවන් වුණාද? මෙයා නම් නැති එකමයි හොඳ. (නි)

:       0       0

සේරසිංහ Tuesday, 07 June 2016 06:34 AM

මන්ත්‍රී පර්මිට් අහෝසි කරන සටනේ, ඇමති මණ්ඩලය 20 ට අඩු කරන සටනේ , බඩු මිල අඩු කරන සටනේ මේ සියල්ලගේම පෙරමුණ ඔබතුමිය ගන්න. අපි ඔබතුමිය සමගයි. (බ)

:       0       0

අසංග Tuesday, 07 June 2016 06:34 AM

අනේ අපි හිතුවා ඔය රොටිය කරවෙන්න යනවා කියලා. අනේ දෙවියනේ ඉක්මනටම කර වෙලාම පල. (බ)

:       0       0

තාබෘෘ සිල්වා Tuesday, 07 June 2016 06:36 AM

හීනෙන් වත් හිතපු නැති විදියට සමහර අයගේ බලය නැති වුනාම ඉවසා ගන්න බැරි වෙනකොට ඒ උදවියට ගැති කම් ගොට්ට අල්ලන උදවිය මාර්ගයෙන් මෙවැනි ව්‍යාපාර ගෙනියනවා අන්තර් ජාල හරහා, නොරැවටෙන්න කාගෙවත් අත කොලුවක් වෙන්න එපා,රට ගිනිතියන ව්‍යාපාර වලට සහබාගී වෙලා පාප කාර්ම කරගන්න එපා (බ)

:       0       0

සුදේශ් Tuesday, 07 June 2016 06:34 AM

පව් ජනතාවට පාඩුවෙයි (බ)

:       0       0

වසන්ත Tuesday, 07 June 2016 11:14 AM

අපරාදේ මේ රොටිය කරවෙන්නේ නෑ වගේ.(හේ)

:       0       0

කුමාර Tuesday, 07 June 2016 11:12 AM

ඔබතුමියගේ උත්තරය ගැන සෑහිමකට පත් වෙන්න බෑ.(හේ)

:       0       0

සත්‍යපාල Tuesday, 07 June 2016 11:26 AM

රටටනම් අංශභාගය හැදිලා කියල මුළු රටම දන්නවා.(හේ)

:       0       0

ශ්‍රීමාල් Tuesday, 07 June 2016 06:48 AM

සෝභිත හිමියන් සමග ඇමැති මණ්ඩලය 20 ට අඩු කරන්න අපට පොරොන්දු වූ ඔබ තවමත් මේ ගැන නිහඩ අැයි ? (බ)

:       0       0

ධම්ම Tuesday, 07 June 2016 06:48 AM

කීර්තිමත් අගමැති දෙපලකගේ දියණිය වූ ඔබට බැරි වුනානේ මව්බිමට නායකත්වය දෙන්න ලාංකික දරුවෙක් හදන්න. අපට ඒ ගැන කනගාටුවක් තියෙනවා. (බ)

:       0       0

කවිතා මෙල්බර්න් Tuesday, 07 June 2016 06:54 AM

අදාල නැහැනේ (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 09 June 2016 10:08 AM

චන්ද්‍රිකා කියන්නේ වීර "යකඩ ගැහැණියක්". (නි)

:       0       0

මුතු Tuesday, 07 June 2016 06:55 AM

චන්ද්‍රිකා මැතිනිය පාන් ගෙඩිය දුන්නේ රුපියල් 3.50 ට. මහින්ද බඩු මිල අහස උසට නැග්ගුවා. ඒක අඩු කරලා දෙනවා කියල බලය ගත්ත යහපාලනයෙන්නම් තාම එහෙම සලකුණක්වත් නැහැ. උද්දමනය 7% ගානේ තිබ්බත් අවරුදු 20 ට වැඩි වෙන්න ඕන උපරිම 140% යි. ඒ කියන්නේ පාන් ගෙඩිය රුපියල් 8.40 කට වඩා වැඩි වෙන්න බැහැ. පොඩ්ඩක් හිතල බලන්න පාන් ගෙඩිය අද කීයද කියල. (බ)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 09 June 2016 10:09 AM

කරුණාකරලා රාජපක්ෂවරු ලංකාවේ දේශපාලනයෙන් සහමුලින්ම අතුගාලම දාන්න අවශ්‍ය ශක්තිය ධෛර්ය ඔබතුමියට ලැබේවා! සියලු දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා! (නි)

:       0       0

තිලක්-ඩුබායි Thursday, 09 June 2016 10:12 AM

මෙතන සමහර අදහස් දැක්කහම හිතෙනවා සත්‍ය ජනතාවට ලියන්න/කියන්න ගිහින් කීර්තිමත් මාද්‍යවේදීන් සමහරු දංගෙඩියට බෙල්ල තිබ්බේ අපරාදේ කියලා. මෙහෙව් මිනිසුන් සිටින රටකට සත්‍ය කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

සුපුන් Tuesday, 07 June 2016 06:58 AM

ඔබ තුමිය දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න ඔබේ නාමය ආරක්ෂාකර ගන්න බණ්ඩාරණායක නාමය (ම)

:       0       0

සෑම් Tuesday, 07 June 2016 07:07 AM

සිරිත් පරිදි ඒකටත් ඇවිත් තියෙන්නේ ප්‍රමාද වෙලා . (ම)

:       0       0

ඇසළ Tuesday, 07 June 2016 07:12 AM

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨා බලයට ගෙනඒමට උත්සාහ කළොත් තවදුරටත් අපි රජය සමඟ ඉන්නේ නෑ.(ම)

