IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


අස්ගිරි මහ නායක පදවිය බලාපොරොත්තුවෙන් දෙනමක්

ගලගම ශ්‍රි අත්ථදස්සි හිටපු අස්ගිරි මහනාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වු මහනායක පදවිය සදහා ඉදිරිපත් විමට අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා  දෙනමම තිරණය කර ඇතැයි අස්ගිරි විහාර ආරංචි කියයි.

අස්ගිරි මහා විහාර පාර්ශවයේ අනුනායක පදවි දෙක බදුලු මුතියංගන රජමහා විහාරාධිපති වරකාගොඩ ඥානරතන , පොලොන්නරුවේ සොලොස්මාථානාධිපති වෙඬරුවේ උපාලි යන නාහිමි වරුන් විසින් දරනු ලබන අතර උන් වහන්සේලා දෙනමම මේ වන විට මහනායක පදවිය සදහා ඉදිරිපත් වන බව සංඝ සභික හිමිවරුන්ට දැහැත් පිළිගන්වමින් දැනුම් දි ඇත.

අස්ගිරි මහනායක පදවිය සදහා සුදුසු ජ්‍යෙෂ්ඨ හිමිනමක් පත්කර ගැනීම  අප්‍රේල් මස 7 වැනිදා පස්වරුවේ සිදු කිරිමට එම පාර්ශවයේ විංසත් වර්ගික කාරක සංඝ සභාව තීරණය කර තිබේ.

එදින අනුනායක හිමිවරුන්ගෙන් එක් හිමි නමක් අස්ගිරි පාර්ශවයේ 22 වන මහනාහිමි ලෙස පත්විමට නියමිතය.



අදහස් (0)

අස්ගිරි මහ නායක පදවිය බලාපොරොත්තුවෙන් දෙනමක්

පිටබැද්දර ජයා Friday, 01 April 2016 02:18 AM

පිදියයුත්තා පිදීම අපි බලාපොරොත්තුවෙන් සිටිමු (නි)

:       0       0

නිහාල් Saturday, 02 April 2016 08:36 AM

අජිත්, ඔබේ පැතුම පරිදි සිදුවෙනවා නම්, ඔබේ පැතුම ඉටුවෙනවා නම් සිංහල අපි කෙතරම් වාසනාවන්තද? (නි)

:       0       0

නිමල් ලලිත Friday, 01 April 2016 02:23 AM

අති ගෞරවනිය මහා නායක හිමි තනතුර, බලතණ්හා තරඟයක් බවට පත්නොවේවා! මේ සිංහල රටේ සිංහල බෞද්ධ අයිතිය අනාගත සිංහලයාටද හිමිකර දියහැකි ගරු ස්වාමින් වහන්සේ නමක් මෙම ගෞරවනීය තනතුරට පත්වේවා! (නි)

:       0       0

ඉන්දු Friday, 01 April 2016 03:20 AM

සුදුසුකම් ඇති , බල තණ්හාව නැති ස්වාමීන්වහන්සේ නමකට ලැබේවා..(හේ)

:       0       0

කුමාර Thursday, 31 March 2016 03:24 PM

අනේ සාධු. (බ)

:       0       0

දිලිප් වික්‍රමරත්න Friday, 01 April 2016 03:56 AM

තමන් තමන්ටවත් වලංගු නැති වයස්වල ඉන්න ස්වාමින් වහන්සේලා , මහනායක කම නොගත යූතුයි . මඩිහේ මහා නායක හාමුදුරුවෝ වගේ , තව කෙනෙක් අපිට අවශ්‍යම වෙලාව .උන්වහන්සේ මහනායක කමට පත් වුනේ ඉතා අඩු වයසකින් .ඒ නිසා රටට , සාසනයට ඉතාම වැදගත් වැඩ කොටසක් වුණා (බ)

:       0       0

උපුල් Friday, 01 April 2016 04:03 AM

උදේට එකක් කියල දවල්ට තව එකක් කියන කෙනෙක් නොවී සාසන චිරස්ථිතිය වෙනුවෙන් උජුපටිපන්න තෙරණුවන් කෙනෙක් පත්වීම ලබත්වා ! (බ)

:       0       0

ජයන්ත Thursday, 31 March 2016 04:05 PM

හමුවීමට පැමිණෙන හැම දේශපාලඥයෙකුටම හොඳමයි නොකියන නායක හාමුදුරුවන් වහන්සේ නමක් පැමිණෙත්වා. උඩුගම බුද්ධරක්ඛිත නායක හාමුදුරුවොත් කෙළින් වැඩකළ නායක හිමිනමක්. (නි)

:       0       0

අනුර Friday, 01 April 2016 05:41 AM

සමන්, සම්ප්‍රදාය අනුව නායක ස්වාමින්වහන්සේ පත්වෙනවා. (ර)