:       0       0

ලියනගේ Tuesday, 07 June 2016 11:53 AM

ඔබ තුමිය අපිට ශක්තියක්.(හේ)

:       0       0

නන්ද Tuesday, 07 June 2016 07:31 AM

අපේ සමහර දේශපාලකයින් වැඩ කරන්නේ නම් හරියටම අංශභාග ලෙඩ්ඩුන්ටත් අන්ත විදිහට.(ම)

:       0       0

චන්දන Tuesday, 07 June 2016 12:02 PM

ඔබතුමිය අපට සම්පතක්.(හේ)

:       0       0

නිහාල් Tuesday, 07 June 2016 12:01 PM

ශ්‍රී ලංකා නදහස් පක්ෂේ කඩාගෙන ගිහින් පල පුරුද්දක් තියෙන නිසා අද ගියත් ඒ හැටි දෙයක් ගානක් නෑ. (හේ)

:       0       0

බමුණු Tuesday, 07 June 2016 07:43 AM

අපිට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වටිනවා හේතුව කවුරුත් දන්නවා. (ම)

:       0       0

සරත් Tuesday, 07 June 2016 07:55 AM

ජනතාවගේ සිතුම් පැතුම් වලට වගකියන්න ඕනෑ (ම)

:       0       0

නාමල් Wednesday, 08 June 2016 10:11 AM

මම නම් මේ කතාවට විරුද්ධයි (නි)

:       0       0

නීල් Tuesday, 07 June 2016 08:22 AM

මැඩම් ඔය අරයගෙ වැඩ ගණන් ගන්න එපා ..(බ)

:       0       0

ලෙනාඩ් Tuesday, 07 June 2016 08:33 AM

ගෝඨාභය මැතිතුමන්ට කිට්ටු වෙන්න පුලුවන්ද මේ කෙනාට. එතුමා කළ සේවයෙන් එකක් කළාද මෙයා (බ)

:       0       0

විජේලතා Tuesday, 07 June 2016 08:34 AM

ගුවන් හමුදාවට කල් ඉකුත්වූ මිග් යානා ගෙනැවිත් කොමිස් ගැසූ පරීක්ෂණ ඉවරද එයාව බලයට ගේන්න හදන්නේ ? අනික ඇමෙරිකාවේ පුරවැසියෙක් පාර්ලිමේන්තුවට යන්න පුලුවන්ද ? ව්‍යවස්ථාව කලින් කියවල හිටියොත් හොදයි නේද ? (බ)

:       0       0

තිස්ස Tuesday, 07 June 2016 08:38 AM

ජෝන් හා ජෝන්ගේ ගෝලයින් කරපු ජරා වැඩ වලට පොලිසිවලට ඇහැපියන් ඉන්න කියල එදා කළ උදව් වලට වන්දි ගෙවන්න වෙන්න ඇති ඕක කතා කරන්න ඇත්තේ , කොහොමත් ඔය යක්කු අනුන්ගේ දේවල් වලින් අනුන්ට කරන කට්ටියනේ (බ)

:       0       0

නීල් Tuesday, 07 June 2016 08:39 AM

ඔබ වගේ කෙනෙක් ආණ්ඩුවේ හිටියොත් ලොකු විනාශයක් වෙන්නේ ලංකාවට (බ)

:       0       0

අසෝකා Tuesday, 07 June 2016 08:39 AM

බලයේ ඉන්නකොට කරන්න බැරිවුන දේවල් ද දැන් අනුන් ලවා කරවනවා කියන්නේ? (බ)

:       0       0

අමිරා Tuesday, 07 June 2016 08:46 AM

ඔන්න හිටපු ආරක්ෂක ලේකම් පත්තරවලට ආරක්ෂක රහස් හෙළිකරලා දැන් වේයන්ගොඩ මිනිස්සු ආරක්‍ෂිත ස්ථාන වෙත යනවා වේයන්ගොඩට යුද ගබඩාවක් හදල කියල .මෙවැනි වගකීමක් නැති මිනිසුන්ව බලයට ගෙන්න හදන මිනිසුන්ට ඉස්සරවෙලා සලකල ඉන්න ඕනේ (බ)

:       0       0

ශෂිකා Tuesday, 07 June 2016 09:35 AM

ගෝඨාභය කියන්නේ මේ රට කොටින්ගෙන් නිදහස් කර ගැනීමේ මෙහෙවරේ ප්‍රධාන චරිතයක්. ඔහුව දේශපාලනයට ගෙනවුත් විනාශ කරන්න උවමනා නැහැ. (ර)

:       0       0

හිමාල් Tuesday, 07 June 2016 09:38 AM

මුතු, උද්ධමනය කියන්නේ පොදු මිල මට්ටමේ දීර්ඝකාලීන වෙනසක්, ඒක හැම භාණ්ඩයටම එකම අනුපාතයකින් බලපාන්නේ නෑ. ඒ වගේම හැම අවුරුද්දේම 7% වෙලා තිබුනෙත් නෑ. (ර)

:       0       0

බන්ඩාර Tuesday, 07 June 2016 09:56 AM

කවුද ඔබතුමියට අංශභාගේ හැදිලා කිව්වේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනතාවාදී රාජ්‍ය සේවකයන් වෙනුවෙන් පෙනී ඉන්නවා
2024 ඔක්තෝබර් මස 03 6 0

කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


තියුණු ආයුධ සමඟ අයෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 141 0

මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග


පොත් ගන්න මහ සෙනඟක්
2024 ඔක්තෝබර් මස 03 373 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්


‘ කුෂ්‘ ගුවන් තැපැලෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 03 242 0

රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ


මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 564 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 1676 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38721 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25440 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 286 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 978 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 344 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site