:       0       0

දුමින්ද Friday, 01 April 2016 06:04 AM

මාර බැදීමක්.(හේ)

:       0       0

ජයනාත් Tuesday, 05 April 2016 04:20 AM

නුවර ඉන්න සහ නුවර පහුකරගෙන යන ජනතාවනේ එකේ අමාරුව දන්නේ. කොටි ආවේ ඒ 26 පාරෙන් නොවේ නගරය දෙසින්. ගහනකන් දන්නේ නැහැ අපේ අය..! ඒ ගැහුවේ එවක තිබු ආරක්ෂක බලධාරීන් ගේ පණ්ඩිත කමත් නොසැලකිල්ලත් නිසා .(කෞ)

:       0       0

ලාල් Friday, 01 April 2016 10:58 AM

රටට මොනවා වුණත් ඇස්ඇර නොබලන සමහර අය දැන් ඉතින් තනතුරුවලට මරාගනිවි. (නි)

:       0       0

තුසිත Friday, 01 April 2016 11:40 AM

මතකනේ එකපාරක් ඔය පාර ඇරලා සිංහල බෞද්ධයාගේ මුදුන් මල්කඩ වූ දළදා වහන්සේ වැඩසිටින දළදා මාළිගාව විනාශ කරපු හැටි. එම නිසා ඔය පාර වහලම තියන්න (නි)

:       0       0

ජගත් Friday, 01 April 2016 11:53 AM

වසාගෙන සිටින දළදා මාලිගාව අසළ ඒ -26 මාර්ගයේ පළමු කිලෝමීටරය මහජන භාවිතයට ඉඩදෙන මෙත් සිත් ඇති උතුමෙක් පත්වේවා..! (නි)

:       0       0

ඉන්දික Thursday, 31 March 2016 11:14 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

අජිත් Friday, 01 April 2016 01:40 PM

රටේ සියලු සඟ පරපුර එකතුකරගත හැකි, උතුරු නැගෙනහිර විහාරස්ථාන ආරක්ෂා කිරීමට කටයුතු කළහැකි, ඒකීය බෞද්ධ රාජ්‍යය ආරක්ෂා කර, අන්තවාදීන් අපේ පැරණි විහාර අල්ලාගෙන ඉන්න ඒවා නිදහස් කරගැනීමට කටයුතු කළහැකි, බෞද්ධ ජනතාව දැහැමි ජනතාවක් බවට පත්කිරීමට උත්සුක වන, දේශපාලකයන්ගේ වාහන මිලමුදල් වලට යටනොවන, දළදා සමිදුන් ආරක්ෂා කිරීමට කැපවන රටට ආදරය කරන හිමිනමක් පත්වේවායි මාගේ පැතුම! (නි)

:       0       0

සමන් Friday, 01 April 2016 12:30 AM

මට නම් ඉතින් කියන්න තියෙන්නේ තණ්හාය ජායතී ශෝකෝ කියලා තමයි (නි)

:       0       0

ජගත්‍ Friday, 01 April 2016 01:01 AM

මම නම් බලාපොරොත්තු වෙන්නේ දළදා මාර්ගය ඉදිරිපිට මාර්ගය ඉතා ඉක්මණින් විවෘත වනු දැකීමයි (නි)

:       0       0

සම්පත් Friday, 01 April 2016 01:12 AM

අභිනව මහනායක හිමියන් වහන්සේට පැවරෙන වගකීම් බරපතලයි. ඒ අතර නිකායන් අතර සමගිය, සිංහල බෞද්ධයාගේ විශ්වාසනීයත්වය සහ ගෞරවය, රටේ පාලනය අවුල් නොකිරිම සහ ඒ 26 පාර වැනි අවශේෂ කරුණු සම්මුතිවාදීව විසඳීම ඇතුළත් වෙනවා (නි)

:       0       0

සෙනෙවිරත්න Friday, 01 April 2016 01:15 AM

ජන ජිවිතයට පීඩාකාරී ඒ 26 පාර ගැනත් අවධානය යොමුකරන්න කියලයි මම නම් කියන්නේ (නි)

:       0       0

සාලිය Friday, 01 April 2016 01:53 AM

සමන්, පළමුව ලංකා බෞද්ධ ඉතිහාසය ඉගෙනගන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 628 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1508 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 3374 18

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 1766 6

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 687 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


ඉල්ලියාස් රග්බි ක්‍රීඩාවට සාධාරණය ඉල්ලයි
2024 සැප්තැම්බර් මස 29 405 0

ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලයේ සිදුවූයේ යැයි කියන ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සහ මූල්‍ය අවභාවිතය පිළිබඳව ක්‍රීඩා අමාත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38065 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25060 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 797 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 286 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site